Showing posts with label Kareena Kapoor. Show all posts
Showing posts with label Kareena Kapoor. Show all posts

Saturday, February 2, 2013

Roshani Se Bhare Bhare - Asoka
ආලෝකයෙන් බර ඔබේ නෙතු බැල්මෙන්
මා අල්ලමින්, ඔබව නොඅල්ලන්නැයි මට පවසයි...

Roshni Se Bhare Bhare - Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe
Sapnon Se Bhare Bhare Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe

ආලෝකයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...
සිහිනයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...

Dhoonda Hai Dhoonda Hai Tujhe Aakash Upar Tale
Shayad Kisi Badri Mein Lipti Hui Tu Mile
Dhoonda Hai Dhoonda Hai Tujhe Aakash Upar Tale
Shayad Kisi Nadiyaa Pe Chalta Huva Tu Mile

සෙව්වෙමි, සෙව්වෙමි නුඔ, උඩුගුවනේ අහස් තලේ...
සමහර විට වළාවක දැවටිලා, ඔබ හමුවනු ඇතේ...
සෙව්වෙමි, සෙව්වෙමි නුඔ, උඩුගුවනේ අහස් තලේ...
සමහර විට නදියක පාවී යමින්, ඔබ හමුවනු ඇතේ...

Roshni Se Bhare Bhare - Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe

ආලෝකයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...

Maine Samay Rok Ke Tera Pata Poocha Hain
Mili Nadi Se Kehke Saagar Tale Dhoonda Hain
Ho Lehron Pe Chalte Huve Paani Ke Phan Choote Hain
Jaise Tere Haath Ho Mera Yeh Tan Choote Hain

මා කාලය නවතන්නේ, ඔබ ගැන ඉන් විමසන්නේ...
හමුවී නදී පවසන්නෙම්, සාගර තෙරේ සොයනා ලෙසේ...
ඇවිදිමින් රැල් මත්තේ, දියකඳ ද මා අල්ලන්නේ...
හරියට ඔබගේ දෑතින්, මා ගත අල්ලන්නා සේ...

Roshni Se Bhare Bhare - Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe
Sapnon Se Bhare Bhare Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe

ආලෝකයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...
සිහිනයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Roshni Se
Album: Aśoka
Year: 2001
Vocals: Alka Yagnik, Abhijeet
Music Director: Anu Malik
Lyricist: Gulzar

Sunday, January 27, 2013

Jeena Sirf Mere Liye - Theme
කාලය කෙළෙසින් ගෙවුනත්, මෙය සිත්හි
තබාගන්න, මා වෙනුවෙන් පමණක් ජීවත් වෙන්න...

Yeh din ye mahine saal guzar jaayenge mere yaar
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

මේ දින මාස මේ අවුරුදු ගෙවී යයි, ම‍ගේ මිතුරියේ...
නමුදු මෙය සිහි‍තබා ගන්න, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, දිවුරන්න...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...

Yeh din ye mahine saal guzar jaayenge mere yaar
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

මේ දින මාස මේ අවුරුදු ගෙවී යයි, ම‍ගේ මිතුරේ...
නමුදු මෙය සිහි‍තබා ගන්න, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, දිවුරන්න...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...

Ab kabhi na kam ho beqaraari apni
Yuun hi barhti jaaye yeh khumaari apni
Mujhko dharkanon mein tum chhupaake rakhna
Chaahaton ko dil se tum lagaake rakhna

දැන් කිසිම දිනෙක අපේ තැවුල් අඩු නොවේවි...
ව්යා කූලභාවේ අපේ වැඩි වෙමින් තියේවී...
මගේ හදගැස්මේ ඔබ සඟවමින් රකින්නම්...
ප්රේහමේ ඔබේ හදෙහි එලෙසින්ම ඔබ රකින්න...

Muhabbat mein saara jahaan kare chaahe laakhon sawaal
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

මේ පෙම ගැන මගෙන් මුළු ලොව, අසයි දහසකුත් පැනයන්...
නමුදු මෙය සිහි‍තබා ගන්න, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, දිවුරන්න...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...

Kaisi bhi ho raahein saath saath chalna
Chaahe badale mausam tum nahin badalna
Tera mera naata ab kabhi na tuute
Saanson ka yeh bandhan ab kabhi na chhuute

කෙලෙසේ වුවත් මේ මාවත් හි එක්ව ඇවිඳයන්නෙම්...
සෘතුව වෙනස් වූවත්, ඔබ එපා වෙනස් වෙන්න...
ඔබගෙයි මගෙයි බැඳීම, කිසිදා බි‍ඳෙන්නෙ නෑ දැන්...
සුසුමෙන් බැඳුනු බැඳුමන්, කිසිඳා කැඩෙන්නෙ නෑ දැන්...

Mile hamko gam ya khushi Chaahe kuchh bhi ho apna haal
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

ලද්දේ දුක වුවත්, සතුට වූවත්... අපේ ස්වභාවය කුමක් වුවත්...
නමුදු මෙය සිහි‍තබා ගන්න, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, දිවුරන්න...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...

Yeh din ye mahine saal guzar jaayenge mere yaar
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

මේ දින මාස මේ අවුරුදු ගෙවී යයි, ම‍ගේ මිතුරේ...
නමුදු මෙය සිහි‍තබා ගන්න, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, දිවුරන්න...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Jeena Sirf Mere Liye
Album: Jeena Sirf Mere Liye
Year: 2002
Vocals: Babul Supriyo, Kavita Krishnamurthy
Music Director: Nadeem-Shravan
Lyricist: Sameer

Saturday, December 15, 2012

Fevicol Se (Chipkale Saiyan) - Dabangg 2
මගේ පිංතූරේ පපුවේ නුඹේ,
අලවගන්න ප්‍රියේ ෆෙවිකෝල් වලින්...

Angdaaiyaan leti hoon main jabb zor-zor se
Ufff! angdaaiyan leti hoon main jab zor-zor se
Uhh ahh ki avaaz hai aati har ore se
Main to chaloon is kadar
Ke mach jaae ye gadar
Hosh waale bhi madhosh aayein re nazar

ලාලිත්‍ය ගෙන ආවෙමි මා ගෝසා මැද්දේ...
ලාලිත්‍ය ගෙන ආවෙමි මා ගෝසා මැද්දේ...
"ඌහ්!", "ආහ්!" සද්ද ආවා මේ හැම හැම පැත්තේ...
මා යන මඟ කොතැනක මුත්...
නැඟුණි කෙහෙම්මල් හඬක්...
සිහිය ඇති එවුනුත්, සිහිවිකල් වුණා මේ නෙතින්...

Mere photo ko… Mere photo ko seene se yaar, chipkale saiyaan Fevicol se
Mere photo ko seene se yaar, chipkale saiyaan Fevicol se
Fevicol se… Fevicol se...
Main to kab se Haaye! Main to kab se hoon ready-taiyar
Pataale saiyan miss-call se Oh No!
Mere photo ko seeney se yaar chipka le saiyyan Fevicol se...

මගේ පිංතූරේ... මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල්* වලින්...
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල් වලින්...
ෆෙවිකෝල් වලින්, ෆෙවිකෝල් වලින්...
මං කවදා තෙක්, මං කවදා තෙක් හිටියද රෙඩි වී...
ඔබ එතැයි කියා මිස් කෝල් එකකින්... එහෙමද?
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල් වලින්...

Jhhoom jhhoom jhum barabar… jhoom jhoom jhoom...
Arrey Jhhoom jhhoom jhum barabar... jhoom jhoom jhoom...
Jhoom le jhum le... Maze mein jhom le...
Jhoom le jhum le... Nashe mein jhom le...

Hmmmm… Pyaar karle tu aaj angoor ki daughter se
Pyaar karle tu aaj angoor ki daughter se
Naseehat bhool jayega tu ek quarter se
Peene waale ko bhi jeene ka mazaa aayega
Yeh wo daaroo hai jo chadh jaae sirf water se
Aaja mere raja tujhe, jannat dikhaun main
Barfeele paani mein fire lagaaun main

හ්ම්ම්ම්... ආදරෙ කරන්න ඔයා මත්කරුවගේ දියණිය සේ...
ආදරෙ කරන්න ඔයා මත්කරුවගේ දියණිය සේ...
අමතක වුණා ඔබට පාඩම එක කොටසක ඒ...
බොන මිනිහෙකුට පවා දැනේ සතුට ජීවිතයේ...
මේ මධුවිත පරදින්නේ ඇල්වතුරට පමණක් වේ...
එන්න මගේ රජෝ නුඹට සුරලොව පෙන්නන්නෙමි...
සීතල දිය කඳකට වුව ගිනිදැල් අවුලන්නෙමි...

Saare India... Oh Saare India ko tune ghulam kiyaa re
Main to tandoori main to tandoori murgi hoon yaar
Gatkaa le saiyyan alcohol se... O yea!
Mere photo ko seene se yaar, chippka le saiyaan Fevicol se

මුළු භාරතය... මුළු භාරතයම ඔබ හට වහල් කම් කරාවී...
මම තන්දූරී (ගින්නේ පිසින ලද), මම තන්දූරී කිකිළියකි මිතුරේ...
ගිලදමන්න මා ඇල්කොහොල් හා... ඕ යේ!
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල් වලින්...

Log kehte hain mujhe, main to hoon namkeen butter
Log kehte hain mujhe, main to hoon namkeen butter
Kaat doongi main dil ko, meri javaani hai cutter
Mera jalwaa jo dekh le, wo faint ho jaaye
Close karke too rakh le apne naino ka shutter
Public shehar ki kare hai teraa wait re teraa wait re...
Arrey thummke jo kamariyaa, hile jila kya state re...

මිනිසුන් කියයි මා හට, මා මෘදු බව වාගේ බටර්...
මිනිසුන් කියයි මා හට, මා මෘදු බව වාගේ බටර්...
කපා දෙන්නෙමි හදවත, මගේ යෞවනේ වාගේ කටර්...
මගේ විස්මය දැකුමෙන්, උන් ක්ලාන්ත වී යාවී...
ක්ලෝස් කර තියාගන්න ඔයාගේ ඇස් දෙකේ ෂටර්...
මිනිසුන් ඇත නුඹ එනතෙක් මඟබලබල පුරවරේ, මඟබලබල පුරවරේ...
ඉඟ නැළවෙන විටදි නුඹේ නැළවේ (ප්‍රාන්තය විතරක් නොවේ) මුළු රාජ්ජේ...

Par kahani oh Par kahani raani puraani hai teri
Phir bhi photo ko... Tere photo ko seene mein yaar chipka loonga main Fevicol se
My Gypsy with siren taiyaar
Bhaga le ise petrol se...
Petrol se... Petrol se...
Mere photo ko seeney se yaar Chipka le saiyaan...
Chipka le saiyaan Fevi... Fevicol se... Fevicol se...

නමුත් පුරාණේ, නමුත් පුරාණේ රැජිණයේ පරණයි දැන් ඔබේ...
ඒත් පිංතූරේ, ඔබේ පිංතූරේ මාගේ පපුවේ, අලවාගන්නෙමි ෆෙවිකෝල් වලින්...
මගේ ජිප්සිය ලෑස්තී සයිරම (නලාව) හා...
එය එලවන්නකො පෙට්‍රෝල් වලින්...
පෙට්‍රෝල් වලින්... පෙට්‍රෝල් වලින්...
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ,
අලවගන් ප්‍රියේ, ෆෙවි, ෆෙවිකෝල් වලින්, ෆෙවිකෝල් වලින්...

Nayan ham ladaayenge baby-doll (Barbie-doll) se
Londiyaa pataaenge miss-call se
Bat ball se, Cinema-hall se,
Arrey marriage-hall se, Overall se
Tere photo ko seeney mein yaar chipkaa loonga main Fevicol se
Mere photo ko seeney mein yaar Chipka le saiyyan...
Chipka le saiyan chipka le saiyan Fevicol se… Oh No!

දෑස අපෙ ගැටෙන්නේ මේ බාබි ඩෝල් හා...
මේ ගැටිස්සී අහුවුනේ, මිස් කෝල් නිසා...
බැට් බෝල් වගේ, සිනමාහලක් වගේ...
මණ්ඩපය කෙරේ, මුළුමනින්ම ගෙනේ...
ඔබේ පිංතූරේ මාගේ පපුවේ, අලවාගන්නෙමි ෆෙවිකෝල් වලින්...
මගේ පිංතූරේ පපුවේ නුඹේ, අලවගන් ප්‍රියේ,
අලවගන් ප්‍රියේ, අලවගන් ප්‍රියේ, ෆෙවිකෝල් වලින්...

* ෆෙවිකෝල් යනු ගම් වර්ගයක නමකි.

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Fevicol Se (Chipkale Saiyan)
Album: Dabangg 2
Year: 2012
Vocals: Mamta Sharma, Wajid Ali, Keerthi Sagathia, Uvie, Shadaab Faridi
Music Director: Sajid-Wajid
Lyricist: Sajid, Wajid, Ashraf Ali

Sunday, November 11, 2012

Halkat Jawani - Heroine
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ...

Aaja zara sarak le Gir le zara behak le
Saiyaan zara chhalak le Aa ke mose lipat le
Tedha zeher hai ye isse na kar chhedkhani
Night ki naughty kahani Ye Halkat Jawani
Meetha ye namkeen paani Ye Halkat Jawani
Night ki naughty kahaani Ye Halkat Jawani

ඇවිදින් මඳක් සළිතවෙන්න, මත්වී මඳක් ඇදවැටෙන්න...
ප්‍රියයේ මඳක් ඉපිලෙන්න, ඇවිදින් තුරුලෙ හොවමින්...
අමුතුම වසකි මේ, ඒ හා කරන්නෙපා සෙල්ලම්...
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
මිහිරියි මේ ලුණු රහ පානේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
රැයෙහි නරක පුරාණේ, මේ අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...

Joban hai pyaasa to jor kare
Ainvai ye din mein bhi shor kare
Takiya bana lipat le Kambal bana rapat le
Tan hai kateela par iski ada hai shaitani
Night ki naughty kahani Ye Halkat Jawani
Teekha ye namkeen paani Ye Halkat Jawani
Night ki naughty kahaani, Jawaani...Ye Halkat Jawaani...

යෞවනය පවසින්ම මොර දුන්නේ...
එකලෙසම දහවලද ඝෝෂා කලේ...
බදාගන්න, කොට්ටයක් සේ, ඇතිරෙන්න, පොරෝනයක් සේ...
ගත කටුයහනක් මුදු, එහි ඉරියව් දඟකාර වේ...
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
කටුකයි මේ ලුණු රහ පානේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
රැයෙහි නරක පුරාණේ, තාරුණ්‍යයේ... මේ අකීකරු තාරුණ්‍යයේ...

Chhoron ki neeyat halaal kare
Are basti mein daily bawaal kare
Item bana ke rakh le, haye… Chakhna bana ke chakh le
Aankhon ko kyon seke hathon se kar manmaani…
Night ki naughty kahaani Ye Halkat Jawani
Hui main hui vaari vaari Ye halkat jawani…
Night ki naughty kahani Ye Halkat Jawani

යෞවනයේ යහගුණය විසුණු කලේ...
මිතුරන් හා හැම දිනම දබර කලේ...
රැකගන්න අයිතමයක් සේ, රස බලන්න කටගැස්ම සේ...
දෙනෙතින් බලා ඉන්නේ කිම, දෙඅතින් කරන් කැමති දේ...
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
යන්නෙමි මා යන්නෙමි වැනසී, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
රැයෙහි නරක පුරාණේ, මේ අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Halkat Jawani
Album: Heroine
Year: 2012
Vocals: Sunidhi Chauhan
Music Director: Salim-Sulaiman
Lyricist: Amitabh Bhattacharya

Saturday, July 14, 2012

Raabta (Siyaah Raatein) - Agent Vinod
මහ සමුදුරු මැද මංමුලා වූ දිවි නැව
වෙරළට ගෙන ආ මඟ පෙන්නුම ඔබ...

Faili thi siyaah raatein aaya tu subah leke
Bewajah si zindagi mein jeene ki wajah leke
Khoya tha samandaron mein tanaha safina mera
Sahilon pe aaya hai tu jaane kis tarah leke

අඳුරින් පිරි රැයට, ආවා ඔබ උදයක් රැගෙන...
හේතුවක් නැති ජීවිතයට, ජීවත්වීමේ හේතුවක් රැගෙන...
සමුදුරේ මංමුළා වූ හුදෙකලා දිවි නැව මගේ...
වෙරළට ගෙනාවා (ඔබ), කෙලෙසේ ගෙනාවාදෝ නොදනිමි...

Kuch toh hai tujhse raabta Kuch toh hai tujhse raabta
Kaise hum jaane humein kya pata Kuch toh hai tujhse raabta
Ab kya hai kehna Humko hai rehna
Jannatein bhulaake teri baahon mein panaah leke

යම් සබැඳුමක් ඇත ඔබට මා... යම් සබැඳුමක් ඇත ඔබට මා...
කෙලෙසින් මොනවා දැනගම්දෝ මා, යම් සබැඳුමක් ඇත ඔබට මා...
දැන් මොනවා කියන්නද මං මෙලෙසේ කල් ගෙවනෙමි...
අමතක කරදා මුළු සුරලෝකේ, ඔබේ තුරුලේ සෙවන ලබනෙමි...

Faili thi siyaah raatein aaya tu subah leke
Bewajah si zindagi mein jeene ki wajah leke

අඳුරින් පිරි රැයට, ආවා ඔබ උදයක් රැගෙන...
හේතුවක් නැති ජීවිතයට, ජීවත්වීමේ හේතුවක් රැගෙන...

Ho.. ha.. ho... sa.. ni.. sa da.. na pa da ni sa ri...
Na ri sa sa ri ni sa ma pa ri.. ye.. ye yi...
Meherbaani jaate jaate mujh pe kar gaya
Guzarta sa lamha ek daaman bhar gaya
Tere nazara mila, roshan sitara mila
Takdeer ka jaise koi, ishaara mila

පිළිසරණක් වී යන ගමනේදී මා මත පැතිරුණා...
ගෙවන්නාවු මොහොතක් පාසා පැතුමින් බරවුණා...
ඔබගේ නෙතු හමුවීමෙන්, තරු එළියක් හමුවුණා...
දෛවයෝගයක් බඳු ඉඟියක් හමුවුණා...

Ruthi hui khwaaishon se thodi si sulah leke
Aaya tu khamoshiyon mein baaton ki jirah leke
Khoya tha samandaron mein tanaha safina mera
Sahilon pe aaya hai tu jaane kis tarah leke

සිහිනයන් හි ස්වරූපෙන්, යන්තම් සුවයක් ගෙනාවා...
ආවත් ඔබ නිහැඬියාවෙන්, වදනින් දැඩි දුකක් ගෙනාවා...
සමුදුරේ මංමුළා වූ හුදෙකලා දිවි නැව මගේ...
වෙරළට ගෙනාවා (ඔබ), කෙලෙසේ ගෙනාවාදෝ නොදනිමි...

Faili thi siyaah raatein aaya tu subah leke
Bewajah si zindagi mein jeene ki wajah leke
Khoya tha samandaron mein tanaha safina mera
Sahilon pe aaya hai tu jaane kis tarah leke

අඳුරින් පිරි රැයට, ආවා ඔබ උදයක් රැගෙන...
හේතුවක් නැති ජීවිතයට, ජීවත්වීමේ හේතුවක් රැගෙන...
සමුදුරේ මංමුළා වූ හුදෙකලා දිවි නැව මගේ...
වෙරළට ගෙනාවා (ඔබ), කෙලෙසේ ගෙනාවාදෝ නොදනිමි...

Kuch toh hai tujhse raabta Kuch toh hai tujhse raabta
Kaise hum jaane humein kya pata Kuch toh hai tujhse raabta
Ab kya hai kehna Humko hai rehna
Jannatein bhulaake teri baahon mein panaah leke

යම් සබැඳුමක් ඇත ඔබට මා... යම් සබැඳුමක් ඇත ඔබට මා...
කෙලෙසින් මොනවා දැනගම්දෝ මා, යම් සබැඳුමක් ඇත ඔබට මා...
දැන් මොනවා කියන්නද මං මෙලෙසේ කල් ගෙවනෙමි...
අමතක කරදා මුළු සුරලෝකේ, ඔබේ තුරුලේ සෙවන ලබනෙමි...

Faili thi siyaah raatein aaya tu subah leke
Bewajah si zindagi mein jeene ki wajah leke

අඳුරින් පිරි රැයට, ආවා ඔබ උදයක් රැගෙන...
හේතුවක් නැති ජීවිතයට, ජීවත්වීමේ හේතුවක් රැගෙන...

සිංදුව මෙතනින් බාගන්න...
Night in Motel Version එක මෙතනින්...
Film Version එක (Kehte Hain Khuda Ne) මෙතනින්...
Female Version එක (Kehte Hain Khuda Ne) මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්…

Title: Raabta (Siyaah Ratein)
Album: Agent Vinod
Vocals: Arijit Singh, Hamsika, Joi
Film Ver. (Kehte Hain Khuda Ne) by Arijit Singh, Joi | Female Ver. by Arijit Singh, Shreya Ghoshal, Hamsika | Night in Motel Ver. by Arijit Singh, Hamsika
Music Director: Pritam
Lyricist: Amitabh Bhattacharya

Thursday, July 12, 2012

Raabta (Kehte Hain) - Agent Vinod
ඔබේ හමුවීමෙන් මට දැනී ගියා මා නිමවුනේ
ඔබ වෙනුවෙන්ම බව...

Kehte hain khuda ne is jahan mein sabhi ke liye
Kisi na kisi ko hai banaya har kisi ke liye
Tera milna hai us rab ka ishara maano
Mujhko banaya tere jaise hi kisi ke liye

කියැවේ මෙලෙසේ, දෙවියන්, මේ ලෝකේ හැම වෙනුවෙන්...
කවුරුන් හෝ කෙනෙකු තැනු බව, තවකෙකු වෙනුවෙන්...
ඔබෙ හමුවීමෙන් දෙවියන්ගේ ඒ ඉඟිය දැනගතිමි...
මා තැනුනේ ඔබ වන් කිසිවෙකු වෙනුවෙන් බැව්...

Kehte hain khuda ne is jahan mein sabhi ke liye
Kisi na kisi ko hai banaya har kisi ke liye
Tera milna hai us rab ka ishara maano
Mujhko banaya tere jaise hi kisi ke liye

කියැවේ මෙලෙසේ, දෙවියන්, මේ ලෝකේ හැම වෙනුවෙන්...
කවුරුන් හෝ කෙනෙකු තැනු බව, තවකෙකු වෙනුවෙන්...
ඔබෙ හමුවීමෙන් දෙවියන්ගේ ඒ ඉඟිය දැනගතිමි...
මා තැනුනේ ඔබ වන් කිසිවෙකු වෙනුවෙන් බැව්...

Kuch toh hai tujhse raabta Kuch toh hai tujhse raabta
Kaise hum jaane hume kya pata Kuch toh hai tujhse raabta
Tu humsafar hai, phir kya fikar hai
Jeene ki wajah yahi hai marna isi ke liye

යම් සබැඳුමක් ඇත ඔබට මා... යම් සබැඳුමක් ඇත ඔබට මා...
කෙලෙසින් මොනවා දැනගම්දෝ මා, යම් සබැඳුමක් ඇත ඔබට මා...
ඔබ සහකාරිය නම් තව මොන දුකක්දෝ...
ජීවත්වීමේ හේතුව මෙය වේ, මිය යාමත් එය වෙනුවෙන්මයි...

Kehte hain khuda ne iss jahan mein sabhi ke liye
Kisi na kisi ko hai banaya har kisi ke liye

කියැවේ මෙලෙසේ, දෙවියන්, මේ ලෝකේ හැම වෙනුවෙන්...
කවුරුන් හෝ කෙනෙකු තැනු බව, තවකෙකු වෙනුවෙන්...

Meherbaani jaate jaate mujh pe kar gaya
Guzarta sa lamha ek daaman bhar gaya
Tere nazara mila, roshan sitara mila
Takdeer ki kashtiyon ko, kinara mila

පිළිසරණක් වී යන ගමනේදී මා මත පැතිරුණා...
ගෙවන්නාවු මොහොතක් පාසා පැතුමින් බරවුණා...
ඔබගේ නෙතු හමුවීමෙන්, තරු එළියක් හමුවුණා...
දෛවයේ ඔරුවට වෙරළක් හමුවුණා...

Sadiyon se tarse hai jaisi zindagi ke liye
Teri sauhbat mein duaayein hain usi ke liye
Tera milna hai us rab ka ishara maano
Mujhko banaya tere jaise hi kisi ke liye

සියවස් පෙරුමන් පුරමි, එවන් ජීවිතයක් වෙනුවෙන්...
ඔබේ ඇසුරෙහි, මගේ අයැදීමත් ඒ වෙනුවෙනි...
ඔබෙ හමුවීමෙන් දෙවියන්ගේ ඒ ඉඟිය දැනගතිමි...
මා තැනුනේ ඔබ වන් කිසිවෙකු වෙනුවෙන් බැව්...

Kuch toh hai tujhse raabta Kuch toh hai tujhse raabta
Kaise hum jaane hume kya pata Kuch toh hai tujhse raabta
Tu humsafar hai, phir kya fikar hai
Jeene ki wajah yahi hai marna isi ke liye

යම් සබැඳුමක් ඇත ඔබට මා... යම් සබැඳුමක් ඇත ඔබට මා...
කෙලෙසින් මොනවා දැනගම්දෝ මා, යම් සබැඳුමක් ඇත ඔබට මා...
ඔබ සහකාරිය නම් තව මොන දුකක්දෝ...
ජීවත්වීමේ හේතුව මෙය වේ, මිය යාමත් එය වෙනුවෙන්මයි...

Kehte hain khuda ne iss jahan mein sabhi ke liye
Kisi na kisi ko hai banaya har kisi ke liye

කියැවේ මෙලෙසේ, දෙවියන්, මේ ලෝකේ හැම වෙනුවෙන්...
කවුරුන් හෝ කෙනෙකු තැනු බව, තවකෙකු වෙනුවෙන්...

සිංදුව මෙතනින් බාගන්න...
Female Version එක මෙතනින්…
Raabta (Siyaah Raatein) Version එක මෙතනින්...
Night in Motel Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Raabta (Kehte Hain Khuda)
Album: Agent Vinod
Year: 2012
Vocals: Arijit Singh, Joi
Female Ver. by Arijit Singh, Shreya Ghoshal, Hamsika | Raabta (Siyaah Raatein) Ver. by Arijit Singh, Hamsika, Joi | Night in Motel Ver. by Arijit Singh, Hamsika
Music Director: Pritam
Lyricist: Amitabh Bhattacharya

Friday, June 8, 2012

Melody - Mujhse Dosti Karoge
ඔයා කියනවා නම්, මගේ හදවතේ තිබෙන
හැඟුම් ගැන මං ඔයාට කියන්නම්...

Mere dil mein aaj kya hai tu kahe to main bata doon
මගේ හදෙහි අද තියෙන දේ... ඕනේ නම් මං කියන්නම්...
(From Daag - 1973)

Na chahoon sona chaandi na chaahoon hira moti
Ye mere kis kaam ke
Na maangoon bangla baari na maangoon ghora gaari
Ye to hain bas naam ke
Deti hai dil de badale mein dil ke...
Ghe ghe ghe ghe ghe Ghere... Saahiba pyaar mein sauda nahien...

මට ඕන්නෑ රත්‍රං රිදී, මට ඕන්නෑ මුතු දියමන්ති...
ඔය කිසිවක් මට වැඩක් නැතේ
ඉල්ලන්නෑ ලොකු බංගලාවක්, ඉල්ලන්නෑ ලොකු වාහනයක්...
මේවා නිකම් නමට විතරයි...
දෙනවා නම් හදවත දී මගේ හද ගන්න...
ගන්න... ගන්න... ගන්න... ගන්නකෝ... පෙම්වත,
නමුත් පෙමට ගනුදෙණු නැතේ...
(From Bobby - 1973)

Jhooth bole Are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...
Jhooth bole are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...

බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
(Also from Bobby - 1973)

Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge...
Rah jaayenge rah jaaenge gharwaale dekhte rah jaaenge...
Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge

ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
බලා හිදී, බලා හිදී, පුදුමයෙන් ගෙදර අය බලා හිදී...
ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
(From Chor Machaye Shor - 1974)

Ye galiyaan yeh chaubaara yahaan aana na dobaara...
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien
Le ja rang birangi yaadein hansne rone ki buniyaadein
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien

මේ පාරෙන්, මේ ගෙමිදුල‍ට, ආයේ පාරක් එන්නෙපා මෙහෙට...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
ගෙන යන් පැහැයෙන් දිදුලන මතකේ, සිනාවන්, කඳුලැළි ගංගාවන්...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
(From Prem Rog - 1982)

Bachna ae hasinon lo main aa gaya...
Husn ka aashiq husn ka dushman
Apni ada hai yaaron se judaa
Hey Ho... Bachna ae hasinon lo main aa gaya

බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
සුන්දරියන්ගේ පෙම්වතා, එයාලගේ හෙනහුරා...
මේ මාගේ ඉරියව් මිතුරන්ගෙන් වෙනස්...
හේ, හෝ... බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
(From Hum Kisi Se Kam Nahin - 1977)

Aap yahaan aaye kis liye Aap ne bulaae is liye
Aaye hain to kaam bhi bataaiye
Na na na pahale zara aap muskaraiye
Aap yahaan aaye kis liye

ඔයා මෙහෙ ආවේ මොකටද? ඔයානේ අඬගැහුවේ, ඒකනේ?
ආවා නම් ආව වැඩේ කියන්නකෝ...
නෑ... නෑ... නෑ... මුලින්ම ඔයා ටිකක් හිනාවෙන්නකෝ...
ඔයා මෙහෙ ආවේ මොකටද?
(From Kal Aaj Aur Kal - 1971)

Main nikla gaddi leke... Raste par sadak mein
Ek mod aaya main uth dil chod aaya...
Rab jaane kab guzara amristar o kab jaane lahor aaya
Main uth dil chhod aaya
Ek mod aaya main uth dil chhod aaya

මං යනවා, වාහනේ අරන්... පාර මැද්දේ, යන ගමනේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
දන්නේ දෙවියන් ගියේ කවදද, අම්රිත්සර් ඕ! කවුද දන්නේ, ලාහෝර් ආවේ?
මං හදවත දාලයි ආවේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
(From Gadar - 2001)

Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...
Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...

හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
(From Badi Bahen - 1948)

Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat

මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්...
(From Aah - 1953)

Aajkal tere mere pyaar ke charche har zabaan par Achchha
Sabko maaluum hai aur sabko khabar ho gayi To kya?
Aajkal tere mere pyaar ke charche har zabaan par Ja jaa
Sabko maaluum hai aur sabko khabar ho gayi

මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... ඇත්තට?
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන... ඉතින් මොකෝ...?
මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... අනේ යන්න...
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන...
(From Brahmachaari - 1968)

O... Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Main kahati hoon tu ne mera dil le liya...

ඕ... ආගන්තුකයා... ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
ආගන්තුකය, ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
මම පවසන්නේ ඔබ හට, මගේ හද ගෙනයන් කියා...
(From Mr. Natwarlal - 1979)

Ure jab jab zulfein teri... Kunwaariyon ka dil machle
Kunwaariyon ka dil machle jind meriye
Ho jab aise chikne chehare...To kaise na najar phisle
To kaise na najar phisle jind meriye

උඩ යද්දී හිසකේ ඔබගේ... කෙල්ලන්ගේ හද ඉපිලේ...
කෙල්ලන්ගේ හද ඉපිලේ... මගේ කොල්ලෝ...
මේ හුරතල් මුහුණු දකිද්දී... කෙලෙස ඇහි පියලන්නේ?
කෙලෙස ඇහි පියලන්නේ? මගේ කෙල්ලේ...
(From Naya Daur - 1957)

O dilwaalon dil mera sunne ko beqaraar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...
Chaahat se ham tum hain chaahat se sansaar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...

ඕ, පෙම්වතුනේ, හද මාගේ ඇසුනාදෝ කළබලෙන් වගේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
පෙම නාමෙන් ඔබේ මාගේ, පෙම නාමෙන් සංසාරයේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
(From Kaho Na Pyaar Hai - 2000)

Ajib daastaan hai yeh kahaan shuroo kahaan khatm
Ye manzilein hain kaunsi na voh samajh sake na ham
Mubaarake tumhein ki tum kisi ke noor ho gaye
Kisi ke itne paas ho ki sabse door ho gaye
Ajib daastaan hai yeh

අමුතුම කතාවක්නේ මේ, මුලක් කොහෙද, අගක් කොහෙද...
මේ අරමුනේ දී කිසිවෙකු, වටහා ගන්නේ නෑ අපි...
ඔබේ පැතුම් වලින් ඔබ, කිසිවෙකුට අයිති වේවි නම්....
කිසිවෙකුට එතරම් ළංවුණොත්, හැමගෙන්ම දුරස් වෙලා යයි...
අමුතුම කතාවක්නේ මේ...
(From Dil Apna Aur Preet Parai - 1960)

Hmm hmm hmm he he he ah ha ha ha...
Yahaan kal kya ho kisne jaana
Zindagi ek safar hai suhaana
Yahaan kal kya ho kisne jaana

මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
ජීවිතේ, එක් ගමනක් සුන්දර වූ...
මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
(From Andaaz - 1971)

Tum paas aaye yoon muskaraaye
Tum ne na jaane kya, sapane dikhaaye
Ab to mera dil jaage na sota hai
Kya karoon haaye kuch kuch hota hai
Kuch kuch hota hai kuch kuch hota hai

ඔබ ළඟට එද්දී, ඇවිත් හිනාවෙද්දී...
ඔබ දන්නේ නෑනේ මං, දකින්නාවූ හීනේ...
දැන් නම් මගේ හදේ, නින්දක් අවදියක් නෑ...
මොනවා කරන්නද, කුමක්ද කුමක්ද සිදුවුණා...
කුමක්ද කුමක්ද සිදුවුණා... කුමක්ද කුමක්ද සිදුවුණා...
(From Kuch Kuch Hota Hai - 1998)

Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...

මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
(From Dilwale Dulhaniya Le Jayenge - 1995)

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්... 

Title: Melody (Mixture)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Lata Mangeshkar, Udit Narayan, Sonu Nigam, Pamela Chopra
Music Director: Rahul Sharma
Lyricist: Various

Tuesday, January 10, 2012

Teri Meri Prem Kahani - Bodyguard
වදනින් දෙකකින් පහදා දිය නොහැකියි,
ඔබෙයි මගෙයි පෙම් කතාව...

Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Ik ladka ik ladki ki yeh kahani hai nayi
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් ගැන කෝඩුකාර මේ පෙම් පුවත...
Do lafzon mein yeh bayan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Ik dooje se hue juda Jab ik dooje ke liye bane
එකිනෙකාගෙන් වෙන්වී යන කල්හී, එකිනෙකා වෙනුවෙන් යළි හදින් බැදේ...

Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Tumse dil jo lagaya toh jahaan maine paaya
ඔබට හදින් බැ‍ඳෙද්දී, මා මුළු ලොවම ලැබුවෙමි...
Kabhi socha na tha yoon melon door hoga saaya
නමුඳු නොසිතුවෙමි කිසිදා, නුඹ මෙතරම් ඈතයි කියා...
Kyun khuda tune mujhe aisa khwaab dikhaya
jab haqeeqat mein use todna tha…
දෙවියනි ඇයි නුඹ මට, දැක්වූයේ මෙවන් හීනයක්,
සැබෑවෙන් එය බිඳලනු හැර...

Ik dooje se hue juda Jab ik dooje ke liye bane
එකිනෙකාගෙන් වෙන්වී යන කල්හී, එකිනෙකා වෙනුවෙන් යළි හදින් බැදේ...
Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Teri meri baaton ka har lamha sabse anjaana,
ඔබගෙයි මාගෙයි වදනක් හෝ හැම මොහොතෙම, හැමගෙන් අසමානයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
හැම සුසුමෙම නුඹමයි ඇත්තේ, හැම මතකෙම නුඹගේ පුරාවෘතයයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Sara din beet jaaye, Saari raat jagaye
හැම දින ගෙවී යද්දී, මුළු රැයම අවදියෙන්...
Bas khayal tumhara lamha lamha tadpaye
වෙහෙසයි හැම මොහොතම, ඔබ ගැන සිතුවිල්ලෙන්...
Yeh tadap keh rahi hai mit jaaye faasle
tere mere darmayaan hai Jo saare…
මේ වෙහෙස පවසන්නේ, දුරස් බව හැම
නැති විය යුතු බව, ඔබ මා අතරේ...

Ik dooje se hue juda Jab ik dooje ke liye bane
එකිනෙකාගෙන් වෙන්වී යන කල්හී, එකිනෙකා වෙනුවෙන් යළි හදින් බැදේ...
Teri meri baaton ka har lamha sabse anjaana,
ඔබගෙයි මාගෙයි වදනක් හෝ හැම මොහොතෙම, හැමගෙන් අසමානයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
හැම සුසුමෙම නුඹමයි ඇත්තේ, හැම මතකෙම නුඹගේ පුරාවෘතයයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
Reprice Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Teri Meri
Album: Bodyguard
Year: 2011
Vocals: Rahat Fateh Ali Khan, Shreya Ghoshal
Music Director: Himesh Reshammiya with Salman Khan
Lyrics: Shabbir Ahmed

Wednesday, December 21, 2011

Give Me Some Sunshine - Three Idiots
දැන්වත් මොහොතක් හෝ අපට අවැසි සේ
ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Saari umar hum mar mar ke jee liye
හැම මොහොතකම අපි, මැරි මැරී ජීවත් වෙමු...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Give me some sunshine - Give me some rain
දෙන්න මට එක හිරු කිරණක් - දෙන්න මට එක වැහි බිඳුවක්...
Give me another chance - I wanna grow up once again
දෙන්න මට තව එක අවස්ථාවක් - මට අවැසියි, තව වරක් දළුලා වැඩෙන්නට...

Kandhon ko kitaabon ke bojh ne jhukaya
පොත් වල බරටම අපේ කකුල් බකල් වුණා...
Rishvat dena to khud Papa ne sikhaaya
පගාව දෙන්න තාත්තමයි මට ඉගැන්නුවෙ...
99% marks laaoge to ghadi varna chhadi
සීයෙන් 99ක් ලකුණු ගත්තොත් ඔරලෝසුවක්, නැත්නම්, ගුටි...

Likh likh kar pada hatheli par alpha beta gamma ka chhaala
α β γ පොත් වල ලියලා ලියලාම ඇඟිලි රිදෙන්න වුණා...
Concentrated H2SO4 Ne poora poora bachpan jala daala
H2SO4 වල සාන්ද්‍ර බව, මගේ මුළු පුංචි කාලෙම පුච්චලා දැම්මා...

Bachpan to gaya jawaani bhi gayi
පුංචි කාලේ නම් ගියා, තරුණ කාලෙත් ඒ වගේම යාවී...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Bachpan to gaya jawaani bhi gayi
පුංචි කාලේ නම් ගියා, තරුණ කාලෙත් ඒ වගේම යාවී...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Saari umar hum mar mar ke jee liye
හැම මොහොතකම අපි, මැරි මැරී ජීවත් වෙමු...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Give me some sunshine - Give me some rain
දෙන්න මට එක හිරු කිරණක් - දෙන්න මට එක වැහි බිඳුවක්...
Give me another chance - I wanna grow up once again
දෙන්න මට තව එක අවස්ථාවක් - මට අවැසියි, තව වරක් දළුලා වැඩෙන්නට...

Give me some sunshine - Give me some rain
දෙන්න මට එක හිරු කිරණක් - දෙන්න මට එක වැහි බිඳුවක්...
Give me another chance - I wanna grow up once again
දෙන්න මට තව එක අවස්ථාවක් - මට අවැසියි, තව වරක් දළුලා වැඩෙන්නට...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Give me Some Sunshine
Album: 3 Idiots
Year: 2009
Vocals: Sharman Joshi, Suraj Jagan
Music Director: Shantanu Moitra
Lyricist: Swanand Kirkire

Aal Izz Well - Three Idiots
හදවතට අත තියලා කියන්න...
හැමදේම හොඳින් සිදුවේවි කියලා...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...
Aal Izz Well!! ආල් ඊස් වෙල් (හැමදේම හොඳින් සිදුවේවි කියලා)...

Murgi kya jaane aande ka kya hoga
කිකිළි දන්නවද (උගේ) බිත්තරේට මොනවා වෙයිදෝ...
Aree life milegi ya tawee pe fry hoga
ජීවිතේ ලැබේදෝ, තැටියක් උඩ බැදිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Confusion hi confusion hai - Solution kuch pata nahin
අවුල් ජාල පිට අවුල් ජාලයකි... විසදුම් නම් දන්නේම නැති...
Solution jo mila to saala - Question kya tha pata nahin
පාහර විසඳුම හමුවෙන විටදී... ගැටළුව කිම දැයි මතක නැතී...

Dil jo tera baat baat pe ghabraaye
හදවත නුඹගේ වචනයකින් හෝ බියවේ නම්...
Dil pe rakh ke haath usae tu fuslaa le
හදවත මතුයේ අත තබමින් (ඔබම) එය සංසිඳුවන්න...
Dil idiot hai pyaar se usko samjha le
හදවත මෝඩයෙකි... (ඔහුට) ආදරයෙන් පහදා දෙන්න...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Scholarship ki pi gayaa daaru ghum to phir bhi mitaa nahin
මධුවිත ගැන නම් පණ්ඩිතයෙකි මං, එනමුදු දුක නම් පහව නැතී...
Agarbattiyan raakh ho gayi god to phir bhi dikha nahi
හඳුන්කූරු කොපමණ අළු කෙරුවත්, දෙවියන් නම් තව දැක්කේ නැතී...

Bakra kya jaane uski jaan ka kya hoga
එළුවා දන්නවද, (උගේ) ජීවිතේට මොනවා වෙයිදෝ...
Sekh ghusegi ya saala Keema hoga
(ඌ) කූරේ බැදේවිදො, (නැත්නම්) කෑලි වලට කැපිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

To Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...
Aal Izz Well!! ආල් ඊස් වෙල් (හැමදේම හොඳින් සිදුවේවි කියලා)...

Murgi kya jaane aande ka kya hoga
කිකිළි දන්නවද (උගේ) බිත්තරේට මොනවා වෙයිදෝ...
Aree life milegi ya tawee pe fry hoga
ජීවිතේ ලැබේදෝ, තැටියක් උඩ බැදිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree punki all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ කෙල්ලේ... ආල් ඊස් වෙල්...
Aree pakre aal izz well aree bhaiyaa all izz well
අනේ කොල්ලෝ... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Na na na... නා නා නා...
Aree bhaiyaa all izz well aree bhaiyaa all izz well
අනේ අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Aal Izz Well
Album: 3 Idiots
Year: 2009
Vocals: Shaan, Sonu Nigam, Swanand Kirkire
Music Director: Shantanu Moitra
Lyricist: Swanand Kirkire

Monday, October 17, 2011

Zoobi Doobi - Three Idiots
සුබි ඩුබි සුබි ඩුබි හඬදී, රඟදෙයි හදවත උමතුවෙන්...

Gungunati hain yeh hawayein gunuunata hai gagan
ගුමුනඳ දේ මේ පවන් රැල්... ගුමුනඳ දේ මේ ගගන...
Gaa raha hai yeh sara aalam zoobi doo param pam
ගී ගයයි මේ මුළු ලෝකයම... සුබි ඩූ පරම් පම්...

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Shaakhon pe pattey gaa rahe hain phoolon pe bhawre gaa rahe
අතු අග කොළදළු ගී ගයයි... මල් මත බඹරුන් ගී ගයයි...
Deewani kirnein gaa rahi hain yeh panchhi gaa rahe
උමතු හිරුරැස් ගී ගයයි... මේ විහඟුන් ගී ගයයි...

Bagiya mein do phoolon ki ho rahi hai guftgu
උයනේ පිපි මල් යුවලක් මොනවාදෝ මිමිනුවා...
Jaisa filmon mein hota hai, ho raha hai hu bahoo
ෆිල්ම් වලදී සිදුවෙනවා සේ, එය ඇත්තට සිදුවුණා.

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Rimjhim rimjhim rimjhim san san san san hwaaa
රිම් ජිම් රිම් ජිම් රිම් ජිම් පවනේ සං සං හඬ...
Tip tip tip tip boondein, gurrati bijliyaan
ටිප් ටිප් ටිප් හඬ දේ වැහි බිංඳු, ගුගුරයි විදුලිය...

Bheegi bheegi saari mein yun thumke lagati tu
තෙතබර වූ සාරිය නුඔගේ ඉඟටිය වට නැළවුණා...
Jaisa filmon mein hota hai, ho raha hai hu bahoo
ෆිල්ම් වලදී සිදුවෙනවා සේ, එය ඇත්තට සිදුවුණා.

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Amber ka chand zameen par, itra ke gaa raha
අඹරේ දිළි සඳ, පොලොවේ රඟදේ, සතුටින් ගී ගයා...
Ek tim tim toota tara, ithla ke gaa raha
එක් දිදුළන තරුවක් ගිලිහේ, පුරසාරම් ගී ගයා...

Hai raat akelin tanha, mujhe choo le aake tu
මේ තනිවූ රැයෙහි ඇවිදින් මා තුරුලට ගනු මැන...
Jaisa filmon mein hota hai, ho raha hai hu bahoo
ෆිල්ම් වලදී සිදුවෙනවා සේ, එය ඇත්තට සිදුවුණා.

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Zoobi doobi
Album: Three (3) Idiots
Year: 2009
Vocals: Sonu Nigam, Shreya Ghoshal
Music Director: Shantanu Moitra
Lyrics: Swanand Kirkire

Friday, August 12, 2011

Keh Do Ki - Mujhse Dosti Karoge
මට දැන්වත් කියන්නකො,
ඔයා මාත් එක්ක යාළු වෙනවද කියලා?

Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?

Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Dekhuungi sochuungi kal parson kuchh kahuungi
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.

Ham saathi kitne puraane phir kyon hain itne anjaane...
අපේ යාළුකම කොයිතරම් නම් පරණද? එහෙනම්, ඇයි දැන් මේ තරම් නාඳුනන බවක්...
Kya rang laa'e na jaane bachpan ke ye dostaane
දන්නේ නෑ, කිනම් පැහැයක් ජීවිතයට එක් කරාවිද කියලා, මේ පුංචි කාලේ යාළුකම...

Kab kahaan kya khabar ja ruke yeh nazar
මේ දෑස් කවදා, කොහේදි, කොතැනක ගිහින් නතර වේවිද?
Are kya pata kaun hai kiska yahaan hamsafar
කවුද දන්නේ? මේ කවුරු, කවදා, කාගේ සහකරු වේවිද කියලා...

Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Dekhuungi sochuungi kal parson kuchh kahuungi
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.

Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?

Tum bhi to ho dost meri tum to mera saath de do..
ඔයා මගේ හොඳම යාළුවනේ, අනේ මට ඔයාගේ සහයෝගය දෙන්න...
Apni saheli ka mere haathon mein tum haath de do
ඔයාගේ යාළුවගෙයි, මගෙයි දෑත් ඔයාම එක් කරන්න...

Intazaar intazaar aur kya hai yeh pyaar
ඇයි තවත් මඟ බලන්නේ? වෙන මොනවද, මේ තමයි ආදරය.
Jhuuth hi yeh sahi kah de voh ek baar
බොරු. බොරු. ඒක තමයි ඇත්ත. ඒක එක පාරින්ම කියලා දාන්න.

Lo main ne kahaa tumse dosti karuungi tum bhi kaho mujhse dosti karoge
ඔන්න... මං කියනවා මං ඔයා එක්ක යාළු වෙනවා කියලා.
දැන් ඔයත් කියන්න මාත් එක්ක යාළු වෙනවා කියලා.
Dekhuunga sochuunga kal parson kuchh kahuunga
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.

Main ne kahaa tumse dosti karuungi tum bhi kaho mujhse dosti karoge
මම නම් කිව්වා, මං ඔයා එක්ක යාළු වෙනවා කියලා.
ඔයත් කියන්නකො, මාත් එක්ක යාළු වෙනවා කියලා.
Dekhuunga sochuunga kal parson kuchh kahuunga
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Keh Do Ki (Mujhse Dosti Karoge)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Asha Bhosle, Udit Narayan, Alka Yagnik
Music Director: Rahul Sharma
Lyricist: Anand Bakshi