Showing posts with label Salman Khan. Show all posts
Showing posts with label Salman Khan. Show all posts

Sunday, February 3, 2013

Saanson Ne Bandhi Hai - Dabangg 2
සුසුමන් හුයෙන් ඔබ හා බැඳිලා ප්‍රියේ,
ඔබ වෙනුවෙන්ම මාගේ හදවත ගැහේ...

Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya...
Reh-rehke dil meraa tham sa gaya
Chhoo ke mujhe toone jab ye kahaa
Goriyaa main tere sang zindagi bitaunga
Rab se ye maine hai waada kiya
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya...

සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...
හදවත වරින්-වර මාගේ නැවතී ගියා...
පවසද්දි මේ දේ, අතගා මෙමා...
සොඳුරියේ, ඔයා සමඟින් දිවි ගෙවනෙමි මා...
දෙවියන්ට මා මේ දේ ගැන දිවුරුවා...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...

Batiyan tore nainaa humse joh na karte…
Haye.. Ram kasam jeete jee mar jate
Arrey aise kaise o ji yoon hi tum mar jate
tum jo na hote ham kyoon duniyaa mein aate
Ke teri meri ek zindagi hai sang tere preet lagi
Haan... pal pal badhegee
Haan... maine bhi ye rabb se waada kiya hoye…
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya...

දොඩමළු වන්නේ නැතිනම්, ඔබගේ ඔය නෙතු මා හා...
දෙවියන් ගැන දිවුරන්නම්, මියයමි මා...
අනේ! එලෙසින් කෙලෙසකදෝ ඔබ දිවියෙන් සමුගන්නේ?
ඔබ නැති නම් කුමකටදෝ මා ලොව උපන්නේ...
මේ ඔබෙ-මගේ එක ජීවනේ - ඔබේ පෙම සමඟින්ම රැඳේ...
මෙහොතක් පාසා වැඩිවේ...
ඔව්! දෙවියන්ට මා මේ දේ ගැන දිවුරුවා...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...

Saat janam ke sathi ham hain diyaa tum baati...
Raushan basera hai ghar tera-mera
Hamre chaand ko takne taare bhi nikle hain...
Nazar na lage tujh ko baahon mein ghera
O chal hutt jaao ji... Nazdeek aao jee...
Ham to jee haare jee…
Haan maine bhi yeh rab se waada kiya hayye...
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya…

ආත්ම හතක සහජීවේ - මා පහනයි, ඔබ සිළුවයි...
ආලෝකයෙන් පුරවාවි ගෙය ඔබෙ-මාගේ...
මගේ සඳවතියට ඔරවා, තරු කැට පවා ගිළිහේ...
ඇස් වහ වැදෙන්නට නොදෙමි, මගේ තුරුලේ හොවා...
අනේ ඈතට යන්නකෝ! මගේ ළඟට එන්නකෝ!
මා හදට පැරදුනෙමි...
ඔව්! දෙවියන්ට මා මේ දේ ගැන දිවුරුවා...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Saanson Ne
Album: Dabangg 2
Year: 2012
Vocals: Sonu Nigam, Tulsi Kumar
Music Director: Sajid-Wajid
Lyricist: Irfan Kamal

Saturday, December 15, 2012

Fevicol Se (Chipkale Saiyan) - Dabangg 2
මගේ පිංතූරේ පපුවේ නුඹේ,
අලවගන්න ප්‍රියේ ෆෙවිකෝල් වලින්...

Angdaaiyaan leti hoon main jabb zor-zor se
Ufff! angdaaiyan leti hoon main jab zor-zor se
Uhh ahh ki avaaz hai aati har ore se
Main to chaloon is kadar
Ke mach jaae ye gadar
Hosh waale bhi madhosh aayein re nazar

ලාලිත්‍ය ගෙන ආවෙමි මා ගෝසා මැද්දේ...
ලාලිත්‍ය ගෙන ආවෙමි මා ගෝසා මැද්දේ...
"ඌහ්!", "ආහ්!" සද්ද ආවා මේ හැම හැම පැත්තේ...
මා යන මඟ කොතැනක මුත්...
නැඟුණි කෙහෙම්මල් හඬක්...
සිහිය ඇති එවුනුත්, සිහිවිකල් වුණා මේ නෙතින්...

Mere photo ko… Mere photo ko seene se yaar, chipkale saiyaan Fevicol se
Mere photo ko seene se yaar, chipkale saiyaan Fevicol se
Fevicol se… Fevicol se...
Main to kab se Haaye! Main to kab se hoon ready-taiyar
Pataale saiyan miss-call se Oh No!
Mere photo ko seeney se yaar chipka le saiyyan Fevicol se...

මගේ පිංතූරේ... මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල්* වලින්...
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල් වලින්...
ෆෙවිකෝල් වලින්, ෆෙවිකෝල් වලින්...
මං කවදා තෙක්, මං කවදා තෙක් හිටියද රෙඩි වී...
ඔබ එතැයි කියා මිස් කෝල් එකකින්... එහෙමද?
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල් වලින්...

Jhhoom jhhoom jhum barabar… jhoom jhoom jhoom...
Arrey Jhhoom jhhoom jhum barabar... jhoom jhoom jhoom...
Jhoom le jhum le... Maze mein jhom le...
Jhoom le jhum le... Nashe mein jhom le...

Hmmmm… Pyaar karle tu aaj angoor ki daughter se
Pyaar karle tu aaj angoor ki daughter se
Naseehat bhool jayega tu ek quarter se
Peene waale ko bhi jeene ka mazaa aayega
Yeh wo daaroo hai jo chadh jaae sirf water se
Aaja mere raja tujhe, jannat dikhaun main
Barfeele paani mein fire lagaaun main

හ්ම්ම්ම්... ආදරෙ කරන්න ඔයා මත්කරුවගේ දියණිය සේ...
ආදරෙ කරන්න ඔයා මත්කරුවගේ දියණිය සේ...
අමතක වුණා ඔබට පාඩම එක කොටසක ඒ...
බොන මිනිහෙකුට පවා දැනේ සතුට ජීවිතයේ...
මේ මධුවිත පරදින්නේ ඇල්වතුරට පමණක් වේ...
එන්න මගේ රජෝ නුඹට සුරලොව පෙන්නන්නෙමි...
සීතල දිය කඳකට වුව ගිනිදැල් අවුලන්නෙමි...

Saare India... Oh Saare India ko tune ghulam kiyaa re
Main to tandoori main to tandoori murgi hoon yaar
Gatkaa le saiyyan alcohol se... O yea!
Mere photo ko seene se yaar, chippka le saiyaan Fevicol se

මුළු භාරතය... මුළු භාරතයම ඔබ හට වහල් කම් කරාවී...
මම තන්දූරී (ගින්නේ පිසින ලද), මම තන්දූරී කිකිළියකි මිතුරේ...
ගිලදමන්න මා ඇල්කොහොල් හා... ඕ යේ!
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල් වලින්...

Log kehte hain mujhe, main to hoon namkeen butter
Log kehte hain mujhe, main to hoon namkeen butter
Kaat doongi main dil ko, meri javaani hai cutter
Mera jalwaa jo dekh le, wo faint ho jaaye
Close karke too rakh le apne naino ka shutter
Public shehar ki kare hai teraa wait re teraa wait re...
Arrey thummke jo kamariyaa, hile jila kya state re...

මිනිසුන් කියයි මා හට, මා මෘදු බව වාගේ බටර්...
මිනිසුන් කියයි මා හට, මා මෘදු බව වාගේ බටර්...
කපා දෙන්නෙමි හදවත, මගේ යෞවනේ වාගේ කටර්...
මගේ විස්මය දැකුමෙන්, උන් ක්ලාන්ත වී යාවී...
ක්ලෝස් කර තියාගන්න ඔයාගේ ඇස් දෙකේ ෂටර්...
මිනිසුන් ඇත නුඹ එනතෙක් මඟබලබල පුරවරේ, මඟබලබල පුරවරේ...
ඉඟ නැළවෙන විටදි නුඹේ නැළවේ (ප්‍රාන්තය විතරක් නොවේ) මුළු රාජ්ජේ...

Par kahani oh Par kahani raani puraani hai teri
Phir bhi photo ko... Tere photo ko seene mein yaar chipka loonga main Fevicol se
My Gypsy with siren taiyaar
Bhaga le ise petrol se...
Petrol se... Petrol se...
Mere photo ko seeney se yaar Chipka le saiyaan...
Chipka le saiyaan Fevi... Fevicol se... Fevicol se...

නමුත් පුරාණේ, නමුත් පුරාණේ රැජිණයේ පරණයි දැන් ඔබේ...
ඒත් පිංතූරේ, ඔබේ පිංතූරේ මාගේ පපුවේ, අලවාගන්නෙමි ෆෙවිකෝල් වලින්...
මගේ ජිප්සිය ලෑස්තී සයිරම (නලාව) හා...
එය එලවන්නකො පෙට්‍රෝල් වලින්...
පෙට්‍රෝල් වලින්... පෙට්‍රෝල් වලින්...
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ,
අලවගන් ප්‍රියේ, ෆෙවි, ෆෙවිකෝල් වලින්, ෆෙවිකෝල් වලින්...

Nayan ham ladaayenge baby-doll (Barbie-doll) se
Londiyaa pataaenge miss-call se
Bat ball se, Cinema-hall se,
Arrey marriage-hall se, Overall se
Tere photo ko seeney mein yaar chipkaa loonga main Fevicol se
Mere photo ko seeney mein yaar Chipka le saiyyan...
Chipka le saiyan chipka le saiyan Fevicol se… Oh No!

දෑස අපෙ ගැටෙන්නේ මේ බාබි ඩෝල් හා...
මේ ගැටිස්සී අහුවුනේ, මිස් කෝල් නිසා...
බැට් බෝල් වගේ, සිනමාහලක් වගේ...
මණ්ඩපය කෙරේ, මුළුමනින්ම ගෙනේ...
ඔබේ පිංතූරේ මාගේ පපුවේ, අලවාගන්නෙමි ෆෙවිකෝල් වලින්...
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ,
අලවගන් ප්‍රියේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල් වලින්...

* ෆෙවිකෝල් යනු ගම් වර්ගයක නමකි.

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Fevicol Se (Chipkale Saiyan)
Album: Dabangg 2
Year: 2012
Vocals: Mamta Sharma, Wajid Ali, Keerthi Sagathia, Uvie, Shadaab Faridi
Music Director: Sajid-Wajid
Lyricist: Sajid, Wajid, Ashraf Ali

Saturday, August 25, 2012

Jiye To Jiye Kaise - Saajan
ජීවත් වෙනවා නම්, මා කෙළෙසින්
ජීවත් වෙන්නද ඔබ නැතිව?

Jiye to Jiye kaise bin aapke...
Lagta nahien dil kahien bin aapke...
Jiye to Jiye kaise bin aapke...

ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?
හදවත කිසිත් නොකියනා බවක් හැඟෙයි, ඔබ නැති බැවින්...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

Kaise kahoon bina tere zindagi yeh kya hogi...
Jaise koi sazaa koi baddua hogi...
Main ne kiya hai yeh faisala...
Jina nahien hai tere bina...
Jiye to Jiye kaise bin aapke...

කෙසේ කියම්දෝ ඔබෙන් තොරව ජීවිතයට කුමක් වේදැයි...
එය යම් සාපයක්, දඩුවමක් මෙන් වේවි...
මම මෙලෙසින් මේ ගැන තීරණය කලෙමි...
ජීවත් නොවන බවට, ඔබ නැතිව...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

Mujhe koi de de zahar haske main pi loongi...
Har dard seh loongi har haal mein ji loongi...
Dard-e-judaai seh na sakoongi...
Tere bina main reh na sakoongi...
Jiye to Jiye kaise bin aapke...

යමෙකු මට වසක් දුන්නොත්, සිනහවෙන් එය බොන්නෙමි...
ඕන දුකක් උහුලමි, ඕන අයුරකින් දිවි ගෙවමි...
නමුදු වියෝ දුක නම්, ඉහිලිය නොහැකි...
ඔබ නැතිව කල් ගෙවුමද, මට කල නොහැකි...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

Dekhke voh mujhe tera palkein jhuka dena...
Yaad bahut aaye tera muskara dena...
Kaise bhulaoon vo saari baatein...
Vo meethi raatein vo mulaaqatein...
Jiye to Jiye kaise bin aapke...

බලා ඉන්නේ ඔහු, ඔබෙන් මගේ නෙතු ඉවත් වෙනකන්...
ගොඩක් මතක් වෙනවා, ඔබ මා හිනැස්සුව අයුරු...
කෙලෙසින් අමතක කරන්නද, ඒ සියළු කතාබස්...
ඒ රසවත් රාත්‍රීන්, ඒ හමුවීම්...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

Jiye to Jiye kaise bin aapke...
Lagta nahien dil kahien bin aapke...
Jiye to Jiye kaise bin aapke...

ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?
හදවත කිසිත් නොකියනා බවක් හැඟෙයි, ඔබ නැති බැවින්...
ජීවත් වෙනවා නම්, කෙළෙසින් ජීවත් වෙන්නද ඔබ නැතිව?

සිංදුව මෙතනින් බාගන්න...
Part II එක මෙතනින්...
YouTube වීඩියෝව (Part I) මෙතනින්...
YouTube වීඩියෝව (Part II) මෙතනින්...
YouTube වීඩියෝව (Part III) මෙතනින්...

Title: Jiye To Jiye
Album: Saajan
Year: 1991
Vocals: Kumar Sanu, Anuradha Paudwal, S.P. Balasubramaniam,
Pankaj Udhas, Alka Yagnik
Music Director: Nadeem-Shravan
Lyricist: Sameer

Tuesday, April 3, 2012

Mera Dil Bhi Kitna Pagal Hai - Saajan
කෙතරම් උමතුව ඔබ හට ආදරය කළත්,
ඔබ ඉදිරියේ මගේ හදවත ගොළුවී යයි...

Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Par samne jab tum aate ho... par samne jab tum aate ho...
Kuch bhi kahane se darta hai
O mere saajan o mere saajan saajan saajan o mere saajan...
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...

මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
පැමිණෙන විට ඔබ මා ඉදිරියට, පැමිණෙන විට ඔබ මා ඉදිරියට...
කිසිවක් කීමට බැරි සේ බිය වෙයි...
මගේ පෙම්වතියේ, මගේ පෙම්වතියේ, පෙම්වතියේ, මගේ පෙම්වතියේ...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...

Kitna isko samjata hoon kitna isko bahalata hoon...
Kitna isko samjata hoon kitna isko bahalata hoon...
Naadan hai kuch na samjata hai
Din raat yeh aahein bharta hai
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Par samne jab tum aate ho... par samne jab tum aate ho...
Kuch bhi kahane se darta hai
Mere saajan o mere saajan saajan saajan o mere saajan...
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...

කෙතරම් එය වෙත පැහැදූවත් මා, කෙතරම් එය මා සනසාලූවත්...
කෙතරම් එය වෙත පැහැදූවත් මා, කෙතරම් එය මා සනසාලූවත්...
නොදරුවෙකු සේ කිසිවක් පිළිනොගනී...
දිවා රෑ දෙකෙහිම සුසුමින් බරවී...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
පැමිණෙන විට ඔබ මා ඉදිරියට, පැමිණෙන විට ඔබ මා ඉදිරියට...
කිසිවක් කීමට බැරි සේ බිය වෙයි...
මගේ පෙම්වත, මගේ පෙම්වත, පෙම්වත, මගේ පෙම්වත...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...

Har pal mujhko tarpata hai mujhe saari raat jagata hai...
Har pal mujhko tarpata hai mujhe saari raat jagata hai...
Is baat ki tumko khabar nahien
Yeh sirf tumhi pe marta hai
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Par samne jab tum aate ho... par samne jab tum aate ho...
Kuch bhi kahane se darta hai
O mere saajan o mere saajan saajan saajan o mere saajan...
saajan saajan saajan saajan saajan saajan...

හැම මොහොතෙම මට එය වදදේවී, මගේ මුළු රැය අවදිව ගත වේවී...
හැම මොහොතෙම මට එය වදදේවී, මගේ මුළු රැය අවදිව ගත වේවී...
ඒ ගැන නම් ඔබ හට වගක් නැතේ,
එය ඔබ මත්තේ ම මිය යාවී...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
පැමිණෙන විට ඔබ මා ඉදිරියට, පැමිණෙන විට ඔබ මා ඉදිරියට...
කිසිවක් කීමට බැරි සේ බිය වෙයි...
මගේ පෙම්වතියේ, මගේ පෙම්වතියේ, පෙම්වතියේ, මගේ පෙම්වතියේ...
පෙම්වත, පෙම්වත, පෙම්වත, පෙම්වත, පෙම්වත, පෙම්වත...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mera Dil Bhi
Album: Saajan
Year: 1991
Vocals: Kumar Sanu, Alka Yagnik
Music Director: Nadeem, Shravan
Lyrics: Sammer

Wednesday, March 28, 2012

Munni Badnaam Hui - Dabangg
මත්වූ දෙනෙතින් පවා, මනරම් ගමනින් පවා
ඔබ වෙනුවෙන්ම මුන්නී වෙනස් වෙලා...

Munni badnaam hui, darling tere liye
Munni badnaam hui, darling tere liye
Munni badnaam hui, darling tere liye
Munni ke gaal gulabi, nain sharabi, chaal nawabi re
Le jandu balm hui, darling tere liye
Munni badnaam hui, darling tere liye
Munni ke gaal gulabi, nain sharabi, chaal nawabi re
Le jandu balm hui, darling tere liye
Munni badnaam hui, darling tere liye

මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නීගේ රෝස කම්මුලයි, මත්වූ දෙනෙතයි, මනරම් වූ ගමනයි...
ජන්දු ආලේපේ වුණි මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නීගේ රෝස කම්මුලයි, මත්වූ දෙනෙතයි, මනරම් වූ ගමනයි...
ජන්දු ආලේපේ වුණි මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...

Shilpa sa figure Bebo si adaa, Bebo si adaa
Shilpa sa figure Bebo si adaa, Bebo si adaa
Hai mere jhatke mein filmi mazaa re filmi mazaa
Haye tu na jaane mere nakhre ve
Haye tu na jaane mere nakhre ve laakhon rupaiya udaa
Ve main taksaal hui, darling tere liye
Cinema hall hui, darling tere liye
Munni badnaam hui, darling tere liye

ශිල්පාගේ පෙනුමයි, බෙබෝ ගේ ඉරියව්වයි. බෙබෝ ගේ ඉරියව්වයි...
ශිල්පාගේ පෙනුමයි, බෙබෝ ගේ ඉරියව්වයි. බෙබෝ ගේ ඉරියව්වයි...
ගමනේ ඇත්තේ ෆිල්ම් එකක ප්‍රීතියයි. ෆිල්ම් එකක ප්‍රීතියයි.
ඔබ දන්නෑ මම මගේ රූපේ වෙනුවෙන්...
ඔබ දන්නෑ මම මගේ රූපේ වෙනුවෙන් බොහෝ රුපියල් වියදම් කළා...
මුවඟට රසයක් වුණා මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
සිනමාහලක් වුණා මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...

* ශිල්පා සහ බෙබෝ යනුවෙන් මෙහි යොදා ඇත්තේ, මුන්නී රුවින් ශිල්පා ශෙට්ටි හා සම බවත්, ඉරියව් වලින් කරීනා කපූර් හා සම බවත් දැක්වීමටය. බෙබෝ යනු බොලිවුඩය තුල කරීනා කපූර් හට පටබැඳී ඇති සුරතල් නාමයයි.

O munni re, o munni re
Tera gali gali mein charcha re
Hai jama ishq da ishq da parcha re
Jama ishq da ishq da parcha re O munni re...

ඕ මුන්නියේ... ඕ මුන්නියේ...
නුඹේ කතා රැව්දෙතේ හැම මං ඔස්සේ...
පෙම් හසුන් විසිරි ඇත, විසිරි ඇත හැම පැත්තේ...
පෙම් හසුන් විසිරි ඇත, විසිරි ඇත හැම පැත්තේ... ඕ මුන්නියේ...

Kaise anaari se paala pada ji paala pada
Ho... Kaise anaari se paala pada ji paala pada
Bina rupaiye ke aake khada mere peechay pada
Popat na jaane mere peechay woh Saifu
(haye haye maar hi daalogi kya) 
Popat na jaane mere peechay Saifu se leke Lambu khada
Item yeh aam hui, darling tere liye
Item yeh aam hui, darling tere liye
Munni badnaam hui, darling tere liye

මේ නූගත් කොල්ලන් හා ගනුදෙණු එපා (මහත්තයෝ), ගනුදෙණු එපා...
හෝ... මේ නූගත් කොල්ලන් හා ගනුදෙණු එපා (මහත්තයෝ), ගනුදෙණු එපා...
සල්ලි අතේ නැති, මේ මෝඩයා මගෙ පස්සෙන් එන්නා...
මෝඩයා දන්නෑ මගේ පස්සෙන් එන්නේ සයිෆුයි...
(හායේ හායේ අපිව මරවයි දෝ ඔයා...) 
මෝඩයා දන්නෑ මගේ පස්සෙන් එන්නේ සයිෆ්ගේ, ඉඳලා උස කොල්ලෝ කියා...
අයිටම් එකක් වුණා මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
අයිටම් එකක් වුණා මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...

* Ji - "මහත්මයා" යන වචනයට සමාන හින්දි භාෂාවෙහි එන ගෞරවාන්විත පදයකි. * සයිෆු හා Lambu Khada (උස කොල්ලන්) යනුවෙන් මෙහි දක්වා ඇත්තේ, සයිෆ් අලී ඛාන් ගේ සිට අමිතාබ් බච්චන් දක්වා සියළු කඩවසම් නළුවන් මුන්නී පසුපස එන බව දැක්වීමටයි. “Lambu Khada” යනුවෙන් හදුන්වා ඇත්තේ අමිතාබ් බච්චන් වන අතර ඔහු දැනුදු බොලිවුඩයේ සිටින උසම නළුවන් අතරින් කෙනෙකි.

Hai tujh mein poori botal ka nasha, botal ka nasha
Hai tujh mein poori botal ka nasha, botal ka nasha
Kar de budhaape ko kar de jawan, re kar de jawan
Honthon pe gaali teri aankhein gulaali, haye
Honthon pe gaali teri aankhein gulaali, mere hai jiyaa
Tu atom bomb hui, darling mere liye
Munni badnaam hui, darling mere liye
Munni badnaam hui, darling mere liye

ඔයා නම් එහෙම්ම ම මත් බෝතලයකි, මත් බෝතලයකි.
ඔයා නම් එහෙම්ම ම මත් බෝතලයකි, මත් බෝතලයකි.
වයසක මිනිසුන් වුවද තරුණයෝ කළා, ඔබ තරුණයෝ කළා...
මුව‍ඟේ අසැබි වචනයි, දෑසේ රත් අඳුනුයි...
මුව‍ඟේ අසැබි වචනයි, දෑසේ රත් අඳුනුයි... මාගේ පණේ...
ඇටම් බෝම්බයක් වුණා ඔබ, ඩාලිං ඒ මං වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ මං වෙනුවෙන්...
මුන්නී වෙනස් වුණා දැන්, ඩාලිං ඒ මං වෙනුවෙන්...

Munni ke gaal gulabi, nain sharabi, chaal nawabi re
Le jandu balm hui, darling tere liye
Munni badnaam hui, darling tere liye
Baat yeh aam hui, darling tere liye
Be-Hindustan hui, darling tere liye
Amiya se aam hui, darling mere liye
Le jandu balm hui, darling mere liye
Seenay mein hole hui, tere tere tere liye
Aale badnaam hui haanji haan tere liye
Le sareaam hui, darling tere liye
Darling tere liye darling tere liye darling tere liye

මුන්නීගේ රෝස කම්මුලයි, මත්වූ දෙනෙතයි, මනරම් වූ ගමනයි...
ජන්දු ආලේපේ වුණි මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
මුන්නී වෙනස් වෙලා දැන්, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
කාරණේ මුදුණත් වූවා, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
පරදේසක්කාර වූවා, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
අමුවෙන් සිට ඉදෙන්න ගත්තා, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
ජන්දු ආලේපේ වුණි මං, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
ළමැඳ ඇගේ විවෘත වූවා, ඔබ, ඔබ, ඔබ වෙනුවෙන්...
එන්න, වෙනස් වෙලා ඈ, ඔව්! මහත්තයෝ, ඒ ඔබ වෙනුවෙන්...
හැම තැන ප්‍රසිද්ධ වුවා, ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
ඩාලිං ඒ ඔබ වෙනුවෙන්... ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...
ඩාලිං ඒ ඔබ වෙනුවෙන්...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Munni Badnaam Hui
Album: Dabangg
Year 2010
Vocals: Mamta Sharma, Aishwarya
Music Director: Lalit Pandit
Lyrics: Lalit Pandit
Remixed by DJ Megha

* Mumta Sharma හා Aishwarya විසින් ගායනා කල මෙම ගීතය 2011 වර්ෂයේ හොදම ගායනයට හිමි Filmfare සම-සම්මානයෙන් (Best Playback Singer - Female) පිදුම් ලැබූ ගීතයකි. Tees Maar Khan චිත්‍රපටය වෙනුවෙන් Sunidhi Chauhan හා Vishal Dadlani ගායනා කල Sheila Ki Jawani ගීතය එකී සම-සම්මානයෙන් පිදුම් ලැබූ අනෙක් ගීතයයි.

Tuesday, March 6, 2012

Dekha Hai Pehli Baar - Saajan
පළමු වරට මා පෙම්වතාගේ දෑසින් ආදරය දුටුවෙමි...

Dekha hai pehli baar saajan ki aankhon mein pyaar...
Dekha hai pehli baar saajan ki aankhon mein pyaar...
Ab jaake aaya mere bechain dil ko qaraar

දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...
දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...
දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...

Dilbar tujhe milne ko kab se tha main beqaraar
Ab jaake aaya mere bechain dil ko qaraar
Dekha hai pehli baar saajan ki aankhon mein pyaar
Ab jaake aaya mere bechain dil ko qaraar

ප්‍රියයේ ඔබ හමුවන තුරා, කෙතරම් නම් සිටියද බලා...
දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...
දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...
දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...

Palkein chukaaun tujhe dil mein basauun
Ab bin tere main to kahien chain na paaun
Palkein bichaun tujhe dil mein basauun
Ab bin tere main to kahien chain na paaun

නෙතුපියේ සඟවා ගමි, ඔබ හදෙහි රඳවා ගමි...
දැන් ඔබගෙන් තොරව මා කිසි සුවයක් නොපතමි...
නෙතුපියේ සඟවා ගමි, ඔබ හදෙහි රඳවා ගමි...
දැන් ඔබගෙන් තොරව මා කිසි සුවයක් නොපතමි...

Tu mera jigar hai tu meri nassar hai...
Tu meri aarzuu tu mera hamsafar hai...
Dekha hai pehli baar saajan ki aankhon mein pyaar
Ab jaake aaya mere bechain dil ko qaraar

ඔබ මගේ හදවතයි, ඔබ මගේ නෙතු යුගයි,
ඔබ මගේ කැමැත්තයි, ඔබ මගේ සහකාරියයි...
දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...
දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...

Meri adaaein yeh meri jawaani Bas tere lie hai yeh meri zindagani
Meri adaaein yeh meri jawaani Bas tere lie hai yeh meri zindagani
Tu meri gazal hai tu mera taraana
Aa teri dharkano pe likh doon dil ka fasaana

මාගේ මේ ඉරියව්, මේ මාගේ යෞවනය...
ඔබ වෙනුවෙන්ම පමණයි, දැන් මගේ මුළු ජීවිතේ...
මාගේ මේ ඉරියව්, මේ මාගේ යෞවනය...
ඔබ වෙනුවෙන්ම පමණයි, දැන් මගේ මුළු ජීවිතේ...
ඔබ මගේ කාව්‍යයයි, ඔබ මගේ ගීයයි...
එනු මැන, ඔබේ හදගැස්මේ, ලියමි හදවත් පුරාණේ...

Dekha hai pehli baar saajan ki aankhon mein pyaar...
Dekha hai pehli baar saajan ki aankhon mein pyaar...
Ab jaake aaya mere bechain dil ko qaraar

දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...
දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...
දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...

Dilbar tujhe milne ko kab se tha main beqaraar
Ab jaake aaya mere bechain dil ko qaraar
Dekha hai pehli baar saajan ki aankhon mein pyaar

ප්‍රියයේ ඔබ හමුවන තුරා, කෙතරම් නම් සිටියද බලා...
දැන් නැවතත් ලැබුණා මගේ, අසරණ වු හද වෙත සුවයක්...
දැක්කෙමි පළවෙනි වතාවට, පෙම්වතාගේ දෑසින් ආදරේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Dekha Hai Pehli Baar
Album: Saajan
Year: 1991
Vocals: Alka Yagnik, SP Balasubramaniam
Music Director: Nadeem, Shravan
Lyrics: Sameer

Monday, February 13, 2012

Tu Shaayar Hai - Saajan
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි,
ඔබ පෙම්වතෙකි... මා ඔබේ ප්‍රේමයයි...

Tu shaayar hai main teri shaayari...
Tu shaayar hai main teri shaayari...
Tu aashiq hai main teri aashiqi...
Tujhe milne ko dil karta hai, tujhe milne ko dil karta hai... O mere saajana
Tu shaayar hai main teri shaayari...
Tu aashiq hai main teri aashiqi...

ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි, ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ පෙම්වතෙකි... මා ඔබේ ප්‍රේමයයි...
ඔබ හමුවට හද මඟ බලමිනි, ඔබ හමුවට හද මඟ බලමිනි... ඕ! මගේ පෙම්වත...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ පෙම්වතෙකි... මා ඔබේ ප්‍රේමයයි...

Teri har nazam tera har geet hai yaad mujhe...
Teri har nazam tera har geet hai yaad mujhe...
Jab tak saans chalegi na bhuloongi main to tujhe
Tere bina jeena nahien khaake qasam kehati hoon...
Tere bina jeena nahien khaake qasam kehati hoon...
Main ne bina dekhe jaane tujhe dil de diya

ඔබේ හැම කවියම, හැම ගීයම මට මතක තිබේ...
ඔබේ හැම කවියම, හැම ගීයම මට මතක තිබේ...
පණ ගිළිහෙන තුරු මා හට ඔබ අමතකව නොයේ...
ඔබ නැතිව ජීවත් වනු බැරිය... එය පවසන්නෙමි දිවුරා...
ඔබ නැතිව ජීවත් වනු බැරිය... එය පවසන්නෙමි දිවුරා...
නොදැකම, නොදැනම මගේ හද ඔබට පිදුවා...

Tu dharkan hai mein teri zindagi
Tu shaayar hai main teri shaayari...
Tujhe milne ko dil karta hai, tujhe milne ko dil karta hai... O mere saajana
Tu shaayar hai main teri shaayari...
Tu aashiq hai main teri aashiqi...

ඔබ හදගැස්මයි... මා ඔබේ ජීවයයි...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ හමුවට හද මඟ බලමිනි, ඔබ හමුවට හද මඟ බලමිනි... ඕ! මගේ පෙම්වත...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ පෙම්වතෙකි... මා ඔබේ ප්‍රේමයයි...

Apni betaabi ka main kaise tujhse izahaar karoon...
Apni betaabi ka main kaise tujhse izahaar karoon...
Kaise batlaaun tujhe jaan-e-jaana kitna main pyaar karoon
Lab pe koi naam nahien tere siva mere saajan...
Lab pe koi naam nahien tere siva mere saajan...
Mere is dil pe tera hi nasha chaa gaya

මගේ මනදොළ මා, ඔබ හට කෙලෙසින් පහදම් දෝ?
මගේ මනදොළ මා, ඔබ හට කෙලෙසින් පහදම් දෝ?
කෙසේ පවසන්නද (පෙම්වත) මා ඔබ හට පෙම් කෙරූ තරම්...
දෙතොල මත... ඔබෙන් තොර, නමක් නොවේ... මගේ පෙම්වත...
දෙතොල මත... ඔබෙන් තොර, නමක් නොවේ... ‍මගේ පෙම්වත...
මගේ හද මත ඇත, ඔබේ මත් බව විසිරිලා...

Tu deewaana main teri deewaanagi
Tu shaayar hai main teri shaayari...
Tujhe milne ko dil karta hai... O mere saajana

ඹබ උමතුවූවෙකි... මා ඔබේ උමතුවයි...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ හමුවට හද මඟ බලමිනි... ඕ! මගේ පෙම්වත...

Tu shaayar hai main teri shaayari
Tujhe milne ko dil karta hai, tujhe milne ko dil karta hai... O mere saajana
Tu shaayar hai main teri shaayari...
Tu aashiq hai main teri aashiqi...

ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ හමුවට හද මඟ බලමිනි, ඔබ හමුවට හද මඟ බලමිනි... ඕ! මගේ පෙම්වත...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ පෙම්වතෙකි... මා ඔබේ ප්‍රේමයයි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tu Shaayar Hai
Album: Saajan
Year: 1991
Vocals: Alka Yagnik
Music Director: Nadeem, Shravan
Lyrics: Sameer

Wednesday, February 8, 2012

Bahut Pyaar Karte Hain - Saajan
දෙවියන් නමින් දිවුරා කියන්නම්,
මා ඔබට අසීමිතව ආදරය කරන්නෙමි...

Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
Qasam chahe le lo, qasam chahe le lo... Khuda ki qasam…

ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ...
දිවුරුමක් අවැසි නම්, දිවුරලා කියන්නම්... දෙවියන් නමින්...
ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...
දිවුරුමක් අවැසි නම්, දිවුරලා කියන්නම්... දෙවියන් නමින්...
ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...

Hamaari gazzal hai tasavur tumhaara, hamaari gazzal hai tasavur tumhaara...
Tumhaare bina ab na jeena gavaara
Tumhein yoon hi chaahenge, tumhein yoon hi chahenge... Jab tak hai dum

මගේ කාව්‍යය, සිහින සිතුවමයි ඔබගේ, මගේ කාව්‍යය, සිහින සිතුවමයි ඔබගේ...
ඔබෙන් තොරව දැන් අපහසුයි, දිවි ගෙවීමත්...
ඔබ හටම ඇළුම් කරමි, ඔබ හටම ඇළුම් කරමි... දිරි ඇති තෙක් මං...

Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
Qasam chahe le lo, qasam chahe le lo... Khuda ki qasam…
Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...

ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...
දිවුරුමක් අවැසි නම්, දිවුරලා කියන්නම්... දෙවියන් නමින්...
ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...

Hamein har ghadi aarzu hai tumhaari, hamein har ghadi aarzu hai tumhaari...
Hoti hai kaisi sanam beqaraari
Milenge jo tumko to, milenge jo tumko to... Batayenge hum

මා හට හැම මොහොතේ ඔබ ගැනම කැමැත්තයි,
මා හට හැම මොහොතේ ඔබ ගැනම කැමැත්තයි...
කෙලෙසින් හිදිම්දෝ ප්‍රියේ අසහනයෙන්...
හමුවේ නම් ඔබ මා හා, හමුවේ නම් ඔබ මා හා... කියන්නෙමි මං...

Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ...

Saagar ki baahon mein maujein hai jitni,
Saagar ki baahon mein maujein hai jitni...
Hamko bhi tumse muhabbat hai utni
Ki yeh beqaraari, ki yeh beqaraari... Na ab hogi kam

සාගරය තුරුළේ නැ‍ඟෙනා, දිය රැළි තරම්,
සාගරය තුරුළේ නැ‍ඟෙනා, දිය රැළි තරම්...
ප්‍රියේ ඔබට මාගේ ප්‍රේමයද එතරම්...
එයයි මේ අසහනේ, එයයි මේ අසහනේ... කිසිදා තුනී වී නොයේ...

Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
Qasam chahe le lo, qasam chahe le lo... Khuda ki qasam…
Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...

ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ...
දිවුරුමක් අවැසි නම්, දිවුරලා කියන්නම්... දෙවියන් නමින්...
ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට  ප්‍රියේ...

සිංදුව මෙතනින් බාගන්න...
Male Version එක මෙතනින්... Female Version එක මෙතනින්...

Title: Bahut Pyaar Karte Hai
Album: Saajan
Year: 1991
Vocals: SP Balasubramaniam, Anuradha Paudwal
Music Director: Nadeem, Shravan
Lyrics: Sameer

Odhani Odh Ke - Tere Naam
සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...

Odhani od ke naachoon, odhani Odhani od ke naachoon, odhani
Odhani od ke naachoon, odhani Odhani od ke naachoon, odhani

සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...
සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...

Naachoon odhani od ke aaj ke dil paradesi ho gayaa
Hamen tumse ho gayaa pyaar ke dil pardesi ho gayaa
O naachoon odhani od ke aaj ke dil paradesi ho gayaa
Hamen tumse ho gayaa pyaar ke dil pardesi ho gayaa

රඟදේ සළුපටේ දැවටී මා, මේ හද ආගන්තුක වූවා.
මං ඔබගේ වෙන්නට වුණා, මේ හද ආගන්තුක වූවා.
ඕ, රඟදේ සළුපටේ දැවටී මා, මේ හද ආගන්තුක වූවා.
මං ඔබගේ වෙන්නට වුණා, මේ හද ආගන්තුක වූවා.

Odhani od ke naachoon, odhani Odhani od ke naachoon, odhani
සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...

Mere ishq kaa chhaayaa khumaar ke dil pardesi ho gayaa
Hamen tumse ho gayaa pyaar ke dil pardesi ho gayaa
Har qasam tod ke naachoon, har qasam
Har qasam tod ke naachoon, har qasam

මගේ ආදරයේ මත් බවින්, මේ හද ආගන්තුක වූවා...
මං ඔබගේ වෙන්නට වුණා, මේ හද ආගන්තුක වූවා.
හැම දිවුරුම් බිඳළමින් රඟදේ, හැම දිවුරුම්...
හැම දිවුරුම් බිඳළමින් රඟදේ, හැම දිවුරුම්...

Odhani od ke naachoon, odhani
සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...

Bole choodi, paayaliyaa bole,
Aajaa doli leke aajaa saajnaa…
Bole choodi, paayaliyaa bole,
Aajaa doli leke aajaa saajnaa…

පවසයි වළලු, පා නූපුරයන් පවසයි...
පැමිනෙන් දෝලා ගෙන පැමිනෙන් පෙම්වත...
පවසයි වළලු, පා නූපුරයන් පවසයි...
පැමිනෙන් දෝලා ගෙන පැමිනෙන් පෙම්වත...

Haathon mein mehandi ho, maang meri sindoori ho
Tere naam kaa kiyaa singaar ye singaar
Mere roop ki aayee bahaar ke dil pardesi ho gayaa
O naachoon odhani od ke aaj ke dil paradesii ho gayaa

දෑතෙහි මෙහෙන්දි පවා, ඉල්ලයි මගේ සින්ධූර් පවා...
ඔබේ නමිනි ප්‍රියේ, සැරසුනේ මගේ සැරසුම්...
මගේ රුව පිබිදුනි ලොවට... මේ හද ආගන්තුක වූවා.
ඕ, රඟදේ සළුපටේ දැවටී මා, මේ හද ආගන්තුක වූවා.

Milan kaa mausam aayo re, pyaar le aayo re
Milan kaa mausam aayo re, pyaar le aayo re

හමුවීමේ සෘතුව පැමිණේවී, එය ප්‍රේමය ගෙන පැමිණේ...
හමුවීමේ සෘතුව පැමිණේවී, එය ප්‍රේමය ගෙන පැමිණේ...

Main to tere naam likhoongaa pyaasi ek kahaani ehsaas ki
Main to tere naam likhoongaa pyaasi ek kahaani ehsaas ki
Milnaa ho to aisaa ho, sadiyon tak na doori ho
Maine barson kiyaa intzaar o dildaar

මම ඔබේ නම ලියන්නෙමි හැඟුමන් හි පිපාසිත එක් කතාවක...
මම ඔබේ නම ලියන්නෙමි හැඟුමන් හි පිපාසිත එක් කතාවක...
හමුවේ නම් එලෙසේ හමුවේ... සියවස් ගනනක් තෙක් දුරස් නොවේ...
මම වසර ගනන් මඟ බලා හිදිමි ප්‍රියයේ...

Beqaraari mein bhi aayaa qaraar ke dil pardesi ho gayaa
O hamen tumse ho gayaa pyaar ke dil pardesi ho gayaa
Har qasam tod ke naachoon, har qasam
Har qasam tod ke naachoon, har qasam

අසහන බවින් ආවා සුවයක්... මේ හද ආගන්තුක වූවා.
ඕ, මං ඔබගේ වෙන්නට වුණා, මේ හද ආගන්තුක වූවා.
හැම දිවුරුම් බිඳළමින් රඟදේ, හැම දිවුරුම්...
හැම දිවුරුම් බිඳළමින් රඟදේ, හැම දිවුරුම්...

Naachoon odhani od ke aaj ke dil paradesi ho gayaa
O hamen tumse ho gayaa pyaar ke dil pardesi ho gayaa
Odhani od ke naachoon, odhani Odhani od ke naachoon, odhani
Odhani od ke naachoon, odhani Odhani od ke naachoon, odhani

රඟදේ සළුපටේ දැවටී මා, මේ හද ආගන්තුක වූවා.
ඕ, මං ඔබගේ වෙන්නට වුණා, මේ හද ආගන්තුක වූවා.
සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...
සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...

Title: Odhani Odh Ke
Album: Tere Naam
Year: 2003
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer 

Friday, January 27, 2012

Tere Naam Hum Ne Kiya Hai - Tere Naam
මා ඔබේ නමින් මගේ මුළු ජීවිතයම
ගෙවා දමන්නෙමි... (3in1)

Tere Naam - Male Version 

La la la la la lala la la lala
Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
ලා ලා ලා ලා ලා ලලා ලා ලා ලලා...
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වතියේ...
හෝ... මගේ මුළු දිවියම පෙම්වතියේ...

Tere naam la lala lala tere naam la lala lala
ඔබගේ නමින්, ලා ලලා ලලා... ඔබගේ නමින්. ලා ලලා ලාලා...

Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
Pyaar bahut karte hai tumse ishq hai tu humara sanam
Ho ishq hai tu humara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වතියේ...
හෝ... මගේ මුළු දිවියම පෙම්වතියේ...
ආදරය කරනෙමි එතරම් ඔබට... ඔබ මගේ ප්‍රේමයයි, පෙම්වතියේ...
හෝ... ඔබ මගේ ප්‍රේමයයි, පෙම්වතියේ...

La la la la la la la la lala
Lal lal lala la lala la lala lala la la la la la lala
lala la lala la la lala la lala
ලා ලා ලා ලා ලා ලා ලා ලා ලාලා...
ලල් ලල් ලාලා ලා ලාලා ලා ලාලා ලලා ලා ලා ලලා ලා ලලා
ලලා ලා ලලා ලා ලා ලලා ලා ලලා...

Tere ishq ne saathiya tera haal kya kardiya
Tere ishq ne saathiya tera haal kya kardiya
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...

Gulshan bhi to ab veerana lagta hai
Har aapna hum ko begana lagta hai
Hum teri yaadon mein khoye rehte hai
Log hume pagal deewana kehte hai
මල් උද්‍යානේ පාළු බවයි, දැන් පවතින්නේ...
මගේ හැඟුමන් මා හට ආගන්තුක ලෙස දැනුනේ...
ඔබේ මතකය තුල අතරමං වෙලා මා ඉන්නේ...
මා උන්මත්තක පිස්සෙක් යැයි ලොව පවසන්නේ...

Tere bina tere bina
Tere bina naamumkin hai zindagi ka guzara sanam
Ho zindagi ka guzara sanam
ඔබ නැතිව... ඔබ නැතිව...
ඔබ නැතිව, ගෙවී යා නොහැකී, ජීවිතයේ පැතුම් පෙම්වතියේ...
හෝ... ජීවිතයේ පැතුම් පෙම්වතියේ...

Lagi chote na lagi chote na lagi chote na lagi chote na
Ishq ka dhaga tote na
Lagi chote na lagi chote na lagi chote na lagi chote na
Ishq ka dhaga tote na
ප්‍රේමේ හැර නොදමන්...  ප්‍රේමේ හැර නොදමන්...  ප්‍රේමේ හැර නොදමන්...
ප්‍රේමේ බන්ධනයන් බිඳ නොදමන්...
ප්‍රේමේ හැර නොදමන්...  ප්‍රේමේ හැර නොදමන්...  ප්‍රේමේ හැර නොදමන්...
ප්‍රේමේ බන්ධනයන් බිඳ නොදමන්...

Tere ishq ne saathiya tera haal kya kardiya
Tere ishq ne saathiya tera haal kya kardiya
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...

Naino se behte ashqo ke dharo mein
Humne tujhko dekha chand sitaro mein
Virhaki agni mein pal pal tapti hai
Ab to sasein teri mala japti hai
දෙනෙතින් නොකැඩී ගලනා කඳුළැලි දහරාවේ...
මා ඔබ දුටුවා දිදුළන සඳ, තරුකැට මතුයේ...
විරහාවේ ගිණි දැල්ලෙන් හැම විට ඇවිලෙන්නේ...
දැන් ඔබේ සුසුමෙනි මගේ හැම යැදුමම රැව්දෙන්නේ...

Tere liye tere liye
Tere liye is duniya ka har sitam hai gawara sanam
Ho har sitam hai gawara sanam
ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්...
ඔබ වෙනුවෙන්, මේ මුළු ලොවෙහි ඉවසමි හැම හිරිහැරයන්, පෙම්වතියේ...
හෝ... ඉවසමි හැම හිරිහැරයන්, පෙම්වතියේ...

Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වතියේ...
හෝ... මගේ මුළු දිවියම පෙම්වතියේ...

Tere naam tere naam tere naam
ඔබගේ නමින්, ඔබගේ නමින්, ඔබගේ නමින්...

Male Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tere Naam (Male)
Album: Tere Naam
Year: 2003
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer

Tere Naam - Female Version 

La la la la la lala la la lala
Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
ලා ලා ලා ලා ලා ලලා ලා ලා ලලා...
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වත...
හෝ... මගේ මුළු දිවියම පෙම්වත...

Tere naam tere naam
ඔබගේ නමින්, ඔබගේ නමින්...

Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
Pyaar bahut karte hai tumse ishq hai tu humara sanam
Ho ishq hai tu humara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වත...
හෝ... මගේ මුළු දිවියම පෙම්වත...
ආදරය කරනෙමි එතරම් ඔබට... ඔබ මගේ ප්‍රේමයයි, පෙම්වත...
හෝ... ඔබ මගේ ප්‍රේමයයි, පෙම්වත...

La la la la la la la la lala
Lal lal lala la lala la lala lala la la la la la lala
lala la lala la la lala la lala
ලා ලා ලා ලා ලා ලා ලා ලා ලාලා...
ලල් ලල් ලාලා ලා ලාලා ලා ලාලා ලලා ලා ලා ලලා ලා ලලා
ලලා ලා ලලා ලා ලා ලලා ලා ලලා...

Tere ishq ne saathiya tera haal kya kardiya
Tere ishq ne saathiya tera haal kya kardiya
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...

Neeindo mein aankhon mein pyaase khwabon mein
Tu hi tu hai yara mehki saason mein
Har bechaini reh reh ke yeh kehti hai
Har dhadkan mein teri chahat rehti hai
රෑ නින්දේ, නෙතු මත්තේ, පිපාසිත වූ සිහිනයේ...
ඔබමයි, ඔබ පමණයි සුඟන්ධවත් වූ සුසුමේ...
හැම දුක් සුසුමක් යළි යළි මෙයමයි පවසන්නේ...
හැම හද ගැස්මෙම ඔබේ ආදරයයි වැජඹෙන්නේ...

Tere bina tere bina
Tere bina naamumkin hai zindagi ka guzara sanam
Ho zindagi ka guzara sanam
ඔබ නැතිව... ඔබ නැතිව...
ඔබ නැතිව, ගෙවී යා නොහැකී, ජීවිතයේ පැතුමන් පෙම්වත...
හෝ... ජීවිතයේ පැතුමන් පෙම්වත...

Lagi chote na lagi chote na lagi chote na lagi chote na
Ishq ka dhaga tote na
Lagi chote na lagi chote na lagi chote na lagi chote na
Ishq ka dhaga tote na
ප්‍රේමේ හැර නොදමන්...  ප්‍රේමේ හැර නොදමන්...  ප්‍රේමේ හැර නොදමන්...
ප්‍රේමේ බන්ධනයන් බිඳ නොදමන්...
ප්‍රේමේ හැර නොදමන්... ප්‍රේමේ හැර නොදමන්...  ප්‍රේමේ හැර නොදමන්...
ප්‍රේමේ බන්ධනයන් බිඳ නොදමන්...

Tere ishq ne saathiya tera haal kya kardiya
Tere ishq ne saathiya tera haal kya kardiya
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...

Durri hai majboori hai tanhayi hai
Teri yaad hume kis mood pe layi hai
Aapni to manzil hai teri raahon mein
Jeena marna hai ab teri bahon mein
දුරස් බවයි, අසරණ වීමයි, මේ තනිවීමයි...
ඔබේ මතකය මොන හැඟුමක්දෝ අතුරාලූයේ?
මාගේ අරමුණ ඔ‍බගේ මාවතෙ හි ඇත්තේ...
ජීවත් වීමත්, මිය යාමත් දැන් ඔබේ තුරුලේ...

Tere liye tere liye
Tere liye is duniya ka har sitam hai gawara sanam
Ho har sitam hai gawara sanam
ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්...
ඔබ වෙනුවෙන්, මේ මුළු ලොවෙහි හැම හිරිහැර දරන්නෙමි, පෙම්වත...
හෝ... හැම හිරිහැර දරන්නෙමි, පෙම්වත...

Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වත...
හෝ... මගේ මුළු දිවියම පෙම්වත...

Tere naam tere naam
ඔබගේ නමින්, ඔබගේ නමින්...

Female Version එක මෙතනින් බාගන්න...

Title: Tere Naam (Female)
Album: Tere Naam
Year: 2003
Vocals: Alka Yagnik
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer

Tere Naam - Sad Version

Marke bhi na vaada apna todenge
Ek duuje ka saath kabhi na chhodenge
Apna to sadiyon janmon ka naata hai
Jaan se jaan ko kaun judaakar paata hai
මිය යාමෙන් හෝ අපේ පොරොන්දුව නොබි‍ඳෙන්නේ...
එකිනෙකාගෙන් කවදාවත් නෑ අප වෙන්වන්නේ...
ආත්ම දහසක සිට අපේ බැඳුමන් පැවතෙන්නේ...
වෙන්වූ ඒ ජීවිත ගැන කාටද වැටහෙන්නේ?

Tere siva... tere siva...
Tere siva is dariya ka nahien koi kinaara sanam
Ho... Nahien koi kinaara sanam
ඔබෙන් තොරවූ... ඔබෙන් තොරවූ...
ඔබෙන් තොරවූ මේ දිවි ගංඟාවේ, ඉවුරක් හමු නොවේ පෙම්වතියේ...
හෝ... ඉවුරක් හමු නොවේ පෙම්වතියේ...

Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho... Jeevan aapna sara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වතියේ...
හෝ... මගේ මුළු දිවියම පෙම්වතියේ...

Sad Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tere Naam (Sad)
Album: Tere Naam
Year: 2003
Vocals: Udit Narayan
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer

Tuesday, January 10, 2012

Teri Meri Prem Kahani - Bodyguard
වදනින් දෙකකින් පහදා දිය නොහැකියි,
ඔබෙයි මගෙයි පෙම් කතාව...

Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Ik ladka ik ladki ki yeh kahani hai nayi
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් ගැන කෝඩුකාර මේ පෙම් පුවත...
Do lafzon mein yeh bayan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Ik dooje se hue juda Jab ik dooje ke liye bane
එකිනෙකාගෙන් වෙන්වී යන කල්හී, එකිනෙකා වෙනුවෙන් යළි හදින් බැදේ...

Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Tumse dil jo lagaya toh jahaan maine paaya
ඔබට හදින් බැ‍ඳෙද්දී, මා මුළු ලොවම ලැබුවෙමි...
Kabhi socha na tha yoon melon door hoga saaya
නමුඳු නොසිතුවෙමි කිසිදා, නුඹ මෙතරම් ඈතයි කියා...
Kyun khuda tune mujhe aisa khwaab dikhaya
jab haqeeqat mein use todna tha…
දෙවියනි ඇයි නුඹ මට, දැක්වූයේ මෙවන් හීනයක්,
සැබෑවෙන් එය බිඳලනු හැර...

Ik dooje se hue juda Jab ik dooje ke liye bane
එකිනෙකාගෙන් වෙන්වී යන කල්හී, එකිනෙකා වෙනුවෙන් යළි හදින් බැදේ...
Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Teri meri baaton ka har lamha sabse anjaana,
ඔබගෙයි මාගෙයි වදනක් හෝ හැම මොහොතෙම, හැමගෙන් අසමානයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
හැම සුසුමෙම නුඹමයි ඇත්තේ, හැම මතකෙම නුඹගේ පුරාවෘතයයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Sara din beet jaaye, Saari raat jagaye
හැම දින ගෙවී යද්දී, මුළු රැයම අවදියෙන්...
Bas khayal tumhara lamha lamha tadpaye
වෙහෙසයි හැම මොහොතම, ඔබ ගැන සිතුවිල්ලෙන්...
Yeh tadap keh rahi hai mit jaaye faasle
tere mere darmayaan hai Jo saare…
මේ වෙහෙස පවසන්නේ, දුරස් බව හැම
නැති විය යුතු බව, ඔබ මා අතරේ...

Ik dooje se hue juda Jab ik dooje ke liye bane
එකිනෙකාගෙන් වෙන්වී යන කල්හී, එකිනෙකා වෙනුවෙන් යළි හදින් බැදේ...
Teri meri baaton ka har lamha sabse anjaana,
ඔබගෙයි මාගෙයි වදනක් හෝ හැම මොහොතෙම, හැමගෙන් අසමානයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
හැම සුසුමෙම නුඹමයි ඇත්තේ, හැම මතකෙම නුඹගේ පුරාවෘතයයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
Reprice Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Teri Meri
Album: Bodyguard
Year: 2011
Vocals: Rahat Fateh Ali Khan, Shreya Ghoshal
Music Director: Himesh Reshammiya with Salman Khan
Lyrics: Shabbir Ahmed

Tuesday, January 3, 2012

Tumse Milna - Tere Naam
ඔයා එක්ක කතා කරන එක තරම් සතුටක්
මට තවත් නෑ...

Tumse milna baatein karna bara achchha lagta hai...
ඔයාව මුණගැහිලා, ඔයා එක්ක කතා කරන එකට මං ගොඩක් කැමතියි...
Tumse milna baatein karna bara achchha lagta hai...
ඔයාව මුණගැහිලා, ඔයා එක්ක කතා කරන එකට මං ගොඩක් කැමතියි...

Kya hai yeh kyon hai yeh kya khabar
මොකද මෙහෙම? ඇයි මෙහෙම කියලා කාටවත් මොකටද?
Haan magar jo bhi hai bara achchha lagta hai
ඔව් ඒ මොනවා වුණත්, ඒක එහෙමයි. මං ඒකට ගොඩක් කැමතියි.

Teri chhoti chhoti baat teri har ek mulaaqaat tarpaae mujhko
ඔයාගේ හැම හමුවීමකදිම, ඔයාගේ පුංචි පුංචි වචන මට වද දෙනවා...
Lamha lamha tera saath...
ඔයා එක්ක ගෙවෙන මොහොතක් මොහොතක් ගානේ...

Kya hai yeh kyon hai yeh kya khabar
මොකද මෙහෙම? ඇයි මෙහෙම කියලා කාටවත් මොකටද?
Haan magar jo bhi hai bara achchha lagta hai
ඔව් ඒ මොනවා වුණත්, ඒක එහෙමයි. මං ඒකට ගොඩක් කැමතියි.

Tumse milna baatein karna bara achchha lagta hai...
ඔයාව මුණගැහිලා, ඔයා එක්ක කතා කරන එකට මං ගොඩක් කැමතියි...

Bahake bahake mere din mahaki mahaki meri sham
මගේ දහවල මා වෙතින් ගිළිහිලා, මගේ සැදෑවම සුවදින් නැහැවිළා...
Koi aanchal pe sadaa main to likhoon tera naam...
මගේ සළුපට මත්තේ සදහටම, මම නුඹේ නම ලියා තැබුවා...

Kya hai yeh kyon hai yeh kya khabar
මොකද මෙහෙම? ඇයි මෙහෙම කියලා කාටවත් මොකටද?
Haan magar jo bhi hai bara achchha lagta hai
ඔව් ඒ මොනවා වුණත්, ඒක එහෙමයි. මං ඒකට ගොඩක් කැමතියි.

Tumse milna baatein karna bara achchha lagta hai...
ඔයාව මුණගැහිලා, ඔයා එක්ක කතා කරන එකට මං ගොඩක් කැමතියි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tumse Milna
Album: Tere Naam
Year: 2003
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer