Showing posts with label Kunal Kohli. Show all posts
Showing posts with label Kunal Kohli. Show all posts

Friday, June 8, 2012

Melody - Mujhse Dosti Karoge
ඔයා කියනවා නම්, මගේ හදවතේ තිබෙන
හැඟුම් ගැන මං ඔයාට කියන්නම්...

Mere dil mein aaj kya hai tu kahe to main bata doon
මගේ හදෙහි අද තියෙන දේ... ඕනේ නම් මං කියන්නම්...
(From Daag - 1973)

Na chahoon sona chaandi na chaahoon hira moti
Ye mere kis kaam ke
Na maangoon bangla baari na maangoon ghora gaari
Ye to hain bas naam ke
Deti hai dil de badale mein dil ke...
Ghe ghe ghe ghe ghe Ghere... Saahiba pyaar mein sauda nahien...

මට ඕන්නෑ රත්‍රං රිදී, මට ඕන්නෑ මුතු දියමන්ති...
ඔය කිසිවක් මට වැඩක් නැතේ
ඉල්ලන්නෑ ලොකු බංගලාවක්, ඉල්ලන්නෑ ලොකු වාහනයක්...
මේවා නිකම් නමට විතරයි...
දෙනවා නම් හදවත දී මගේ හද ගන්න...
ගන්න... ගන්න... ගන්න... ගන්නකෝ... පෙම්වත,
නමුත් පෙමට ගනුදෙණු නැතේ...
(From Bobby - 1973)

Jhooth bole Are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...
Jhooth bole are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...

බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
(Also from Bobby - 1973)

Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge...
Rah jaayenge rah jaaenge gharwaale dekhte rah jaaenge...
Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge

ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
බලා හිදී, බලා හිදී, පුදුමයෙන් ගෙදර අය බලා හිදී...
ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
(From Chor Machaye Shor - 1974)

Ye galiyaan yeh chaubaara yahaan aana na dobaara...
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien
Le ja rang birangi yaadein hansne rone ki buniyaadein
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien

මේ පාරෙන්, මේ ගෙමිදුල‍ට, ආයේ පාරක් එන්නෙපා මෙහෙට...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
ගෙන යන් පැහැයෙන් දිදුලන මතකේ, සිනාවන්, කඳුලැළි ගංගාවන්...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
(From Prem Rog - 1982)

Bachna ae hasinon lo main aa gaya...
Husn ka aashiq husn ka dushman
Apni ada hai yaaron se judaa
Hey Ho... Bachna ae hasinon lo main aa gaya

බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
සුන්දරියන්ගේ පෙම්වතා, එයාලගේ හෙනහුරා...
මේ මාගේ ඉරියව් මිතුරන්ගෙන් වෙනස්...
හේ, හෝ... බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
(From Hum Kisi Se Kam Nahin - 1977)

Aap yahaan aaye kis liye Aap ne bulaae is liye
Aaye hain to kaam bhi bataaiye
Na na na pahale zara aap muskaraiye
Aap yahaan aaye kis liye

ඔයා මෙහෙ ආවේ මොකටද? ඔයානේ අඬගැහුවේ, ඒකනේ?
ආවා නම් ආව වැඩේ කියන්නකෝ...
නෑ... නෑ... නෑ... මුලින්ම ඔයා ටිකක් හිනාවෙන්නකෝ...
ඔයා මෙහෙ ආවේ මොකටද?
(From Kal Aaj Aur Kal - 1971)

Main nikla gaddi leke... Raste par sadak mein
Ek mod aaya main uth dil chod aaya...
Rab jaane kab guzara amristar o kab jaane lahor aaya
Main uth dil chhod aaya
Ek mod aaya main uth dil chhod aaya

මං යනවා, වාහනේ අරන්... පාර මැද්දේ, යන ගමනේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
දන්නේ දෙවියන් ගියේ කවදද, අම්රිත්සර් ඕ! කවුද දන්නේ, ලාහෝර් ආවේ?
මං හදවත දාලයි ආවේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
(From Gadar - 2001)

Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...
Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...

හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
(From Badi Bahen - 1948)

Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat

මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්...
(From Aah - 1953)

Aajkal tere mere pyaar ke charche har zabaan par Achchha
Sabko maaluum hai aur sabko khabar ho gayi To kya?
Aajkal tere mere pyaar ke charche har zabaan par Ja jaa
Sabko maaluum hai aur sabko khabar ho gayi

මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... ඇත්තට?
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන... ඉතින් මොකෝ...?
මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... අනේ යන්න...
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන...
(From Brahmachaari - 1968)

O... Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Main kahati hoon tu ne mera dil le liya...

ඕ... ආගන්තුකයා... ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
ආගන්තුකය, ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
මම පවසන්නේ ඔබ හට, මගේ හද ගෙනයන් කියා...
(From Mr. Natwarlal - 1979)

Ure jab jab zulfein teri... Kunwaariyon ka dil machle
Kunwaariyon ka dil machle jind meriye
Ho jab aise chikne chehare...To kaise na najar phisle
To kaise na najar phisle jind meriye

උඩ යද්දී හිසකේ ඔබගේ... කෙල්ලන්ගේ හද ඉපිලේ...
කෙල්ලන්ගේ හද ඉපිලේ... මගේ කොල්ලෝ...
මේ හුරතල් මුහුණු දකිද්දී... කෙලෙස ඇහි පියලන්නේ?
කෙලෙස ඇහි පියලන්නේ? මගේ කෙල්ලේ...
(From Naya Daur - 1957)

O dilwaalon dil mera sunne ko beqaraar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...
Chaahat se ham tum hain chaahat se sansaar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...

ඕ, පෙම්වතුනේ, හද මාගේ ඇසුනාදෝ කළබලෙන් වගේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
පෙම නාමෙන් ඔබේ මාගේ, පෙම නාමෙන් සංසාරයේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
(From Kaho Na Pyaar Hai - 2000)

Ajib daastaan hai yeh kahaan shuroo kahaan khatm
Ye manzilein hain kaunsi na voh samajh sake na ham
Mubaarake tumhein ki tum kisi ke noor ho gaye
Kisi ke itne paas ho ki sabse door ho gaye
Ajib daastaan hai yeh

අමුතුම කතාවක්නේ මේ, මුලක් කොහෙද, අගක් කොහෙද...
මේ අරමුනේ දී කිසිවෙකු, වටහා ගන්නේ නෑ අපි...
ඔබේ පැතුම් වලින් ඔබ, කිසිවෙකුට අයිති වේවි නම්....
කිසිවෙකුට එතරම් ළංවුණොත්, හැමගෙන්ම දුරස් වෙලා යයි...
අමුතුම කතාවක්නේ මේ...
(From Dil Apna Aur Preet Parai - 1960)

Hmm hmm hmm he he he ah ha ha ha...
Yahaan kal kya ho kisne jaana
Zindagi ek safar hai suhaana
Yahaan kal kya ho kisne jaana

මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
ජීවිතේ, එක් ගමනක් සුන්දර වූ...
මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
(From Andaaz - 1971)

Tum paas aaye yoon muskaraaye
Tum ne na jaane kya, sapane dikhaaye
Ab to mera dil jaage na sota hai
Kya karoon haaye kuch kuch hota hai
Kuch kuch hota hai kuch kuch hota hai

ඔබ ළඟට එද්දී, ඇවිත් හිනාවෙද්දී...
ඔබ දන්නේ නෑනේ මං, දකින්නාවූ හීනේ...
දැන් නම් මගේ හදේ, නින්දක් අවදියක් නෑ...
මොනවා කරන්නද, කුමක්ද කුමක්ද සිදුවුණා...
කුමක්ද කුමක්ද සිදුවුණා... කුමක්ද කුමක්ද සිදුවුණා...
(From Kuch Kuch Hota Hai - 1998)

Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...

මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
(From Dilwale Dulhaniya Le Jayenge - 1995)

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්... 

Title: Melody (Mixture)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Lata Mangeshkar, Udit Narayan, Sonu Nigam, Pamela Chopra
Music Director: Rahul Sharma
Lyricist: Various

Friday, April 27, 2012

Mere Haath Mein - Fanaa
ඔබගේ දෑතම මාගේ දෑත මත,
මුළු සුර ලෝකෙම මා සමඟින් ඇත...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa
Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...
මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tere dil mein meri saanson ko panaah mil jaae
Tere ishq mein meri jaan fanaa ho jaae

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබේ හදවත මත, මගේ සුසුම්රැල් මුවාවක් සොයාවි...
ඔබේ ආදරයෙන් මගේ ජීවිතයම විනාශ වෙලා යාවි...

Jitne paas hai khushboo saans ke Jitne paas honton ke sargam
Jaise saath hai karwat yaad ke Jaise saath baahon ke sangam
Jitne paas paas khwabon ke nazar Utne paas tu rahana hamsafar
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මෙතරම් ළංව නම්, සුසුමේ සුවඳ රැල්, මෙතරම් ළංව දෙතොලේ වූ ස්වරයන්...
එලෙසින් ළංව ඒ මතකේ දිගහැරුම්, එලෙසේ ළංව දෑතේ වැළඳගැනුම්...
මෙතරම් ළංව ළංව සිහිනේ නෙතු ලෙසින්, එතරම් ළංව ඉනු මගේ සහකරු ලෙසින්...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Rone de aaj hamko tu ankhein sujaane de
Baahon mein le le aur khud ko bheeg jaane de
Hai jo sine mein qaid dariya voh choot jaaega
Hai itna dard ke tera daaman bheeg jaaega

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
හඬන්නට ඉඩ දෙන්න අද මට ඔබ, නෙතු සේදී යන්නට ඉඩ දෙන්න...
තුරුළෙහි ඔබේ මා හොවාගෙන, මට තෙමෙන්නට ඉඩ දෙන්න...
එතරම් වූ දුක් සුසුම්, නුඹේ පා යුග දෝවනය කරාවී...
මගේ සුසුමන් හි සිරකර තිබූ ගංගාව, එය නිදහසේ ගලා යාවී...

Jitne paas paas dharkan ke hai raaz Jitne paas boondon ke baadal
Jaise saath saath chanda ke hai raat Jitne paas nainon ke kaajal
Jitne paas paas saagar ke lahar Utne paas tu rahana hamsafar
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මෙතරම් ළංව ළංව හද ගැස්මෙහි රහස්, මෙතරම් ළංව ආ වැහි බිදු මේඝයේ...
එලෙසින් එක්ව ආ සඳවත රාත්‍රියේ, එතරම් ළංව දැසේ හී නෙතඳුන්...
මෙතරම් ළංව ළංව සයුරේ රැළි ලෙසින්, එතරම් ළංව ඉනු මගේ සහකාරිය ලෙසින්...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Adhuuri saans thi Dharkan adhuuri thi Adhuure ham
Magar ab chaand poora hai falak pe Aur ab poore hain ham

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
අසම්පූර්ණ සුසුමන්, හද ගැස්මද අසම්පූර්ණයි, අසම්පූර්ණයි මා...
නමුදු දැන් පුරා හඳකි අහස්කුස මත. අපද අද සම්පූර්ණයි.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mere Haath Mein
Album: Fanaa
Year: 2006
Vocals: Aamir Khan, Kajol, Sunidhi Chauhan, Sonu Nigam
Music Director: Jatin-Lalit
Lyrics: Prasoon Joshi

Monday, August 29, 2011

Chanda Chamke - Fanaa
කෙතරම් අමාරු ගියක් දෝ මෙය පුළුවන්නම්
කියලා පෙන්නන්න...

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Kitna mushkil yeh gaana zara gaake dikhana
කෙතරම් අමාරු ගියක් දෝ මේ. පුළුවන්නම් කියලා පෙන්වන්න.
Chanda cheeni chamke chaate, chaukanna cheenke chor
හඳ හාමී, දිළිසෙන සීනි, ලෙවකා, හොර ගෙඩියා කිවිසයි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Khadak Singh ke khadakne se khadakti hai khidkiyaan
කඩක් සිංගේ කට දෙඩවිල්ලේ, ජනෙල් ගැටෙන්නා කටස් ගගා...
Khidkiyon ke khadakne se khadakta hai Khadak Singh
කටස් කටස් ගා ජනෙල් ගැටෙද්දී, කට දොඩවාවි කඩක් සිං...

Khadak khadak ke khadke khidki Khadak Singh ka khadke zor
කටස් කටස් ගා ජනෙල් ගැටෙද්දී, කඩක් සිං තව හයියෙන් දොඩවයි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Pake ped par pakaa papeeta, pakaa ped ya pakaa papeeta
ඉඳුණු පැපොල් ගහේ ඉඳුණු පැපොල් ගෙඩි. ඉඳුණු ගහක්දෝ, පැපොල් ගෙඩියදෝ?
Pake ped ko pakde Pinku, pinku pakde pakaa papeeta. bolo?
ඉඳුණු පැපොල් ගහ ඇල්ලුවා පිංකූ. පිංකු ඇල්ලුවා ඉඳුණු පැපොල් ගෙඩි. කියන්න.

Pake ped par pakaa papeeta pakda Pinki papee ka kapda
ඉඳුණු පැපොල් ගහේ ඉඳුණු පැපොල් ගෙඩි. ඇල්ලුවා පිංකි පැපොලේ රෙද්ද.

Kapda?
රෙද්ද?

Pake ped par pakaa papeeta, pakaa ped ya pakaa papeeta
ඉඳුණු පැපොල් ගහේ ඉඳුණු පැපොල් ගෙඩි. ඉඳුණු ගහක්දෝ, පැපොල් ගෙඩියදෝ?
Pake ped ko pakde Pinku, pinku pakda pakaa papeeta
ඉඳුණු පැපොල් ගහ ඇල්ලුවා පිංකූ. පිංකු ඇල්ලුවා ඉඳුණු පැපොල් ගෙඩි.

Kitna mushkil yeh gaana zara gaake dikhana
කෙතරම් අමාරු ගියක් දෝ මේ. පුළුවන්නම් කියලා පෙන්වන්න.

Pake ped ko pakde Pinku, pinku pakde pakaa papeeta
ඉඳුණු පැපොල් ගහ ඇල්ලුවා පිංකූ. පිංකු ඇල්ලුවා ඉඳුණු පැපොල් ගෙඩි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Kitna mushkil yeh gaana zara gaake dikhana
කෙතරම් අමාරු ගියක් දෝ මේ. පුළුවන්නම් කියලා පෙන්වන්න.

Chanda cheeni chamke chaate, chaukanna cheenke chor
හඳ හාමී, දිළිසෙන සීනි, ලෙවකා, හොර ගෙඩියා කිවිසයි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Chanda Chamke
Album: Fanaa
Year: 2006
Vocals: Babul Supriyo, Mahalakshmi Iyer, Master Akshay Bhagwat,
Aamir Khan & Kajol
Music Director: Jatin-Lalit
Lyricist: Prasoon Joshi

Thursday, July 14, 2011

Larki Kyon - HumTum
අනේ, මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ,
කොල්ලෝ වගේ නැත්තේ කියලා.

Larki kyon na jaane kyon larkon si nahien hoti
මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.
Sochti hai zyaada kam vo samajhti hai...
මහා ලොකුවට හිතනවා. හැබැයි තේරුම් ගන්නේ ටිකයි.
Dil kuchh kahata hai kuchh aur hi karti hai
හදවතින් කියන්නේ එක දෙයක්. හැබැයි කරන්නේ තව දෙයක්.

Larki kyon na jaane kyon larkon si nahien hoti
අනේ, මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.
Sochti hai zyaada kam vo samajhti hai...
මහා ලොකුවට හිතනවා. හැබැයි තේරුම් ගන්නේ ටිකයි.
Dil kuchh kahata hai kuchh aur hi karti hai
හදවතින් කියන්නේ එක දෙයක්. හැබැයි කරන්නේ තව දෙයක්.

Pyaar use bhi hai magar shuruu'aat tumhi se chaahe
එයාට ආදරය කරන්නත් ඕනේ. හැබැයි වෙලාවකට
ඔයාව ටිකක් අවුස්සලා, ඈත් කරන්නත් ඕනේ.
Khud mein uljhi uljhi hai par baalon ko suljhaa'e
එයා එයාගේ හැම දේම අවුල් කරගන්නවා,
හැබැයි කොණ්ඩේ අවුල් වෙයි කියලා වද වෙනවා.

Hum achchhe dost hain par us nazar tumko dekha nahien
අපි ගොඩක් හොඳ යාළුවෝ, ඒත් මං කවදාවත්
ඔයා දිහා ඔය අදහසින් බලලා නෑ.
Voh sab to thik hai par uske baare mein main ne socha nahien
ඒ ‍ඔක්කොම හරි කියමුකෝ. ඒත් මේ වෙනකන්,
එහෙම දෙයක් ගැන මං හිතලවත් නෑ.

Sab se alag ho tum yeh kahke paas tumhaare aaye
ඔයා ළඟට ආවම නම් එයා කියන්නේ,
“ඔයා අනිත් අයට වඩා ගොඩාක් වෙනස්” කියලා.
Aur kuchh din mein tumhein alag sa kuchh bhi na usko paa'e
හැබැයි ටික දවසක් ගියාම තමයි තේරෙන්නේ,
ඔයාගේ කිසිම වෙනසක් එයා තේරුම් අරන් නෑ කියලා.

Uff yeh kaisi "shirt" pahante ho yeh kaisa baal katte ho
ඕහ්! මොකක්ද මේ ඇදන් ඉන්න ෂර්ට් එක?
මොකක්ද ඔය කොණ්ඩේ කපලා තියෙන විදිය?
Gaarii tez chalaate ho tum jaldi mein kyon khaate ho
වාහනේ හයියෙන් ඩ්‍රයිව් කරොත්, මොකද ඔයාට ඔච්චර හදිස්සි...?
give me a break.
මට පාඩුවේ ඉන්න දෙන්න.

Tumhein badalne ko paas voh aati hai
ඔයාව වෙනස් කරන්නම විතරයි එයා ඔයාට ළං වෙන්නේ.
Tumhein mitaane ko chaal bichhti hai
ඔයාව ඉවරයක්ම කරන්න තමයි, එයාගේ හැම කපටි කමක්ම...
Baaton baaton mein tumhein hansaati hai
කියන කියන වචනයක් ගානේ, එයා ඔයාව හිනස්සනවා.
Pahale hansaati hai phir bara rulaati hai
මුලින්ම හිනස්සලා, ඊට පස්සේ ඔයාව කේන්ති ගස්වනවා.

Larki kyon na jaane kyon larkon si nahien hoti
අනේ, මං නම් දන්නෑ ඇයි මේ කෙල්ලෝ,
කොල්ලෝ වගේ නැත්තේ කියලා.

Ae itna hi khud se khush ho to peechhe kyon aate ho
තමන් ගැන ඔය තරමටම සතුටු නම්, මොන එහෙකටද පස්සෙන් එන්නේ?
Phuul kabhi to hazaar tohfe aakhir kyon laate ho
මොකටද එක එක වෙලාවට අත පිරෙන්න මල්, තෑගි අරන් එන්නේ?

Apna naam nahien bataaya aapne kaafii peene chalenge
ඔයාගේ නම කිව්වේ නෑනේ මට, ම්... කෝපි එකක් බොන්න යමුද?
Main aapko ghar chhor duun phir kab milenge
මං ඔයාව ගෙදරට ඇරලවන්නද? අහ්... කවදද ආයේ හම්බවෙන්නේ?

Bikharaa bikharaa bematlaf sa tuuta phuuta jeena
අපිළිවෙලට, කිසිම තේරුමක් නැතුව, ජීවිතේ ඔහේ නාස්ති වෙනවා.
Aur kahate ho alag se hai.n ham taanke apna sina
ඒ මදිවට තමන්ගෙම පපුවට අත තියලා දිවුරගන්නවා,
මං වෙනස් වෙනවා කියලා.

Bheega toya kahien farsh pe "toothpaste" kan dakan kahien
තෙත තුවාය කොහේ හරි වීසි කරලා යනවා.
ටූත්පේස්ට් එකේ පියන අල්ලලා වීසි කරනවා.
Kal ke moze ulatke pahane waqt ka kuchh behosh ne
ඊයේ ඇදපු කිළිටු මේස් දෙකම අදත් අනිත් පැත්ත හරවලා අඳිනවා.
වෙලාවට කිසිම වැඩක් කරන්නෑ.

Jeena ka tumko dhang sikhlaati hai
ජීවත් වෙන විදිය නම් ඔයාට උගන්වන්නම වෙනවා.
Tumhein jaanwar se insaan banaati hai
ඔයා හරියට තිරිසනෙක් වගේ, ඔයාව මිනිහෙක් කරන්නම වෙනවා.
Uske bina ek pal rah na sakoge tum
එයාව නැතුව ඔයාට එක මොහොතක්වත් ඉන්න බෑ.
Usko pataa hai yeh kah na sakoge tum
හැබැයි ඒ කෙල්ල දන්නවා...
ඒක ඔයාට කවදාවත් තේරුම් කරන්නත් බෑ කියලා.

Is li'e larkiyaan larkon si nahien hoti
අන්න ඒ නිසා තමයි... කෙල්ලෝ, කොල්ලේ වගේ නොවුනේ.

Jaane kaun kaunse din voh tumko yaad dilaa'e
කවුද දන්නේ, ඔයා ගැන මොන තරම් වැදගත් දවස් ගානක්
එයා මතක තියාගෙන ඉන්නවද කියලා.
Pyaar ko chaahe bhuul bhi jaa'e taarikhein na bhulaa'e
ආදරය අමතක කරන්න වුනත්,
එයාල කවදාවත් දවස් නම් අමතක කරන්නේ නෑ.

"1st march" ko nazar milaa'e chaar "april" ko mai.n milne aaye
“මාර්තු 1 වෙනිදා” දෙනෙත් මුණගැහුණා.
“අප්‍රේල් 4 වෙනිදා” මං ඔයාව හමුවෙන්න ආවා.
Ikkis "may" ko tumne chhuu'aa thaa
“මැයි 21 වෙනිදා” ඔයා මාව ඇල්ලුවා.
Chhe "june" mujhe kuchh hu'aa tha
“ජුනි 6 වෙනිදා” මට මොකක්ද වුණා.

Larkon ka kya hai kisi bhi mor pe voh mur jaa'e
කොල්ලන්ගේ මොන හේතුවක්ද මන්දා.
එයාලා හරි ලේසියෙන් ලිස්සලා යන්න දන්නවා.
Abhi kisi ka hai abhi kisi aur se voh jur jaa'e
දැන් එක කෙල්ලෙක් එක්ක ඉන්නවා.
තව ටික වෙලාවක් යද්දි තව කෙල්ලෙක් එක්ක...

Tumhaari mami-daadi ghar par nahien hai great… main aa jaa'uun
ඔයාගේ අම්මයි, තාත්තයි ගෙදර නැද්ද? නියමයි නේ? මං එන්නද?
Tumhaari "friend" akeli ghar jaa'e bechaari main chhor aa'uun
ඔයාගේ යාළුවා තනියෙන් ගෙදර යනවා.
පව් අසරණී. මං එයාව ඇරලවන්නද?

Ek haan kahane ko kitna dahalaati hai
එක සැරයක් කැමතියි කියලා කියවගන්නම,
අපි එයාල ළඟ කොච්චර දඟලන්න ඕනෙද?
Thak jaate hain ham vo ji bahalaati hain
හැබැයි අපිව මහන්සි කරා කියලා දැනුනාම,
එයාලම අපිව සනසන්න හදනවා.

Vo sharmaati hain tabhi chupaati hain
එයාලට ලැජ්ජ හිතුනාම, කොහේ හරි හැං‍ඟෙනවා.
Larki jo haan kah de use nibhaati hai
කෙල්ල හා කිව්වොත්, ඔන්න ඒකට නම් ලෑස්තියි.

Is li'e larkiyon larkon si nahien hoti
අන්න ඒ නිසා තමයි... කෙල්ලෝ, කොල්ලේ වගේ නොවුනේ.

Is mein jagarne jagarne ki kya baat hai yaar
මෙහෙම ගහගන්න වගේ කතා කරන්නේ ඇයි වස්තුවේ.

Pahale pahale bhanvare jaise paas paas mandraa'e
මුලින් මුලින්, බඹරු ‍වගේ ළඟම දැවටි දැවටි ඉන්නවා.
Phir "busy" hai kahkar tumjo voh taalke
පස්සේ  “වැඩ තියෙනවා” කිය කිය එයාව මඟහරිනවා.
Samjha karo "darling, aaj bohot kaam hai."
තේරුම් ගන්න, පැටියෝ. අද ගොඩක් වැඩ තියෙනවා.

Meri bhi to suno
අඩුගානේ මං කියන දේ ටිකක් අහන්න!

Duur hu'aa to kya dil mein tumhaara naam hai
ඈත් වෙලා හිටියට මොකද? හදවතේ තියෙන්නේ ඔයාගේ නම විතරයි.
Jis chehare par marte hain voh "boring" ho jaa'ein
ඒ මූණ මත්තෙම මැරෙන්න හැදුව කෙනාට දැන් ඒක එපා වෙලා.
Kuchh hi din mein nazar ki idhar udhar munrahe
තව ටික දවසක් යනකොට,
ඇස් දෙකත් ‍එහෙ මෙහෙ සක්මන් කරන්න ගනීවි.
Sirf pyaar se zi.ndagi nahien chalti
ආදරයෙන් විතරක් ජීවිතේ ගෙනියන්න බෑ.
Tum "interior decoration" ko "course" kyon nahien karti
ඔයා, “ඉන්ටීරිය ඩෙකරේෂන්” කෝස් එකක් කරන්නැත්තේ ඇයි?

Ok, that’s enough…
හරි දැන් ඔය හොඳටම ඇති.

Larki kyon na jaane kyon larkon si nahien hoti
මං නම් දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Larki Kyon
Album: HumTum
Year: 2004
Vocals: Alka Yagnik, Shaan
Music Director: Jatin Lalit
Lyricist: Prasoon Joshi