Friday, June 8, 2012

Melody - Mujhse Dosti Karoge
ඔයා කියනවා නම්, මගේ හදවතේ තිබෙන
හැඟුම් ගැන මං ඔයාට කියන්නම්...


Mere dil mein aaj kya hai tu kahe to main bata doon
මගේ හදෙහි අද තියෙන දේ... ඕනේ නම් මං කියන්නම්...
(From Daag - 1973)

Na chahoon sona chaandi na chaahoon hira moti
Ye mere kis kaam ke
Na maangoon bangla baari na maangoon ghora gaari
Ye to hain bas naam ke
Deti hai dil de badale mein dil ke...
Ghe ghe ghe ghe ghe Ghere... Saahiba pyaar mein sauda nahien...

මට ඕන්නෑ රත්‍රං රිදී, මට ඕන්නෑ මුතු දියමන්ති...
ඔය කිසිවක් මට වැඩක් නැතේ
ඉල්ලන්නෑ ලොකු බංගලාවක්, ඉල්ලන්නෑ ලොකු වාහනයක්...
මේවා නිකම් නමට විතරයි...
දෙනවා නම් හදවත දී මගේ හද ගන්න...
ගන්න... ගන්න... ගන්න... ගන්නකෝ... පෙම්වත,
නමුත් පෙමට ගනුදෙණු නැතේ...
(From Bobby - 1973)

Jhooth bole Are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...
Jhooth bole are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...

බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
(Also from Bobby - 1973)

Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge...
Rah jaayenge rah jaaenge gharwaale dekhte rah jaaenge...
Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge

ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
බලා හිදී, බලා හිදී, පුදුමයෙන් ගෙදර අය බලා හිදී...
ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
(From Chor Machaye Shor - 1974)

Ye galiyaan yeh chaubaara yahaan aana na dobaara...
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien
Le ja rang birangi yaadein hansne rone ki buniyaadein
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien

මේ පාරෙන්, මේ ගෙමිදුල‍ට, ආයේ පාරක් එන්නෙපා මෙහෙට...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
ගෙන යන් පැහැයෙන් දිදුලන මතකේ, සිනාවන්, කඳුලැළි ගංගාවන්...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
(From Prem Rog - 1982)

Bachna ae hasinon lo main aa gaya...
Husn ka aashiq husn ka dushman
Apni ada hai yaaron se judaa
Hey Ho... Bachna ae hasinon lo main aa gaya

බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
සුන්දරියන්ගේ පෙම්වතා, එයාලගේ හෙනහුරා...
මේ මාගේ ඉරියව් මිතුරන්ගෙන් වෙනස්...
හේ, හෝ... බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
(From Hum Kisi Se Kam Nahin - 1977)

Aap yahaan aaye kis liye Aap ne bulaae is liye
Aaye hain to kaam bhi bataaiye
Na na na pahale zara aap muskaraiye
Aap yahaan aaye kis liye

ඔයා මෙහෙ ආවේ මොකටද? ඔයානේ අඬගැහුවේ, ඒකනේ?
ආවා නම් ආව වැඩේ කියන්නකෝ...
නෑ... නෑ... නෑ... මුලින්ම ඔයා ටිකක් හිනාවෙන්නකෝ...
ඔයා මෙහෙ ආවේ මොකටද?
(From Kal Aaj Aur Kal - 1971)

Main nikla gaddi leke... Raste par sadak mein
Ek mod aaya main uth dil chod aaya...
Rab jaane kab guzara amristar o kab jaane lahor aaya
Main uth dil chhod aaya
Ek mod aaya main uth dil chhod aaya

මං යනවා, වාහනේ අරන්... පාර මැද්දේ, යන ගමනේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
දන්නේ දෙවියන් ගියේ කවදද, අම්රිත්සර් ඕ! කවුද දන්නේ, ලාහෝර් ආවේ?
මං හදවත දාලයි ආවේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
(From Gadar - 2001)

Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...
Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...

හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
(From Badi Bahen - 1948)

Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat

මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්...
(From Aah - 1953)

Aajkal tere mere pyaar ke charche har zabaan par Achchha
Sabko maaluum hai aur sabko khabar ho gayi To kya?
Aajkal tere mere pyaar ke charche har zabaan par Ja jaa
Sabko maaluum hai aur sabko khabar ho gayi

මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... ඇත්තට?
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන... ඉතින් මොකෝ...?
මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... අනේ යන්න...
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන...
(From Brahmachaari - 1968)

O... Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Main kahati hoon tu ne mera dil le liya...

ඕ... ආගන්තුකයා... ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
ආගන්තුකය, ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
මම පවසන්නේ ඔබ හට, මගේ හද ගෙනයන් කියා...
(From Mr. Natwarlal - 1979)

Ure jab jab zulfein teri... Kunwaariyon ka dil machle
Kunwaariyon ka dil machle jind meriye
Ho jab aise chikne chehare...To kaise na najar phisle
To kaise na najar phisle jind meriye

උඩ යද්දී හිසකේ ඔබගේ... කෙල්ලන්ගේ හද ඉපිලේ...
කෙල්ලන්ගේ හද ඉපිලේ... මගේ කොල්ලෝ...
මේ හුරතල් මුහුණු දකිද්දී... කෙලෙස ඇහි පියලන්නේ?
කෙලෙස ඇහි පියලන්නේ? මගේ කෙල්ලේ...
(From Naya Daur - 1957)

O dilwaalon dil mera sunne ko beqaraar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...
Chaahat se ham tum hain chaahat se sansaar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...

ඕ, පෙම්වතුනේ, හද මාගේ ඇසුනාදෝ කළබලෙන් වගේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
පෙම නාමෙන් ඔබේ මාගේ, පෙම නාමෙන් සංසාරයේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
(From Kaho Na Pyaar Hai - 2000)

Ajib daastaan hai yeh kahaan shuroo kahaan khatm
Ye manzilein hain kaunsi na voh samajh sake na ham
Mubaarake tumhein ki tum kisi ke noor ho gaye
Kisi ke itne paas ho ki sabse door ho gaye
Ajib daastaan hai yeh

අමුතුම කතාවක්නේ මේ, මුලක් කොහෙද, අගක් කොහෙද...
මේ අරමුනේ දී කිසිවෙකු, වටහා ගන්නේ නෑ අපි...
ඔබේ පැතුම් වලින් ඔබ, කිසිවෙකුට අයිති වේවි නම්....
කිසිවෙකුට එතරම් ළංවුණොත්, හැමගෙන්ම දුරස් වෙලා යයි...
අමුතුම කතාවක්නේ මේ...
(From Dil Apna Aur Preet Parai - 1960)

Hmm hmm hmm he he he ah ha ha ha...
Yahaan kal kya ho kisne jaana
Zindagi ek safar hai suhaana
Yahaan kal kya ho kisne jaana

මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
ජීවිතේ, එක් ගමනක් සුන්දර වූ...
මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
(From Andaaz - 1971)

Tum paas aaye yoon muskaraaye
Tum ne na jaane kya, sapane dikhaaye
Ab to mera dil jaage na sota hai
Kya karoon haaye kuch kuch hota hai
Kuch kuch hota hai kuch kuch hota hai

ඔබ ළඟට එද්දී, ඇවිත් හිනාවෙද්දී...
ඔබ දන්නේ නෑනේ මං, දකින්නාවූ හීනේ...
දැන් නම් මගේ හදේ, නින්දක් අවදියක් නෑ...
මොනවා කරන්නද, කුමක්ද කුමක්ද සිදුවුණා...
කුමක්ද කුමක්ද සිදුවුණා... කුමක්ද කුමක්ද සිදුවුණා...
(From Kuch Kuch Hota Hai - 1998)

Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...

මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
(From Dilwale Dulhaniya Le Jayenge - 1995)

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්... 

Title: Melody (Mixture)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Lata Mangeshkar, Udit Narayan, Sonu Nigam, Pamela Chopra
Music Director: Rahul Sharma
Lyricist: Various

1 comment: