Showing posts with label Prasoon Joshi. Show all posts
Showing posts with label Prasoon Joshi. Show all posts

Wednesday, June 13, 2012

Hai Guzaarish - Ghajini
අයදිමි මා එකම "හා" කියුමක් ඔබෙන්, එයින්
මේ ජීවිතය සතුටු ගඟුළක් මෙන් ගලාවී...

Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas, ab toh
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish
Hain haal to dil ka tang tang, tu rang ja mere rang rang
Bas chalna mere sang sang, Hai guzaarish
Kehde tu haan toh zindagi, jharno si chhutke hasegi
Moti honge moti raaho mein yeah yeah yeah
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish

ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි!
ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි! දැන්වත්...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...
ඇත හද සොබාව දැන් සිරවී සිරවී, මගේ පැහැයේ, ඔබ වර්ණවත් බවයි...
බිඳුවක් මා සමඟින් ඇවිද යන්න... එය ඉල්ලීමක්...
ඔබ “හා” කීව්වොත් ජීවිතේ, මදහස් ගඟුලක් මෙන් ගළාවී...
මුතු කැට විසිරිලා යාවි මංතීරේ...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...

Sheeshe ke khwaab leke, raato mein chal raha hu,
Takara naa jaaun kahin...
Aasha ki lau hain roshan, phir bhi toofan kaa dar hai,
Lau bujh naa jaye kahin...
Bas ek haan ki guzaarish, phir hogi khushiyo ki baarish...
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish

විදුරුවෙන් සැදි සිහින ගෙන, රැයෙහි අවිදින්නෙමි මම,
කොතැනක හෝ නොගැටී යමි...
අශාවේ සිළු එළියකි, කුණාටුවකින් තැතිගනී යළි,
එනමුදු සිළ නොනිවී යාවී...
එක “හා” කියුමක් ගැන ඉල්ලීමක්, පසු ඇදහැලේ සතුටේ වරුසා...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...

Chanda hai aasman hai, aur baadal bhi ghane hain,
Yeh chanda chhup jaaye naa...
Tanhaayi das rahi hai, aur dhadkan badh rahi hai,
Ek pal bhi chain aaye naa...
Kaisi ajab dastaan hain, bechainiyaan bas yahaan hain…
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish

සඳවත ඇත, අහසද ඇත, වළාකුළුද වැහිබරව ඇත...
මේ සඳවත හැංඟී නොයාවී...
මේ තනිකම රිදුම් දේවී, හදගැස්මද වැඩි කරවමින්,
මොහොතක් හෝ සුව නොම දැනේ...
කිනම් අමුතු කතාවක් දෝ මේ, අසහනය පමණකි ඇත්තේ...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...

Hain haal to dil ka tang tang, tu rang ja mere rang rang
Bas chalna mere sang sang, Hai guzaarish
Kehde tu haan toh zindagi, jharno si chhutke hasegi
Moti honge moti raaho mein yeah yeah yeah
Tu meri adhoori pyaas pyaas...

ඇත හද සොබාව දැන් සිරවී සිරවී, මගේ පැහැයේ, ඔබ වර්ණවත් බවයි...
බිඳුවක් මා සමඟින් ඇවිද යන්න... එය ඉල්ලීමක්...
ඔබ “හා” කීව්වොත් ජීවිතේ, මදහස් ගඟුලක් මෙන් ගළාවී...
මුතු කැට විසිරිලා යාවි මංතීරේ...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි!

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Hai Guzaarish (Tu Meri Adhoori)
Album: Ghajini
Year: 2008
Vocals: Javed Ali, Sonu Nigam
Music Director: A.R.Rahman
Lyricist: Prasoon Joshi

Tuesday, May 29, 2012

Kaise Mujhe Tum Mil Gayi - Ghajini
මගේ දෛවය ගැන මටද ඇදැහිය නොහැකිය...
ඔබ මට හමුවූයේ කෙලෙසදැයි මා තවම නොදනිමි...

Kaise mujhe tum mil gayi, kismat pe aaye naa yakeen
Utar aayi jheel mein, jaise chaand utarta hai kabhi Haule haule dheere se
Gunguni dhoop ki tarah se tarannum mein tum
Chhooke mujhe Guzri ho yoon Dekhoon tumhe, Ya main sunoon
Tum ho sukoon, Tum ho junoon Kyun pehle na Aayi tum?
Kaise mujhe tum mil gayi, kismat pe aaye naa yakeen

කෙසේද මට ඔබ හමුවුනේ? දෛවය ගැන ඇදැහිය නොහැකි...
නැඟී ආවේ දිවි තෙර වෙත, සඳවත නැ‍ඟෙනා ලෙසින් විටෙක, හෙමින් හෙමින්, නොදැනී...
සිහිළැල් එළි විහිඳාලූ, තරුවක් මෙන් ඔබ...
සිපගත්තා මා විටෙක, ඒ මුදු ස්වරයෙන්... ඔබ දෙස බලම් දෝ, අසා ඉම් දෝ?
ඔබ සැනසුමයි, ඔබ ලැදියාවයි... ඇයි මින් පෙර නාවේ ඔබ...?
කෙසේද මට ඔබ හමුවුනේ? දෛවය ගැන ඇදැහිය නොහැකි...

Main to ye sochta tha ke aaj kal Upar wale ko fursat nahi
Phir bhi tumhe banake who Meri nazar mein chadh gaya
Rutbe mein woh aur badh gaya

මම මේ ගැන සිතුවිල්ලෙනි, දින දිනයේ ගෙවෙනා, දෙවියන්ටත් කල්වේලා නෑ...
එනමුදු නිමවන්නට ඇති ඔහු, ඔබව... මාගේ දෙනෙත් තුල නංවා තබා...
දෙවියන් පවා ඉන් නික්මුණා...

Badle raaste jharne aur nadi, Badle deep ki tim tim
Chhede zindagi dhun koi nayi, Badle barkha ki rim jhim
Badlengi rituyen adaa Par main rahoongi sada
Usi tarah teri bahon mein bahen daalke Har lamha Har pal

මඟ වෙනස් කළා, ගළන ඇළි නදී, දිළෙයි දීප ලා පැහැයෙන්
දිවිය මුල පුරයි නවමු තාලයෙන්, නෙක හඬ දිදී වසියි, රිම් ජිම්...
වෙනස් වී ඍතුවෙ ඉරියව්, නමුදු රැඳේවි මා සදා...
ඒ වෙනුවෙන් ඔබගේ තුරුලේ, උරතලය මත්තේ ගෙවේ මගේ,
හැම මොහොතක්, හැම ක්ෂණයක්...

Zindagi sitar ho gayi, Rimjhim malhaar ho gayi,
Mujhe aata nahi kismat pe apni yakeen, Kaise mujhko mili tum

ජීවිතය සිතාරයක් වුණි... වැසි ගෙනෙනා “මල්හාරයක්” වුණි...
මට වැටහෙන්නෑ, මගේ දෛවේ කෙලෙසේ අදහම්දෝ,
කෙසේදෝ මට හමුවුයේ ඔබ...

* පුරාණ ජනප්‍රවාදයන්හී සදහන් වන පරිදි, “මල්හාර්” යනු 
එක් හඬින් ගැයෙන වැයෙන කල්හී වැසි වැස්සවීමට සමත් රාගයකි...

සිංදුව මෙතනින් බාගන්න...
Instrumental Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Kaise Mujhe Tum Mil Gayi
Album: Ghajini
Year: 2008
Vocals: Benny Dayal, Shreya Ghoshal
Music Director: A R Rahman
Lyrics: Prasoon Joshi

Friday, April 27, 2012

Mere Haath Mein - Fanaa
ඔබගේ දෑතම මාගේ දෑත මත,
මුළු සුර ලෝකෙම මා සමඟින් ඇත...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa
Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...
මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tere dil mein meri saanson ko panaah mil jaae
Tere ishq mein meri jaan fanaa ho jaae

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබේ හදවත මත, මගේ සුසුම්රැල් මුවාවක් සොයාවි...
ඔබේ ආදරයෙන් මගේ ජීවිතයම විනාශ වෙලා යාවි...

Jitne paas hai khushboo saans ke Jitne paas honton ke sargam
Jaise saath hai karwat yaad ke Jaise saath baahon ke sangam
Jitne paas paas khwabon ke nazar Utne paas tu rahana hamsafar
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මෙතරම් ළංව නම්, සුසුමේ සුවඳ රැල්, මෙතරම් ළංව දෙතොලේ වූ ස්වරයන්...
එලෙසින් ළංව ඒ මතකේ දිගහැරුම්, එලෙසේ ළංව දෑතේ වැළඳගැනුම්...
මෙතරම් ළංව ළංව සිහිනේ නෙතු ලෙසින්, එතරම් ළංව ඉනු මගේ සහකරු ලෙසින්...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Rone de aaj hamko tu ankhein sujaane de
Baahon mein le le aur khud ko bheeg jaane de
Hai jo sine mein qaid dariya voh choot jaaega
Hai itna dard ke tera daaman bheeg jaaega

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
හඬන්නට ඉඩ දෙන්න අද මට ඔබ, නෙතු සේදී යන්නට ඉඩ දෙන්න...
තුරුළෙහි ඔබේ මා හොවාගෙන, මට තෙමෙන්නට ඉඩ දෙන්න...
එතරම් වූ දුක් සුසුම්, නුඹේ පා යුග දෝවනය කරාවී...
මගේ සුසුමන් හි සිරකර තිබූ ගංගාව, එය නිදහසේ ගලා යාවී...

Jitne paas paas dharkan ke hai raaz Jitne paas boondon ke baadal
Jaise saath saath chanda ke hai raat Jitne paas nainon ke kaajal
Jitne paas paas saagar ke lahar Utne paas tu rahana hamsafar
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මෙතරම් ළංව ළංව හද ගැස්මෙහි රහස්, මෙතරම් ළංව ආ වැහි බිදු මේඝයේ...
එලෙසින් එක්ව ආ සඳවත රාත්‍රියේ, එතරම් ළංව දැසේ හී නෙතඳුන්...
මෙතරම් ළංව ළංව සයුරේ රැළි ලෙසින්, එතරම් ළංව ඉනු මගේ සහකාරිය ලෙසින්...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Adhuuri saans thi Dharkan adhuuri thi Adhuure ham
Magar ab chaand poora hai falak pe Aur ab poore hain ham

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
අසම්පූර්ණ සුසුමන්, හද ගැස්මද අසම්පූර්ණයි, අසම්පූර්ණයි මා...
නමුදු දැන් පුරා හඳකි අහස්කුස මත. අපද අද සම්පූර්ණයි.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mere Haath Mein
Album: Fanaa
Year: 2006
Vocals: Aamir Khan, Kajol, Sunidhi Chauhan, Sonu Nigam
Music Director: Jatin-Lalit
Lyrics: Prasoon Joshi

Monday, April 9, 2012

Meri Maa - Taare Zameen Par
මට අම්මව ඕන බව, මං එයාට කවදාවත් කියලා නෑ,
ඒත් මං දන්නවා එයා ඒ හැමදේම, දන්න බව...

Main kabhi batlata nahin Par andhere se darta hoon main maa
Yun to main, dikhlata nahin Teri parwaah karta hoon main maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa

මං කවදාවත් කියලා නැහැ, කළුවරට මං බය බව, අම්මේ...
එහෙම වෙලාවට, මං පෙන්වලා නැහැ, ඔයාව මට ඕනෑ කියල, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...

Bheed mein yun na chodo mujhe Ghar laut ke bhi aa naa paoon maa
Bhej na itna door mujhko tu Yaad bhi tujhko aa naa paoon maa
Kya itna bura hoon main maa Kya itna bura meri maa

මේ රංචුවේ, දාලා යන්නෙපා මං, ආපහු ගෙදර එන්න දන්නේ නෑ, අම්මේ...
එතරම් දුරක, යවන්නෙපා මං, ඔයාට මං මතක් වෙන්නේ නැද්ද, අම්මේ...
ඇයි, එච්චරටම නරකද මං, අම්මේ? ඇයි, එච්චරටම නරකද, මගේ අම්මේ?

Jab bhi kabhi papa mujhe Jo zor se jhoola jhulate hain maa
Meri nazar dhoondhe tujhe Sochu yahi tu aa ke thaamegi maa

සමහර විට, තාත්තා මට, හයියෙන් බැන, කෑ ගසන විටදී, අම්මේ...
මාගේ ඇස් හොයනවා ඔයාව... හිතනවා, ඔයා ඇවිත් මට උදව් කරාවී කියලා, අම්මේ...

Unse main yeh kehta nahin Par main seham jaata hoon maa
Chehre pe aana deta nahin Dil hi dil mein ghabraata hoon maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa

එයාට මං, මෙය කියලා නැහැ, ඒත් මං පරිස්සම් වෙන්නම්, අම්මේ...
මුහුණින් මගේ පෙන්වුයේ නැතත්, හදවතින් මං බය වුණා, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...

Main kabhi batlata nahin Par andhere se darta hoon main maa
Yun to main, dikhlata nahin Teri parwaah karta hoon main maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa

මං කවදාවත් කියලා නැහැ, කළුවරට මං බය බව, අම්මේ...
එහෙම වෙලාවට, මං පෙන්වලා නැහැ, ඔයාව මට ඕනෑ කියල, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Maa
Album: Taare Zameen Par
Year: 2007
Vocals: Shankar Mahadevan
Music Director: Shankar Mahadevan, Loy Mendonca, Ehsaan Noorani
Lyrics: Prasoon Joshi

Monday, August 29, 2011

Chanda Chamke - Fanaa
කෙතරම් අමාරු ගියක් දෝ මෙය පුළුවන්නම්
කියලා පෙන්නන්න...

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Kitna mushkil yeh gaana zara gaake dikhana
කෙතරම් අමාරු ගියක් දෝ මේ. පුළුවන්නම් කියලා පෙන්වන්න.
Chanda cheeni chamke chaate, chaukanna cheenke chor
හඳ හාමී, දිළිසෙන සීනි, ලෙවකා, හොර ගෙඩියා කිවිසයි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Khadak Singh ke khadakne se khadakti hai khidkiyaan
කඩක් සිංගේ කට දෙඩවිල්ලේ, ජනෙල් ගැටෙන්නා කටස් ගගා...
Khidkiyon ke khadakne se khadakta hai Khadak Singh
කටස් කටස් ගා ජනෙල් ගැටෙද්දී, කට දොඩවාවි කඩක් සිං...

Khadak khadak ke khadke khidki Khadak Singh ka khadke zor
කටස් කටස් ගා ජනෙල් ගැටෙද්දී, කඩක් සිං තව හයියෙන් දොඩවයි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Pake ped par pakaa papeeta, pakaa ped ya pakaa papeeta
ඉඳුණු පැපොල් ගහේ ඉඳුණු පැපොල් ගෙඩි. ඉඳුණු ගහක්දෝ, පැපොල් ගෙඩියදෝ?
Pake ped ko pakde Pinku, pinku pakde pakaa papeeta. bolo?
ඉඳුණු පැපොල් ගහ ඇල්ලුවා පිංකූ. පිංකු ඇල්ලුවා ඉඳුණු පැපොල් ගෙඩි. කියන්න.

Pake ped par pakaa papeeta pakda Pinki papee ka kapda
ඉඳුණු පැපොල් ගහේ ඉඳුණු පැපොල් ගෙඩි. ඇල්ලුවා පිංකි පැපොලේ රෙද්ද.

Kapda?
රෙද්ද?

Pake ped par pakaa papeeta, pakaa ped ya pakaa papeeta
ඉඳුණු පැපොල් ගහේ ඉඳුණු පැපොල් ගෙඩි. ඉඳුණු ගහක්දෝ, පැපොල් ගෙඩියදෝ?
Pake ped ko pakde Pinku, pinku pakda pakaa papeeta
ඉඳුණු පැපොල් ගහ ඇල්ලුවා පිංකූ. පිංකු ඇල්ලුවා ඉඳුණු පැපොල් ගෙඩි.

Kitna mushkil yeh gaana zara gaake dikhana
කෙතරම් අමාරු ගියක් දෝ මේ. පුළුවන්නම් කියලා පෙන්වන්න.

Pake ped ko pakde Pinku, pinku pakde pakaa papeeta
ඉඳුණු පැපොල් ගහ ඇල්ලුවා පිංකූ. පිංකු ඇල්ලුවා ඉඳුණු පැපොල් ගෙඩි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Kitna mushkil yeh gaana zara gaake dikhana
කෙතරම් අමාරු ගියක් දෝ මේ. පුළුවන්නම් කියලා පෙන්වන්න.

Chanda cheeni chamke chaate, chaukanna cheenke chor
හඳ හාමී, දිළිසෙන සීනි, ලෙවකා, හොර ගෙඩියා කිවිසයි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Chanda Chamke
Album: Fanaa
Year: 2006
Vocals: Babul Supriyo, Mahalakshmi Iyer, Master Akshay Bhagwat,
Aamir Khan & Kajol
Music Director: Jatin-Lalit
Lyricist: Prasoon Joshi

Thursday, July 14, 2011

Larki Kyon - HumTum
අනේ, මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ,
කොල්ලෝ වගේ නැත්තේ කියලා.

Larki kyon na jaane kyon larkon si nahien hoti
මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.
Sochti hai zyaada kam vo samajhti hai...
මහා ලොකුවට හිතනවා. හැබැයි තේරුම් ගන්නේ ටිකයි.
Dil kuchh kahata hai kuchh aur hi karti hai
හදවතින් කියන්නේ එක දෙයක්. හැබැයි කරන්නේ තව දෙයක්.

Larki kyon na jaane kyon larkon si nahien hoti
අනේ, මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.
Sochti hai zyaada kam vo samajhti hai...
මහා ලොකුවට හිතනවා. හැබැයි තේරුම් ගන්නේ ටිකයි.
Dil kuchh kahata hai kuchh aur hi karti hai
හදවතින් කියන්නේ එක දෙයක්. හැබැයි කරන්නේ තව දෙයක්.

Pyaar use bhi hai magar shuruu'aat tumhi se chaahe
එයාට ආදරය කරන්නත් ඕනේ. හැබැයි වෙලාවකට
ඔයාව ටිකක් අවුස්සලා, ඈත් කරන්නත් ඕනේ.
Khud mein uljhi uljhi hai par baalon ko suljhaa'e
එයා එයාගේ හැම දේම අවුල් කරගන්නවා,
හැබැයි කොණ්ඩේ අවුල් වෙයි කියලා වද වෙනවා.

Hum achchhe dost hain par us nazar tumko dekha nahien
අපි ගොඩක් හොඳ යාළුවෝ, ඒත් මං කවදාවත්
ඔයා දිහා ඔය අදහසින් බලලා නෑ.
Voh sab to thik hai par uske baare mein main ne socha nahien
ඒ ‍ඔක්කොම හරි කියමුකෝ. ඒත් මේ වෙනකන්,
එහෙම දෙයක් ගැන මං හිතලවත් නෑ.

Sab se alag ho tum yeh kahke paas tumhaare aaye
ඔයා ළඟට ආවම නම් එයා කියන්නේ,
“ඔයා අනිත් අයට වඩා ගොඩාක් වෙනස්” කියලා.
Aur kuchh din mein tumhein alag sa kuchh bhi na usko paa'e
හැබැයි ටික දවසක් ගියාම තමයි තේරෙන්නේ,
ඔයාගේ කිසිම වෙනසක් එයා තේරුම් අරන් නෑ කියලා.

Uff yeh kaisi "shirt" pahante ho yeh kaisa baal katte ho
ඕහ්! මොකක්ද මේ ඇදන් ඉන්න ෂර්ට් එක?
මොකක්ද ඔය කොණ්ඩේ කපලා තියෙන විදිය?
Gaarii tez chalaate ho tum jaldi mein kyon khaate ho
වාහනේ හයියෙන් ඩ්‍රයිව් කරොත්, මොකද ඔයාට ඔච්චර හදිස්සි...?
give me a break.
මට පාඩුවේ ඉන්න දෙන්න.

Tumhein badalne ko paas voh aati hai
ඔයාව වෙනස් කරන්නම විතරයි එයා ඔයාට ළං වෙන්නේ.
Tumhein mitaane ko chaal bichhti hai
ඔයාව ඉවරයක්ම කරන්න තමයි, එයාගේ හැම කපටි කමක්ම...
Baaton baaton mein tumhein hansaati hai
කියන කියන වචනයක් ගානේ, එයා ඔයාව හිනස්සනවා.
Pahale hansaati hai phir bara rulaati hai
මුලින්ම හිනස්සලා, ඊට පස්සේ ඔයාව කේන්ති ගස්වනවා.

Larki kyon na jaane kyon larkon si nahien hoti
අනේ, මං නම් දන්නෑ ඇයි මේ කෙල්ලෝ,
කොල්ලෝ වගේ නැත්තේ කියලා.

Ae itna hi khud se khush ho to peechhe kyon aate ho
තමන් ගැන ඔය තරමටම සතුටු නම්, මොන එහෙකටද පස්සෙන් එන්නේ?
Phuul kabhi to hazaar tohfe aakhir kyon laate ho
මොකටද එක එක වෙලාවට අත පිරෙන්න මල්, තෑගි අරන් එන්නේ?

Apna naam nahien bataaya aapne kaafii peene chalenge
ඔයාගේ නම කිව්වේ නෑනේ මට, ම්... කෝපි එකක් බොන්න යමුද?
Main aapko ghar chhor duun phir kab milenge
මං ඔයාව ගෙදරට ඇරලවන්නද? අහ්... කවදද ආයේ හම්බවෙන්නේ?

Bikharaa bikharaa bematlaf sa tuuta phuuta jeena
අපිළිවෙලට, කිසිම තේරුමක් නැතුව, ජීවිතේ ඔහේ නාස්ති වෙනවා.
Aur kahate ho alag se hai.n ham taanke apna sina
ඒ මදිවට තමන්ගෙම පපුවට අත තියලා දිවුරගන්නවා,
මං වෙනස් වෙනවා කියලා.

Bheega toya kahien farsh pe "toothpaste" kan dakan kahien
තෙත තුවාය කොහේ හරි වීසි කරලා යනවා.
ටූත්පේස්ට් එකේ පියන අල්ලලා වීසි කරනවා.
Kal ke moze ulatke pahane waqt ka kuchh behosh ne
ඊයේ ඇදපු කිළිටු මේස් දෙකම අදත් අනිත් පැත්ත හරවලා අඳිනවා.
වෙලාවට කිසිම වැඩක් කරන්නෑ.

Jeena ka tumko dhang sikhlaati hai
ජීවත් වෙන විදිය නම් ඔයාට උගන්වන්නම වෙනවා.
Tumhein jaanwar se insaan banaati hai
ඔයා හරියට තිරිසනෙක් වගේ, ඔයාව මිනිහෙක් කරන්නම වෙනවා.
Uske bina ek pal rah na sakoge tum
එයාව නැතුව ඔයාට එක මොහොතක්වත් ඉන්න බෑ.
Usko pataa hai yeh kah na sakoge tum
හැබැයි ඒ කෙල්ල දන්නවා...
ඒක ඔයාට කවදාවත් තේරුම් කරන්නත් බෑ කියලා.

Is li'e larkiyaan larkon si nahien hoti
අන්න ඒ නිසා තමයි... කෙල්ලෝ, කොල්ලේ වගේ නොවුනේ.

Jaane kaun kaunse din voh tumko yaad dilaa'e
කවුද දන්නේ, ඔයා ගැන මොන තරම් වැදගත් දවස් ගානක්
එයා මතක තියාගෙන ඉන්නවද කියලා.
Pyaar ko chaahe bhuul bhi jaa'e taarikhein na bhulaa'e
ආදරය අමතක කරන්න වුනත්,
එයාල කවදාවත් දවස් නම් අමතක කරන්නේ නෑ.

"1st march" ko nazar milaa'e chaar "april" ko mai.n milne aaye
“මාර්තු 1 වෙනිදා” දෙනෙත් මුණගැහුණා.
“අප්‍රේල් 4 වෙනිදා” මං ඔයාව හමුවෙන්න ආවා.
Ikkis "may" ko tumne chhuu'aa thaa
“මැයි 21 වෙනිදා” ඔයා මාව ඇල්ලුවා.
Chhe "june" mujhe kuchh hu'aa tha
“ජුනි 6 වෙනිදා” මට මොකක්ද වුණා.

Larkon ka kya hai kisi bhi mor pe voh mur jaa'e
කොල්ලන්ගේ මොන හේතුවක්ද මන්දා.
එයාලා හරි ලේසියෙන් ලිස්සලා යන්න දන්නවා.
Abhi kisi ka hai abhi kisi aur se voh jur jaa'e
දැන් එක කෙල්ලෙක් එක්ක ඉන්නවා.
තව ටික වෙලාවක් යද්දි තව කෙල්ලෙක් එක්ක...

Tumhaari mami-daadi ghar par nahien hai great… main aa jaa'uun
ඔයාගේ අම්මයි, තාත්තයි ගෙදර නැද්ද? නියමයි නේ? මං එන්නද?
Tumhaari "friend" akeli ghar jaa'e bechaari main chhor aa'uun
ඔයාගේ යාළුවා තනියෙන් ගෙදර යනවා.
පව් අසරණී. මං එයාව ඇරලවන්නද?

Ek haan kahane ko kitna dahalaati hai
එක සැරයක් කැමතියි කියලා කියවගන්නම,
අපි එයාල ළඟ කොච්චර දඟලන්න ඕනෙද?
Thak jaate hain ham vo ji bahalaati hain
හැබැයි අපිව මහන්සි කරා කියලා දැනුනාම,
එයාලම අපිව සනසන්න හදනවා.

Vo sharmaati hain tabhi chupaati hain
එයාලට ලැජ්ජ හිතුනාම, කොහේ හරි හැං‍ඟෙනවා.
Larki jo haan kah de use nibhaati hai
කෙල්ල හා කිව්වොත්, ඔන්න ඒකට නම් ලෑස්තියි.

Is li'e larkiyon larkon si nahien hoti
අන්න ඒ නිසා තමයි... කෙල්ලෝ, කොල්ලේ වගේ නොවුනේ.

Is mein jagarne jagarne ki kya baat hai yaar
මෙහෙම ගහගන්න වගේ කතා කරන්නේ ඇයි වස්තුවේ.

Pahale pahale bhanvare jaise paas paas mandraa'e
මුලින් මුලින්, බඹරු ‍වගේ ළඟම දැවටි දැවටි ඉන්නවා.
Phir "busy" hai kahkar tumjo voh taalke
පස්සේ  “වැඩ තියෙනවා” කිය කිය එයාව මඟහරිනවා.
Samjha karo "darling, aaj bohot kaam hai."
තේරුම් ගන්න, පැටියෝ. අද ගොඩක් වැඩ තියෙනවා.

Meri bhi to suno
අඩුගානේ මං කියන දේ ටිකක් අහන්න!

Duur hu'aa to kya dil mein tumhaara naam hai
ඈත් වෙලා හිටියට මොකද? හදවතේ තියෙන්නේ ඔයාගේ නම විතරයි.
Jis chehare par marte hain voh "boring" ho jaa'ein
ඒ මූණ මත්තෙම මැරෙන්න හැදුව කෙනාට දැන් ඒක එපා වෙලා.
Kuchh hi din mein nazar ki idhar udhar munrahe
තව ටික දවසක් යනකොට,
ඇස් දෙකත් ‍එහෙ මෙහෙ සක්මන් කරන්න ගනීවි.
Sirf pyaar se zi.ndagi nahien chalti
ආදරයෙන් විතරක් ජීවිතේ ගෙනියන්න බෑ.
Tum "interior decoration" ko "course" kyon nahien karti
ඔයා, “ඉන්ටීරිය ඩෙකරේෂන්” කෝස් එකක් කරන්නැත්තේ ඇයි?

Ok, that’s enough…
හරි දැන් ඔය හොඳටම ඇති.

Larki kyon na jaane kyon larkon si nahien hoti
මං නම් දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Larki Kyon
Album: HumTum
Year: 2004
Vocals: Alka Yagnik, Shaan
Music Director: Jatin Lalit
Lyricist: Prasoon Joshi