Showing posts with label Shankar Mahadevan. Show all posts
Showing posts with label Shankar Mahadevan. Show all posts

Sunday, February 17, 2013

Der Lagi Lekin - Zindagi Na Milegi Dobara
කල්ගත වූ නමුත්, ජීවිතය කුමක්දැයි මා උගත්තෙමි...
තමන්ගේ කියන්නේ කාටදැයි කියා මා දැන් දනිමි...


Der lagi lekin maine ab hai jeena seekh liya
Jaise bhi ho'n din maine ab hai jeena seekh liya
Ab maine ye jaana hai, khushi hai kya, gham kya...
Dono hi, do pal ki hai ruttein
Na yeh thehre na rukein
Zindagi do rangon se bane
Ab roothe, ab mane
Yehi toh hai, yehi toh hai, yahaan

කල්ගත වූ නමුත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දවස කෙසේ වූවත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දැන් මා මෙය දනිමි... සතුට කුමක්ද, දුක කුමක්ද?
දෙදෙනාම, මොහොතක් දෙකක් පවතීවී...
රැඳෙනා හෝ නවතිනා වූ දෙයක් නොවේ...
ජීවිතේ, පැහැ දෙකකින් සැඳුනා වේ...
අකැමැත්තමයි, කැමැත්තත්...
මෙහි ම වේ, මෙහි ම වේ, මෙහි...

Der lagi lekin maine ab hai jeena seekh liya
Aansuon ke bin maine ab hai jeena seekh liya
Ab maine, Yeh jaana hai kise kahoon apna
Hai koi, jo yeh mujh se keh gaya
Yeh kahaan tu reh gaya
Zindagi toh hai jaise kaarvan
Tu hai tanha kab yahaan
Sabhi toh hai, sabhi toh hai yahaan

කල්ගත වූ නමුත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
තොරව ‍නෙතු කඳුලින්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දැන් දනිමි, තමන්ගේ කියන්නේ කාටදැයි කියා...
එය යම් කෙනෙකු මාහට පැවසුවා...
මේ ඔබ කොහෙදෝ නික්මුණේ...?
ජීවිතේ, යම් තවලමක් වගෙයි...
ඔබ කවදද (මෙහි) තනිවුනේ?
සැවොම වේ, සැවොම වේ, මෙහි...

Koi sunaaye jo hansti muskurati kahani
Kehta hai dil, main bhi sunoon,
Aansoo mein moti ho jo kisi ke nishani
Kehta hai dil, main bhi chunoon
Baahein dil ki ho baahon mein hi, chalta
chalun yunhi raahon mein
Bus yunhi, ab yahaan, ab wahaan

කවුරුහරි කියද්දි, හිනායන සතුටු කතාවක්...
හද පවසයි, මාත් (එය) ඇසිය යුතුයැයි...
කඳුලේ වූ මුතු දකී නම්, කාගේ හෝ මතකයේ...
හද පවසයි, මාත් (ඒවා) ඇහිඳිය යුතුයැයි...
තුරුලේ තිබිය යුත්තේ හදෙහි වූ ආදරයමයි...
ඇවිද යා යුත්තේද, ඒ මාවත් ඔස්සේමයි...
එපමණයි! දැන් මෙහි, දැන් එහි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Der Lagi Lekin
Album: Zindagi Na Milegi Dobara
Year: 2011
Vocals: Shankar Mahadevan
Music Director: Shankar Ehsaan Loy
Lyricist: Javed Akhtar


Sunday, July 8, 2012

Tanhaai - Dil Chahta Hai
ඔබ හට පෙම්කළ වරදට මා ලද දඩුවම
දසඅත පැතිරුණු තනිකම...


Tanhaai, tanhaai... Dil ke raaste mein kaisi thokar maine khaayi
Toote khwaab saare, ek maayusi hai chhaayi
Har khushi so gayi, zindagi kho gayi
Tumko jo pyaar kiya maine to sazaa main paayi
Tanhaai, tanhaai, milo hai phaili hui tanhaai

තනිකම... තනිකම... පෙම් හදවත් මාවතේ මේ, කිනම් පීඩාවක්ද මා වෙළාගත්තේ...
බිඳුණි හැම සිහිනයන්, එකම අඳුරකි එහි පැතිරුණේ...
හැම සතුට නිදි ගතී, දිවියම නැති වුණි...
ඔබ හට පෙම් කල වරදට මා මෙලෙසින් වධ විඳිමී...
තනිකම, තනිකම, ලද්දෙමි දසඅත විහිදුනු තනිකම...

Khwaab mein dekha tha ek aanchal Maine apne haathon mein
Ab toote sapnon ke shishe Chubte hai in aankhon mein
Kal koi tha yahin, ab koi bhi nahin
Banke naagin jaise hai saanson mein laheraayi
Tanhaai, tanhaai, palkon pe kitne aansu hai laayi

සිහිනෙන් දුටුවෙමි දුහුළැල් සළුවක්, මම මාගේ මේ අත් මත්තේ...
දැන් දකිනෙමි වීදුරු බිඳෙනා සිහිනේ, විනිවිදිමින් නෙතු මත්තේ...
ඊයේ සිටි කිසිවෙකු... දැන් මෙහි නොමවෙති...
නයෙකුගෙ දැඟලීමක් විළසින්, මගේ සුසුමන් ලෙළදේවී...
තනිකම, තනිකම, ඇහිපිය වෙත කෙතරම් කඳුළැලි ගෙනාවේද...

Kyoon aisi umeed ki maine Jo aise naakaam hui
Door banaayi thi manzil To raste mein hi shaam hui
Ab kahan jaaoon main, kisko samjhaaoon main
Kya maine chaaha tha aur kyoon kismat mein aayi
Tanhaai, tanhaai, jaise andhero ki ho gehraayi

කිම එවැනිවු පැතුමක් මට වූයේ, මෙලෙසින් සපුරාගත නොහැකි...
දුර ගමනක අරමුණ නිමැවූවත්, යනමඟ රෑ වීමයි වූයේ...
දැන් කොහේ, යමි මෙමා? කාට වටහාදෙමි, මෙමා?
කුමක්ද මා පතනා වූ දේ? ඇයි එය දෛවය ලෙස ආවේ?
තනිකම, තනිකම, අඳුරේ කැළඹෙන කුණාටුවක් විළසින්...

Dil ke raaste mein kaisi thokar maine khaayi
Toote khwaab saare, ek maayusi hai chhaayi
Har khushi so gayi, zindagi kho gayi
Tumko jo pyaar kiya maine to sazaa main paayi
Tanhaai, tanhaai, milo hai phaili hui tanhaai
Tanhaai, tanhaai... Tanhaai, tanhaai...

පෙම් හදවත් මාවතේ මේ, කිනම් පීඩාවක්ද මා වෙළාගත්තේ...
බිඳුණි හැම සිහිනයන්, එකම අඳුරකි එහි පැතිරුණේ...
හැම සතුට නිදි ගතී, දිවියම නැති වුණි...
ඔබ හට පෙම් කල වරදට මා මෙලෙසින් වධ විඳිමී...
තනිකම, තනිකම, ලද්දෙමි දසඅත විහිදුනු තනිකම...
තනිකම... තනිකම... තනිකම... තනිකම...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tanhaai
Album: Dil Chahta Hai
Year: 2001
Vocals: Sonu Nigam
Music Director: Shankar Ehsaan Loy
Lyricist: Javed Akhtar

Monday, April 9, 2012

Meri Maa - Taare Zameen Par
මට අම්මව ඕන බව, මං එයාට කවදාවත් කියලා නෑ,
ඒත් මං දන්නවා එයා ඒ හැමදේම, දන්න බව...


Main kabhi batlata nahin Par andhere se darta hoon main maa
Yun to main, dikhlata nahin Teri parwaah karta hoon main maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa

මං කවදාවත් කියලා නැහැ, කළුවරට මං බය බව, අම්මේ...
එහෙම වෙලාවට, මං පෙන්වලා නැහැ, ඔයාව මට ඕනෑ කියල, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...

Bheed mein yun na chodo mujhe Ghar laut ke bhi aa naa paoon maa
Bhej na itna door mujhko tu Yaad bhi tujhko aa naa paoon maa
Kya itna bura hoon main maa Kya itna bura meri maa

මේ රංචුවේ, දාලා යන්නෙපා මං, ආපහු ගෙදර එන්න දන්නේ නෑ, අම්මේ...
එතරම් දුරක, යවන්නෙපා මං, ඔයාට මං මතක් වෙන්නේ නැද්ද, අම්මේ...
ඇයි, එච්චරටම නරකද මං, අම්මේ? ඇයි, එච්චරටම නරකද, මගේ අම්මේ?

Jab bhi kabhi papa mujhe Jo zor se jhoola jhulate hain maa
Meri nazar dhoondhe tujhe Sochu yahi tu aa ke thaamegi maa

සමහර විට, තාත්තා මට, හයියෙන් බැන, කෑ ගසන විටදී, අම්මේ...
මාගේ ඇස් හොයනවා ඔයාව... හිතනවා, ඔයා ඇවිත් මට උදව් කරාවී කියලා, අම්මේ...

Unse main yeh kehta nahin Par main seham jaata hoon maa
Chehre pe aana deta nahin Dil hi dil mein ghabraata hoon maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa

එයාට මං, මෙය කියලා නැහැ, ඒත් මං පරිස්සම් වෙන්නම්, අම්මේ...
මුහුණින් මගේ පෙන්වුයේ නැතත්, හදවතින් මං බය වුණා, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...

Main kabhi batlata nahin Par andhere se darta hoon main maa
Yun to main, dikhlata nahin Teri parwaah karta hoon main maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa

මං කවදාවත් කියලා නැහැ, කළුවරට මං බය බව, අම්මේ...
එහෙම වෙලාවට, මං පෙන්වලා නැහැ, ඔයාව මට ඕනෑ කියල, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Maa
Album: Taare Zameen Par
Year: 2007
Vocals: Shankar Mahadevan
Music Director: Shankar Mahadevan, Loy Mendonca, Ehsaan Noorani
Lyrics: Prasoon Joshi


Tuesday, April 3, 2012

Kajrare Kajrare - Bunty Aur Babli
සැඟවීයන් මගෙ දෙනෙතින්...
නෙතඳුන් රැදි කළුවන් දෙනෙතින්...


Aisi nazar se dekha us jaalim ne chauk par
Hamne kaleja rakh diya chaaku ki nok par

එවැනි බැල්මක් බැලුවා (මදෙස), ඒ නපුරා සැණකෙළියෙදී...
මට එය දැනී ගියා හද මත, පිහි පහරක් ලෙසින්...

Din thanak din din thanak din din thanak din din thanak din
din thanak din din thanak din din thanak din
dirkita thanak din din thanak din din thanak din
ta dirkita ta ta dirkita ta kirtaka thaka din din thanak din
kirtak kirtak kirtak kirtak ta ta ta ta ta ta ta ta dhun...

Mere chain-vain sab ujaraa zaalim nazar hata le...
Mere chain-vain sab ujaraa zaalim nazar hata le...
Barbaad ho rahe hain ji
Barbaad ho rahe hain ji tere apne shaharvale

මගේ පියවි සිහිය හැම නැසුණා, ඔය බැළුම් ඉවතලන් නපුරේ...
මගේ පියවි සිහිය හැම නැසුණා, ඔය බැළුම් ඉවතලන් නපුරේ...
සුනු විසුනු වෙලා, මින් යාවී...
සුනු විසුනු වෙලා, මින් යාවී... ඔබේ නගරේ සියළු පිරිමින්...

Mere chain-vain sab ujaraa zaalim nazar hataa le
Barbaad ho rahe hain ji tere apne shaharvale

මගේ පියවි සිහිය හැම නැසුණා, ඔය බැළුම් ඉවතලන් නපුරේ...
සුනු විසුනු වෙලා, මින් යාවී... ඔබේ නගරේ සියළු පිරිමින්...

Ho... Meri angarai na tute tu aaja...
Meri angarai na tute tu aaja...
Kajraa re... Kajraa re kajraa re tere kaare kaare naina...
Kajraa re kajraa re tere kaare kaare naina...
Ho... Kajraa re kajraa re tere kaare kaare naina...
Kajraa re kajraa re tere kaare kaare naina...
Kajraa re kajraa re tere kaare kaare naina...
Ho... Mere naina mere naina mere naina jurwaa naina
Ho... Kajraa re kajraa re tere kaare kaare naina

හෝ... මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
අංජනය... අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
හෝ... අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
හෝ... මගේ දෙනෙතු, මගේ දෙනෙතු, මගේ දෙනෙතු, දෙනෙතු යුවල...
හෝ... අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...

Surmai se likhe tere vaade aankhon ki zabaani aate hain
Mere rumaalon pe lab tere bandhke nishaani jaate hain
Teri baaton mein kimaam ki khushboo hai
Tera aana bhi garmiyon ki lu hai
Teri baaton mein kimaam ki khushboo hai
Tera aana bhi garmiyon ki lu hai

අංජනයෙන් ලියුවා වූ ඔබේ ගිවිසුම්, දෙනෙතේ භාෂිතයෙන් මට වැටහේවී...
මාගේ ලේන්සුව මත පැතිරී යාවී, සළකුණු හැම සිපගැන්මන් හි ඔබගේ...
ඔබේ වදනෙහි තිබුණේ අමරස සුවඳකි... ආවේ ඔබ උණුහුම් සුළඟක් සේ...
ඔබේ වදනෙහි තිබුණේ අමරස සුවඳකි... ආවේ ඔබ උණුහුම් සුළඟක් සේ...

Aaja tute na tute naa angaraai
Ho... Meri angaraai na tute tu aaja
Meri angaraai na tute tu aaja
Kajraa re kajraa re tere kaare kaare naina...
Mere naina mere naina mere nainon me chupke rahana
Kajraa re kajraa re tere kaare kaare naina

එන්න, බිඳ නොදමා, බිඳ නොදමා මගේ පැතුමන්...
හෝ... මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
මගේ දෙනෙතින්, මගේ දෙනෙතින්, මගේ දෙනෙතින් සැඟවී සිටිනු...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...

Aankhein bhi kamaal karti hain
"Personal" se sawaal karti hain... Haa yeh!
Palkon ko uthaati bhi nahin
Parde ka khayaal karti hain
Mera gam to kisise bhi chupta nahin
Dard hota hai jab dard chubhta nahin
Mera gam to kisise bhi chupta nahin
Dard hota hai jab dard chubhta nahin

දෙනෙතින් ඔබ විස්මිත දේ පවසාවී...
ප’සනල් ප්‍රශ්න මාගෙන් විමසාවී...
ඇහි පියලන්නටවත් ඉඩ නොමදේවී...
නෙතු කඩතුරාවන් හැර ඔබ කියවාවී...
මගේ දුක සඟවනු බැරි කිසිවෙකුගෙන්වත්...
දැනෙනා මේ දුක බොරු නොම වේ...
මගේ දුක සඟවනු බැරි කිසිවෙකුගෙන්වත්...
දැනෙනා මේ දුක බොරු නොම වේ...

Aaja tute na tute angaraai
Meri angaraai na tute tu aaja
Kajraa re kajraa re tere kaare kaare naina...
Tere naina tere naina hamein dhanste hain tere naina
Kajraa re kajraa re mere kare kare naina

එන්න, බිඳ නොදමා, බිඳ නොදමා මගේ පැතුමන්...
හෝ... මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
ඔබේ දෙනෙතින්, ඔබේ දෙනෙතින්, අප වැනසී යයි ඔබේ දෙනෙතින්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...

Tujhse milna puraani dilli mein
Chhor aai nishaani dilli mein
Pal nimaana dari betallak
Teri meri kahaani dilli mein
Kali kamali vaali ko ho yaad karke
Tere kaale kaale nainon ki qasam khaate hain

ඔබව මුණගැසුණි පැරණි දිල්ලියේ හි...
අතැර ආවෙම් මොහොත ඒ, දිල්ලියේ හි...
ගෙත්තමින් වියුණු නිමේෂය අහඹු...
ඔබෙයි මාගෙයි පුරාණේ, දිල්ලියේ හි...
කළුවන් දෑසින් පිපුණු නෙළුමක සිරිය සිහි කෙරුවා...
ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ නමින් එය පවසමි දිවුරා...

Tere kaale kaale nainon ke banaaye hain rooh
Tere kaale kaale nainon ko duaen dein rooh
Meri jaan udaas hai honthon pe pyaas hai
Aaja re aaja re aaja re

ඔබේ කළු කළු දෙනෙතින් පිරුණා මගේ ආත්මේ...
ඔබේ කළු කළු දෙනෙතට පිදුවා මගේ ආත්මේ...
මගේ හද අනපේක්ෂයි, දෙතොල පිපාසයි...
එනු මැන, එනු මැන, එනු මැනවි...

Teri baaton mein kimaam ki khushboo hai
Tera aana bhi garmiyon ki lu hai
Meri angaraai na tuute tu aaja...
Kajraa re kajraa re tere kare kare naina...
Tere naina tere naina tere naina jurwaa naina...
Tere naina tere naina tere nainon me chupke rahana...
Kajraa re kajraa re tere kare kare naina...
Kare kare kare kare kare kare kare kare naina
Kajraa re kajraa re mere kare kare naina

ඔබේ වදනෙහි තිබුණේ අමරස සුවඳකි...
ආවේ ඔබ උණුහුම් සුළඟක් සේ...
මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
ඔබේ දෙනෙතු, ඔබේ දෙනෙතු, ඔබේ දෙනෙතු, දෙනෙතු යුවල...
ඔබේ දෙනෙතින්, ඔබේ දෙනෙතින්, සැඟවිය යුතු අප, ඔබේ දෙනෙතින්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
කළුවන් කළුවන් කළුවන් කළුවන් කළුවන් කළුවන් කළුවන් කළුවන් දෙනෙතේ...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Kajrare Kajrare
Album: Bunty Aur Babli
Year: 2005
Vocals: Shankar Mahadevan, Alisha Chinoy, Javed Ali
Music Director: Shankar-Ehsaan-Loy
Lyrics: Gulzar


Monday, January 30, 2012

Mitwa - Kabhi Alvida Naa Kehna
මිතුරේ... නොසඟවා පවසන්න හදගැස්ම,
පැවසුවේ ‍කුමක්දැයි නුඹට...

Love will find a way jaaniye heeriye
Love will find a way jaaniye heeriye
ආදරය මඟ සොයා යාවී, ප්‍රියාවියේ, ආදරියේ?
ආදරය මඟ සොයා යාවී,  ප්‍රියාවියේ, ආදරියේ?

Mere man yeh bata de tu kis or chala hai tu
Kya paaya nahin tune kya dhoond raha hai tu
Jo hai ankahee, jo hai ansunee woh baat kya hai bata
Mitwa... Kahe dhadkanen tujhse kya
Mitwa... Yeh khud se to naa tu chupa
මගේ හිත මෙය පවසන්න, නුඹ කොතැනක නික්මෙන් දෝ?
නොලැබුනේ කුමක්දෝ නුඹට? සොයන්නේ නුඹ මොනවදෝ?
කිසිදා නොකියූ, කිසිදා නොඇසූ ඒ පුවත කුමක්දෝ කියන්...
මිතුරේ... හද කුමක්ද කියුවේ, ගැහෙනා?
මිතුරේ... එය නුඹගෙන්ම සඟවන්නෙපා...

Love will find a way jaaniye heeriye
ආදරය මඟ සොයා යාවී,  ප්‍රියාවියේ, ආදරියේ?

Mere man yeh bata de tu kis or chala hai tu
Kya paaya nahin tune kya dhoond raha hai tu
Jo hai ankahee, jo hai ansunee woh baat kya hai bata
Mitwa... Kahe dhadkanen tujhse kya
Mitwa... Yeh khud se to naa tu chupa
මගේ හිත මෙය පවසන්න, නුඹ කොතැනක නික්මෙන් දෝ?
නොලැබුනේ කුමක්දෝ නුඹට? සොයන්නේ නුඹ මොනවදෝ?
කිසිදා නොකියූ, කිසිදා නොඇසූ ඒ පුවත කුමක්දෝ කියන්...
මිතුරේ... හද කුමක්ද කියුවේ, ගැහෙනා?
මිතුරේ... එය නුඹගෙන්ම සඟවන්නෙපා...

Jeevan dagar mein, dagar mein, dagar mein,
Prem nagar mein, nagar mein, nagar mein
Jeevan dagar mein, prem nagar mein
Aaya nazar mein jab se koi hai
ජීවන ගමනේ, (ගමනේ, ගමනේ)...
ප්‍රේම නගරයේ, (නගරයේ, නගරයේ)...
ජීවන ගමනේ, ප්‍රේම නගරයේ...
දෙනෙතට කිසිවෙකු ආ මොහොතේ සිට...

Tu sochta hai, tu poochta hai
Jiski kami thi, kya yeh wohi hai
Haan yeh wohi hai, haan yeh wohi hai
Tu ek pyaasa aur yeh nadi hai
නුඹ සිතුවා වූ, නුඹ ඇසුවා වූ...
ඒ අඩු කම නම් ඇයම නොවේ දෝ?
ඔව් ඒ ඇයමයි, ඔව් ඒ ඇයමයි...
ඔබ එක පිපාසිතයෙකි, නදියයි ඈ...

Kaahe nahin isko tu khulke bataaye
Jo hai ankahee, jo hai ansunee woh baat kya hai bata
Mitwa... Kahe dhadkanen tujhse kya
Mitwa... Yeh khud se to naa tu chupa
නොසඟවා පවසන් නුඔ නොකියූ දේ...
කිසිදා නොකියූ, කිසිදා නොඇසූ ඒ පුවත කුමක්දෝ කියන්...
මිතුරේ... හද කුමක්ද කියුවේ, ගැහෙනා?
මිතුරේ... එය නුඹගෙන්ම සඟවන්නෙපා...

Teri nigahen paa gayi raahen
Par tu yeh soche jaaon, na jaaon
Yeh zindagi jo, hai naachti toh
Kyoon bediyon mein hai tere paaon
අපේක්ෂාවෙන් මඟ බලයි, (නුඹේ) දෙනුවන්...
නමුදු සිතන්නේ, යම්දෝ, නොයම්දෝ?
මේ ජීවිතය රඟදෙනවා නම්...
ඇයි බැඳලන්නේ පා යුග නු‍ඹගේ...

Preet ki dhun par naach le pagal
Udta gar hai udne de aanchal
Kaahe koi apne ko aise tarsaaye
Jo hai ankahee, jo hai ansunee woh baat kya hai bata
ප්‍රීතියේ තනුවෙන් උමතුව රඟදෙන්...
උඩ යන්නේ නම්, සළුවට ඉඩදෙන්...
කිසිවකට රිදවන්න ඉඩ නොදෙනු අපට...
කිසිදා නොකියූ, කිසිදා නොඇසූ ඒ පුවත කුමක්දෝ කියන්...

Mitwa... Kahe dhadkanen tujhse kya
Mitwa... Yeh khud se to naa tu chupa
මිතුරේ... හද කුමක්ද කියුවේ, ගැහෙනා?
මිතුරේ... එය නුඹගෙන්ම සඟවන්නෙපා...

Mere man yeh bata de tu kis or chala hai tu
Kya paaya nahin tune kya dhoond raha hai tu
Jo hai ankahee, jo hai ansunee woh baat kya hai bata
Mitwa... Kahe dhadkanen tujhse kya
Mitwa... Yeh khud se to naa tu chupa
මගේ හිත මෙය පවසන්න, නුඹ කොතැනක නික්මෙන් දෝ?
නොලැබුනේ කුමක්දෝ නුඹට? සොයන්නේ නුඹ මොනවදෝ?
කිසිදා නොකියූ, කිසිදා නොඇසූ ඒ පුවත කුමක්දෝ කියන්...
මිතුරේ... හද කුමක්ද කියුවේ, ගැහෙනා?
මිතුරේ... එය නුඹගෙන්ම සඟවන්නෙපා...

Love will find a way jaaniye heeriye
Mitwa... Mitwa... Mitwa... Mitwa...
ආදරය මඟ සොයා යාවී,  ප්‍රියාවියේ, ආදරියේ?
මිතුරේ... මිතුරේ... මිතුරේ... මිතුරේ...

සිංදුව මෙතනින් බාගන්න...
Revisited Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mitwa
Album: Kabhi Alvida Naa Kehna
Year: 2006
Vocals: Shankar Mahadevan, Caralisa Monteiro,
Shafqat Amanat Ali (Revisited Version)
Music Director: Shankar Mahadevan, Ehsaan Noorani, Loy Mendonca
Lyricist: Javed Akhtar


Tuesday, July 26, 2011

Bachke O Bachke - Aladin
බලාගෙන ඉන්න, අද රෑ තමයි නියම රෑ...



Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Bachke o bachke o tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Bachke o bachke o tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Bachke o bachke o bachke o bachkee
බලාගෙන, බලාගෙන, බලාගෙන, බලාගෙන ඉන්න.

Bachke o bachke tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Milte milte chaaro taraf hum rang jama denge
තරුවකට, තරුවක් හමුවන වෙලාවෙදි...
අපි මුළු ලෝකෙම පෙරලලා පෙන්වන්නම්.

Bachke o bachke tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Milte milte chaaro taraf hum rang jama denge
තරුවකට, තරුවක් හමුවන වෙලාවෙදි...
අපි මුළු ලෝකෙම පෙරලලා පෙන්වන්නම්.

Puranaa taroon ka ye tarana
පරණ, තාරකාවක් ගැන කියන මේ ගීතය...
Humne janaa hai jaana
අපි හොඳින්ම දන්නවා ඒ ගැන.
Honi to honi hai tu rok ke dikha
සිදුවෙන්න තියෙන දෙයක් සිදුවේවි.
පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.

Arrey chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Hey chala chala chakkar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.

Hashar ki gadhi hai ruki ye padhi hai
මේ තමයි සැළකිය යුතුම වෙලාව.
ඒත් ඇයි ඒ වෙනුවෙන් තවත් බලන් ඉන්නේ?
Jane kyun dari hai batana
දන්නෑ ඇයි, බය කියලා... මට කියන්න.
Haan jaadu ki chadi hai
ඒක මැජික් පොල්ලක්.
Lahu se jadi hai
ලෙයින් ඔප දැමූ.
Kahan woh padi hai batana
ඒක කොහේද හංගලා තියෙන්නේ...? මට කියන්න.

Hey naag kaho thumkara
ඒක නාගයෙකුගේ පිඹීමක්.
Chalta hua woh hai taara
විටෙක ගිනිගෙන දැවෙන තරුවක්.
Kaabse mein hoga saara
මගේ ග්‍රහනයේ පවතීවි, හැමදෙයක්ම.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Hey naag kaho thumkara
ඒක නාගයෙකුගේ පිඹීමක්.
Chalta hua woh hai taara
විටෙක ගිනිගෙන දැවෙන තරුවක්.
Kaabse mein hoga saara
මගේ ග්‍රහනයේ පවතීවි, හැමදෙයක්ම.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.

Chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Arey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Hey chala chala chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Hey hey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh o bachke o bachke o bachke
අද රෑ තමයි, නියම රෑ.
බලාගෙන, බලාගෙන, බලාගෙන, බලාගෙන ඉන්න.

Zehar ka juaa hai
ඒක විසත් එක්ක කරන සූදුවක්.
Kehar ka dhua hai
විටෙක එය විනාශයේ දුමාරයයි.
Tehar sa gaya hai zamana
එය, ලෝකය එක් නැවතුමකට ගෙනැල්ලා.
Bichhu woh dassega
ගෝනුස්සා දෂ්ට කරාවි.
Pichhu se hassega
ඊට පස්සේ ඌ හිනාවේවි.
Kabar mein dasega zamana
ඌ මුළු ලෝකයම විනාශය වෙත ගෙන යාවි.

Main jaal yehi bunta hoon
මේක තමයි මං වියන දැල.
Main chaal yehi chunta hai
මේක තමයි මං සතුටු වෙන විදිය.
Main maut yehi sunta hoon
මං මරණයට ආරාධනා කරනවා.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Main jaal yehi bunta hoon
මේක තමයි මං වියන දැල.
Main chaal yehi chunta hai
මේක තමයි මං සතුටු වෙන විදිය.
Main maut yehi sunta hoon
මං මරණයට ආරාධනා කරනවා.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.

Chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Hey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Hey Chala chala chakkar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Hey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Bachke o bachke tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Milte milte chaaro taraf hum rang jama denge
තරුවකට, තරුවක් හමුවන වෙලාවෙදි...
අපි මුළු ලෝකෙම පෙරලලා පෙන්වන්නම්.
Puranaa taroon ka ye tarana
පරණ, තාරකාවක් ගැන කියන මේ ගීතය...
Humne janaa hai jaana
අපි හොඳින්ම දන්නවා ඒ ගැන.
Honi to honi hai tu rok ke dikha
සිදුවෙන්න තියෙන දෙයක් සිදුවේවි.
පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.

Arrey chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Hey chala chala chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.

Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh har pal har pal ki khabar hai
අද රෑ තමයි, නියම රෑ. අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.

Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh o bachke o bachke o bachke
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න. 
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...

Title: Bachke O Bachke
Album: Aladin
Year: 2009
Vocals: Shankar Mahadevan, Sunidhi Chauhan, Shaan
Music Director: Vishal Dadlani, Shekhar Ravjiani
Lyricist: Vishal Dadlani, Anvita Dutt Guptan



Monday, July 11, 2011

Tak Dhina Dhin - Aladin
තක් දිනා දින් හේ ඇලඩින්, අද
ඇරඹුණා නව දිනක් ලොවට අළුතින්...


Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Hey khoi hey khoi teri halat khoi khoi
නැතිවුණා, නැතිවුණා.
ඔයාගේ පෙණුම ඒ තරමටම පරාජිතයි.
Aaja chamkale teri kismat soi soi
මාත් එක්ක ඇවිල්ලා ඔයාගේ ඉරණම වෙනස් කරගන්න.
Hey tere ishaaron pe nachega saara jahan
එදාට මුළු ලෝකයම ඔයාගේ තාලයට නටාවි.

Tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.

Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Arey tune jo, Dekha socha na
hoga kabhi tere khwabon mein.
ඔයා කවදාවත් හිතල නැතුව ඇති
මේ වගේ දෙයක් ගැන, හීනෙන්වත්...
Arey hone ko Hai woh jo tune pada
hoga kahin kitaabon mein.
මොනවද වෙන්න යන්නේ කියලා ඔයා කියවලා ඇත්තේ
පොත් වලින් විතරක් වෙන්න ඇති.

Ho tere question ka, tu hi answer hai
ඔයාගේ ප්‍රශ්න වලට උත්තරේ ඔයාම තමයි.
Zindagi disco, hum sab dancer hai
ජීවිතේ කියන්නේ ඩිස්කෝ එකක්. අපි ඔක්කොම එහි නැට්ටුවෝ.
Sang apne jhoome gaye saara yeh samaa.
මුළු ලෝකයම අපිත් එක්ක නටමින්, ගයමින් ඉන්නවා.

Tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.

Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Maine to naacha nahi na
gaya kabhi hai mere khwaboon mein
මං කවදාවත් නටලාවත්, සිංදු කියලාවත් නෑ.
මගේ හීනවලදීවත්.
Kya hai jo mujhe gawata hai
koi mujhe ye bataa toh de
මොකක්ද මේ, මාව මෙතරම් සතුටු කරවන දෙය?
කවුරු හරි කියන්න, මට එය දැනගන්න ඕන.

Mere questions ka kya koi answer hai
මගේ ප්‍රශ්න වලට කා ලඟවත් උත්තර තියෙනවද?
Mere andar kya koi dancer hai
මගේ ඇඟ ඇතුලේ කවුරුහරි නැට්ටුවෙක් ඉන්නවද?
Dancer hai duniya se kahe tu chupaa
නැට්ටුවෙක් ඉන්නවා. ඇයි ඔයා ‍ඒ බව ලෝකයාගෙන් හංගන්නේ?

Tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.

Hey abhi na manega abhi na jaanega,
Meri ye baat yahan.
දැන් ඔයා තේරුම්ගන්න එකකුත් නෑ.
දැන්ම දැනගන්න එකකුත් නෑ.
මං කථා කරන්නේ මොනවා ගැනද කියලා.
Kabhi na kabhi toh tu pehchanega,
Maine to sach kaha.
ඒත් කවදා හරි දවසක ඔයා තේරුම් ගනීවි...
මං කිව්වේ ඇත්ත කියලා.

Hey hey tak dhina dhin… Hey aladin
Badli duniya ke aaya naya din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
ලෝකය වෙනස් වී අළුත් දවසක් උදා වී ඇත.
Tak dhina dhin Hey aladin
Kal bhula de ke ab hai tera din
තක් දිනා දින්. හේ, ඇලඩීන්.
අතීතය අමතක කරන්න. මේ තමයි ඔයාගේ දවස.

Kal bhula de ke ab hai tera din
ඔයාගේ ඊයේ දවස අමතක කරන්න.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න. 
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...

Title: Taak Dhina Dhin
Album: Aladin
Year: 2009
Vocals: Shaan, Shankar Mahadevan
Music Director: Vishal-Shekhar
Lyricist: Vishal Dadlani