Showing posts with label Sonu Nigam. Show all posts
Showing posts with label Sonu Nigam. Show all posts

Sunday, February 3, 2013

Saanson Ne Bandhi Hai - Dabangg 2
සුසුමන් හුයෙන් ඔබ හා බැඳිලා ප්‍රියේ,
ඔබ වෙනුවෙන්ම මාගේ හදවත ගැහේ...

Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya...
Reh-rehke dil meraa tham sa gaya
Chhoo ke mujhe toone jab ye kahaa
Goriyaa main tere sang zindagi bitaunga
Rab se ye maine hai waada kiya
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya...

සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...
හදවත වරින්-වර මාගේ නැවතී ගියා...
පවසද්දි මේ දේ, අතගා මෙමා...
සොඳුරියේ, ඔයා සමඟින් දිවි ගෙවනෙමි මා...
දෙවියන්ට මා මේ දේ ගැන දිවුරුවා...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...

Batiyan tore nainaa humse joh na karte…
Haye.. Ram kasam jeete jee mar jate
Arrey aise kaise o ji yoon hi tum mar jate
tum jo na hote ham kyoon duniyaa mein aate
Ke teri meri ek zindagi hai sang tere preet lagi
Haan... pal pal badhegee
Haan... maine bhi ye rabb se waada kiya hoye…
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya...

දොඩමළු වන්නේ නැතිනම්, ඔබගේ ඔය නෙතු මා හා...
දෙවියන් ගැන දිවුරන්නම්, මියයමි මා...
අනේ! එලෙසින් කෙලෙසකදෝ ඔබ දිවියෙන් සමුගන්නේ?
ඔබ නැති නම් කුමකටදෝ මා ලොව උපන්නේ...
මේ ඔබෙ-මගේ එක ජීවනේ - ඔබේ පෙම සමඟින්ම රැඳේ...
මෙහොතක් පාසා වැඩිවේ...
ඔව්! දෙවියන්ට මා මේ දේ ගැන දිවුරුවා...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...

Saat janam ke sathi ham hain diyaa tum baati...
Raushan basera hai ghar tera-mera
Hamre chaand ko takne taare bhi nikle hain...
Nazar na lage tujh ko baahon mein ghera
O chal hutt jaao ji... Nazdeek aao jee...
Ham to jee haare jee…
Haan maine bhi yeh rab se waada kiya hayye...
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya…

ආත්ම හතක සහජීවේ - මා පහනයි, ඔබ සිළුවයි...
ආලෝකයෙන් පුරවාවි ගෙය ඔබෙ-මාගේ...
මගේ සඳවතියට ඔරවා, තරු කැට පවා ගිළිහේ...
ඇස් වහ වැදෙන්නට නොදෙමි, මගේ තුරුලේ හොවා...
අනේ ඈතට යන්නකෝ! මගේ ළඟට එන්නකෝ!
මා හදට පැරදුනෙමි...
ඔව්! දෙවියන්ට මා මේ දේ ගැන දිවුරුවා...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Saanson Ne
Album: Dabangg 2
Year: 2012
Vocals: Sonu Nigam, Tulsi Kumar
Music Director: Sajid-Wajid
Lyricist: Irfan Kamal

Wednesday, October 24, 2012

Kabhi Khushi Kabhie Gham - Theme Song
මේ ඔබේ ධර්මයයි! සතුටයි, කඳුලයි!

Aa aa aa aa aa... Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Meri saanso mein tu hai samaya, mera jeewan toh hai tera saya...
Tere pooja karun main toh har dam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

මගේ සුසුමන් පුරා ඇත්තේ ඔබමයි, මගේ ජීවිතයේ ඔබගේ මුවාවයි...
ඔබට පූජා කරමි, හැම සුසුමකින්...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මගේ සුසුමන් පුරා පැතිර ඇත්තේද ඔබමයි... 
මගේ ජීවිතයට ඇත්තේ ඔබේ සෙවනැල්ලමයි... 
මා ඔබට හැම හද ගැස්මකින්ම පූජා කරන්නෙමි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Subaho shyam charno me diye hum jalaye
Dekhe jahan bhi dekhe, tujhko hi paye...
Inn labon pe tera bas tera nam ho...
Pyar dil se kabhee bhee naa ho kam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

උදේ හවා, දෙපාමුල ඔබේ, දල්වමි සිළක් මං...
බලනා තැනක මේ ලොකේ ඔබවම දකින්නෙම්...
ඒ දෙතොල් මත සදා, ඔබෙ නම පමණකි...
පෙම හදින් කිසිදා අඩු වී නොයාවි...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(උදේ සවස, ඔබේ දෙපා මුළ, මා පහන් සිළක් දල්වන්නෙමි... 
මේ ලොවේ කොතැනක බැලුවත්, මා එහි ඔබවම දකින්නෙමි... 
මේ දෙතොල් මත හැමකල්, ඔබේ නාමයම පමණයි... 
මේ හදවතේ ඇති ආදරය කිසිදිනක අඩු නොවේවි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Yeh ghar nahi hai, mandir hai tera
Iss me sada rahe tera basera...
Khushbuo se teri yeh mehakta rahe...
Aaye jaye bhale koyi mausam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

ගෙදරක් නොවෙයි මේ, මන්දිරය ඔබගේ...
හැමදා රැකේවි එය, පිහිටෙන්ම ඔබගේ...
සුගන්ධය සේ ඔබේ, මල් පිබිදෙමින් තියේ...
ඒවි, යාවි කුමන ඍතුවක් වුවත්...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මෙය ගෙදරක් නොව, ඔබේ මන්දිරයයි... 
එය හැමදා ඔබේ පිහිටෙන් රැකේවි... 
ඔබේ සුඟන්ධවත් බවින්ම මෙහි මල් පිබිදෙමින් තියේවි... 
කුමන ඍතුවක් වුවත් පැමිණ, නික්ම යාවි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Meri saanso mein tu hai samaya, mera jeewan toh hai tera saya...
Tere pooja karun main toh har dam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

මගේ සුසුමන් පුරා ඇත්තේ ඔබමයි, මගේ ජීවිතයේ ඔබගේ මුවාවයි...
ඔබට පූජා කරමි, හැම සුසුමකින්...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මගේ සුසුමන් පුරා පැතිර ඇත්තේද ඔබමයි... 
මගේ ජීවිතයට ඇත්තේ ඔබේ සෙවනැල්ලමයි... 
මා ඔබට හැම හද ගැස්මකින්ම පූජා කරන්නෙමි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Aa aa aa aa aa... Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kabhi Khushi Kabhie Gham (Sad Ver.) - Female 

Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...
Tere saath hongi meri duaayen
Aaye kabhi naa tujh pe koyi balaayen
Tere saath hongi meri duaayen
Aaye kabhi naa tujh pe koyi balaayen
Mera dil yeh kahe tu jahan bhi rahen
Har gadi har kushi chume tere kadam
Yeh hai tere karam Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham...

සතුටයි, කඳුලයි...  නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...
ඔබ සමඟින්ම වේවි මාගේ අයැදුම්...
නොයේවී කිසිදා නුඹ වෙත කිසිඳු පීඩාවක්...
මහද තෙපළයි මෙසේ, නුඹ වැජඹේ ලොවේ...
හැම ඇසිල්ලක්, ප්‍රීතියක්, සිප ගනී නුඹේ දෙපා...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මගේ හැම අයැදුමක්ම ඔබ සමඟින්ම වේවි... 
ඒ ඔබ වෙත කිසිදිනක දුක් පීඩාවන් නොපැමිණේවා කියා... 
මගේ හදවත මට මෙයම පවසයි, නුඹ ලොවේ වැජඹෙනු ඇතැයි කියා... 
හැම නිමේෂයකම, හැම සතුටක්ම, නුඹ තබන පියවරයක් පාසා සිපගනීවි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Aa aa aa aa aa aa, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kabhi Khushi Kabhie Gham (Sad Ver.) - Male

Aa aa aa aa aa aa, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kya bebasi hai yeh, kya majbooriyan
Hum paas hai phir bhi kitni hai dooriyan
Jism tu, jaan main, teri pehchaan main
Milke bhi naa mile, yeh hai kaisa bharam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

කිනම් නොහැකියාවක්දෝ මේ? අසරණකමක්දෝ?
අප ළංව ඉන්නා මුත්, කෙතරම් දුරස්දෝ?
ගත නුඹයි, පණ මමයි... නුඹේ හැදුනුම මමයි...
හමුවුනත්, හමුනොවේ! මුළාවක්දෝ මේ කිනම්?
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මෙය කිනම් නොහැකියාවක්ද? මෙය කිනම් අසරණකමක්ද? 
ළංවී සිටිනා නමුත්, අපි එකිනෙකාගෙන් මොනතරම් නම් දුරස්ද? 
ගත ඔබේ වුවත් එහි රැඳි ප්‍රාණය මමම විය, ඔබේ හඳුනාගැනීමද මමම විය... 
හමුවීමකදී පවා, අප කිසිදිනක හමුනොවූවෙමු. 
මෙය කිනම් මුලාවක්දැයි නොවැටහේ... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kabhi Khushi Kabhie Gham (Sad Ver. II) - Female 

Jee Chahta Hain gale Se Lagaun,
Palkhon mein rakh loon main, Nazar mein chupaa loon.
Paas hain, door hain, kitne majboor hain.
Ro raha mera dil, meri aankhen hain nam.
Kabhi khushi kabhie gham,
Na judaa honge hum, kabhi khushi kabhie gham

හදවත පතන්නේ, නුඹව වැලඳගන්නයි...
නෙතුපියේ රැකගන්නෙමි මං, බැල්මේ සඟවා ගනිමින්...
සමීපයි, දුරස්තයි... කෙතරම් අසරණයිදෝ...
හඩා වැටේ හද මගේ, මගේ නෙතු යුග තෙතයි...
සතුටයි, කඳුලයි... නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(හදවත ඉල්ලන්නෙම, නුඹව වැළඳගන්නා ලෙසයි...
නෙතුපියන් තුල රැකගන්නෙමි නුඹව, මගේ නෙතු බැල්මේ සඟවා ගනිමින්...
සමීපයි විටෙක, දුරස්තයි... කෙතරම් අසරණකමක්ද එය...
මගේ හදවත හඬා වැටේ, මගේ නෙතු තෙත්බරයි...
විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...)
 
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Sad Ver. (Female) ඕඩියෝව හා වීඩියෝව මෙතනින්...
Sad Ver.II (Female) වි‍ඩියෝව මෙතනින්...
Sad Ver. (Male) ඕඩියෝව හා වීඩියෝව මෙතනින්...

Title: Kabhi Khushi Kabhie Gham (Theme)
Album: Kabhi Khushi Kabhie Gham
Year: 2001
Vocals: Lata Mangeshkar | Sad Version (Male) by Sonu Nigam
Music Director: Sandesh Shandilya, Lalit Pandit,
Jatin Pandit & Aadesh Shrivastav
Lyricist: Sameer & Anil Pandey

Sunday, July 8, 2012

Tanhaai - Dil Chahta Hai
ඔබ හට පෙම්කළ වරදට මා ලද දඩුවම
දසඅත පැතිරුණු තනිකම...

Tanhaai, tanhaai... Dil ke raaste mein kaisi thokar maine khaayi
Toote khwaab saare, ek maayusi hai chhaayi
Har khushi so gayi, zindagi kho gayi
Tumko jo pyaar kiya maine to sazaa main paayi
Tanhaai, tanhaai, milo hai phaili hui tanhaai

තනිකම... තනිකම... පෙම් හදවත් මාවතේ මේ, කිනම් පීඩාවක්ද මා වෙළාගත්තේ...
බිඳුණි හැම සිහිනයන්, එකම අඳුරකි එහි පැතිරුණේ...
හැම සතුට නිදි ගතී, දිවියම නැති වුණි...
ඔබ හට පෙම් කල වරදට මා මෙලෙසින් වධ විඳිමී...
තනිකම, තනිකම, ලද්දෙමි දසඅත විහිදුනු තනිකම...

Khwaab mein dekha tha ek aanchal Maine apne haathon mein
Ab toote sapnon ke shishe Chubte hai in aankhon mein
Kal koi tha yahin, ab koi bhi nahin
Banke naagin jaise hai saanson mein laheraayi
Tanhaai, tanhaai, palkon pe kitne aansu hai laayi

සිහිනෙන් දුටුවෙමි දුහුළැල් සළුවක්, මම මාගේ මේ අත් මත්තේ...
දැන් දකිනෙමි වීදුරු බිඳෙනා සිහිනේ, විනිවිදිමින් නෙතු මත්තේ...
ඊයේ සිටි කිසිවෙකු... දැන් මෙහි නොමවෙති...
නයෙකුගෙ දැඟලීමක් විළසින්, මගේ සුසුමන් ලෙළදේවී...
තනිකම, තනිකම, ඇහිපිය වෙත කෙතරම් කඳුළැලි ගෙනාවේද...

Kyoon aisi umeed ki maine Jo aise naakaam hui
Door banaayi thi manzil To raste mein hi shaam hui
Ab kahan jaaoon main, kisko samjhaaoon main
Kya maine chaaha tha aur kyoon kismat mein aayi
Tanhaai, tanhaai, jaise andhero ki ho gehraayi

කිම එවැනිවු පැතුමක් මට වූයේ, මෙලෙසින් සපුරාගත නොහැකි...
දුර ගමනක අරමුණ නිමැවූවත්, යනමඟ රෑ වීමයි වූයේ...
දැන් කොහේ, යමි මෙමා? කාට වටහාදෙමි, මෙමා?
කුමක්ද මා පතනා වූ දේ? ඇයි එය දෛවය ලෙස ආවේ?
තනිකම, තනිකම, අඳුරේ කැළඹෙන කුණාටුවක් විළසින්...

Dil ke raaste mein kaisi thokar maine khaayi
Toote khwaab saare, ek maayusi hai chhaayi
Har khushi so gayi, zindagi kho gayi
Tumko jo pyaar kiya maine to sazaa main paayi
Tanhaai, tanhaai, milo hai phaili hui tanhaai
Tanhaai, tanhaai... Tanhaai, tanhaai...

පෙම් හදවත් මාවතේ මේ, කිනම් පීඩාවක්ද මා වෙළාගත්තේ...
බිඳුණි හැම සිහිනයන්, එකම අඳුරකි එහි පැතිරුණේ...
හැම සතුට නිදි ගතී, දිවියම නැති වුණි...
ඔබ හට පෙම් කල වරදට මා මෙලෙසින් වධ විඳිමී...
තනිකම, තනිකම, ලද්දෙමි දසඅත විහිදුනු තනිකම...
තනිකම... තනිකම... තනිකම... තනිකම...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tanhaai
Album: Dil Chahta Hai
Year: 2001
Vocals: Sonu Nigam
Music Director: Shankar Ehsaan Loy
Lyricist: Javed Akhtar

Wednesday, June 13, 2012

Hai Guzaarish - Ghajini
අයදිමි මා එකම "හා" කියුමක් ඔබෙන්, එයින්
මේ ජීවිතය සතුටු ගඟුළක් මෙන් ගලාවී...

Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas, ab toh
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish
Hain haal to dil ka tang tang, tu rang ja mere rang rang
Bas chalna mere sang sang, Hai guzaarish
Kehde tu haan toh zindagi, jharno si chhutke hasegi
Moti honge moti raaho mein yeah yeah yeah
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish

ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි!
ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි! දැන්වත්...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...
ඇත හද සොබාව දැන් සිරවී සිරවී, මගේ පැහැයේ, ඔබ වර්ණවත් බවයි...
බිඳුවක් මා සමඟින් ඇවිද යන්න... එය ඉල්ලීමක්...
ඔබ “හා” කීව්වොත් ජීවිතේ, මදහස් ගඟුලක් මෙන් ගළාවී...
මුතු කැට විසිරිලා යාවි මංතීරේ...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...

Sheeshe ke khwaab leke, raato mein chal raha hu,
Takara naa jaaun kahin...
Aasha ki lau hain roshan, phir bhi toofan kaa dar hai,
Lau bujh naa jaye kahin...
Bas ek haan ki guzaarish, phir hogi khushiyo ki baarish...
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish

විදුරුවෙන් සැදි සිහින ගෙන, රැයෙහි අවිදින්නෙමි මම,
කොතැනක හෝ නොගැටී යමි...
අශාවේ සිළු එළියකි, කුණාටුවකින් තැතිගනී යළි,
එනමුදු සිළ නොනිවී යාවී...
එක “හා” කියුමක් ගැන ඉල්ලීමක්, පසු ඇදහැලේ සතුටේ වරුසා...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...

Chanda hai aasman hai, aur baadal bhi ghane hain,
Yeh chanda chhup jaaye naa...
Tanhaayi das rahi hai, aur dhadkan badh rahi hai,
Ek pal bhi chain aaye naa...
Kaisi ajab dastaan hain, bechainiyaan bas yahaan hain…
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish

සඳවත ඇත, අහසද ඇත, වළාකුළුද වැහිබරව ඇත...
මේ සඳවත හැංඟී නොයාවී...
මේ තනිකම රිදුම් දේවී, හදගැස්මද වැඩි කරවමින්,
මොහොතක් හෝ සුව නොම දැනේ...
කිනම් අමුතු කතාවක් දෝ මේ, අසහනය පමණකි ඇත්තේ...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...

Hain haal to dil ka tang tang, tu rang ja mere rang rang
Bas chalna mere sang sang, Hai guzaarish
Kehde tu haan toh zindagi, jharno si chhutke hasegi
Moti honge moti raaho mein yeah yeah yeah
Tu meri adhoori pyaas pyaas...

ඇත හද සොබාව දැන් සිරවී සිරවී, මගේ පැහැයේ, ඔබ වර්ණවත් බවයි...
බිඳුවක් මා සමඟින් ඇවිද යන්න... එය ඉල්ලීමක්...
ඔබ “හා” කීව්වොත් ජීවිතේ, මදහස් ගඟුලක් මෙන් ගළාවී...
මුතු කැට විසිරිලා යාවි මංතීරේ...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි!

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Hai Guzaarish (Tu Meri Adhoori)
Album: Ghajini
Year: 2008
Vocals: Javed Ali, Sonu Nigam
Music Director: A.R.Rahman
Lyricist: Prasoon Joshi

Friday, June 8, 2012

Melody - Mujhse Dosti Karoge
ඔයා කියනවා නම්, මගේ හදවතේ තිබෙන
හැඟුම් ගැන මං ඔයාට කියන්නම්...

Mere dil mein aaj kya hai tu kahe to main bata doon
මගේ හදෙහි අද තියෙන දේ... ඕනේ නම් මං කියන්නම්...
(From Daag - 1973)

Na chahoon sona chaandi na chaahoon hira moti
Ye mere kis kaam ke
Na maangoon bangla baari na maangoon ghora gaari
Ye to hain bas naam ke
Deti hai dil de badale mein dil ke...
Ghe ghe ghe ghe ghe Ghere... Saahiba pyaar mein sauda nahien...

මට ඕන්නෑ රත්‍රං රිදී, මට ඕන්නෑ මුතු දියමන්ති...
ඔය කිසිවක් මට වැඩක් නැතේ
ඉල්ලන්නෑ ලොකු බංගලාවක්, ඉල්ලන්නෑ ලොකු වාහනයක්...
මේවා නිකම් නමට විතරයි...
දෙනවා නම් හදවත දී මගේ හද ගන්න...
ගන්න... ගන්න... ගන්න... ගන්නකෝ... පෙම්වත,
නමුත් පෙමට ගනුදෙණු නැතේ...
(From Bobby - 1973)

Jhooth bole Are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...
Jhooth bole are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...

බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
(Also from Bobby - 1973)

Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge...
Rah jaayenge rah jaaenge gharwaale dekhte rah jaaenge...
Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge

ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
බලා හිදී, බලා හිදී, පුදුමයෙන් ගෙදර අය බලා හිදී...
ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
(From Chor Machaye Shor - 1974)

Ye galiyaan yeh chaubaara yahaan aana na dobaara...
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien
Le ja rang birangi yaadein hansne rone ki buniyaadein
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien

මේ පාරෙන්, මේ ගෙමිදුල‍ට, ආයේ පාරක් එන්නෙපා මෙහෙට...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
ගෙන යන් පැහැයෙන් දිදුලන මතකේ, සිනාවන්, කඳුලැළි ගංගාවන්...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
(From Prem Rog - 1982)

Bachna ae hasinon lo main aa gaya...
Husn ka aashiq husn ka dushman
Apni ada hai yaaron se judaa
Hey Ho... Bachna ae hasinon lo main aa gaya

බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
සුන්දරියන්ගේ පෙම්වතා, එයාලගේ හෙනහුරා...
මේ මාගේ ඉරියව් මිතුරන්ගෙන් වෙනස්...
හේ, හෝ... බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
(From Hum Kisi Se Kam Nahin - 1977)

Aap yahaan aaye kis liye Aap ne bulaae is liye
Aaye hain to kaam bhi bataaiye
Na na na pahale zara aap muskaraiye
Aap yahaan aaye kis liye

ඔයා මෙහෙ ආවේ මොකටද? ඔයානේ අඬගැහුවේ, ඒකනේ?
ආවා නම් ආව වැඩේ කියන්නකෝ...
නෑ... නෑ... නෑ... මුලින්ම ඔයා ටිකක් හිනාවෙන්නකෝ...
ඔයා මෙහෙ ආවේ මොකටද?
(From Kal Aaj Aur Kal - 1971)

Main nikla gaddi leke... Raste par sadak mein
Ek mod aaya main uth dil chod aaya...
Rab jaane kab guzara amristar o kab jaane lahor aaya
Main uth dil chhod aaya
Ek mod aaya main uth dil chhod aaya

මං යනවා, වාහනේ අරන්... පාර මැද්දේ, යන ගමනේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
දන්නේ දෙවියන් ගියේ කවදද, අම්රිත්සර් ඕ! කවුද දන්නේ, ලාහෝර් ආවේ?
මං හදවත දාලයි ආවේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
(From Gadar - 2001)

Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...
Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...

හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
(From Badi Bahen - 1948)

Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat

මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්...
(From Aah - 1953)

Aajkal tere mere pyaar ke charche har zabaan par Achchha
Sabko maaluum hai aur sabko khabar ho gayi To kya?
Aajkal tere mere pyaar ke charche har zabaan par Ja jaa
Sabko maaluum hai aur sabko khabar ho gayi

මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... ඇත්තට?
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන... ඉතින් මොකෝ...?
මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... අනේ යන්න...
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන...
(From Brahmachaari - 1968)

O... Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Main kahati hoon tu ne mera dil le liya...

ඕ... ආගන්තුකයා... ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
ආගන්තුකය, ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
මම පවසන්නේ ඔබ හට, මගේ හද ගෙනයන් කියා...
(From Mr. Natwarlal - 1979)

Ure jab jab zulfein teri... Kunwaariyon ka dil machle
Kunwaariyon ka dil machle jind meriye
Ho jab aise chikne chehare...To kaise na najar phisle
To kaise na najar phisle jind meriye

උඩ යද්දී හිසකේ ඔබගේ... කෙල්ලන්ගේ හද ඉපිලේ...
කෙල්ලන්ගේ හද ඉපිලේ... මගේ කොල්ලෝ...
මේ හුරතල් මුහුණු දකිද්දී... කෙලෙස ඇහි පියලන්නේ?
කෙලෙස ඇහි පියලන්නේ? මගේ කෙල්ලේ...
(From Naya Daur - 1957)

O dilwaalon dil mera sunne ko beqaraar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...
Chaahat se ham tum hain chaahat se sansaar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...

ඕ, පෙම්වතුනේ, හද මාගේ ඇසුනාදෝ කළබලෙන් වගේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
පෙම නාමෙන් ඔබේ මාගේ, පෙම නාමෙන් සංසාරයේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
(From Kaho Na Pyaar Hai - 2000)

Ajib daastaan hai yeh kahaan shuroo kahaan khatm
Ye manzilein hain kaunsi na voh samajh sake na ham
Mubaarake tumhein ki tum kisi ke noor ho gaye
Kisi ke itne paas ho ki sabse door ho gaye
Ajib daastaan hai yeh

අමුතුම කතාවක්නේ මේ, මුලක් කොහෙද, අගක් කොහෙද...
මේ අරමුනේ දී කිසිවෙකු, වටහා ගන්නේ නෑ අපි...
ඔබේ පැතුම් වලින් ඔබ, කිසිවෙකුට අයිති වේවි නම්....
කිසිවෙකුට එතරම් ළංවුණොත්, හැමගෙන්ම දුරස් වෙලා යයි...
අමුතුම කතාවක්නේ මේ...
(From Dil Apna Aur Preet Parai - 1960)

Hmm hmm hmm he he he ah ha ha ha...
Yahaan kal kya ho kisne jaana
Zindagi ek safar hai suhaana
Yahaan kal kya ho kisne jaana

මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
ජීවිතේ, එක් ගමනක් සුන්දර වූ...
මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
(From Andaaz - 1971)

Tum paas aaye yoon muskaraaye
Tum ne na jaane kya, sapane dikhaaye
Ab to mera dil jaage na sota hai
Kya karoon haaye kuch kuch hota hai
Kuch kuch hota hai kuch kuch hota hai

ඔබ ළඟට එද්දී, ඇවිත් හිනාවෙද්දී...
ඔබ දන්නේ නෑනේ මං, දකින්නාවූ හීනේ...
දැන් නම් මගේ හදේ, නින්දක් අවදියක් නෑ...
මොනවා කරන්නද, කුමක්ද කුමක්ද සිදුවුණා...
කුමක්ද කුමක්ද සිදුවුණා... කුමක්ද කුමක්ද සිදුවුණා...
(From Kuch Kuch Hota Hai - 1998)

Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...

මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
(From Dilwale Dulhaniya Le Jayenge - 1995)

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්... 

Title: Melody (Mixture)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Lata Mangeshkar, Udit Narayan, Sonu Nigam, Pamela Chopra
Music Director: Rahul Sharma
Lyricist: Various

Ishq Bina Kya Jeena - Taal
මිහිරි වූත්, කටුක වූත්, නොබිදෙන බැදීමකි ආදරය...
ස්ථිර පොරොන්දුවකි ආදරය...

Ishq bina kya marna yaara Ishq bina kya jeena
Ishq bina kya marna yaara Ishq bina kya jeena
Gud se meetha ishq ishq, Imli se khatta ishq
Vaada yeh pakka ishq ishq, Dhaaga yeh kachcha ishq
Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh
Ishq bina kya marna yaara Ishq bina kya jeena

පෙමින් තොරව කුමටද මියැදීලා, පෙමින් තොරව කිම ජීවත්වීලා...
සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
ස්ථිර පොරොන්දුවකි ආදරේ, නොබි‍ඳෙන බැඳුමකි ආදරේ...
පෙමින් තොරව කුමටද මියැදීලා, පෙමින් තොරව කිම ජීවත්වීලා...

Oh oh oh oh, oh oh oh oh
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Vaada yeh pakka ishq ishq Dhaaga yeh kachcha ishq ishq
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Ishq bina kya marna yaara Ishq bina kya jeena

සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
ස්ථිර පොරොන්දුවකි ආදරේ, නොබි‍ඳෙන බැඳුමකි ආදරේ...
පෙමින් තොරව කිම ජීවත්වීලා, පෙමින් තොරව කුමටද මියැදීලා...
සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
පෙමින් තොරව කුමටද මියැදීලා, පෙමින් තොරව කිම ජීවත්වීලා...

Neeche ishq hai, upar rab hai In donon ke beech mein sab hai
Neeche ishq hai, upar rab hai In donon ke beech mein sab hai
Ek nahin sau baatein kar lo Sau baaton ka ek matlab hai
Rab sab se sona ishq ishq, Rab se bhi sona ishq
Rab sab se sona ishq ishq, Rab se bhi sona ishq
Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh

පහළින් ප්‍රේමය, ඉහළින් දෙවියන්, ඒ දෙන්නාගේ මැද ඇත සැම දේ...
වරක් නොවේ, සිය වරක් පැහැදුවද, ඒ පැහැදුම් සියයෙම එක් අරුතකි...
දෙවියන් වටිනව සැමටම වඩා, පෙම වටිනව දෙවියන්ටත් වඩා...

Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Heera na panna ishq ishq Bas ek tamanna ishq ishq
Heera na panna ishq ishq Bas ek tamanna ishq ishq
Bas ek tamanna ishq ishq Bas ek tamanna ishq ishq
Ishq bina kya marna yaara Ishq bina kya jeena
Bas ek tamanna ishq ishq Bas ek tamanna

පෙමින් තොරව කිම ජීවත්වීලා, පෙමින් තොරව කුමටද මියැදීලා...
සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
රන්, දියමන්ති නොවේ ආදරේ, බලාපොරොත්තුවක් පමණයි ආදරේ...
බලාපොරොත්තුවක් පමණයි ආදරේ... බලාපොරොත්තුවක් පමණයි ආදරේ...
පෙමින් තොරව කුමටද මියැදීලා, පෙමින් තොරව කිම ජීවත්වීලා...
බලාපොරොත්තුවක් පමණයි ආදරේ... බලාපොරොත්තුවක් පමණයි...

Ishq hai kya yeh kisko pata Yeh ishq hai kya sab ko pata
Yeh prem nagar, anjaan dagar Saajan ka ghar kya kisko khabar
Chhoti si umar yeh lamba safar Yeh ishq hai kya yeh kisko pata
Yeh dard hai ya dardon ki dava Yeh koi sanam ya aap khuda
Yeh koi sanam ya aap khuda... Aap khuda

ප්‍රේමේ කිමැයි, මේ කවුරු දනී? මේ ප්‍රේමේ කිමැයි... සැවොම දනී...
මේ ප්‍රේම නගරයේ, නුහුරු මංපෙතේ, පෙම්වතාගෙ නිවහන කවුරු දනී?
සුළු මොහොතකි මේ දිගු සවාරියක, මේ ප්‍රේමය කිම, මේ කවුරු දනී?
මේ රිදුමක් දෝ, රිදුමට සුවයක් දෝ, මේ පෙම්වතෙකුද, ඔබමද දෙවියනි...
මේ පෙම්වතෙකුද, ඔබමද දෙවියනි... ඔබමද දෙවියනි...

Ishq bina kya marna yaara Ishq bina kya jeena
Tumne ishq ka naam suna hai Humne ishq kiya hai
Phoolon ka gulshan ishq ishq, kaanton ka daaman ishq
Phoolon ka gulshan ishq ishq, kaanton ka daaman ishq

පෙමින් තොරව කුමටද මියැදීලා, පෙමින් තොරව කිම ජීවත්වීලා...
ඔබ ආදරයේ නම අසනා විටදී, මම ආදරය කරා...
මලින් පිරි උයනකි ආදරේ... කටු පිරි කබායකි ආදරේ...

Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Ishq bina kya jeena yaaron Ishq bina kya marna yaaron
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq
Gud se meetha ishq ishq Imli se khatta ishq ishq

Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh
Oh oh oh oh oh oh oh oh, oh oh oh oh oh
Ishq ishq, ishq ishq, ishq ishq, ishq ishq

පෙමින් තොරව කිම ජීවත්වීලා, පෙමින් තොරව කුමටද මියැදීලා...
සීනි වගේ මිහිරියි ආදරේ... සියඹලා වගේ ඇඹුලයි ආදරේ...
ආදරේ... ආදරේ... ආදරේ... ආදරේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Ishq Bina
Album: Taal
Year: 1999
Vocals: A R Rahman, Anuradha Sriram, Sonu Nigam, Sujatha Mohan
Music Director: A R Rahman
Lyricist: Anand Bakshi

Wednesday, May 2, 2012

Pyaar Ki Ek Kahani - Krrish
එන්න අහන්න... ආදරයේ එක කතාවක්...
ආදර මාවතේ ජීවිතයම අතරමං වෙලා...

Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Aao sunao pyar ki ek kahani,
Ek tha ladka ek thi ladki deewani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Aao sunao pyar ki ek kahani,
Ek tha ladka ek thi ladki deewani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Woh bhi hasne lagi thi, yeh bhi hasne laga tha,
Dono samjhe nahi the woh joh hone laga tha,
Aao sunao pyar ki ek kahani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,

එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
හෝ... එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
හෝ... ඇය හිනහා වෙද්දී, ඔහුද හිනහා වෙනවා...
දෙන්නම දන්නේ නෑ, මොනවා වෙන්න යනවද කියලා...
එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
හෝ... හෝ... එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...

Hmmm hmmmmmmm hmmmmm
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Joh bhi kehna na tha, woh bhi kehne lage,
Joh bhi sun-na na tha, woh bhi sun-ne lage
Joh bhi kehna na tha, woh bhi kehne lage,
Joh bhi sun-na na tha, woh bhi sun-ne lage

හ්ම්ම්... හ්ම්ම්... හෝ... හෝ...
නොකියූ දෙයක් තිබුණා නම්, ඒ දෙයත් කියවුණා...
නොඇසූ දෙයක් තිබුණා නම්, දැන් ඒ දෙයත් ඇසුණා...
නොකියූ දෙයක් තිබුණා නම්, ඒ දෙයත් කියවුණා...
නොඇසූ දෙයක් තිබුණා නම්, දැන් ඒ දෙයත් ඇසුණා...

Aa rahi hai hassi mujhko is baat par
Kis tarha pyaar mein dono khone lage
Dono khone lage... hmmmm... ahaha
Jaanne wali baat thi anjani
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,

මට නැ‍ඟේ සිනහරැල්, සිතද්දී ඒ ගැන...
කෙලෙසදෝ ආදරයේ දෙදෙනා අතරමං වුණේ...
දෙදෙනා අතරමං වුණේ... හ්ම් හ්ම්ම්... ආහ් හාහා...
දැන උන් වදනුත් දැන් නුහුරුයි වාගේ... හෝ... හෝ...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...

Woh bhi hasne lagi thi, yeh bhi hasne laga tha,
Dono samjhe nahi the woh joh hone laga tha,
Aao sunao pyar ki ek kahani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,

ඇය හිනහා වෙද්දී, ඔහුද හිනහා වෙනවා...
දෙන්නම දන්නේ නෑ, මොනවා වෙන්න යනවද කියලා...
එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...

Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Koi tarsa na tha, koi tadpa na tha
Woh mile is tarha dil bhi dhadka na tha
Koi tarsa na tha, koi tadpa na tha
Woh mile is tarha dil bhi dhadka na tha

හෝ... හෝ... නැත කිසිත් මඟ බැළුම්, නැත කිසිත් දුක් තැවුල්...
ඇයව හමුවූ නිසා, ගිළිහුණේ නෑ හද ගැහුම්...
නැත කිසිත් මඟ බැළුම්, නැත කිසිත් දුක් තැවුල්...
ඇයව හමුවූ නිසා, ගිළිහුණේ නෑ හද ගැහුම්...

Hone wali mager, baat ho hi gayi
Pyaar ki rah mein, zindagi kho gayi
Zindagi kho gayi...hmmm...hmmm

විය යුත්තේ කුමක් වුවත්, පැවසු දෙය සිදුවුණා...
ආදරේ මාවතේ, ජීවිතේ අතරමං වුණා...
ජීවිතේ අතරමං වුණා... හ්ම්... හ්ම්ම්...

Dil ne dilse aise ki mann mani
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,
Woh bhi hasne lagi thi, yeh bhi hasne laga tha,
Dono samjhe nahi the woh joh hone laga tha,
Aao sunao pyar ki ek kahani,
Ek tha ladka ek thi ladki deewani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo

හදවතින්, හදවත ඒ හැඟුමයි අයදින්නේ... හෝ... හෝ...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
ඇය හිනහා වෙද්දී, ඔහුද හිනහා වෙනවා...
දෙන්නම දන්නේ නෑ, මොනවා වෙන්න යනවද කියලා...
එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
හෝ... හෝ... හෝ... හෝ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Pyaar Ki Ek Kahani
Album: Krrish
Year: 2006
Vocals: Sonu Nigam, Shreya Goshal
Music Director: Rajesh Roshan
Lyrics: Ibrahim Ashq, Nasir Faraaz, Vijay Akela

Friday, April 27, 2012

Mere Haath Mein - Fanaa
ඔබගේ දෑතම මාගේ දෑත මත,
මුළු සුර ලෝකෙම මා සමඟින් ඇත...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa
Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...
මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tere dil mein meri saanson ko panaah mil jaae
Tere ishq mein meri jaan fanaa ho jaae

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබේ හදවත මත, මගේ සුසුම්රැල් මුවාවක් සොයාවි...
ඔබේ ආදරයෙන් මගේ ජීවිතයම විනාශ වෙලා යාවි...

Jitne paas hai khushboo saans ke Jitne paas honton ke sargam
Jaise saath hai karwat yaad ke Jaise saath baahon ke sangam
Jitne paas paas khwabon ke nazar Utne paas tu rahana hamsafar
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මෙතරම් ළංව නම්, සුසුමේ සුවඳ රැල්, මෙතරම් ළංව දෙතොලේ වූ ස්වරයන්...
එලෙසින් ළංව ඒ මතකේ දිගහැරුම්, එලෙසේ ළංව දෑතේ වැළඳගැනුම්...
මෙතරම් ළංව ළංව සිහිනේ නෙතු ලෙසින්, එතරම් ළංව ඉනු මගේ සහකරු ලෙසින්...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Rone de aaj hamko tu ankhein sujaane de
Baahon mein le le aur khud ko bheeg jaane de
Hai jo sine mein qaid dariya voh choot jaaega
Hai itna dard ke tera daaman bheeg jaaega

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
හඬන්නට ඉඩ දෙන්න අද මට ඔබ, නෙතු සේදී යන්නට ඉඩ දෙන්න...
තුරුළෙහි ඔබේ මා හොවාගෙන, මට තෙමෙන්නට ඉඩ දෙන්න...
එතරම් වූ දුක් සුසුම්, නුඹේ පා යුග දෝවනය කරාවී...
මගේ සුසුමන් හි සිරකර තිබූ ගංගාව, එය නිදහසේ ගලා යාවී...

Jitne paas paas dharkan ke hai raaz Jitne paas boondon ke baadal
Jaise saath saath chanda ke hai raat Jitne paas nainon ke kaajal
Jitne paas paas saagar ke lahar Utne paas tu rahana hamsafar
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මෙතරම් ළංව ළංව හද ගැස්මෙහි රහස්, මෙතරම් ළංව ආ වැහි බිදු මේඝයේ...
එලෙසින් එක්ව ආ සඳවත රාත්‍රියේ, එතරම් ළංව දැසේ හී නෙතඳුන්...
මෙතරම් ළංව ළංව සයුරේ රැළි ලෙසින්, එතරම් ළංව ඉනු මගේ සහකාරිය ලෙසින්...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Adhuuri saans thi Dharkan adhuuri thi Adhuure ham
Magar ab chaand poora hai falak pe Aur ab poore hain ham

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
අසම්පූර්ණ සුසුමන්, හද ගැස්මද අසම්පූර්ණයි, අසම්පූර්ණයි මා...
නමුදු දැන් පුරා හඳකි අහස්කුස මත. අපද අද සම්පූර්ණයි.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mere Haath Mein
Album: Fanaa
Year: 2006
Vocals: Aamir Khan, Kajol, Sunidhi Chauhan, Sonu Nigam
Music Director: Jatin-Lalit
Lyrics: Prasoon Joshi

Friday, April 20, 2012

Koi Tumsa Nahin - Krrish
හිරු බසින්නා වූ කොතැනක වුව, සඳ නැ‍ඟෙන්නා වූ
කොතැනක වුව, ඔබවන් කෙනෙකු නැත...

Dhoop nikalti hai jahaan se, dhoop nikalti hai jahaan se
Dhoop nikalti hai jahaan se, Chandni rehti hai jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හිරු බසින්නා වූ තැනින් ලොව, හිරු බසින්නා වූ තැනින් ලොව,
හිරු බසින්නා වූ තැනින් ලොව, සඳවතිය වසනා වූ තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Neend chupti hain jahaan pe, neend chupti hain jahaan pe
Neend chupti hain jahaan pe, Khwaab sajte hain jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව, නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව,
නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව, සිහින සරසන්නා වු තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Phool, titli aur kaliyaan, ho gaye tumse khafa
Hoo phool, titli aur kaliyaan, ho gaye tumse khafa
Chhen li joh tumne inse, pyaar ki har ek ada
Pyaar ki har ek ada

මල්, සමනළුන් හා කැකුළු, අමනාපයෙන් මෙනි, ඔබ හා...
හෝ... මල්, සමනළුන් හා කැකුළු, අමනාපයෙන් මෙනි, ඔබ හා...
ඔබ සොරාගත් බව පැවසුවා උන්, ආදරේ ඉරියව් පවා...
ආදරේ හැම ඉරියව් පවා...

Rang banta hain jahaan pe, rang banta hain jahaan pe
Rang banta hain jahaan pe Roop milta hain jahaan se
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

වර්ණ හැදෙනා වූ තැනින් ලොව, වර්ණ හැදෙනා වූ තැනින් ලොව,
වර්ණ හැදෙනා වූ තැනින් ලොව, රූප මුණගැහෙනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Mere dilke chor ho tum, kiya tumhe ehsaas hai
Haan mere dilke chor ho tum, kiya tumhe ehsaas hai
ishq tha duniya mein jitna, sab tumhare paas hai
Sab tumhare paas hai

මාගේ හදෙහි සොරා ඔබමයි, එය කෙලෙස දැනුනිද ඔබට...
ඔව්! මාගේ හදෙහි සොරා ඔබමයි, එය කෙලෙස දැනුනිද ඔබට...
ආදරය වුව, මුළු ලෝකය වුව... ඒ හැම ඔබගේ තුරුළෙමයි...
ඒ හැම ඔබගේ තුරුළෙමයි...

Hey deewanapan jahaan pe, hey deewanapan jahan pe
Hey deewanapan jahan pe Bante hain ashiq jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හේ... උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව, උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව,
උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව, පෙම්වතුන් තැනෙනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Dhoop nikalti hai jahaan se, dhoop nikalti hai jahaan se
Dhoop nikalti hai jahaan se, Chandni rehti hai jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හිරු බසින්නා වූ තැනින් ලොව, හිරු බසින්නා වූ තැනින් ලොව,
හිරු බසින්නා වූ තැනින් ලොව, සඳවතිය වසනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

සිංදුව මෙතනින් බාගන්න...
Big Band Mix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Koi Tumsa Nahin
Album: Krrish
Year: 2006
Vocals: Sonu Nigam, Shreya Goshal
Music Director: Rajesh Roshan
Lyrics: Nasir Faraaz

Wednesday, March 14, 2012

Abhi Mujh Mein Kahin - Agneepath
නැඟෙන්නා වූ නැවුම් හද ගැස්මෙන් දැනේ,
මා තවමත් ජීවත්ව සිටිනා බව...

Abhi mujh mein kahin, baaki thodi si hai zindagi
Jagi dhadkan nayi, jaana zinda hoon main to abhi
Kuch aisi lagan is lamhe mein hai yeh lamha kahaan tha mera
Ab hai saamne, ise chhoo loon zara
Mar jaaun ya jee loon zara
Khushiyaan choom loon ya ro loon zara
Mar jaaun ya jee loon zara
Ho… abhi mujh mein kahin, baaki thodi si hai zindagi

දැනුදු මා තුළ කොහේ හෝ ඉතිරිව ඇත, යන්තමින් හෝ ජීවිතේ...
නැඟි හද ගැස්මෙන් දැනේ තවමත් මා ජීවත්ව සිටිනා බව...
කුමක් හෝ එවන් යමක් හැ‍ඟුණ ද මේ මොහොතේ,
මේ මොහොත කොතැනක තිබේදෝ මා තුළ?
දැන් එය මා ඉදිරියෙහි ය, එය යන්තම් සිපගමි...
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
සතුට සිපගන්න දෝ... යන්තමින් හඬන්න දෝ?
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
හෝ... දැනුදු මා තුළ කොහේ හෝ ඉතිරිව ඇත, යන්තමින් හෝ ජීවිතේ...

Ho… dhoop mein jalte hue tann ko, chhaya ped ki mil gayi
Roothe bachche ki hansi jaise, phuslaane se phir khil gayi
Kuch aisa hi ab mehsoos dil ko ho raha hai
Barson ke puraane zakhmon pe marham laga sa hai
Kuch aisa reham is lamhe mein hai ye lamha kahaan tha mera
Ab hai saamne, ise chhoo loon zara
Mar jaaun ya jee loon zara
Khushiyan choom loon ya ro loon zara
Mar jaaun ya jee loon zara

හෝ... ගිණියම් අව්වේ දැවී යයි ගතම, හමුවූනා තුරු ගොමුවක සෙවන...
හඬන දරුවෙකු සිනාසෙන්නා සේ, රැවටුනෙමි බොරුවෙන් මා යළි...
කුමක් නමුදු එවන් යමක් දැන් දැන් හදවතට දැනේ...
වසර ගණනක් පැරණි තුවාල මතුයෙහි බෙහෙත් ගැල්වූවා සේ දැනේ...
එක් එවන් කරුණාබර බවක් හැ‍ඟුණ ද මේ මොහොතේ,
මේ මොහොත කොතැනක තිබේදෝ මා තුළ?
දැන් එය මා ඉදිරියෙහි ය, එය යන්තම් සිපගමි...
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
සතුට සිපගන්න දෝ... යන්තමින් හඬන්න දෝ?
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?

Dor se tooti patang jaisi, thi yeh zindagani meri
Aaj hoon kal ho mera na ho har din thi kahaani meri
Ek bandhan naya peechhe se ab mujhko bulaaye
Aane wale kal ki kyun fikar mujhko sataa jaaye
Ik aisi chubhan, is lamhe mein hai yeh lamha kahaan tha mera
Ab hai saamne, isse chhoo loon zara
Mar jaaun ya jee loon zara
Khushiyaan choom loon ya ro loon zara
Mar jaaun ya jee loon zara…

නූල කැඩී ගිය සරුංගලයක් මෙනි, දැන් මේ මගේ ජීවිතේ...
අද තිබෙන මුත් හෙටක් නෑ මාගේ, එයයි හැම කල් පුරාණය මාගේ...
එක බැඳුමක් නැවුම් ලෙස පසෙක සිට මට ඇරයුම් කරාවී...
එළඹෙන්නා වූ හෙට දින ඇයිද මෙලෙසේ මා වෙහෙසවන්නේ?
එවන් එක් කටුක බවක් හැ‍ඟුණ ද මේ මොහොතේ,
මේ මොහොත කොතැනක තිබේදෝ මා තුළ?
දැන් එය මා ඉදිරියෙහි ය, එය යන්තම් සිපගමි...
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
සතුට සිපගන්න දෝ... යන්තමින් හඬන්න දෝ?
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්…?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Abhi Mujh Mein Kahin
Movie: Agneepath
Year: 2012
Vocals: Sonu Nigam
Music Director: Ajay-Atul
Lyrics: Amitabh Bhattacharya

Wednesday, February 15, 2012

Tu Hi Meri - Khakee
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ...
ඔබමයි මගේ ප්‍රීතියත්...

Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Tere liye hai bechain dil dhoonrhe tujhe hi meri nazar
Chaahun tujhe main kitna sanam tujhko nahien hai uski khabar
Khwabon mein tu aankhon mein tu
Dharkan mein tu saainson mein tu

ඔබ වෙනුවෙනි අසරණ හද... ඔබ සොයයි ‍මාගේ මේ නෙතු...
කෙතරම් පතමි දෝ මා ඔබ... වගක් නැතේ ඔබට, ඒ ගැන...
සිහිනයේ ඔබයි, දෙනෙතේ ඔබයි... හද ගැස්මේ ඔබයි, සුසුමේ ඔබයි...

Dekha karuun main jise raat bhar tu hai vohi chaandani
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

බලා හිඳින්නම්, රැය පුරාවටම මං, ඔබමයි මගේ සඳවතී...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Tu hai mere honthon ki duaa tu hai meri chaahat ka sila
Aisa laga duniya mil gayi jo ishq tera mujhko mila
Tu chain hai tu hai vafaa hona nahien mujhse khafa

මගේ දෙතොළඟ අයැදුමයි, ඔබ... මගේ කැමැත්තේ ත්‍යාගයයි, ඔබ...
මුළු ලොවම ලැබුණා සේ දැනේ... මුණගැහුණු විට ඔබේ ආදරේ...
ඔබ සැනසුමයි, ඔබ ගිවිසුමයි... මා හා තරහා වෙනු එපා...

Parhta rahun main jisi har ghari tu hai vohi shaayari
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

හැම මොහොතක මා මුමුනන්නා වූ, ඒ කවි පෙළත් ඔබමයි...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Title: Tu Hi Meri Aashiqi
Album: Khakee
Year: 2004
Vocals: Sonu Nigam  
Music Director: Ram Sampath
Lyrics: Sameer

Wednesday, December 21, 2011

Aal Izz Well - Three Idiots
හදවතට අත තියලා කියන්න...
හැමදේම හොඳින් සිදුවේවි කියලා...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...
Aal Izz Well!! ආල් ඊස් වෙල් (හැමදේම හොඳින් සිදුවේවි කියලා)...

Murgi kya jaane aande ka kya hoga
කිකිළි දන්නවද (උගේ) බිත්තරේට මොනවා වෙයිදෝ...
Aree life milegi ya tawee pe fry hoga
ජීවිතේ ලැබේදෝ, තැටියක් උඩ බැදිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Confusion hi confusion hai - Solution kuch pata nahin
අවුල් ජාල පිට අවුල් ජාලයකි... විසදුම් නම් දන්නේම නැති...
Solution jo mila to saala - Question kya tha pata nahin
පාහර විසඳුම හමුවෙන විටදී... ගැටළුව කිම දැයි මතක නැතී...

Dil jo tera baat baat pe ghabraaye
හදවත නුඹගේ වචනයකින් හෝ බියවේ නම්...
Dil pe rakh ke haath usae tu fuslaa le
හදවත මතුයේ අත තබමින් (ඔබම) එය සංසිඳුවන්න...
Dil idiot hai pyaar se usko samjha le
හදවත මෝඩයෙකි... (ඔහුට) ආදරයෙන් පහදා දෙන්න...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Scholarship ki pi gayaa daaru ghum to phir bhi mitaa nahin
මධුවිත ගැන නම් පණ්ඩිතයෙකි මං, එනමුදු දුක නම් පහව නැතී...
Agarbattiyan raakh ho gayi god to phir bhi dikha nahi
හඳුන්කූරු කොපමණ අළු කෙරුවත්, දෙවියන් නම් තව දැක්කේ නැතී...

Bakra kya jaane uski jaan ka kya hoga
එළුවා දන්නවද, (උගේ) ජීවිතේට මොනවා වෙයිදෝ...
Sekh ghusegi ya saala Keema hoga
(ඌ) කූරේ බැදේවිදො, (නැත්නම්) කෑලි වලට කැපිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

To Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...
Aal Izz Well!! ආල් ඊස් වෙල් (හැමදේම හොඳින් සිදුවේවි කියලා)...

Murgi kya jaane aande ka kya hoga
කිකිළි දන්නවද (උගේ) බිත්තරේට මොනවා වෙයිදෝ...
Aree life milegi ya tawee pe fry hoga
ජීවිතේ ලැබේදෝ, තැටියක් උඩ බැදිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree punki all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ කෙල්ලේ... ආල් ඊස් වෙල්...
Aree pakre aal izz well aree bhaiyaa all izz well
අනේ කොල්ලෝ... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Na na na... නා නා නා...
Aree bhaiyaa all izz well aree bhaiyaa all izz well
අනේ අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Aal Izz Well
Album: 3 Idiots
Year: 2009
Vocals: Shaan, Sonu Nigam, Swanand Kirkire
Music Director: Shantanu Moitra
Lyricist: Swanand Kirkire

Tuesday, November 29, 2011

Tumko Bhi - Kabhi Alvida Naa Kehna
ඔයා මගෙන් වෙන් වෙලා ගියත්,
හැමදාම මගේ මතකයේ රැඳිලා තියේවි...

Tumko bhi, hai khabar, Mujhko bhi hai pataa
ඔයත් හොඳින්ම දන්නවා, මමත් හොඳින්ම දන්නවා...
Ho raha, hai juda, donon ka, raasta
අපේ මාවත් එකිනෙකින් වෙන්වෙන බව...
Door jaake bhi mujhse, tum meri yaadon mein rehna
ඔයා මගෙන් දුරස් වෙලා ගියත්, ඔයා හැමදාම මගේ මතකයේ රැඳිලා තියේවි...
Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna...
ඒ මොනවා වුනත්, කිසිදාක වෙන්වී යන බව කියන්න එපා...
කිසිදාක වෙන්වී යන බව කියන්න එපා...

Jitni thi khushiyan, Sab kho chuki hai
මොන තරම් සතුටක් තිබුණත්, ඒ හැම සතුටක්ම අපෙන් සැඟවිලා යනවා...
Bas ek gham hai ke jaata nahin
එක දුකක් හරි තිබුණොත්, ඒ දුක නැතිවෙලා යන්නේ නෑ...
Samjha ke dekha , behla ke dekha
මං තේරුම් කරලා බැලුවා... කරුණු පහදලා බැලුවා...
Dil hai ke chain is ko aata nahin aata nahin
ඒත්, මේ හදවතට නම් සහනයක් එන්නේම නැති හැඩයි...

Ansoon hai ke hai angaare
කදුළු ඒ තරම්ම උණුසුම්...
Aag hai ab ankhon se behna
මේ ඇස් අඟින් දැන් ගිණිදැල් වගේ ගලන්නේ...
Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna...
ඒ මොනවා වුනත්, කිසිදාක වෙන්වී යන බව කියන්න එපා...
කිසිදාක වෙන්වී යන බව කියන්න එපා...

Ruth aa rahi hai, ruth jaa rahi hai
ඍතුවක් ඒවී... ඍතුවක් යාවී...
Dard ka mausam badla nahin
ඒත් මේ දුකෙහි ස්වභාවය නම් වෙනසක් වෙන්නෙම නෑ...
Rang ye gham ka, Itna hai gehra
මේ දුකෙහි පැහැය ඒ තරම්ම ගැඹුරුයි...
Sadiyon bhi hoga halka nahin halka nahin
සියවස් ගානක් ගෙවිලා ගියත් ඒ පැහැය නම් බොඳවී යන එකක් නෑ...

Kaun jaane kya hona hai
කවුරු දන්නවද, සිදුවන්නේ මොනවා දැයි කියා...?
Humko hai ab kya kya sehna
ඉතින් අපි මොන දෙයකින් තව තව සැනසෙන්නද?
Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna...
ඒ මොනවා වුනත්, කිසිදාක වෙන්වී යන බව කියන්න එපා...
කිසිදාක වෙන්වී යන බව කියන්න එපා...

Tumko bhi, hai khabar, Mujhko bhi hai pataa
ඔයත් හොඳින්ම දන්නවා, මමත් හොඳින්ම දන්නවා...
Ho raha, hai juda, donon ka, raasta
අපේ මාවත් එකිනෙකින් වෙන්වෙන බව...
Door jaake bhi mujhse, tum meri yaadon mein rehna
ඔයා මගෙන් දුරස් වෙලා ගියත්, ඔයා හැමදාම මගේ මතකයේ රැඳිලා තියේවි...
Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna...
ඒ මොනවා වුනත්, කිසිදාක වෙන්වී යන බව කියන්න එපා...
කිසිදාක වෙන්වී යන බව කියන්න එපා...

Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna.. Kabhi alvida naa kehna...
කිසිදාක වෙන්වී යන බව කියන්න එපා... කිසිදාක වෙන්වී යන බව කියන්න එපා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tumko Bhi
Album: Kabhi Alvida Naa Kehna
Year: 2006
Vocals: Alka Yagnik, Sonu Nigam
Music Director: Shankar Mahadevan, Ehsaan Noorani, Loy Mendonca
Lyricist: Javed Akhtar

Monday, November 28, 2011

Aisa Deewana - Dil Maange More
නුඹේ ආදරයෙන් මේ හදෙහි එවන්
උමතුවක් ඇති වුණි...

Tanhaiyaan mehfil bani tum jo mile manzil mili
හුදෙකලාව රඟමඩලක් තනයි. නුඹ හමුවීමෙන් අරමුණක් හමුවුණා...
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.

Mohabbat hi mohabbat hai mere rubru
ආදරයෙත්, ආදරයයි... මගේ ආත්මයේ...
Tamanna main, nigahon main hai bas tu hi tu
බලාපොරොත්තුවෙත්, ප්‍රාර්ථනයෙත්... ඇත්තේ නුඹමයි...

Bechainee main aahe bhare rab se tujhhe manga kare
අසරණ බවින් සිත බරවෙලා... දෙවියන්ගෙන් නුඹ ඉල්ලුවෙමි...
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.

Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.

Na subaho ki khabar hai sanam na sham ka pata
උදය ගැන නොදනිමි පෙම්වත... සවස ගැනද නොදනිමි...
Khayalo main hai chaya hua tumhara nasha
සිහිනයන්හි, දකින්න වුණා... නු‍ඹේ මත් බව...

Oh deewangi hai iss kadar mujhko nahi apni khabar
ඕ... උමතු නුඹේ, උමතු බවින්... මා ගැනවත්, නොදැනුනි මට...
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.

Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.

Tanhaiyaan mehfil bani tum jo mile manzil mili
හුදෙකලාව රඟමඩලක් තනයි. නුඹ හමුවීමෙන් අරමුණක් හමුවුණා...
Aisa deewana hua hai yeh dil aapke pyaar main
එවැනි උමතුවක් ඇති වුණි මේ හදේ, ඔබගේ ආදරෙන්.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Aisa Deewana
Album: Dil Maange More
Year: 2004
Vocals: Sonu Nigam, Alka Yagnik
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer

Monday, October 17, 2011

Zoobi Doobi - Three Idiots
සුබි ඩුබි සුබි ඩුබි හඬදී, රඟදෙයි හදවත උමතුවෙන්...

Gungunati hain yeh hawayein gunuunata hai gagan
ගුමුනඳ දේ මේ පවන් රැල්... ගුමුනඳ දේ මේ ගගන...
Gaa raha hai yeh sara aalam zoobi doo param pam
ගී ගයයි මේ මුළු ලෝකයම... සුබි ඩූ පරම් පම්...

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Shaakhon pe pattey gaa rahe hain phoolon pe bhawre gaa rahe
අතු අග කොළදළු ගී ගයයි... මල් මත බඹරුන් ගී ගයයි...
Deewani kirnein gaa rahi hain yeh panchhi gaa rahe
උමතු හිරුරැස් ගී ගයයි... මේ විහඟුන් ගී ගයයි...

Bagiya mein do phoolon ki ho rahi hai guftgu
උයනේ පිපි මල් යුවලක් මොනවාදෝ මිමිනුවා...
Jaisa filmon mein hota hai, ho raha hai hu bahoo
ෆිල්ම් වලදී සිදුවෙනවා සේ, එය ඇත්තට සිදුවුණා.

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Rimjhim rimjhim rimjhim san san san san hwaaa
රිම් ජිම් රිම් ජිම් රිම් ජිම් පවනේ සං සං හඬ...
Tip tip tip tip boondein, gurrati bijliyaan
ටිප් ටිප් ටිප් හඬ දේ වැහි බිංඳු, ගුගුරයි විදුලිය...

Bheegi bheegi saari mein yun thumke lagati tu
තෙතබර වූ සාරිය නුඔගේ ඉඟටිය වට නැළවුණා...
Jaisa filmon mein hota hai, ho raha hai hu bahoo
ෆිල්ම් වලදී සිදුවෙනවා සේ, එය ඇත්තට සිදුවුණා.

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Amber ka chand zameen par, itra ke gaa raha
අඹරේ දිළි සඳ, පොලොවේ රඟදේ, සතුටින් ගී ගයා...
Ek tim tim toota tara, ithla ke gaa raha
එක් දිදුළන තරුවක් ගිලිහේ, පුරසාරම් ගී ගයා...

Hai raat akelin tanha, mujhe choo le aake tu
මේ තනිවූ රැයෙහි ඇවිදින් මා තුරුලට ගනු මැන...
Jaisa filmon mein hota hai, ho raha hai hu bahoo
ෆිල්ම් වලදී සිදුවෙනවා සේ, එය ඇත්තට සිදුවුණා.

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Zoobi doobi
Album: Three (3) Idiots
Year: 2009
Vocals: Sonu Nigam, Shreya Ghoshal
Music Director: Shantanu Moitra
Lyrics: Swanand Kirkire

Friday, September 2, 2011

Suraj Hua - Kabhi Khushi Kabhie Gham
හිරු මුදුනත් වූවා, සඳ ඇවිලෙන්නට වුණා.
අහස් තලය ඇයි මේ දියවී යන්නට වෙලා?

Suraj hua maddham, chaand jalne laga
හිරු මුදුනත් වූවා, සඳ ඇවිලෙන්නට වුණා.
Aasmaan yeh haai kyoon pighalne laga
අහස් තලය ඇයි‍ මේ, දියවී යන්නට වෙලා.

Suraj hua maddham, chaand jalne laga
හිරු මුදුනත් වූවා, සඳ ඇවිලෙන්නට වුණා.
Aasmaan yeh haai kyoon pighalne laga
අහස් තලය ඇයි‍ මේ, දියවී යන්නට වෙලා.

Main thehra raha, zameen chalne lagi
මා නැවතී සිටි. පොළොව ඇවිදන් ගියා.
Dhadka yeh dil, saans thamne lagi
හදවත ගැහේ, සුසුම් නැවතී ගියා.

Oh, kya yeh mera pehla pehla pyaar hai
ඕ, මෙයද මගේ පළමු, පළමු ආදරේ...
Sajna, kya yeh mera pehla pehla pyaar hai
පෙම්වතියේ... මෙයද මගේ පළමු, පළමු ආදරේ...

Ho oh oh, oh oh oh oh oh, aa aa aa aa aa aa
හෝ.. ඕ, ඕ, ඕ, ඕ, ඕ, ඕ, ඕ, ආ, ආ, ආ, ආ, ආ, ආ...

Suraj hua maddham, chaand jalne laga
හිරු මුදුනත් වූවා, සඳ ඇවිලෙන්නට වුණා.
Aasmaan yeh haai kyoon pighalne laga
අහස් තලය ඇයි‍ මේ, දියවී යන්නට වෙලා.

Main thehri rahi, zameen chalne lagi
මා නැවතී සිටි. පොළොව ඇවිදන් ගියා.
Dhadka yeh dil, saans thamne lagi
හදවත ගැහේ, සුසුම් නැවතී ගියා.

Haan, kya yeh mera pehla pehla pyaar hai
හා, මෙයද මගේ පළමු, පළමු ආදරේ...
Sajna, kya yeh mera pehla pehla pyaar hai
පෙම්වත... මෙයද මගේ පළමු, පළමු ආදරේ...

Hai khoobsurat yeh pal, sab kuch raha hai badal
සුන්දරයි මේ ඇසිල්ලත්, සියලු දේ වෙනස් වූ හැඩයි.
Sapne haqeeqat mein jo dhal rahe hai
සිහිනේ යථාර්තයක් වී පිබිදුණී.

Kya sadiyon se puraana hai rishtaa yeh hamaara
සියවස් ගණන් පැරණි වු බන්ධනය නුඹෙ මගේ මේ...
Ke jis tarha tumse hum mil rahe hai
ඒ බැදීමෙන් නුඹ හා මා.... හමුවුනේ...

Yunhi rahe har dam pyaar ka mausam
පවතීවි හැමදා මේ, ආදරේ සෘතුව...
Yunhi milo humse tum janam janam
එලෙසේ හමුවේ අප, ජන්මයෙන් ජන්මේ...

Main thehra raha, zameen chalne lagi
මා නැවතී සිටි. පොළොව ඇවිදන් ගියා.
La la la, la la la, la la la
ලා ල ල, ල ල ලා, ල ල ලා
Dhadka yeh dil, saans thamne lagi
හදවත ගැහේ, සුසුම් නැවතී ගියා.

Haan, kya yeh mera pehla pehla pyaar hai
හා, මෙයද මගේ පළමු, පළමු ආදරේ...
Sajna, kya yeh mera pehla pehla pyaar hai
පෙම්වත... මෙයද මගේ පළමු, පළමු ආදරේ...

Tere hi rang se yun main to rangeen hoon sanam
නු‍ඹගේ පැහැයෙන්ම මෙලෙසේ මා පැහැගැන්වුණා...
Paake tujhe khud se hi kho rahi hoon sanam
නුඹගේ මේ පැමිණී‍ම, මට මාව අහිමි කළා...

O maahiya, ve tere ishq mein haan doobke
ඕ... පෙම්වත, නුඹේ ප්‍රේමයේ කිමිදෙන්නදෝ...
Paar main ho rahi hoon sanam
වෙරළක් වෙන්නදෝ මා, පෙම්වත...

Saagar hua pyaasa, raat jagne lagi
පිපාසිතයි සයුරත්, රැය පිබිදෙන්නට වුණා.
Sholo ke dil mein bhi aag jalne lagi
හද ගිණිදැල් පිබිදී, ගිනි ඇවිළෙන්නට වුණා.

Main thehri lagi, zameen chalne lagi
මා නැවතී සිටි. පොළොව ඇවිදන් ගියා.
Dhadka yeh dil, saans thamne lagi
හදවත ගැහේ, සුසුම් නැවතී ගියා.

Kya yeh mera pehla pehla pyaar hai
මෙයද මගේ පළමු, පළමු ආදරේ...
Sajna... Kya yeh mera pehla pehla pyaar hai
පෙම්වත... මෙයද මගේ පළමු, පළමු ආදරේ...

Suraj hua maddham
හිරු මුදුනත් වූවා,
Chaand jalne laga
සඳ ඇවිලෙන්නට වුණා.
Aasmaan yeh haai
අහස් තලය ඇයි‍ මේ,
Kyoon pighalne laga
දියවී යන්නට වෙලා.

Sajna, kya yeh mera pehla pehla pyaar hai
පෙම්වත, මෙයද මගේ පළමු, පළමු ආදරේ...

Title: Suraj Hua Maddham
Album: Kabhi Khushi Kabhie Gham
Year: 2001
Vocals: Alka Yagnik, Sonu Nigam
Music Director: Jatin - Lalit, Sandesh Shandilya and Aadesh Shrivastava
Lyricist: Anil Pandey