Showing posts with label Lalit Pandit. Show all posts
Showing posts with label Lalit Pandit. Show all posts

Wednesday, October 24, 2012

Kabhi Khushi Kabhie Gham - Theme Song
මේ ඔබේ ධර්මයයි! සතුටයි, කඳුලයි!

Aa aa aa aa aa... Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Meri saanso mein tu hai samaya, mera jeewan toh hai tera saya...
Tere pooja karun main toh har dam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

මගේ සුසුමන් පුරා ඇත්තේ ඔබමයි, මගේ ජීවිතයේ ඔබගේ මුවාවයි...
ඔබට පූජා කරමි, හැම සුසුමකින්...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මගේ සුසුමන් පුරා පැතිර ඇත්තේද ඔබමයි... 
මගේ ජීවිතයට ඇත්තේ ඔබේ සෙවනැල්ලමයි... 
මා ඔබට හැම හද ගැස්මකින්ම පූජා කරන්නෙමි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Subaho shyam charno me diye hum jalaye
Dekhe jahan bhi dekhe, tujhko hi paye...
Inn labon pe tera bas tera nam ho...
Pyar dil se kabhee bhee naa ho kam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

උදේ හවා, දෙපාමුල ඔබේ, දල්වමි සිළක් මං...
බලනා තැනක මේ ලොකේ ඔබවම දකින්නෙම්...
ඒ දෙතොල් මත සදා, ඔබෙ නම පමණකි...
පෙම හදින් කිසිදා අඩු වී නොයාවි...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(උදේ සවස, ඔබේ දෙපා මුළ, මා පහන් සිළක් දල්වන්නෙමි... 
මේ ලොවේ කොතැනක බැලුවත්, මා එහි ඔබවම දකින්නෙමි... 
මේ දෙතොල් මත හැමකල්, ඔබේ නාමයම පමණයි... 
මේ හදවතේ ඇති ආදරය කිසිදිනක අඩු නොවේවි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Yeh ghar nahi hai, mandir hai tera
Iss me sada rahe tera basera...
Khushbuo se teri yeh mehakta rahe...
Aaye jaye bhale koyi mausam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

ගෙදරක් නොවෙයි මේ, මන්දිරය ඔබගේ...
හැමදා රැකේවි එය, පිහිටෙන්ම ඔබගේ...
සුගන්ධය සේ ඔබේ, මල් පිබිදෙමින් තියේ...
ඒවි, යාවි කුමන ඍතුවක් වුවත්...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මෙය ගෙදරක් නොව, ඔබේ මන්දිරයයි... 
එය හැමදා ඔබේ පිහිටෙන් රැකේවි... 
ඔබේ සුඟන්ධවත් බවින්ම මෙහි මල් පිබිදෙමින් තියේවි... 
කුමන ඍතුවක් වුවත් පැමිණ, නික්ම යාවි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Meri saanso mein tu hai samaya, mera jeewan toh hai tera saya...
Tere pooja karun main toh har dam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

මගේ සුසුමන් පුරා ඇත්තේ ඔබමයි, මගේ ජීවිතයේ ඔබගේ මුවාවයි...
ඔබට පූජා කරමි, හැම සුසුමකින්...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මගේ සුසුමන් පුරා පැතිර ඇත්තේද ඔබමයි... 
මගේ ජීවිතයට ඇත්තේ ඔබේ සෙවනැල්ලමයි... 
මා ඔබට හැම හද ගැස්මකින්ම පූජා කරන්නෙමි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Aa aa aa aa aa... Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kabhi Khushi Kabhie Gham (Sad Ver.) - Female 

Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...
Tere saath hongi meri duaayen
Aaye kabhi naa tujh pe koyi balaayen
Tere saath hongi meri duaayen
Aaye kabhi naa tujh pe koyi balaayen
Mera dil yeh kahe tu jahan bhi rahen
Har gadi har kushi chume tere kadam
Yeh hai tere karam Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham...

සතුටයි, කඳුලයි...  නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...
ඔබ සමඟින්ම වේවි මාගේ අයැදුම්...
නොයේවී කිසිදා නුඹ වෙත කිසිඳු පීඩාවක්...
මහද තෙපළයි මෙසේ, නුඹ වැජඹේ ලොවේ...
හැම ඇසිල්ලක්, ප්‍රීතියක්, සිප ගනී නුඹේ දෙපා...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මගේ හැම අයැදුමක්ම ඔබ සමඟින්ම වේවි... 
ඒ ඔබ වෙත කිසිදිනක දුක් පීඩාවන් නොපැමිණේවා කියා... 
මගේ හදවත මට මෙයම පවසයි, නුඹ ලොවේ වැජඹෙනු ඇතැයි කියා... 
හැම නිමේෂයකම, හැම සතුටක්ම, නුඹ තබන පියවරයක් පාසා සිපගනීවි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Aa aa aa aa aa aa, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kabhi Khushi Kabhie Gham (Sad Ver.) - Male

Aa aa aa aa aa aa, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kya bebasi hai yeh, kya majbooriyan
Hum paas hai phir bhi kitni hai dooriyan
Jism tu, jaan main, teri pehchaan main
Milke bhi naa mile, yeh hai kaisa bharam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

කිනම් නොහැකියාවක්දෝ මේ? අසරණකමක්දෝ?
අප ළංව ඉන්නා මුත්, කෙතරම් දුරස්දෝ?
ගත නුඹයි, පණ මමයි... නුඹේ හැදුනුම මමයි...
හමුවුනත්, හමුනොවේ! මුළාවක්දෝ මේ කිනම්?
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මෙය කිනම් නොහැකියාවක්ද? මෙය කිනම් අසරණකමක්ද? 
ළංවී සිටිනා නමුත්, අපි එකිනෙකාගෙන් මොනතරම් නම් දුරස්ද? 
ගත ඔබේ වුවත් එහි රැඳි ප්‍රාණය මමම විය, ඔබේ හඳුනාගැනීමද මමම විය... 
හමුවීමකදී පවා, අප කිසිදිනක හමුනොවූවෙමු. 
මෙය කිනම් මුලාවක්දැයි නොවැටහේ... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kabhi Khushi Kabhie Gham (Sad Ver. II) - Female 

Jee Chahta Hain gale Se Lagaun,
Palkhon mein rakh loon main, Nazar mein chupaa loon.
Paas hain, door hain, kitne majboor hain.
Ro raha mera dil, meri aankhen hain nam.
Kabhi khushi kabhie gham,
Na judaa honge hum, kabhi khushi kabhie gham

හදවත පතන්නේ, නුඹව වැලඳගන්නයි...
නෙතුපියේ රැකගන්නෙමි මං, බැල්මේ සඟවා ගනිමින්...
සමීපයි, දුරස්තයි... කෙතරම් අසරණයිදෝ...
හඩා වැටේ හද මගේ, මගේ නෙතු යුග තෙතයි...
සතුටයි, කඳුලයි... නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(හදවත ඉල්ලන්නෙම, නුඹව වැළඳගන්නා ලෙසයි...
නෙතුපියන් තුල රැකගන්නෙමි නුඹව, මගේ නෙතු බැල්මේ සඟවා ගනිමින්...
සමීපයි විටෙක, දුරස්තයි... කෙතරම් අසරණකමක්ද එය...
මගේ හදවත හඬා වැටේ, මගේ නෙතු තෙත්බරයි...
විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...)
 
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Sad Ver. (Female) ඕඩියෝව හා වීඩියෝව මෙතනින්...
Sad Ver.II (Female) වි‍ඩියෝව මෙතනින්...
Sad Ver. (Male) ඕඩියෝව හා වීඩියෝව මෙතනින්...

Title: Kabhi Khushi Kabhie Gham (Theme)
Album: Kabhi Khushi Kabhie Gham
Year: 2001
Vocals: Lata Mangeshkar | Sad Version (Male) by Sonu Nigam
Music Director: Sandesh Shandilya, Lalit Pandit,
Jatin Pandit & Aadesh Shrivastav
Lyricist: Sameer & Anil Pandey

Wednesday, March 28, 2012

Munni Badnaam Hui - Dabangg
මත්වූ දෙනෙතින් පවා, මනරම් ගමනින් පවා
ඔබ වෙනුවෙන්ම මුන්නී වෙනස් වෙලා...

Munni badnaam hui, darling tere liye
Munni badnaam hui, darling tere liye
Munni badnaam hui, darling tere liye
Munni ke gaal gulabi, nain sharabi, chaal nawabi re
Le jandu balm hui, darling tere liye
Munni badnaam hui, darling tere liye
Munni ke gaal gulabi, nain sharabi, chaal nawabi re
Le jandu balm hui, darling tere liye
Munni badnaam hui, darling tere liye

මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නීගේ රෝස කම්මුලයි, මත්වූ දෙනෙතයි, මනරම් වූ ගමනයි...
ජන්දු ආලේපේ වුණි මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නීගේ රෝස කම්මුලයි, මත්වූ දෙනෙතයි, මනරම් වූ ගමනයි...
ජන්දු ආලේපේ වුණි මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...

Shilpa sa figure Bebo si adaa, Bebo si adaa
Shilpa sa figure Bebo si adaa, Bebo si adaa
Hai mere jhatke mein filmi mazaa re filmi mazaa
Haye tu na jaane mere nakhre ve
Haye tu na jaane mere nakhre ve laakhon rupaiya udaa
Ve main taksaal hui, darling tere liye
Cinema hall hui, darling tere liye
Munni badnaam hui, darling tere liye

ශිල්පාගේ පෙනුමයි, බෙබෝ ගේ ඉරියව්වයි. බෙබෝ ගේ ඉරියව්වයි...
ශිල්පාගේ පෙනුමයි, බෙබෝ ගේ ඉරියව්වයි. බෙබෝ ගේ ඉරියව්වයි...
ගමනේ ඇත්තේ ෆිල්ම් එකක ප්‍රීතියයි. ෆිල්ම් එකක ප්‍රීතියයි.
ඔබ දන්නෑ මම මගේ රූපේ වෙනුවෙන්...
ඔබ දන්නෑ මම මගේ රූපේ වෙනුවෙන් බොහෝ රුපියල් වියදම් කළා...
මුවඟට රසයක් වුණා මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
සිනමාහලක් වුණා මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...

* ශිල්පා සහ බෙබෝ යනුවෙන් මෙහි යොදා ඇත්තේ, මුන්නී රුවින් ශිල්පා ශෙට්ටි හා සම බවත්, ඉරියව් වලින් කරීනා කපූර් හා සම බවත් දැක්වීමටය. බෙබෝ යනු බොලිවුඩය තුල කරීනා කපූර් හට පටබැඳී ඇති සුරතල් නාමයයි.

O munni re, o munni re
Tera gali gali mein charcha re
Hai jama ishq da ishq da parcha re
Jama ishq da ishq da parcha re O munni re...

ඕ මුන්නියේ... ඕ මුන්නියේ...
නුඹේ කතා රැව්දෙතේ හැම මං ඔස්සේ...
පෙම් හසුන් විසිරි ඇත, විසිරි ඇත හැම පැත්තේ...
පෙම් හසුන් විසිරි ඇත, විසිරි ඇත හැම පැත්තේ... ඕ මුන්නියේ...

Kaise anaari se paala pada ji paala pada
Ho... Kaise anaari se paala pada ji paala pada
Bina rupaiye ke aake khada mere peechay pada
Popat na jaane mere peechay woh Saifu
(haye haye maar hi daalogi kya) 
Popat na jaane mere peechay Saifu se leke Lambu khada
Item yeh aam hui, darling tere liye
Item yeh aam hui, darling tere liye
Munni badnaam hui, darling tere liye

මේ නූගත් කොල්ලන් හා ගනුදෙණු එපා (මහත්තයෝ), ගනුදෙණු එපා...
හෝ... මේ නූගත් කොල්ලන් හා ගනුදෙණු එපා (මහත්තයෝ), ගනුදෙණු එපා...
සල්ලි අතේ නැති, මේ මෝඩයා මගෙ පස්සෙන් එන්නා...
මෝඩයා දන්නෑ මගේ පස්සෙන් එන්නේ සයිෆුයි...
(හායේ හායේ අපිව මරවයි දෝ ඔයා...) 
මෝඩයා දන්නෑ මගේ පස්සෙන් එන්නේ සයිෆ්ගේ, ඉඳලා උස කොල්ලෝ කියා...
අයිටම් එකක් වුණා මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
අයිටම් එකක් වුණා මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...

* Ji - "මහත්මයා" යන වචනයට සමාන හින්දි භාෂාවෙහි එන ගෞරවාන්විත පදයකි. * සයිෆු හා Lambu Khada (උස කොල්ලන්) යනුවෙන් මෙහි දක්වා ඇත්තේ, සයිෆ් අලී ඛාන් ගේ සිට අමිතාබ් බච්චන් දක්වා සියළු කඩවසම් නළුවන් මුන්නී පසුපස එන බව දැක්වීමටයි. “Lambu Khada” යනුවෙන් හදුන්වා ඇත්තේ අමිතාබ් බච්චන් වන අතර ඔහු දැනුදු බොලිවුඩයේ සිටින උසම නළුවන් අතරින් කෙනෙකි.

Hai tujh mein poori botal ka nasha, botal ka nasha
Hai tujh mein poori botal ka nasha, botal ka nasha
Kar de budhaape ko kar de jawan, re kar de jawan
Honthon pe gaali teri aankhein gulaali, haye
Honthon pe gaali teri aankhein gulaali, mere hai jiyaa
Tu atom bomb hui, darling mere liye
Munni badnaam hui, darling mere liye
Munni badnaam hui, darling mere liye

ඔයා නම් එහෙම්ම ම මත් බෝතලයකි, මත් බෝතලයකි.
ඔයා නම් එහෙම්ම ම මත් බෝතලයකි, මත් බෝතලයකි.
වයසක මිනිසුන් වුවද තරුණයෝ කළා, ඔබ තරුණයෝ කළා...
මුව‍ඟේ අසැබි වචනයි, දෑසේ රත් අඳුනුයි...
මුව‍ඟේ අසැබි වචනයි, දෑසේ රත් අඳුනුයි... මාගේ පණේ...
ඇටම් බෝම්බයක් වුණා ඔබ, ඩාලිං ඒ මං වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ මං වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ මං වෙනුවෙන්...

Munni ke gaal gulabi, nain sharabi, chaal nawabi re
Le jandu balm hui, darling tere liye
Munni badnaam hui, darling tere liye
Baat yeh aam hui, darling tere liye
Be-Hindustan hui, darling tere liye
Amiya se aam hui, darling mere liye
Le jandu balm hui, darling mere liye
Seenay mein hole hui, tere tere tere liye
Aale badnaam hui haanji haan tere liye
Le sareaam hui, darling tere liye
Darling tere liye darling tere liye darling tere liye

මුන්නීගේ රෝස කම්මුලයි, මත්වූ දෙනෙතයි, මනරම් වූ ගමනයි...
ජන්දු ආලේපේ වුණි මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වෙලා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
කාරණේ මුදුණත් වූවා, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
පරදේසක්කාර වූවා, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
අමුවෙන් සිට ඉදෙන්න ගත්තා, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
ජන්දු ආලේපේ වුණි මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
ළමැඳ ඇගේ විවෘත වූවා, ඔබ, ඔබ, ඔබ වෙනුවෙන්...
එන්න, වෙනස් වෙලා ඈ, ඔව්! මහත්තයෝ, ඒ ඔබ වෙනුවෙන්...
හැම තැන ප්‍රසිද්ධ වුවා, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
ඩාලිං ඒ ඔබ වෙනුවෙන්... ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Munni Badnaam Hui
Album: Dabangg
Year 2010
Vocals: Mamta Sharma, Aishwarya
Music Director: Lalit Pandit
Lyrics: Lalit Pandit
Remixed by DJ Megha

* Mumta Sharma හා Aishwarya විසින් ගායනා කල මෙම ගීතය 2011 වර්ෂයේ හොදම ගායනයට හිමි Filmfare සම-සම්මානයෙන් (Best Playback Singer - Female) පිදුම් ලැබූ ගීතයකි. Tees Maar Khan චිත්‍රපටය වෙනුවෙන් Sunidhi Chauhan හා Vishal Dadlani ගායනා කල Sheila Ki Jawani ගීතය එකී සම-සම්මානයෙන් පිදුම් ලැබූ අනෙක් ගීතයයි.