Showing posts with label Shaan. Show all posts
Showing posts with label Shaan. Show all posts

Sunday, July 22, 2012

Tanha Dil Tanha Safar - Shaan
තනිවූ හදවත, හුදෙකලා ගමනක... නොදනිමි මේ
මංමාවත් එය කොතැනක ගෙනයාවිද කියලා...

Aankhon mein sapne liye Ghar se hum chal to diye
Jaane yeh raahein ab le jaayengi kahan
Mitti ki khushboo aaye Palkon pe aansu laaye
Palkon pe reh jaayega yaadon ke jahan

නෙතුමත්තේ සිහින පුරවා, ගියෙමු අප නිවහන හැරදා...
දන්නෑ මේ මංමාවත් කොහි ගෙනයාවිද කියලා...
මේ පොළොවේ සුවඳක් දැනුනා, ඇහිපිය වෙත කඳුලැළි ආවා...
ඇහිපිය අතහැරදා ගිය දා මතකය ඒ ලෝකේ...

Manzil nayi hai anjaana hai kaarvaan
Chalna akele hai yahan
Tanha dil, tanha safar Dhoonde tujhe
Phir kyoon nazar...
Tanha dil, tanha safar
Dhoonde tujhe phir kyoon nazar Tanha dil

අරමුණ නැවුම් වේ, තවලම නන්නාදුනනා...
ඇවිදන් යන්නෙමි තනිවී මෙසේ...
තනිවූ හද, තනිවූ ගමනක... හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්...
තනිවූ හද, තනිවූ ගමනක...
හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්, තනිවූ හද...

Dilkash nazaarein dekhe Jhilmil sitaarein dekhe
Aankhon mein phir bhi tera chehra hai jawaan
Kitni barsaatein aayi, kitni saugaatein laayi
Kaanon mein phir bhi goonje teri hi sada

හදබඳිනා දේ නෙතු දුටුවා, දිලෙනා තරුකැට මා දුටුවා...
එනමුදු දෙනෙතින් තවමත් මා දකිනෙමි ඔය රූපේ...
කෙතරම් වැහිදිය ඇදහැලුනත්, කෙතරම් ආසිරි ගෙනආවත්...
මගේ සවනේ රැව්දේ තවමත්, ඔබ කිව් ඒ කතා...

Maane kiye the apna hoga aashiyaan
Vaadon ka jaane hoga kya
Tanha dil, tanha safar Dhoonde tujhe phir kyoon nazar
Tanha dil, tanha safar
Dhoonde tujhe phir kyoon nazar Tanha dil

ගිවිසාගත්තෙමු අප ජයගන්නා බැව් මුළු ලෝකේ...
දන්නෑ ඒ ගිවිසූම් මොනවා වූවාදැයි...
තනිවූ හද, තනිවූ ගමනක... හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්...
තනිවූ හද, තනිවූ ගමනක...
හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්, තනිවූ හද...

Aankhon mein sapne liye Ghar se hum chal to diye
Jaane yeh raahein ab le jaayengi kahan
Mitti ki khushboo aaye Palkon pe aansu laaye
Palkon pe reh jaayega yaadon ke jahan

නෙතුමත්තේ සිහින පුරවා, ගියෙමු අප නිවහන හැරදා...
දන්නෑ මේ මංමාවත් කොහි ගෙනයාවිද කියලා...
මේ පොළොවේ සුවඳක් දැනුනා, ඇහිපිය වෙත කඳුලැළි ආවා...
ඇහිපිය අතහැරදා ගිය දා මතකය ඒ ලෝකේ...

Manzil nayi hai anjaana hai kaarvaan
Chalna akele hai yahan
Tanha dil, tanha safar Dhoonde tujhe phir kyoon nazar
Tanha dil, tanha dil, tanha dil Tanha dil, tanha dil

අරමුණ නැවුම් වේ, තවලම නන්නාදුනනා...
ඇවිදන් යන්නෙමි තනිවී මෙලෙසේ...
තනිවූ හද, තනිවූ ගමනක... හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්...
තනිවූ හද... තනිවූ හද... තනිවූ හද... තනිවූ හද... තනිවූ හද...

සිංදුව මෙතනින් බාගන්න...
Pop Remix එක මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්…

Title: Tanha Dil Tanha Safar
Album: Tanha Dil/Aksar
Year: 2000
Vocals: Shaan
Music Director: Ram Sampath
Lyricist: Shaan

Wednesday, April 18, 2012

Jab Se Tere Naina - Saawariya
ඔබේ නෙතු, මගේ නෙතු හා ගැටුනු දිනයේ සිට...
මා පිස්සෙකු මෙනි...

Laage re laage re laage laage re nayanwa laage re laage re
Laage re laage re laage laage re nayanwa laage re laage re

ගැටුණි, ගැටුණි, නෙතු ගැටුණි, ගැටුණි නෙතු, නෙතු ගැටුණී, නෙතු ගැටුණී...
ගැටුණි, ගැටුණි, නෙතු ගැටුණි, ගැටුණි නෙතු, නෙතු ගැටුණී, නෙතු ගැටුණී...

Jab se tere naina mere naino se laage re
Jab se tere naina mere naino se laage re
Tabse deewaana hua, sabse begana hua
Rab bhi deewaana laage re rab bhi deewaana laage re ho...
Jab se tere naina mere naino se laage re
Tabse deewaana hua, sabse begana hua
Rab bhi deewaana laage re rab bhi deewaana laage re ho...
Jab se tere naina mere naino se laage re

හමුවූ දිනයේ සිට ඔබගේ නෙතු මාගේ නෙතුයුග හා...
හමුවූ දිනයේ සිට ඔබගේ නෙතු මාගේ නෙතුයුග හා...
උන්මත්තකයෙක් වූණා, හැමගෙන් යදින්නෙක් වුණා...
දෙවියන්ද උමතු වූ ලෙසේ... දෙවියන්ද උමතු වූ ලෙසේ... හෝ...
හමුවූ දිනයේ සිට ඔබගේ නෙතු මාගේ නෙතුයුග හා...
උන්මත්තකයෙක් වූණා, හැමගෙන් යදින්නෙක් වුණා...
දෙවියන්ද උමතු වූ ලෙසේ... දෙවියන්ද උමතු වූ ලෙසේ... හෝ...
හමුවූ දිනයේ සිට ඔබගේ නෙතු මාගේ නෙතුයුග හා...

Deewaana yeh toh deewaana laage re...
Deewaana yeh toh deewaana laage re...

පිස්සෙක්මයි මේ නම්, පිස්සෙක් වාගේමයි...
පිස්සෙක්මයි මේ නම්, පිස්සෙක් වාගේමයි...

Ho... Jab se mila hai tera ishaara tabse jagi hain bechainiyaan
Ho... Jab se mila hai tera ishaara tabse jagi hain bechainiyaan
Jab se huyi sarghoshiya tabse badhi hai madhoshiyaan
Jab se jude yaara tere mere mann ke dhaage re
Tabse deewaana hua, sabse begaana hua
Rab bhi deewaana laage re rab bhi deewaana laage re

හෝ... හමුවූ දිනේ සිට ඔබගේ ඉඟිබිඟි, එදිනේ ඉඳන් මා අසහනයෙන්...
හෝ... හමුවූ දිනේ සිට ඔබගේ ඉඟිබිඟි, එදිනේ ඉඳන් මා අසහනයෙන්...
දැනුනු දිනේ සිට හද සර හඬ, වැඩිවී ගියා මේ හද මත්බව...
දිනක ‍හිතවතියේ... ඔබේ මගේ හදවත්, බැ‍ඳේවී හූයෙන්...
උන්මත්තකයෙක් වූණා, හැමගෙන් යදින්නෙක් වුණා...
දෙවියන්ද උමතු වූ ලෙසේ... දෙවියන්ද උමතු වූ ලෙසේ...

Ho... Jab se huyi hai tujhse sharaarat, tabse gaya hai chain o karaar
Ho... Jab se huyi hai tujhse sharaarat, tabse gaya hai chain o karaar
Jab se tera aanchal dhala, tabse koi jaadu chala
Jab se tujhe paaya yeh jiya dhak dhak bhaage re
Tabse deewaana hua, sabse begaana hua
Rab bhi deewaana laage re rab bhi deewaana laage re
Jab se tere naina mere naino se laage re

හෝ... දුටුව දිනේ සිට, ඔබෙ දඟකාරකම්, නැතිවී ගියා මගේ සැනසුම් සුසුම්...
හෝ... දුටුව දිනේ සිට, ඔබෙ දඟකාරකම්, නැතිවී ගියා මගේ සැනසුම් සුසුම්...
සළුපට ඔබේ ගිළිහුනු දිනේ සිට, මායාවකින් මා ඇළලී ගියා...
ඔබව මට ලැබෙනා, ඒ දිනේ එනතෙක්, හද ගැහේවී...
උන්මත්තකයෙක් වූණා, හැමගෙන් යදින්නෙක් වුණා...
දෙවියන්ද උමතු වූ ලෙසේ... දෙවියන්ද උමතු වූ ලෙසේ...
හමුවූ දිනයේ සිට ඔබගේ නෙතු මාගේ නෙතුයුග හා...

සිංදුව මෙතනින් බාගන්න...
Dailymotion වීඩියෝව මෙතනින්...

Title: Jab Se Tere Naina
Album: Saawariya
Year: 2007
Vocals: Shaan
Music Director: Monty Sharma
Lyrics: Sameer

Updated on 01/04/2014

Wednesday, December 21, 2011

Give Me Some Sunshine - Three Idiots
දැන්වත් මොහොතක් හෝ අපට අවැසි සේ
ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Saari umar hum mar mar ke jee liye
හැම මොහොතකම අපි, මැරි මැරී ජීවත් වෙමු...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Give me some sunshine - Give me some rain
දෙන්න මට එක හිරු කිරණක් - දෙන්න මට එක වැහි බිඳුවක්...
Give me another chance - I wanna grow up once again
දෙන්න මට තව එක අවස්ථාවක් - මට අවැසියි, තව වරක් දළුලා වැඩෙන්නට...

Kandhon ko kitaabon ke bojh ne jhukaya
පොත් වල බරටම අපේ කකුල් බකල් වුණා...
Rishvat dena to khud Papa ne sikhaaya
පගාව දෙන්න තාත්තමයි මට ඉගැන්නුවෙ...
99% marks laaoge to ghadi varna chhadi
සීයෙන් 99ක් ලකුණු ගත්තොත් ඔරලෝසුවක්, නැත්නම්, ගුටි...

Likh likh kar pada hatheli par alpha beta gamma ka chhaala
α β γ පොත් වල ලියලා ලියලාම ඇඟිලි රිදෙන්න වුණා...
Concentrated H2SO4 Ne poora poora bachpan jala daala
H2SO4 වල සාන්ද්‍ර බව, මගේ මුළු පුංචි කාලෙම පුච්චලා දැම්මා...

Bachpan to gaya jawaani bhi gayi
පුංචි කාලේ නම් ගියා, තරුණ කාලෙත් ඒ වගේම යාවී...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Bachpan to gaya jawaani bhi gayi
පුංචි කාලේ නම් ගියා, තරුණ කාලෙත් ඒ වගේම යාවී...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Saari umar hum mar mar ke jee liye
හැම මොහොතකම අපි, මැරි මැරී ජීවත් වෙමු...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Give me some sunshine - Give me some rain
දෙන්න මට එක හිරු කිරණක් - දෙන්න මට එක වැහි බිඳුවක්...
Give me another chance - I wanna grow up once again
දෙන්න මට තව එක අවස්ථාවක් - මට අවැසියි, තව වරක් දළුලා වැඩෙන්නට...

Give me some sunshine - Give me some rain
දෙන්න මට එක හිරු කිරණක් - දෙන්න මට එක වැහි බිඳුවක්...
Give me another chance - I wanna grow up once again
දෙන්න මට තව එක අවස්ථාවක් - මට අවැසියි, තව වරක් දළුලා වැඩෙන්නට...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Give me Some Sunshine
Album: 3 Idiots
Year: 2009
Vocals: Sharman Joshi, Suraj Jagan
Music Director: Shantanu Moitra
Lyricist: Swanand Kirkire

Aal Izz Well - Three Idiots
හදවතට අත තියලා කියන්න...
හැමදේම හොඳින් සිදුවේවි කියලා...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...
Aal Izz Well!! ආල් ඊස් වෙල් (හැමදේම හොඳින් සිදුවේවි කියලා)...

Murgi kya jaane aande ka kya hoga
කිකිළි දන්නවද (උගේ) බිත්තරේට මොනවා වෙයිදෝ...
Aree life milegi ya tawee pe fry hoga
ජීවිතේ ලැබේදෝ, තැටියක් උඩ බැදිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Confusion hi confusion hai - Solution kuch pata nahin
අවුල් ජාල පිට අවුල් ජාලයකි... විසදුම් නම් දන්නේම නැති...
Solution jo mila to saala - Question kya tha pata nahin
පාහර විසඳුම හමුවෙන විටදී... ගැටළුව කිම දැයි මතක නැතී...

Dil jo tera baat baat pe ghabraaye
හදවත නුඹගේ වචනයකින් හෝ බියවේ නම්...
Dil pe rakh ke haath usae tu fuslaa le
හදවත මතුයේ අත තබමින් (ඔබම) එය සංසිඳුවන්න...
Dil idiot hai pyaar se usko samjha le
හදවත මෝඩයෙකි... (ඔහුට) ආදරයෙන් පහදා දෙන්න...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Scholarship ki pi gayaa daaru ghum to phir bhi mitaa nahin
මධුවිත ගැන නම් පණ්ඩිතයෙකි මං, එනමුදු දුක නම් පහව නැතී...
Agarbattiyan raakh ho gayi god to phir bhi dikha nahi
හඳුන්කූරු කොපමණ අළු කෙරුවත්, දෙවියන් නම් තව දැක්කේ නැතී...

Bakra kya jaane uski jaan ka kya hoga
එළුවා දන්නවද, (උගේ) ජීවිතේට මොනවා වෙයිදෝ...
Sekh ghusegi ya saala Keema hoga
(ඌ) කූරේ බැදේවිදො, (නැත්නම්) කෑලි වලට කැපිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

To Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...
Aal Izz Well!! ආල් ඊස් වෙල් (හැමදේම හොඳින් සිදුවේවි කියලා)...

Murgi kya jaane aande ka kya hoga
කිකිළි දන්නවද (උගේ) බිත්තරේට මොනවා වෙයිදෝ...
Aree life milegi ya tawee pe fry hoga
ජීවිතේ ලැබේදෝ, තැටියක් උඩ බැදිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree punki all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ කෙල්ලේ... ආල් ඊස් වෙල්...
Aree pakre aal izz well aree bhaiyaa all izz well
අනේ කොල්ලෝ... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Na na na... නා නා නා...
Aree bhaiyaa all izz well aree bhaiyaa all izz well
අනේ අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Aal Izz Well
Album: 3 Idiots
Year: 2009
Vocals: Shaan, Sonu Nigam, Swanand Kirkire
Music Director: Shantanu Moitra
Lyricist: Swanand Kirkire

Tuesday, July 26, 2011

Bachke O Bachke - Aladin
බලාගෙන ඉන්න, අද රෑ තමයි නියම රෑ...

Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Bachke o bachke o tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Bachke o bachke o tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Bachke o bachke o bachke o bachkee
බලාගෙන, බලාගෙන, බලාගෙන, බලාගෙන ඉන්න.

Bachke o bachke tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Milte milte chaaro taraf hum rang jama denge
තරුවකට, තරුවක් හමුවන වෙලාවෙදි...
අපි මුළු ලෝකෙම පෙරලලා පෙන්වන්නම්.

Puranaa taroon ka ye tarana
පරණ, තාරකාවක් ගැන කියන මේ ගීතය...
Humne janaa hai jaana
අපි හොඳින්ම දන්නවා ඒ ගැන.
Honi to honi hai tu rok ke dikha
සිදුවෙන්න තියෙන දෙයක් සිදුවේවි.
පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.

Arrey chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Hey chala chala chakkar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.

Hashar ki gadhi hai ruki ye padhi hai
මේ තමයි සැළකිය යුතුම වෙලාව.
ඒත් ඇයි ඒ වෙනුවෙන් තවත් බලන් ඉන්නේ?
Jane kyun dari hai batana
දන්නෑ ඇයි, බය කියලා... මට කියන්න.
Haan jaadu ki chadi hai
ඒක මැජික් පොල්ලක්.
Lahu se jadi hai
ලෙයින් ඔප දැමූ.
Kahan woh padi hai batana
ඒක කොහේද හංගලා තියෙන්නේ...? මට කියන්න.

Hey naag kaho thumkara
ඒක නාගයෙකුගේ පිඹීමක්.
Chalta hua woh hai taara
විටෙක ගිනිගෙන දැවෙන තරුවක්.
Kaabse mein hoga saara
මගේ ග්‍රහනයේ පවතීවි, හැමදෙයක්ම.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Hey naag kaho thumkara
ඒක නාගයෙකුගේ පිඹීමක්.
Chalta hua woh hai taara
විටෙක ගිනිගෙන දැවෙන තරුවක්.
Kaabse mein hoga saara
මගේ ග්‍රහනයේ පවතීවි, හැමදෙයක්ම.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.

Chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Arey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Hey chala chala chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Hey hey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh o bachke o bachke o bachke
අද රෑ තමයි, නියම රෑ.
බලාගෙන, බලාගෙන, බලාගෙන, බලාගෙන ඉන්න.

Zehar ka juaa hai
ඒක විසත් එක්ක කරන සූදුවක්.
Kehar ka dhua hai
විටෙක එය විනාශයේ දුමාරයයි.
Tehar sa gaya hai zamana
එය, ලෝකය එක් නැවතුමකට ගෙනැල්ලා.
Bichhu woh dassega
ගෝනුස්සා දෂ්ට කරාවි.
Pichhu se hassega
ඊට පස්සේ ඌ හිනාවේවි.
Kabar mein dasega zamana
ඌ මුළු ලෝකයම විනාශය වෙත ගෙන යාවි.

Main jaal yehi bunta hoon
මේක තමයි මං වියන දැල.
Main chaal yehi chunta hai
මේක තමයි මං සතුටු වෙන විදිය.
Main maut yehi sunta hoon
මං මරණයට ආරාධනා කරනවා.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Main jaal yehi bunta hoon
මේක තමයි මං වියන දැල.
Main chaal yehi chunta hai
මේක තමයි මං සතුටු වෙන විදිය.
Main maut yehi sunta hoon
මං මරණයට ආරාධනා කරනවා.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.

Chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Hey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Hey Chala chala chakkar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Hey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Bachke o bachke tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Milte milte chaaro taraf hum rang jama denge
තරුවකට, තරුවක් හමුවන වෙලාවෙදි...
අපි මුළු ලෝකෙම පෙරලලා පෙන්වන්නම්.
Puranaa taroon ka ye tarana
පරණ, තාරකාවක් ගැන කියන මේ ගීතය...
Humne janaa hai jaana
අපි හොඳින්ම දන්නවා ඒ ගැන.
Honi to honi hai tu rok ke dikha
සිදුවෙන්න තියෙන දෙයක් සිදුවේවි.
පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.

Arrey chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Hey chala chala chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh har pal har pal ki khabar hai
අද රෑ තමයි, නියම රෑ. අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.

Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh o bachke o bachke o bachke
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න. 
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...

Title: Bachke O Bachke
Album: Aladin
Year: 2009
Vocals: Shankar Mahadevan, Sunidhi Chauhan, Shaan
Music Director: Vishal Dadlani, Shekhar Ravjiani
Lyricist: Vishal Dadlani, Anvita Dutt Guptan

O Re Saawariya - Aladin
පෙම්වත... ඇයව නිවසට කැන්දාගෙන යන්න.

Lage lage laj mohe saiyaan
මට ලජ්ජා හිතෙනවා පෙම්වත.
Lage lage laj mohe saiyaan
මට ලජ්ජා හිතෙනවා පෙම්වත.
Dil mein jo baat hai who Kaise batau tumko
මගේ හදවතේ තියෙන දේවල්, මං කොහොමද ඔයාට කියන්නේ?
Sharmana ghabrana kya Tu bas itna Bol de
ලජ්ජා වෙ‍න්නේ, බය වෙන්නේ මොකටද?
ඔයා ඕක කියලා දාන්නකෝ.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

Hoiii… O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

Bhage bhage Bhage bhage aaj tore saiyaan
අන්න එයා පැනලා දුවනවා.
අන්න ඔයාගේ මහ ලොකු පෙම්වතා පැනලා දුවනවා.
Bhage bhaage aaj tore saiyaan
බලන්න, ඔයාගේ මහ ලොකු පෙම්වතා පැනලා දුවනවා.
Dil mein jo baat hai who Jhat pat bathade usko
ඔයාගේ හදවතේ තියෙන දේවල්,
දඩ බඩ ගාලා ඔහුට කියලා දාන්න.
Sharmana ghabrana kya Tu bas itna bol de
ලජ්ජා වෙ‍න්නේ, බය වෙන්නේ මොකටද?
ඔයා ඕක කියලා දාන්නකෝ.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana Yeahaaa
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

Heyy… Sa sa ri ni da pa Ni dha pa ni dha pa ma ga re sa
ස ස ‍රි නි ධ ප, නි ධ ප. නි ධ ප ම ග රි ස
Sa sa ri ni da pa Ni dha pa ni dha pa ma ga re sa
ස ස ‍රි නි ධ ප, නි ධ ප. නි ධ ප ම ග රි ස
Ni sa re ga ma pa dha pa ni sa sa Ni dha pa sa ni dha pa ni
නි ස රි ග ම ප ධ ප නි ස ස. නි ධ ප ස නි ධ ප නි
Dha pa ma ga pa ma ga pa
Ma ga re ma ma ga re sa ni dha sa
ධ ප ම ග ප ම ග ප. ම ග රි ම ම ග රි ස නි ධ ස

Badi badi aankhiyon mein Chupe chupe sapne hai
ඔය ලොකු ඇස් තුල සැඟවුනු සිහිනයන් අතරේ...
Sapna banalo lo apna Dil mein basa lo balma
මාව ඔයාගේ සිහිනයක් කරගන්න.
මාව ඔයාගේ හදවතේ රඳවාගන්න.
Naaa… Badi badi ankhiyon ki Baaton mein na aaunga mein
නෑ. ඔය ලොකු ඇස් ගැන කතා කිව්වට මම නම් අහුවෙන්නේ නෑ.
Zara dur mujhse rehna Sajna na mujhko kehna
ඔයා මගෙන් ඇත් වෙලා ඉන්න.
"පෙම්වතා" යනුවෙන් මා අමතන්න එපා.
Aare pyaar jo itna aaing To phir khahe sharmaing
ඔයා ඔය තරමටම එයාට ආදරේ නම්, ඇයි තවත් ලජ්ජා වෙන්නේ?
Nainan se nain milaing Aare ab kahe ka sighing Keh de
දෑසට දෑස හමුවී ඇත්නම්,
තවත් මේ ඉඟිබිඟි ලකුණු කුමටද?

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

Morey saiyaan na jaa
මගේ පෙම්වත... යන්න එපා.
Tum yeh achanak Aayi kahan se pyaar jaatane
ඔයා කොහෙන්ද එකපාරටම මෙතෙනට ආවේ?
ආදර කතා කියාගෙන...
Mere peeche na aa
මගේ පස්සෙන් එන්න එපා.
Mujhpe gani mat karke tu apne paas bulale
මාව ඔයාගේ තුරුලට අරගෙන මට ආශිර්වාද කරන්න.
මට ලඟට කතා කරන්න.

Jaana re jaana Sasur ghar jaana
කැන්දාගෙන යන්න, ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්නකෝ.

පෙම්වත, මාව නිවසට කැන්දාගෙන යන්නකෝ.
Na na re na na re Na na na na na na
බෑ. බෑ. බෑ. ඒක නම් බෑ.
ඒක නම් කවදාවත් කරන්න බෑ.

Aare yaar kahan tu jaaing
ඒයි, යාලුවා ඔයා කොහේද යන්නේ?
Nazdik zara tu aaing
ඔයා ටිකක් ලඟට ආවොත්...
Hum jadugar dikhlaing
මං ඔයාට මැජික් එකක් කරලා පෙන්වන්නම්.
Dil se dil ko milwaing Babuaaa
හදවතට හදවතක් මුණගැසෙන අයුරින්. විකාරයෝ...

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
මාව නිවසට කැන්දාගෙන යන්න.
මාව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වතාණෙනි...
Sasur ghar jaana Sasur ghar jaana
මාව නිවසට කැන්දාගෙන යන්න.
මාව නිවසට කැන්දාගෙන යන්න.

Saawariya Saawariya Saawariya Saawariya
ඕ, පෙම්වතාණෙනි... පෙම්වතාණෙනි, පෙම්වතාණෙනි...

O re saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
මාව නිවසට කැන්දාගෙන යන්න.
මාව නිවසට කැන්දාගෙන යන්න.

Da re da ra de Da re daa re da re da re da da
දා ර් දී දා ර් දී දරේ දා රේ දා රේ දා රේ දා රේ දා දා...
Dirikita dham dirikita dham Dirikita dhom
දිර්කිට දම් දිර්කිට දම් දිර්කිට දාම්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න. 
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...

Title: O Re Saawariya
Album: Aladin
Year: 2009
Vocals: Amitabh Bachchan, Shaan, Sudesh Bhosle, Shreya Ghosal
Music Director: Vishal Dadlani, Shekhar Ravjiani
Lyricist: Vishal Dadlani, Anvita Dutt Guptan

Thursday, July 14, 2011

Larki Kyon - HumTum
අනේ, මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ,
කොල්ලෝ වගේ නැත්තේ කියලා.

Larki kyon na jaane kyon larkon si nahien hoti
මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.
Sochti hai zyaada kam vo samajhti hai...
මහා ලොකුවට හිතනවා. හැබැයි තේරුම් ගන්නේ ටිකයි.
Dil kuchh kahata hai kuchh aur hi karti hai
හදවතින් කියන්නේ එක දෙයක්. හැබැයි කරන්නේ තව දෙයක්.

Larki kyon na jaane kyon larkon si nahien hoti
අනේ, මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.
Sochti hai zyaada kam vo samajhti hai...
මහා ලොකුවට හිතනවා. හැබැයි තේරුම් ගන්නේ ටිකයි.
Dil kuchh kahata hai kuchh aur hi karti hai
හදවතින් කියන්නේ එක දෙයක්. හැබැයි කරන්නේ තව දෙයක්.

Pyaar use bhi hai magar shuruu'aat tumhi se chaahe
එයාට ආදරය කරන්නත් ඕනේ. හැබැයි වෙලාවකට
ඔයාව ටිකක් අවුස්සලා, ඈත් කරන්නත් ඕනේ.
Khud mein uljhi uljhi hai par baalon ko suljhaa'e
එයා එයාගේ හැම දේම අවුල් කරගන්නවා,
හැබැයි කොණ්ඩේ අවුල් වෙයි කියලා වද වෙනවා.

Hum achchhe dost hain par us nazar tumko dekha nahien
අපි ගොඩක් හොඳ යාළුවෝ, ඒත් මං කවදාවත්
ඔයා දිහා ඔය අදහසින් බලලා නෑ.
Voh sab to thik hai par uske baare mein main ne socha nahien
ඒ ‍ඔක්කොම හරි කියමුකෝ. ඒත් මේ වෙනකන්,
එහෙම දෙයක් ගැන මං හිතලවත් නෑ.

Sab se alag ho tum yeh kahke paas tumhaare aaye
ඔයා ළඟට ආවම නම් එයා කියන්නේ,
“ඔයා අනිත් අයට වඩා ගොඩාක් වෙනස්” කියලා.
Aur kuchh din mein tumhein alag sa kuchh bhi na usko paa'e
හැබැයි ටික දවසක් ගියාම තමයි තේරෙන්නේ,
ඔයාගේ කිසිම වෙනසක් එයා තේරුම් අරන් නෑ කියලා.

Uff yeh kaisi "shirt" pahante ho yeh kaisa baal katte ho
ඕහ්! මොකක්ද මේ ඇදන් ඉන්න ෂර්ට් එක?
මොකක්ද ඔය කොණ්ඩේ කපලා තියෙන විදිය?
Gaarii tez chalaate ho tum jaldi mein kyon khaate ho
වාහනේ හයියෙන් ඩ්‍රයිව් කරොත්, මොකද ඔයාට ඔච්චර හදිස්සි...?
give me a break.
මට පාඩුවේ ඉන්න දෙන්න.

Tumhein badalne ko paas voh aati hai
ඔයාව වෙනස් කරන්නම විතරයි එයා ඔයාට ළං වෙන්නේ.
Tumhein mitaane ko chaal bichhti hai
ඔයාව ඉවරයක්ම කරන්න තමයි, එයාගේ හැම කපටි කමක්ම...
Baaton baaton mein tumhein hansaati hai
කියන කියන වචනයක් ගානේ, එයා ඔයාව හිනස්සනවා.
Pahale hansaati hai phir bara rulaati hai
මුලින්ම හිනස්සලා, ඊට පස්සේ ඔයාව කේන්ති ගස්වනවා.

Larki kyon na jaane kyon larkon si nahien hoti
අනේ, මං නම් දන්නෑ ඇයි මේ කෙල්ලෝ,
කොල්ලෝ වගේ නැත්තේ කියලා.

Ae itna hi khud se khush ho to peechhe kyon aate ho
තමන් ගැන ඔය තරමටම සතුටු නම්, මොන එහෙකටද පස්සෙන් එන්නේ?
Phuul kabhi to hazaar tohfe aakhir kyon laate ho
මොකටද එක එක වෙලාවට අත පිරෙන්න මල්, තෑගි අරන් එන්නේ?

Apna naam nahien bataaya aapne kaafii peene chalenge
ඔයාගේ නම කිව්වේ නෑනේ මට, ම්... කෝපි එකක් බොන්න යමුද?
Main aapko ghar chhor duun phir kab milenge
මං ඔයාව ගෙදරට ඇරලවන්නද? අහ්... කවදද ආයේ හම්බවෙන්නේ?

Bikharaa bikharaa bematlaf sa tuuta phuuta jeena
අපිළිවෙලට, කිසිම තේරුමක් නැතුව, ජීවිතේ ඔහේ නාස්ති වෙනවා.
Aur kahate ho alag se hai.n ham taanke apna sina
ඒ මදිවට තමන්ගෙම පපුවට අත තියලා දිවුරගන්නවා,
මං වෙනස් වෙනවා කියලා.

Bheega toya kahien farsh pe "toothpaste" kan dakan kahien
තෙත තුවාය කොහේ හරි වීසි කරලා යනවා.
ටූත්පේස්ට් එකේ පියන අල්ලලා වීසි කරනවා.
Kal ke moze ulatke pahane waqt ka kuchh behosh ne
ඊයේ ඇදපු කිළිටු මේස් දෙකම අදත් අනිත් පැත්ත හරවලා අඳිනවා.
වෙලාවට කිසිම වැඩක් කරන්නෑ.

Jeena ka tumko dhang sikhlaati hai
ජීවත් වෙන විදිය නම් ඔයාට උගන්වන්නම වෙනවා.
Tumhein jaanwar se insaan banaati hai
ඔයා හරියට තිරිසනෙක් වගේ, ඔයාව මිනිහෙක් කරන්නම වෙනවා.
Uske bina ek pal rah na sakoge tum
එයාව නැතුව ඔයාට එක මොහොතක්වත් ඉන්න බෑ.
Usko pataa hai yeh kah na sakoge tum
හැබැයි ඒ කෙල්ල දන්නවා...
ඒක ඔයාට කවදාවත් තේරුම් කරන්නත් බෑ කියලා.

Is li'e larkiyaan larkon si nahien hoti
අන්න ඒ නිසා තමයි... කෙල්ලෝ, කොල්ලේ වගේ නොවුනේ.

Jaane kaun kaunse din voh tumko yaad dilaa'e
කවුද දන්නේ, ඔයා ගැන මොන තරම් වැදගත් දවස් ගානක්
එයා මතක තියාගෙන ඉන්නවද කියලා.
Pyaar ko chaahe bhuul bhi jaa'e taarikhein na bhulaa'e
ආදරය අමතක කරන්න වුනත්,
එයාල කවදාවත් දවස් නම් අමතක කරන්නේ නෑ.

"1st march" ko nazar milaa'e chaar "april" ko mai.n milne aaye
“මාර්තු 1 වෙනිදා” දෙනෙත් මුණගැහුණා.
“අප්‍රේල් 4 වෙනිදා” මං ඔයාව හමුවෙන්න ආවා.
Ikkis "may" ko tumne chhuu'aa thaa
“මැයි 21 වෙනිදා” ඔයා මාව ඇල්ලුවා.
Chhe "june" mujhe kuchh hu'aa tha
“ජුනි 6 වෙනිදා” මට මොකක්ද වුණා.

Larkon ka kya hai kisi bhi mor pe voh mur jaa'e
කොල්ලන්ගේ මොන හේතුවක්ද මන්දා.
එයාලා හරි ලේසියෙන් ලිස්සලා යන්න දන්නවා.
Abhi kisi ka hai abhi kisi aur se voh jur jaa'e
දැන් එක කෙල්ලෙක් එක්ක ඉන්නවා.
තව ටික වෙලාවක් යද්දි තව කෙල්ලෙක් එක්ක...

Tumhaari mami-daadi ghar par nahien hai great… main aa jaa'uun
ඔයාගේ අම්මයි, තාත්තයි ගෙදර නැද්ද? නියමයි නේ? මං එන්නද?
Tumhaari "friend" akeli ghar jaa'e bechaari main chhor aa'uun
ඔයාගේ යාළුවා තනියෙන් ගෙදර යනවා.
පව් අසරණී. මං එයාව ඇරලවන්නද?

Ek haan kahane ko kitna dahalaati hai
එක සැරයක් කැමතියි කියලා කියවගන්නම,
අපි එයාල ළඟ කොච්චර දඟලන්න ඕනෙද?
Thak jaate hain ham vo ji bahalaati hain
හැබැයි අපිව මහන්සි කරා කියලා දැනුනාම,
එයාලම අපිව සනසන්න හදනවා.

Vo sharmaati hain tabhi chupaati hain
එයාලට ලැජ්ජ හිතුනාම, කොහේ හරි හැං‍ඟෙනවා.
Larki jo haan kah de use nibhaati hai
කෙල්ල හා කිව්වොත්, ඔන්න ඒකට නම් ලෑස්තියි.

Is li'e larkiyon larkon si nahien hoti
අන්න ඒ නිසා තමයි... කෙල්ලෝ, කොල්ලේ වගේ නොවුනේ.

Is mein jagarne jagarne ki kya baat hai yaar
මෙහෙම ගහගන්න වගේ කතා කරන්නේ ඇයි වස්තුවේ.

Pahale pahale bhanvare jaise paas paas mandraa'e
මුලින් මුලින්, බඹරු ‍වගේ ළඟම දැවටි දැවටි ඉන්නවා.
Phir "busy" hai kahkar tumjo voh taalke
පස්සේ  “වැඩ තියෙනවා” කිය කිය එයාව මඟහරිනවා.
Samjha karo "darling, aaj bohot kaam hai."
තේරුම් ගන්න, පැටියෝ. අද ගොඩක් වැඩ තියෙනවා.

Meri bhi to suno
අඩුගානේ මං කියන දේ ටිකක් අහන්න!

Duur hu'aa to kya dil mein tumhaara naam hai
ඈත් වෙලා හිටියට මොකද? හදවතේ තියෙන්නේ ඔයාගේ නම විතරයි.
Jis chehare par marte hain voh "boring" ho jaa'ein
ඒ මූණ මත්තෙම මැරෙන්න හැදුව කෙනාට දැන් ඒක එපා වෙලා.
Kuchh hi din mein nazar ki idhar udhar munrahe
තව ටික දවසක් යනකොට,
ඇස් දෙකත් ‍එහෙ මෙහෙ සක්මන් කරන්න ගනීවි.
Sirf pyaar se zi.ndagi nahien chalti
ආදරයෙන් විතරක් ජීවිතේ ගෙනියන්න බෑ.
Tum "interior decoration" ko "course" kyon nahien karti
ඔයා, “ඉන්ටීරිය ඩෙකරේෂන්” කෝස් එකක් කරන්නැත්තේ ඇයි?

Ok, that’s enough…
හරි දැන් ඔය හොඳටම ඇති.

Larki kyon na jaane kyon larkon si nahien hoti
මං නම් දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Larki Kyon
Album: HumTum
Year: 2004
Vocals: Alka Yagnik, Shaan
Music Director: Jatin Lalit
Lyricist: Prasoon Joshi

Monday, July 11, 2011

Tak Dhina Dhin - Aladin
තක් දිනා දින් හේ ඇලඩින්, අද
ඇරඹුණා නව දිනක් ලොවට අළුතින්...

Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Hey khoi hey khoi teri halat khoi khoi
නැතිවුණා, නැතිවුණා.
ඔයාගේ පෙණුම ඒ තරමටම පරාජිතයි.
Aaja chamkale teri kismat soi soi
මාත් එක්ක ඇවිල්ලා ඔයාගේ ඉරණම වෙනස් කරගන්න.
Hey tere ishaaron pe nachega saara jahan
එදාට මුළු ලෝකයම ඔයාගේ තාලයට නටාවි.

Tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.

Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Arey tune jo, Dekha socha na
hoga kabhi tere khwabon mein.
ඔයා කවදාවත් හිතල නැතුව ඇති
මේ වගේ දෙයක් ගැන, හීනෙන්වත්...
Arey hone ko Hai woh jo tune pada
hoga kahin kitaabon mein.
මොනවද වෙන්න යන්නේ කියලා ඔයා කියවලා ඇත්තේ
පොත් වලින් විතරක් වෙන්න ඇති.

Ho tere question ka, tu hi answer hai
ඔයාගේ ප්‍රශ්න වලට උත්තරේ ඔයාම තමයි.
Zindagi disco, hum sab dancer hai
ජීවිතේ කියන්නේ ඩිස්කෝ එකක්. අපි ඔක්කොම එහි නැට්ටුවෝ.
Sang apne jhoome gaye saara yeh samaa.
මුළු ලෝකයම අපිත් එක්ක නටමින්, ගයමින් ඉන්නවා.

Tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.

Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Maine to naacha nahi na
gaya kabhi hai mere khwaboon mein
මං කවදාවත් නටලාවත්, සිංදු කියලාවත් නෑ.
මගේ හීනවලදීවත්.
Kya hai jo mujhe gawata hai
koi mujhe ye bataa toh de
මොකක්ද මේ, මාව මෙතරම් සතුටු කරවන දෙය?
කවුරු හරි කියන්න, මට එය දැනගන්න ඕන.

Mere questions ka kya koi answer hai
මගේ ප්‍රශ්න වලට කා ලඟවත් උත්තර තියෙනවද?
Mere andar kya koi dancer hai
මගේ ඇඟ ඇතුලේ කවුරුහරි නැට්ටුවෙක් ඉන්නවද?
Dancer hai duniya se kahe tu chupaa
නැට්ටුවෙක් ඉන්නවා. ඇයි ඔයා ‍ඒ බව ලෝකයාගෙන් හංගන්නේ?

Tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.

Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Hey hey tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.

Kal bhula de ke ab hai tera din
ඔයාගේ ඊයේ දවස අමතක කරන්න.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න. 
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...

Title: Taak Dhina Dhin
Album: Aladin
Year: 2009
Vocals: Shaan, Shankar Mahadevan
Music Director: Vishal-Shekhar
Lyricist: Vishal Dadlani