Showing posts with label Udit Narayan. Show all posts
Showing posts with label Udit Narayan. Show all posts

Tuesday, September 11, 2012

Kyon Hawa Aaj Yun - Veer-Zaara
මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ?
පරිසරේ ඇයිද, පැහැ විහිඳුවන්නේ?

Ek din jab sawere sawere surmayi se andher ki chaadar hatake
Ek parbat ke takiye se suraj ne sarr jo uthaya to dekha
Dil ki vaadi mein chaahat ka mausam hai
Aur yaadon ki daaliyon par
Unginat beetey lamhon ki kaliyaan mehekne lagi hain
Unkahi unsuni aarzoo aadhi soyi hui aadhi jaagi hui
Aankein malti hui dekhti hai
Leher dar leher mauj dar mauj
Behti hui zindagi jaise har pal nayi hai
Aur phir bhi wahi… Haan wahi zindagi jiske daaman mein
Ek muhabbat bhi hai koi hasrat bhi hai
Paas aana bhi hai door jaana bhi hai
Aur yeh ehsaas hai waqt jharne sa behtaa hua
Jaa raha hai yeh kehta hua
Dil ki vaadi mein chaahat ka mausam hai
Aur yaadon ki daaliyon par
Unginat beetey lamhon ki kaliyaan mehekne lagi hain

එක දවසක අළුයම් ආලෝකයෙන්, අදුරු වළාපට ඉවත දමාවි...
කඳු මුඳුනත නැමැති කොට්ටයෙන්, හිරු කුමරුන් හිස ඔසවන අයුරු දකීවි...
හදවත් නිම්නය වෙත, ආදරයේ සෘතුව පැමිණේවි...
මතකයන්ගේ පියවර මත,
නොඟිණිය හැකි තරම් ඇසිල්ලන් හි, මල් පිබිඳෙමින් සුවඳ විහිදුවාවී...
නොකියූ, නොඇසූ බලාපොරොත්තු, අඩක් නිඳියමින්, අඩක් අවදියෙන්,
දෙනෙත් මත්තේ ඇතිරෙනයුරු දකීවි...
ලෙළදීම් පිට ලෙළදීම්, රැල් පිට රැල්,
මෙන් ජීවිතය ගලාවී, හැම මොහොතකම නැවුම් ලෙසින්...
නමුදු තවමත් එලෙසින්මයි, ඔව්! ඒ ජීවිතයමයි, කාගෙ හරි උකුළක,
එක ආදරයකුත් තියේවි, කිසියම් පැතුමකුත් තියේවි...
ළඟටත් ඒවි, ඒවගේම දුරටත් යාවි...
ඒ වගේම මේ හැඟීමම තමයි, කාලය ගංඟාවක් වගේ,
ගලායන අතරෙ අපට පවසන්නෙත්...
හදවත් නිම්නය වෙත, ආදරයේ සෘතුව පැමිණේවි...
මතකයන්ගේ පියවර මත,
නොඟිණිය හැකි තරම් ඇසිල්ලන් හි, මල් පිබිඳෙමින් සුවඳ විහිදුවාවී...

Kyon hawa aaj yuun gaa rahi hai
Kyon fiza rang chhalka rahi hai
Mere dil bataa aaj hona hai kya
Chandni din mein kyon chhaa rahi hai
Zindagi kiss taraf jaa rahi hai
Mere dil bataa kya hai ye silsila
Kyon hawa aaj yuun gaa rahi hai Gaa rahi hai gaa rahi hai

මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ?
පරිසරේ ඇයිද, පැහැ විහිඳුවන්නේ?
මගේ හද කියන්, අද කුමක් වේවිදැයි...
සඳවතී කිමද දහවල් දිළෙන්නේ?
කොතැනදෝ ජීවිතේ රැඟෙන යන්නේ?
මගේ හද කියන්, මේ ස්වරූපේ කිමැයි...
මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ? ගී ගයන්නේ? ගී ගයන්නේ?

Jahaan tak bhi jaayein nigaahein
Baraste hain jaise ujaaley
Sajee aaj kyun hain ye raahein
Khiley phool kyuu hai niraaley
Khushbuyein kaisi yeh beh rahi hain
Dhadkanein jaane kya keh rahi hain
Mere dil bataa yeh kahaani hai kya
Kyon hawa aaj yuun gaa rahi hai Gaa rahi hai gaa rahi hai

මෙලොව කොතැන බැලුවත් නෙතින් මේ,
දැක්කෙ, දිළිසෙනා ඇඳහැලුම් නේ...
සැරසිලා ඇයි අද පාරවල් මේ...
පිපෙන මල් ඇයි මෙතරම් සුන්දරත්වේ...
මේ සුගන්ධය කෙසේ විහිඳුවන්නේ...
ගැහෙන හද කියන දේ කවුද දන්නේ...
මගේ හද කියන්, මේ පුරාණේ කිමැයි...
මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ? ගී ගයන්නේ? ගී ගයන්නේ?

Ye kiska hai chehra jisey main
Har ek phool mein dekhta hoon
Ye kiski hai awaaz jisko
Na sunke bhi main sunn raha hoon
Kaisi yeh aahatein aa rahi hain
Kaise yeh khwaab dikhla rahi hain
Mere dil bataa kaun hai aa rahaa
Kyon hawa aaj yuun gaa rahi hai Gaa rahi hai gaa rahi hai

මේ කාගේ මුහුණක රුවක් දෝ?
පිපි හැම මලක ම මා දකින්නේ?
මේ කාගෙන් ඇසෙන කටහඬක්දෝ...
නොඇසුවත් මෙසේ මට ඇසෙන්නේ...
කාගෙදෝ අඩි ගැටෙන හඬ ඇසෙන්නේ?
මොනවගේ සිහිනයක්ද මේ දකින්නේ?
මගේ හද කියන්, මේ එන්නෙ කවුරුදැයි...
මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ? ගී ගයන්නේ? ගී ගයන්නේ?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Kyon Hawa
Album: Veer-Zaara
Year: 2004
Vocals: Lata Mangeshkar, Udit Narayan
Music Director: Late Madan Mohan, Sanjeev Kohli
Lyricist: Javed Akhtar

Wednesday, September 5, 2012

Yeh Hum Aa Gaye - Veer-Zaara
සිහිනයන්ගේ මේ නගරයේ, මතකයන්ගේ
මංමුළාවී, මේ අප පැමිණියේ කොතැනකදෝ?

Lehraati hui raahein, khole huwe hain baanhein
Ye hum aa gaye hain kahaan
Palkon pe gehre halke, hai reshmi dhundhalke ke
Ye hum aa gaye hain kahaan
Aa… ye hum aa gaye hain kahaan

ලෙළදේවී සුළං මංපෙත්, දෙඅත් අප වෙත දිඟ හරිමින්...
මේ අප පැමිණියේ කොහේදෝ?
උණුහුම් වූ නෙතුපිය මත්තේ, මෘදු මිහිදුම් පිනිකැට මිදුනේ...
මේ අප පැමිණියේ කොහේදෝ?
ඔව්! මේ අප පැමිණියේ කොහේදෝ?

Woh dekho zara, parbaton pe ghataayein
Humaari daastaan, holle se sunaaye
Suno toh zara, ye phoolon ki waadi
Hamaari, hi koyi, kahaani hai sunaati
Sapnon ke is nagar mein, yaadon ki rehguzar mein
Ye hum aa gaye hain kahaan
Haan.. ye hum aa gaye hain kahaan

අර බලන්න මඳක්, කඳු මුඳුනේ, වලාපටලේ...
අපගේ කතාවන්, හෙමි හෙමිහිට රැව්නැඟුනේ...
මදකට හෝ අසන්න, මේ මල් මිටියාවත්...
අපෙ යම්යම් කතාවන්, විටින් විට මුමුණන්නේ...
සිහිනයන්ගේ නගරයේ මේ, මතකයන්ගේ මංමුළාවී...
මේ අප පැමිණියේ කොහේදෝ?
ඔව්! මේ අප පැමිණියේ කොහේදෝ?

Jo raahon mein hai, rut ne sona bikhera
Sunehra huwa, tera mera savera
Zameen so gayi, barf ki chaadaron mein
Bas ek, aag si, jalti hai do dilon mein
Hawaayein sansanaayein, badan kaanp jaayein
Ye hum aa gaye hain kahaan
Haan ye hum aa gaye hain kahaan

යන මාවතේ, සෘතුන් රත්‍රං ඇතුරුවා සේ...
රන්වන් පැහැති වූවා, ඔබෙත් මාගෙත් සැඳෑවන්...
පොළොවත් නිදියතී, පොරවමින් හිම පොරෝනා...
එකම ගින්නක් දෙහදක ගැඹුරේ ඇවිළිලා...
සුළඟේ සන් සන් නාදෙන්, මුළු ගතම කම්පා වේ...
මේ අප පැමිණියේ කොහේදෝ?
ඔව්! මේ අප පැමිණියේ කොහේදෝ?

Ye barsaat bhi, kab thamein kaun jaane
Tumhein mil gaye, pyaar ke sau bahaane
Sitaaron ki hai, jaise baaraat aayi
Humaare liye, raat yun dagmagaayi
Sapne bhi jhilmilaayein dil mein diye jalaayein
Ye hum aa gaye hain kahaan
Haan ye hum aa gaye hain kahaan

මේ වැසි කවදා නවතීදැයි, කවුරුන්ද දන්නේ?
හමුවුනේ ඔබගෙනි, ආදරේ සියක් අවසරයන්...
තාරකා දිළෙන්නේ, පෙරහැර පැමිණෙනා සේ...
අප වෙනුවෙන්මයි, රාත්‍රියත් දිළෙන්නේ...
මේ සිහිනෙත් කාන්තිමත් වේ, හද පහන් සිළත් දැවෙන්නේ...
මේ අප පැමිණියේ කොහේදෝ?
ඔව්! මේ අප පැමිණියේ කොහේදෝ?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Yeh Hum Aa Gaye (Lehraati Hui Raahein)
Album: Veer-Zaara
Year: 2004
Vocals: Lata Mangeshkar, Udit Narayan
Music Director: Late Madan Mohan
Lyricist: Javed Akhtar

Saturday, September 1, 2012

Ae Mere Hamsafar - Qayamat Se
Qayamat Tak - ආදරෙන් මේ පොලොවෙහි
තබනා, එක පියවරක් වෙනුවෙන්, තැනෙකින් මඟක්
දිඟහැරේවී, තනෙකින් පවුරක් බිඳිලා...

Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki
Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki

මගෙ සහකාරියේ, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...
මගෙ සහකාරියේ, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...

Ab hai judaai ka mausam, do pal ka mehmaan
Kaise naa jaayega andhera, kyoon naa thamega toofan
Ab hai judaai ka mausam, do pal ka mehmaan
Kaise naa jaayega andhera, kyoon naa thamega toofan
Kaise naa milegi manzil pyaar ki

දැන් තමයි වියෝගයේ සෘතුව, එය මොහොතක අමුත්තෙක්...
වියැකී නොයන්නේ කිම අඳුර, නොනවතින්නේ කිම කැළඹුම්?
දැන් තමයි වියෝගයේ සෘතුව, එය මොහොතක අමුත්තෙක්...
වියැකී නොයන්නේ කිම අඳුර, නොනවතින්නේ කිම කැළඹුම්?
කෙලෙසින් හමු නොවේදෝ, ආදරේ මංපෙත...

Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki

මගෙ සහකරුව, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...

Pyaar ne jahan pe rakha hai jhoomke kadam ek baar
Vahin se khula hai koi rasta, vahin se giri hai deewaar
Pyaar ne jahan pe rakha hai jhoom ke kadam ek baar
Vahin se khula hai koi rasta, vahin se giri hai deewaar
Roke kab ruki hai manzil pyaar ki

ආදරෙන් මේ පොලොවෙහි තබනා, එක පියවරක් උදෙසා...
තැනෙකින් මඟක් දිඟහැරේවී, තනෙකින් පවුරක් බිඳිලා...
ආදරෙන් මේ පොලොවෙහි තබනා, එක පියවරක් උදෙසා...
තැනෙකින් මඟක් දිගහැරේවී, තනෙකින් පවුරක් බිඳිලා...
නැවතිය හැකිද කවදා, ආදරේ මංපෙත...

Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki
Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki

මගෙ සහකරුව, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...
මගෙ සහකාරියේ, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Ae Mere Humsafar
Album: Qayamat Se Qayamat Tak
Year: 1988
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Anand - Milind
Lyricist: Majrooh Sultanpuri

Tuesday, August 28, 2012

Pehli Pehli Baar - Dil To Pagal Hai
මේ උමතු හදවත ඔබේ මුවඟට සිනහවක් ගෙනේවී,
නමුදු ඒ හදවතම ඇසිල්ලකින් ඔබ හඬවාවි...

Dil to pagal hai, dil deewana hai Dil to pagal hai, dil deewana hai
Pehli pehli baar milaata hai yehi Seene mein phir aag lagaata hai
Dheere dheere pyaar sikhaata hai yehi Hasaata hai yehi, yehi rulaata hai
Dil to pagal hai, dil deewana hai Dil to pagal hai, dil deewana hai

හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්... හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්...
පළවෙනි වතාවට එය මෙලෙසේ හමුවේවි, ඉන්පසු ලය මඬලේ ගිනි අවුලාවී...
හෙමිහිට හෙමිහිට ආදරය උගන්නාවි, මේ හිනස්සාවී, මේ දැන් ඔබ හඬවාවී...
හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්... හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්...

Saari saari raat jagaata hai yehi Ankhiyon se neend churaata hai
Sachche jhoote khwaab dikhaata hai yehi Hasaata hai yehi, yehi rulaata hai
Dil to pagal hai, dil deewana hai Dil to pagal hai, dil deewana hai

මුළු රෑ තිස්සේ ඔබ අවදිව හිඳුවාවී, නෙතඟින් නින්ද සොරා ගනිමින්...
ඇත්ත හා බොරු සිහින පෙන්නාවී, මේ හිනස්සාවී, මේ දැන් ඔබ හඬවාවී...
හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්... හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්...

Is dil ki baaton mein jo aate hain Voh bhi deewane ho jaate hain
Manzil to raahi dhoond lete hai Rastein magar kho jaate hain
Dil to pagal hai, dil deewana hai Dil to pagal hai, dil deewana hai

ඒ හදවත් වදනට කන්දෙන කවුරුන් මුත්, ඔහු නම් උන්මත්තකයෙක් වෙනවාමයි...
අරමුන සොයමින් යන්නෙකු වූවත්, යන මඟ මංමුලා වෙනවාමයි...
හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්... හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්...

Soorat se main na pehchaanoongi Naam se bhi na usko jaanoongi
Dekhoongi kuch na main sochoongi Dil jo kahega vohi maanoongi
Dil to pagal hai, dil deewana hai Haan yeh pagal hai, haan deewana hai

මුහුණින් නම් මා ඔහු හඳුනන්නෑ, නමිනුත් මා නම් ඔහු ගැන දන්නෑ...
දැක්කත්, වෙන මොනවත් හිතන්නෙත් නෑ, පිළිගන්නෙමි හදවත මොනවා කිව්වත්...
හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්... ඔව්! මේ හදට පිස්සු, හදවත උමතුවෙන්...

Dil ko kehna hum sab mane Dil na kisi ki mane
Jaan di humne, jaan gaye sab Ek voh hi na jaane
Dil to pagal hai, dil deewana hai Dil to pagal hai, dil deewana hai

හද කියන දේ අපි ඇසිය යුතුයි, හද කවුරුවත් කියනදේ අහන්නෑ...
දිවි දිය යුතු බැව්, දැනගත යුතු මුත්, හදවතවත් එය දන්නේ නෑ...
හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්... හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්...

Rehne do chhodo yeh kahaaniyaan Deewanepan ki sab nishaaniyaan
Logon ki saari pareshaaniyaan Is dil ki hai yeh meherbaaniyaan
Ho dil to pagal hai, dil deewana hai Dil to pagal hai, dil deewana hai

අතහැරලා දාන්න මේ කතාබහ, මේ හැම දේ වෙන්නේ, උන්මාදය නිසා...
මුළු ලෝකෙම ඉන්නේ, කණස්සලු වෙලා, සැනසුම මෙයමයි, ඒ හද සනසනා...
හෝ! හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්... හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්...

Saari saari raat jagaata hai yehi Ankhiyon se neend churaata hai
Dheere dheere pyaar sikhaata hai yehi Hasaata hai yehi, yehi rulaata hai
Dil to pagal hai, dil deewana hai Dil to pagal hai, dil deewana hai

මුළු රෑ තිස්සේ ඔබ අවදිව හිඳුවාවී, නෙතඟින් නින්ද සොරා ගනිමින්...
හෙමිහිට හෙමිහිට ආදරය උගන්නාවි, මේ හිනස්සාවී, මේ දැන් ඔබ හඬවාවී...
හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්... හදවතට නම් පිස්සු, හදවත උමතුවෙන්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Dil To Pagal Hai (Pehli Pehli Baar)
Album: Dil to Pagal Hai
Year: 1997
Vocals: Lata Mangeshkar, Udit Narayan
Music Director: Uttam Singh
Lyricist: Anand Bakshi

Sunday, August 26, 2012

Main Yahaan Hoon - Veer-Zaara
ඔබව සැඟවිය නොහැකි ඒ රහස මමම විය, ඔබට
අමතක නොවන පුරාණය මමම විය...

Jaanam, dekh lo, mit gayi dooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan...
Jaanam, dekh lo, mit gayi dooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan...
Jaanam, dekh lo, mit gayi dooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan...
Kaisi sarhadein, kaisi majbooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan...

ප්‍රේමියේ! මේ බලන්, දුරස්බව දුරුවෙලා...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි...
ප්‍රේමියේ! මේ බලන්, දුරස්බව දුරුවෙලා...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි...
ප්‍රේමියේ! මේ බලන්, දුරස්බව දුරුවෙලා...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි...
බාධා කොහෙද දැන්, කොහෙද අසරණකමක්...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි...

Tum chhupa na sakogi main woh raaz hoon
Tum bhoola na sakogi woh andaaz hoon
Goonjta hoon jo dil mein toh hairaan ho kyun
Main tumhaare hi dil ki toh awaaz hoon

ඔබට සඟවා තැබිය නොහැකි, ඒ රහසයි මං...
ඔබට අමතක කළ නොහැකි, පුරාණයයි මං...
පිළිරැව් දෙන විටදි හදෙහි, තිගැස්සෙන්නෙ ඇයි?
මං ඔයාගේ හදවතින් නැඟෙන කටහඬයි...

Sun sako, toh suno, dhadkanon ki zabaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan
Kaisi, sarhadein, kaisi majbooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan

ඇසේ නම්, අසන්නකො... ගැහෙන හදෙහි වදන්...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි...
බාධා කොහෙද දැන්, කොහෙද අසරණකමක්...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි...

Main hi main ab tumhaare khayaalon mein hoon
Main jawaabon mein hoon, main sawaalon mein hoon
Main tumhaare har ek khwaab mein hoon basa
Main tumhaari nazar ke ujaalon mein hoon

මමම වෙයි, දැන් ඔබේ සිතුවිළි තුළ පවා..
පිළිතුරෙත් ඉන්නෙ මං, ගැටළුවෙත් ඉන්නෙ මං...
මා ඔබේ හැම සිහිනයකම, මුලසුන වෙමි...
මා ඔබේ නෙතුයුගේ, දිළිසුමෙත් හිඳිනෙමි...

Dekhti, ho mujhe, dekhti ho jahaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan
Jaanam, dekh lo, mit gayi dooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan
Kaisi sarhadein, kaisi majbooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan

දැක ගත හැක නුඹේ, නෙතු යොමන තැනක, මා...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි...
ප්‍රේමියේ! මේ බලන්, දුරස්බව දුරුවෙලා...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි...
බාධා කොහෙද දැන්, කොහෙද අසරණකමක්...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි...
මා මෙහි හිඳිනෙමි, හිඳිනෙමි, හිඳිනෙමි, මෙහි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Main Yahaan Hoon (Jaanam Dekh Lo)
Album: Veer-Zaara
Year: 2004
Vocals: Udit Narayan
Music Director: Late Madan Mohan
Lyricist: Javed Akhtar

Saturday, August 11, 2012

Dholna (Kab Tak Chup) - Dil To Pagal Hai
කවද වෙනකන් මේ විදියට නිහඬව ඉන්නද?
දැන්වත් මොනවහරි කියන්න...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna
Kab tak chup baithe ab to kuch hai bolna mm, la la la la la
Kuch tum bolo kuch hum bole o dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත...
කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වතියේ...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna
Mar jaana tha yeh bhed nahin tha kholna
O dholna O dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත...
මියයන තෙක් මේ කියනා කියුම් නොම හෙළිවෙනා...
ඕ! පෙම්වතියේ, ඕ! පෙම්වත...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත...

Do chaar kadam pe tum the, do chaar kadam pe hum the
Do chaar kadam pe tum the, do chaar kadam pe hum the
Do chaar kadam yeh lekin sau milon se kya kam the

යුග-සිව් පියවර ඔබ තබනා, යුග-සිව් පියවර මා තබනා...
යුග-සිව් පියවර ඔබ තබනා, යුග-සිව් පියවර මා තබනා...
යුග-සිව් පියවර වූවත්, ඒ දුර ගව් ගණනක් සේ දැනෙනා...

Phir uspe kadam kadam pe dil ka dolna
Haai dolna O dholna
Kab tak chup baithe ab to kuch hai bolna aa aa…
Kuch tum bolo kuch hum bole o dholna

ඒ පියවර මත, පියවර මත හදවත රඟදෙනා...
ඔව්! රඟදෙනා, ඕ! පෙමවත...
කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වතියේ...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත...

Lo jeet gaye tum humse, hum haar gaye is dil se
Lo jeet gaye tum humse, hum haar gaye is dil se
Aaya hai aaj labon pe yeh pyaar badi mushkil se

බලන්න, දිනුවා ඔබ මාව, මා පරාද වුණා ඒ හදට...
බලන්න, දිනුවා ඔබ මාව, මා පරාද වුණා ඒ හදට...
එය පිබිදුනි අද තොල් මත්තේ, මේ පෙම එතරම් දුෂ්කර වේ...

Is pyaar mein humko paagal na kar chhodna
Na chhodna, o dholna
Kab tak chup baithe ab to kuch hai bolna mm, la la la la la
Kuch tum bolo kuch hum bole o dholna

මේ ප්‍රේමෙන් මා පිස්සියෙකු කර අත් හරින්නෙපා...
අත් හරින්නෙපා, ඕ! පෙම්වත...
කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වතියේ...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna
Mar jaana tha yeh bhed nahin tha kholna
O dholna O dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත...
මියයන තෙක් මේ කියනා කියුම් නොම හෙළිවෙනා...
ඕ! පෙම්වතියේ, ඕ! පෙම්වත...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත (පෙම්වතියේ)...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Dholna
Movie: Dil To Pagal Hai
Year: 1997
Vocals: Lata Mageshkar, Udit Narayan
Music Director: Uttam Singh
Lyricist: Anand Bakshi

Wednesday, July 11, 2012

Jaane Kyun - Dil Chahta Hai
ආදරේ දිවියට පැහැයන් ගෙන එන්නේ...
ආදරෙන්මයි ජීවිතේ සැරසෙන්නේ...

Jaane Kyoon Log Pyaar Karte Hain Jaane Kyoon Voh Kisi Pe Marte Hain
Jaane Kyoon Log Pyaar Karte Hain Jaane Kyoon Voh Kisi Pe Marte Hain
Jaane Kyoon Jaane Kyoon? Jaane Kyoon Jaane Kyoon Jaane Kyoon?

ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ? ඇයි දන්නෑ කෙනෙක් මත්තේ මියයන්නේ?
ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ? ඇයි දන්නෑ කෙනෙක් මත්තේ මියයන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...?

Pyaar Mein Sochiye To Bas Gham Hai - Pyar Mein Jo Sitam Bhi Ho Kam Hai
Pyar Mein Sar Jookana Padta Hai - Dard Mein Muskurana Padta Hai
Zaher Kyon Zindagi Mein Bharte Hain? - Jaane Kyoon Log Pyaar Karte Hain
Jaane Kyoon Jaane Kyoon? - Jaane Kyoon Jaane Kyoon Janne Kyoon?

හිතලා බැලුවොතින් ආදරේ, දුකමයි ඇත්තේ
ආදරේදී වේදනා, නෑ අඩු වෙන්නේ...
ආදරේදී හිස නමන්නයි, සිදු වෙන්නේ
වේදනාවේදිත් හිනාවෙන්නයි වෙන්නේ...
මේ වසෙන් ජීවිතේ ඇයි පුරවන්නේ?
ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ...
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...

Pyar Bin Jeene Mein Rakha Kya Hai - Pyar Jisko Nahin Woh Tanha Hai
Pyar Bin Jeene Mein Rakha Kya Hai - Pyar Jisko Nahin Woh Tanha Hai
Pyar Sau Rang Le Ke Aata Hai - Pyar Hi Zindagi Sajaata Hai

ආදරෙන් තොර අරුත කිමදෝ මේ දිවියේ - ආදරේ නැති නම් ඔහු තනිවෙන්නේ...
ආදරෙන් තොර අරුත කිමදෝ මේ දිවියේ - ආදරේ නැති නම් ඔහු තනිවෙන්නේ...
ආදරේ දිවියට පැහැයන් ගෙන එන්නේ - ආදරෙන්මයි ජීවිතේ සැරසෙන්නේ...

Log Chup Chupke Pyaar Karte Hain - Jaane Kyoon Saaf Kehte Darte Hai?
Jaane Kyoon Jaane Kyoon? - Ho Jaane Kyoon Jaane Kyoon Janne Kyoon?

සැවොම සැමටම හොරෙන් ආදරේ කරන්නේ - ඇයි දන්නෑ ඒ බව කියුමට බය වන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...

Pyaar Bekaar Ki Musibat Hai - Pyaar Har Tarah Khoobsurat Hai
Oh Pyaar Se Hum Door Hi Achche! - Are Pyar Ke Sab Roop Hai Sachche
Oh Pyar Ke Ghaat Jo Utarte Hai - Doobte Hai Na Woh Ubharte Hai

ආදරේ කිසිම වැඩකට නැති වදයක් - ආදරේ සුන්දරයි හැමටම වැඩියෙන්...
ඕ! ආදරේ ඈතින් ඇති තරමටම හොඳයි! - අනේ! ආදරේ හැම ස්වරූපයම ඇත්තයි...
ඕ! ආදරේ දෙපා වසා ගලායන්නේ - කි‍මිදෙන්න හෝ, ගොඩ එන්නට ඉඩ ඇත්තේ...

Pyar To Khair Sabhi Karte Hain - Jaane Kyoon Aap Hi Mukarte Hain
Jaane Kyoon Jaane Kyoon? - Jaane Kyoon Jaane Kyoon?

සැවොම මේ ආදරයට එකඟයි නේ? - ඇයි මන්දා ඔයා එය නොතකන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Jaane Kyun
Album: Dil Chahta Hai
Year: 2001
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Shankar, Ehsaan, Loy
Lyricist: Javed Akhtar

Saturday, July 7, 2012

Mitwa Sun Mitwa - Lagaan
මිතුරේ, ඔබ ඇයි මේ බියවන්නේ? මේ දෙරණද
අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...

Har sant kahe, saadhu kahe
Sach aur saahas hai jiske mann mein
Ant mein jeet usiki rahe

හැම සාන්තුවරුන්, සාධුවරුන් කියයි...
සත්‍යය වීර්ය ඇතිනම් ඔහු හිත ඇතුළේ...
අවසන ජය ඔහු වෙතම රැදේ...

Aaja re aaja re, aaja re aaja re
Bhale kitne lambe ho raste, ho Thake na tera yeh tan, ho
Aaja re aaja re, sun le pukaare dagariya
Rahe na yeh raste taraste, ho, tu aaja re
Is dharti ka hai raja tu, yeh baat jaan le tu
Kathinaayi se takraa ja tu, nahin haar maan le tu
Mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Dharti apni hai, apna ambar hai re Tu aaja re

එනු මැනවි, එනු මැනවි, එනු මැනවි, එනු මැනවි...
ඇතත්, යන්න කෙතරම් දුර ගමනක්... නොම වෙහෙසේ ගත මේ...
එනු මැනවි, එනු මැනවි, අසන් අඬගසන හඬ මාවත්...
නොරැ‍ඳෙයි මේ මංමාවත් පිපාසෙන්, ඔබ එනු මැනවි...
මේ දෙරණේ රජ්ජුරුවෝ ඔබ වේ... ඔබ එය දැනගත යුතුමයි...
කම්කටොලූ හා හැප්පෙන්න, ඔබ පැරදුම නොම පිළිගන්න...
මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ... ඔබ එනු මැනවි...

Sun lo re mitwa Jo hai tumre mann mein, vohi hamre mann mein
Jo sapna hai tumra, sapna vohi hamra hai Jeevan mein
Haan, chale hum liye aasa ke diye nayanan mein
Diye hamri aasaaon ke kabhi bujh na paaye
Kabhi aandhiyaan jo aake inko bujhaaye
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Dharti apni hai, apna ambar hai re Tu aaja re

අසනු මැන! මිතුරේ... ඔබේ හිත්මත්තේ ඇති දේ? එයමයි අපේ හිත්මත්තේ...
හැම සිහිනයන් ඔබගේ, ඒ හැම සිහිනෙත් අපගේ වේ... දිවිගමනේ...
ඔව්! ඇවිදයන් අපේ අපේක්ෂාවේ නෙතු දල්වා...
ඒ අපේක්ෂාවේ පහන් සිළු කිසිදා නිවී නොයාවී...
දිනෙක නිවාලන්නට හැදුවත් කුණාටුවක් ඇවිදින්...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ... ඔබ එනු මැනවි...

Ta na, ta na na na, ta na na na na na
Ta na, ta na na na, ta na na na na
Ta na, ta na na na, ta na na na na na, aaja re

තා නා තා න නා න ත න නා නා නා නා
තා නා තා න නා න ත න නා නා නා
තා නා තා න නා න ත න නා නා නා නා එනු මැනවි!

Sun lo re mitwa Purwa bhi gaayegi, masti bhi chhaayegi
Milke pukaaro to Phoolon waali jo rut hai, aayegi
Haan, sukh bhare din, dukh ke bin laayegi
Hum tum sajaaye aao, rangon ke mele
Rehte ho bolo kaahe tum yun akele
Mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh Dharti apni hai, apna ambar hai re Tu aaja re

අසනු මැන! මිතුරේ... හුළඟද ගයාවී ගී, දැඟලිල්ලෙන් ඉපිලේවී...
හමුවී ඇරයුම් කළහොත්... මලින් පිරුණු සෘතුන්, පැමිණේවී...
ඔව්! සැප බර දිනයන්, දුක් හැරදා ගෙන ඒවී...
ඔබත් මාත් සරසමු එනුමැන, පැහැබර සැණකෙළි...
මෙලෙස තනිවී ඉන්නේ ඇයිදැයි, ඔබම පවසන්න...
මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ... ඔබ එනු මැනවි...

Har sant kahe, saadhu kahe
Sach aur saahas hai jiske mann mein
Ant mein jeet usiki rahe

හැම සාන්තුවරුන්, සාධුවරුන් කියයි...
සත්‍යය වීර්ය ඇතිනම් ඔහු හිත ඇතුළේ...
අවසන ජය ඔහු වෙතම රැදේ...

O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh Dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh Dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh Dharti apni hai, apna ambar hai re
Tu aaja re, tu aaja re, tu aaja re Tu aaja re

ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඔබ එනු මැනවි... ඔබ එනු මැනවි... ඔබ එනු මැනවි... ඔබ එනු මැනවි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mitwa
Album: Lagaan
Year: 2001
Vocals: Udit Narayan, Alka Yagnik, Sukhwinder Singh, Srinivas
Music Director: A R Rahman
Lyricist: Javed Akhtar

Monday, June 25, 2012

Tu Mera Dil - Akele Hum Akele Tum
ඔයත් තනියෙන්, මමත් තනියෙන්...
එත් ඔයයි මමයි ඉන්න තැන මොන තනිකමක් ද?

Akele hum, akele tum Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
Tu mera dil, tu meri jaan Oh I love you Daddy 
Tu maasoom, tu shaitaan But you love me Daddy

මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා...
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා...

Yun to hai tu nanha sa Hai magar guru sab ka
Aur issi sharaarat se Dil jigar hai tu sab ka
Kehne ko hai yun to hazaar Koi magar tujhsa kahan
Akele hum, akele tum
Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy

ඔයා නොදරුවෙකු වූ නමුදු, ගුරුවරයෙකි හැම දෙනෙකුටම...
මේ දඟකාරකම් හින්දා, හද ප්‍රාණය ඔයයි, හැම දෙනෙකුගෙම...
කිව හැකි මෙවන් දහසක් කියුම්, කොහේවත් නැතේ ඔයාවගේ කෙනෙක්...
මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 

Maan lo kal jo yeh saari duniya Saath mera nahin degi
Kaun hai phir meri manzil ka hamsafar Main hoon Daddy
Aaj lage kitna haseen Apna jahan, apna sama
Akele hum, akele tum
Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
But you love me Daddy But you love me Daddy

පිළිගන්නවද? හෙට මුළු ලොව මේ, මා සමඟින් නොඉඳීවී...
එදාට මං යන ඒ ගමනේ, සහකරු වෙන්නේ... මමයි තාත්තා... 
කෙතරම් සොඳුරුව දැනේවිද අද, අපගේ ලොවේ, අපේ ඇසිල්ලන්...
මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා...
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 
ඒත් මට ආදරෙයි තාත්තා... ඒත් මට ආදරෙයි තාත්තා... 

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Akele Hum Akele Tum
Album: Akele Hum Akele Tum
Year: 1995
Vocals: Udit Narayan & Aditya Narayan
Music Director: Anu Malik
Lyricist: Majrooh Sultanpuri

Tuesday, June 12, 2012

Radha Kaise Na Jale - Lagaan
ගෝපි තරුවක් වු කල, සඳවත රාධා...
එසේ මුත් කිම මෙලෙසේ දැවුනේ රාධා...

Madhuban mein jo Kanhaiya kisi gopi se mile
Kabhi muskaaye, kabhi chhede, kabhi baat kare
Radha kaise na jale, Radha kaise na jale
Aag tan mann mein lage Radha kaise na jale, Radha kaise na jale

මධු උයනකදී, ක්‍රිෂ්ණට, ගෝපිගේ හමුවීම වුණේ...
විටෙක හිනැහෙමින්, සරදමින්, යළි යළි කතා කරේ...
රාධා කෙසේ නොදැවී ඉන්නේ? රාධා කෙසේ නොදැවී ඉන්නේ?
ගතේ සිතේ ගිණි ඇවිළේ...
රාධා කෙසේ නොදැවී ඉන්නේ? රාධා කෙසේ නොදැවී ඉන්නේ?

Madhuban mein bhale Kaanha kisi gopi se mile
Mann mein to Radha ke hi prem ke hain phool khile
Kis liye Radha jale, kis liye Radha jale
Bina soche samjhe Kis liye Radha jale, kis liye Radha jale

මධු උයනකදී නමුදු, ක්‍රිෂ්ණාට ගෝපිව හමුවූයේ...
සිතේ හි රාධාගේ ප්‍රේමෙන්, පෙම් මල් හද පුබුදු වුණේ...
කුමටද රාධා දැවුනේ, කුමටද රාධා දැවුනේ?
නොමවටහා, නොහිතා...
කුමටද රාධා දැවුනේ, කුමටද රාධා දැවුනේ?

O, gopiyaan taarein hain, chaand hai Radha
Phir kyoon hai usko biswaas aadha
O, gopiyaan taarein hain, chaand hai Radha
Phir kyoon hai usko biswaas aadha
Kaanhaji ka jo sadaa idhar udhar dhyaan rahe
Radha bechaari ko phir apne pe kya maan rahe

ඕ! ගෝපි තරුවක් වු කල, සඳවත රාධා...
එසේ ‍වූවත් ඇයි මේ, ඇගේ අවිශ්වාසේ...
ඕ! ගෝපි තරුවක් වු කල, සඳවත රාධා...
එසේ ‍වූවත් ඇයි මේ, ඇගේ අවිශ්වාසේ...
ක්‍රිෂ්ණාගේ සිත සැමදා එහෙට මෙහෙට යන්න ගියොත්...
රාධා අසරණීගේ හිතට තමන් ගැන මොනවා හිතේවීදෝ...?

Gopiyaan aani jaani hain, Radha to mann ki rani hai
Gopiyaan aani jaani hain, Radha to mann ki rani hai
Saanjh sakhaare, Jamna kinaare Radha Radha hi Kaanha pukaare
Oye hoye, oye hoye Baahon ke haar jo daale koi Kaanha ke gale
Radha kaise na jale, Radha kaise na jale
Aag tan mann mein lage Radha kaise na jale, Radha kaise na jale

ගෝපි ලා, එනවා යනවා වේ, රාධා මේ සිත් හි රැජිනක් වේ...
ගෝපි ලා, එනවා යනවා වේ, රාධා මේ සිත් හි රැජිනක් වේ...
සැදෑව ගෙවෙනාතෙක්, ජමුණා ගං‍තීරේ... රාධා රාධා යයි ක්‍රිෂ්ණා අමතන්නේ...
ඕ..යේ, හොයේ, ඕ..යේ, හොයේ,
දෑත්-මල්දම කවුරු හෝ පැළඳුවොත් ක්‍රිෂ්ණාගේ ගෙලේ...?
රාධා කෙසේ නොදැවී ඉන්නේ? රධා කෙසේ නොදැවී ඉන්නේ?
ගතේ සිතේ ගිණි ඇවිළේ...
රාධා කෙසේ නොදැවී ඉන්නේ? රාධා කෙසේ නොදැවී ඉන්නේ?

Mann mein hai Radhe ko Kaanha jo basaaye
To Kaanha kaahe ko usse na bataaye
Prem ki apni alag boli, alag bhaasa hai
Baat nainon se ho Kaanha ki yahi aasa hai

සිතේ හී රාධා නම් ක්‍රිෂ්ණාගේ ඇත්තේ...
ඇයි ක්‍රිෂ්ණා ඇය හට, එය නොකියන්නේ?
ප්‍රේමයේදී අපට විවිධ වදන්, විවිධ භාෂාවේ...
වදන් දෙනෙතින් පවසයි, එය ක්‍රිෂ්ණාගේ අභිලාශේ...

Kaanha ke yeh jo naina hain Chheene gopiyon ke chaina hain
Kaanha ke yeh jo naina hain Chheene gopiyon ke chaina hain
Mili najariya, hui baawariya Gori gori si koi gujariya
Kaanha ka pyaar kisi gopi ke mann mein jo pale
Kis liye Radha jale, Radha jale, Radha jale

මේ නෙතුයුග ක්‍රිෂ්ණාගේ... ග්‍රහණෙන් මුදවා ගෝපීගේ...
මේ නෙතුයුග ක්‍රිෂ්ණාගේ... ග්‍රහණෙන් මුදවා ගෝපීගේ...
නෙතු හමුවද, ගියේ වැරදිලා, සුදු ළඳ තරහින් ගිඟුරුවා...
ක්‍රිෂ්ණා පෙම යම් ලෙසකින් ගොපිගේ හදේ දළුලුවහොත්...?
කුමටද රාධා දැවුනේ, රාධා දැවුනේ? රාධා දැවුනේ?

Radha kaise na jale Kis liye Radha jale
Radha kaise na jale Kis liye Radha jale, kis liye Radha jale
Radha kaise na jale Kis liye Radha jale, kis liye Radha jale
Aah, aah, aah, aah... Radha kaise na jale

රධා කෙසේ නොදැවී ඉන්නේ? කුමටද රාධා දැවුනේ?
රධා කෙසේ නොදැවී ඉන්නේ? කුමටද රාධා දැවුනේ? කුමටද රාධා දැවුනේ?
රධා කෙසේ නොදැවී ඉන්නේ? කුමටද රාධා දැවුනේ? කුමටද රාධා දැවුනේ?
ආ.. ආ... ආ... රධා කෙසේ නොදැවී ඉන්නේ?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Radha Kaise Na Jale
Album: Lagaan
Year: 2001
Vocals: Asha Bhosle, Udit Narayan, Vaishali
Music Director: A R Rahman
Lyricist: Javed Akhtar

Friday, June 8, 2012

Melody - Mujhse Dosti Karoge
ඔයා කියනවා නම්, මගේ හදවතේ තිබෙන
හැඟුම් ගැන මං ඔයාට කියන්නම්...

Mere dil mein aaj kya hai tu kahe to main bata doon
මගේ හදෙහි අද තියෙන දේ... ඕනේ නම් මං කියන්නම්...
(From Daag - 1973)

Na chahoon sona chaandi na chaahoon hira moti
Ye mere kis kaam ke
Na maangoon bangla baari na maangoon ghora gaari
Ye to hain bas naam ke
Deti hai dil de badale mein dil ke...
Ghe ghe ghe ghe ghe Ghere... Saahiba pyaar mein sauda nahien...

මට ඕන්නෑ රත්‍රං රිදී, මට ඕන්නෑ මුතු දියමන්ති...
ඔය කිසිවක් මට වැඩක් නැතේ
ඉල්ලන්නෑ ලොකු බංගලාවක්, ඉල්ලන්නෑ ලොකු වාහනයක්...
මේවා නිකම් නමට විතරයි...
දෙනවා නම් හදවත දී මගේ හද ගන්න...
ගන්න... ගන්න... ගන්න... ගන්නකෝ... පෙම්වත,
නමුත් පෙමට ගනුදෙණු නැතේ...
(From Bobby - 1973)

Jhooth bole Are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...
Jhooth bole are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...

බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
(Also from Bobby - 1973)

Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge...
Rah jaayenge rah jaaenge gharwaale dekhte rah jaaenge...
Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge

ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
බලා හිදී, බලා හිදී, පුදුමයෙන් ගෙදර අය බලා හිදී...
ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
(From Chor Machaye Shor - 1974)

Ye galiyaan yeh chaubaara yahaan aana na dobaara...
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien
Le ja rang birangi yaadein hansne rone ki buniyaadein
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien

මේ පාරෙන්, මේ ගෙමිදුල‍ට, ආයේ පාරක් එන්නෙපා මෙහෙට...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
ගෙන යන් පැහැයෙන් දිදුලන මතකේ, සිනාවන්, කඳුලැළි ගංගාවන්...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
(From Prem Rog - 1982)

Bachna ae hasinon lo main aa gaya...
Husn ka aashiq husn ka dushman
Apni ada hai yaaron se judaa
Hey Ho... Bachna ae hasinon lo main aa gaya

බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
සුන්දරියන්ගේ පෙම්වතා, එයාලගේ හෙනහුරා...
මේ මාගේ ඉරියව් මිතුරන්ගෙන් වෙනස්...
හේ, හෝ... බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
(From Hum Kisi Se Kam Nahin - 1977)

Aap yahaan aaye kis liye Aap ne bulaae is liye
Aaye hain to kaam bhi bataaiye
Na na na pahale zara aap muskaraiye
Aap yahaan aaye kis liye

ඔයා මෙහෙ ආවේ මොකටද? ඔයානේ අඬගැහුවේ, ඒකනේ?
ආවා නම් ආව වැඩේ කියන්නකෝ...
නෑ... නෑ... නෑ... මුලින්ම ඔයා ටිකක් හිනාවෙන්නකෝ...
ඔයා මෙහෙ ආවේ මොකටද?
(From Kal Aaj Aur Kal - 1971)

Main nikla gaddi leke... Raste par sadak mein
Ek mod aaya main uth dil chod aaya...
Rab jaane kab guzara amristar o kab jaane lahor aaya
Main uth dil chhod aaya
Ek mod aaya main uth dil chhod aaya

මං යනවා, වාහනේ අරන්... පාර මැද්දේ, යන ගමනේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
දන්නේ දෙවියන් ගියේ කවදද, අම්රිත්සර් ඕ! කවුද දන්නේ, ලාහෝර් ආවේ?
මං හදවත දාලයි ආවේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
(From Gadar - 2001)

Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...
Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...

හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
(From Badi Bahen - 1948)

Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat

මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්...
(From Aah - 1953)

Aajkal tere mere pyaar ke charche har zabaan par Achchha
Sabko maaluum hai aur sabko khabar ho gayi To kya?
Aajkal tere mere pyaar ke charche har zabaan par Ja jaa
Sabko maaluum hai aur sabko khabar ho gayi

මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... ඇත්තට?
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන... ඉතින් මොකෝ...?
මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... අනේ යන්න...
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන...
(From Brahmachaari - 1968)

O... Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Main kahati hoon tu ne mera dil le liya...

ඕ... ආගන්තුකයා... ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
ආගන්තුකය, ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
මම පවසන්නේ ඔබ හට, මගේ හද ගෙනයන් කියා...
(From Mr. Natwarlal - 1979)

Ure jab jab zulfein teri... Kunwaariyon ka dil machle
Kunwaariyon ka dil machle jind meriye
Ho jab aise chikne chehare...To kaise na najar phisle
To kaise na najar phisle jind meriye

උඩ යද්දී හිසකේ ඔබගේ... කෙල්ලන්ගේ හද ඉපිලේ...
කෙල්ලන්ගේ හද ඉපිලේ... මගේ කොල්ලෝ...
මේ හුරතල් මුහුණු දකිද්දී... කෙලෙස ඇහි පියලන්නේ?
කෙලෙස ඇහි පියලන්නේ? මගේ කෙල්ලේ...
(From Naya Daur - 1957)

O dilwaalon dil mera sunne ko beqaraar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...
Chaahat se ham tum hain chaahat se sansaar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...

ඕ, පෙම්වතුනේ, හද මාගේ ඇසුනාදෝ කළබලෙන් වගේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
පෙම නාමෙන් ඔබේ මාගේ, පෙම නාමෙන් සංසාරයේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
(From Kaho Na Pyaar Hai - 2000)

Ajib daastaan hai yeh kahaan shuroo kahaan khatm
Ye manzilein hain kaunsi na voh samajh sake na ham
Mubaarake tumhein ki tum kisi ke noor ho gaye
Kisi ke itne paas ho ki sabse door ho gaye
Ajib daastaan hai yeh

අමුතුම කතාවක්නේ මේ, මුලක් කොහෙද, අගක් කොහෙද...
මේ අරමුනේ දී කිසිවෙකු, වටහා ගන්නේ නෑ අපි...
ඔබේ පැතුම් වලින් ඔබ, කිසිවෙකුට අයිති වේවි නම්....
කිසිවෙකුට එතරම් ළංවුණොත්, හැමගෙන්ම දුරස් වෙලා යයි...
අමුතුම කතාවක්නේ මේ...
(From Dil Apna Aur Preet Parai - 1960)

Hmm hmm hmm he he he ah ha ha ha...
Yahaan kal kya ho kisne jaana
Zindagi ek safar hai suhaana
Yahaan kal kya ho kisne jaana

මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
ජීවිතේ, එක් ගමනක් සුන්දර වූ...
මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
(From Andaaz - 1971)

Tum paas aaye yoon muskaraaye
Tum ne na jaane kya, sapane dikhaaye
Ab to mera dil jaage na sota hai
Kya karoon haaye kuch kuch hota hai
Kuch kuch hota hai kuch kuch hota hai

ඔබ ළඟට එද්දී, ඇවිත් හිනාවෙද්දී...
ඔබ දන්නේ නෑනේ මං, දකින්නාවූ හීනේ...
දැන් නම් මගේ හදේ, නින්දක් අවදියක් නෑ...
මොනවා කරන්නද, කුමක්ද කුමක්ද සිදුවුණා...
කුමක්ද කුමක්ද සිදුවුණා... කුමක්ද කුමක්ද සිදුවුණා...
(From Kuch Kuch Hota Hai - 1998)

Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...

මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
(From Dilwale Dulhaniya Le Jayenge - 1995)

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්... 

Title: Melody (Mixture)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Lata Mangeshkar, Udit Narayan, Sonu Nigam, Pamela Chopra
Music Director: Rahul Sharma
Lyricist: Various

Wednesday, June 6, 2012

Chori Chori Chupke Chupke - Krrish
බලන්න සුළං රැල් පවා, සෙමින් සෙමින්
ඔබව අල්ලමින් ලෙළදෙන අයුරු...

Ho ho ho ho Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra 
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra 
Dheko pawan bhi haan haan 
Dheko pawan bhi lehra rahi hai, tumko chuke 
Chori chori chupke chupke 

හෝ හෝ, හෝ හෝ...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර
බලන්න, පවන් රැල් පවා... හා.. හා...
බලන්න පවන් රැල් පවා, ඔබව අල්ලමින් ලෙළදෙන අයුරු...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...

Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra 
Koi khushi hai ho ho... Koi khushi hai, jo gaa rahi hai tumse milke 
Chori chori chupke chupke 
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra
 
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර
යම් සතුටක්, හෝ... හෝ... යම් සතුටක්, ගී ගැයුවා ඔබගේ හමුවීමෙන්...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර

Humko yeh lagta hi nahi, tum door kahin se ayi ho 
Jaise mere sapno mein tumhari pehle se parchayi ho 
Mujhko bhi sang raah mein tere chalna acha lagta hai 
Pehle safar hai jeevan mein joh itna sachcha lagta hai 

මට මෙය කෙලෙසක දැයි නොදැනෙයි, ඔබ කෙහේදෝ දුරක සිට පැමිණියා...
මෙලෙසින්ම පෙරත් මගේ සිහිනයන් හි, ඔබේ සෙවනැළි ඇඳී තිබුණා...
මේ දිවි ම‍ඟෙහි ඔබ සමඟින් යන්නට මටද කැමැත්තක් තිබේ...
මගේ ජීවිතේ මෙතරම් සැබෑ ලෙසින් හැ‍ඟෙන පළමු ගමනයි මේ...

Rang badal ke muska rahi hai khwaish mann mein 
Chori chori chupke chupke
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra
 
පැහැ වෙනස් වෙමින් හිනැහෙයි, සිහිනයන් මේ සිත් හි...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර

Dekho pawan bhi lehra rahi hai, tumko chuke
Chori chori chupke chupke Ho ho ho ho Ho ho ho ho
 
බලන්න පවන් රැල් පවා, ඔබව අල්ලමින් ලෙළදෙන අයුරු...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්... හෝ හෝ, හෝ හෝ...

Kuch aise pal hote hain joh yaadon mein bas jaate hain 
Seedhe saadhe log kahaan is dilse wapaas jate hain
Dilki bhasha aisi hai joh sab ko samaj mein aati hai 
Lakh paraya ho koi apna lekin yeh banati hai 

සමහරක් එවැනි ඇසිල්ලන් ඇත, කිසිදින මතකයෙන් ඈත් වී නොයන...
අවංක, මෘදු හදවත් ඇති මිනිසුන් මේ හදවතින් කවදාවත් ඈත් වෙලා නොයාවී...
හැමටම වටහාගත හැකියි. එයයි හදවත් භාෂිතයෙහි ස්වරූපය...
නොහඳුනන අමුත්තකු වුවද, තමන්ගේ අයෙකු බවට පත්කර ගනීවි...

Shaam bhi kehti yeh ja rahi hai, humse tumse 
Chori chori chupke chupke 
Sa ra ra ra sa ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ri ra ra ra 

සන්ධ්‍යාවද එයම පවසයි, ඔබටද, මටද...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර

Dekho pawan bhi lehra rahi hai, tumko chuke
Koi khushi hai, jo gaa rahi hai tumse milke 
Chori chori chupke chupke
Ho ho ho Sa ra ra ra sa ra ra ra ri ra ra ra 
Sa ra ra ra sa ra ra ra ri ra ra ra 

බලන්න පවන් රැල් පවා, ඔබව අල්ලමින් ලෙළදෙන අයුරු...
යම් සතුටක්, ගී ගැයුවා ඔබගේ හමුවීමෙන්...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
හෝ හෝ, හෝ හෝ... ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර

Title: Chori Chori
Album: Krrish
Year: 2006
Vocals: Udit Narayan, Shreya Goshal
Music Director: Rajesh Roshan
Lyrics: Ibrahim Ashq, Nasir Faraaz, Vijay Akela

Friday, May 18, 2012

Aisa Des Hai Mera - Veer-Zaara
රන්වන් දෙරණින්, නිල්වන් අහසින්...
හැම සෘතුව හැඩවීලා, එයයි දේශය මාගේ...

Ho... oh... oh... 
Ambar hethhaan, dharti vasdi, ethe har rut hasdi, ho... 
Kinna sona, des hai mera, des hai mera, des hai mera... 
Kinna sona des hai mera, des hai mera 
Des hai mera, des hai mera... 

හෝ... අඹරට ළංවී දෙරණද රඟදේ... පැමිණේ හැම සෘතුවම හිනැහී, හෝ... 
කෙතරම් සොඳුරුද දේශය මාගේ... දේශය මාගේ... දේශය මාගේ... 
කෙතරම් සොඳුරුද දේශය මාගේ... දේශය මාගේ... 
දේශය මාගේ... දේශය මාගේ... 

Dharti sunehri ambar neela ho... 
Dharti sunehri ambar neela, har mausam rangeela 
Aisa des hai mera, ho... aisa des hai mera 
Aisa des hai mera, haan... aisa des hai mera 
Bole papiha koyal gaaye... 
Bole papiha koyal gaaye, saawan ghir ke aaye 
Aisa des hai mera, ho... aisa des hai mera 
Aisa des hai mera, haan... aisa des hai mera 

රන්වන් දෙරණින්, නිල්වන් අඹරින්... 
රන්වන් දෙරණින්, නිල්වන් අඹරින්... හැම සෘතුව පැහැ ගැන්වීලා... 
එවන් දේශයකි මාගේ දේශේ... එවන් දේශයකි මාගේ... 
එවන් දේශයකි මාගේ දේශේ... එවන් දේශයකි මාගේ... 
විහඟුන් හඬ දේ, කොවුලන් නඳ දේ... 
විහඟුන් හඬ දේ, කොවුලන් නඳ දේ... මෝසම පෙරළා ආවේ... 
එවන් දේශයකි මාගේ දේශේ... එවන් දේශයකි මාගේ... 
එවන් දේශයකි මාගේ දේශේ... එවන් දේශයකි මාගේ... 

Oh... kothhe te, kaan bole aayi chithhi mere maahiye di... 
Vich aane da vi na bole aayi, chithhi mere maahiye di... 

වහලේ මත හිඳ කවුඩා කීවේ, හසුනක් ඇති බැව් පෙම්බරයාගෙන්... 
සැකයක් නෑ මතක් කර ඇත මා ගැන, මගේ පෙම්බරයාගෙන් ආ හසුනේ... 

Genhoo ke kheton mein kanghi jo kare hawaayein 
Rang birangi kitni chunariyaan ud ud jaayein 
Panghat par panhaaran jab gagri bharne aaye 
Madhur madhur taanon mein kahin bansi koyi bajaaye, lo sun lo 
Qadam qadam pe hai mil jaani 
Qadam qadam pe hai mil jaani, koyi prem kahaani 
Aisa des hai mera, ho... aisa des hai mera 
Aisa des hai mera, haan... aisa des hai mera 

මීවදයන්ගේ සුවඳින්, වෙල්යායේ මදනළ සුවඳයි... 
දේදුනු වන් සළුපට නම් කෙතරම් උඩ ඉඟිලී යන්නේ... 
කළගෙඩි ගත් ගැමි කෙල්ලන් දිය පුරවාගන්නයි එන්නේ... 
මධුර මධුර වූ තාලෙන් වස්දඬු වැයෙනා නඳ කොතැනේ, අසන්න... 
පියවරෙන් පියවර හමුවට ඒවී... 
පියවරෙන් පියවර හමුවට ඒවී... මොනයම් හෝ ප්‍රේම කතාවක්... 
එවන් දේශයකි මාගේ දේශේ... එවන් දේශයකි මාගේ... 
එවන් දේශයකි මාගේ දේශේ... එවන් දේශයකි මාගේ... 

Oh... oh... oh... (Hoy hoy hoy hoy hoy hoy hoy!) 
Oh meri jugni de dhaage pakke jugni os de moonh toh fabbe 
Jinu sat ishq di lagge, oy saanyi mereya oh jugni 
Veer mereya jugni kendi aye, oh naam saayin da lendi aye 
Hoy hoy hoy hoy hoy hoy hoy 
Oh dil kad litaa ee jind meriye 

ඕහ්! මගේ දිවියේ හැඟුමන් සතුටු කෙරුමට හරි අමාරුයි... 
ඇගෙ පිහිටයි ආදරයට, හා සතුටට දිවියේ හැඟුමන්ගේ... 
වීරයෙක් ලෙසිනි ඈ ආවේ, එලෙසිනී කීවේ, මගේ ජීවේ... 
ඕහ්! හිතවතියේ ඔබයි ජීවිතය ප්‍රීතිමත් කෙරුවේ... 

Baap ke kandhe chadh ke jahaan bachche dekhe mele 
Melon mein nach ke tamaashe, kulfi ke chaat ke thhele 
Kahin milti meethhi goli, kahin chooran ki hai pudiya 
Bhole bhole bachche hain, jaise gudde aur gudiya 
Aur inko roz sunaaye daadi naani ho... 
Roz sunaaye daadi naani, ik pariyon ki kahaani 
Aisa des hai mera, ho... aisa des hai mera 
Aisa des hai mera, haan... aisa des hai mera 

තාත්තාගේ උරහිස මත්තේ සිට දරුවන් සැණකෙළි බැලුවේ... 
සැණකෙළියේ සතුටින් රඟදී, රසවිත රසහල් පසුකෙරුවේ... 
කොතැනද පැණිරස හමුවන්නේ, කොතැනද විට ගෙන ඇවිදින්නේ... 
අහිංසක හුරතල් දරුවන්, බොනික්කන් විළසින් දකිනා... 
ඒ ගොල්ලෝ, හැමදා ඇසුවා අත්තම්මාගෙන්... 
හැමදා ඇසුවා අත්තම්මාගෙන්... සුරංගනාවන් ගැන කතාවන්... 
එවන් දේශයකි මාගේ දේශේ... එවන් දේශයකි මාගේ... 
එවන් දේශයකි මාගේ දේශේ... එවන් දේශයකි මාගේ... 

Sadke sadke jaandi aye mutiyaare ni 
Kanda chuba tere pair baankiye naare ni 
Oy, ni adiye kanda chuba tere pair baankiye naare ni 
Kaun kade tera kaandra mutiyaare ni 
Kaun sahe teri peed baankiye naare ni 
Oy, ni adiye kaun sahe teri peed baankiye naare ni 

නැළවී නැළවී මඟ ඇවිඳින් යන යුවතියනේ... 
කටුවක් ඇනුනා යටිපතුලේ පෙම්බරයාගේ... 
විස කටුවක් ඇනුනා යටිපතුලේ පෙම්බරයාගේ... 
කවුරුන් විත් ඇද දාවීදෝ කටු, යටිපතුලේ... 
කවුරුන් විත් සනසාවිද විසපෙම්බරයාගේ... 
ඕහ් කෙල්ලේ, කවුරුන් විත් සනසාවිද විස පෙම්බරයාගේ... 

Ho ho ho, ho ho ho ho... 
Mere des mein mehmaanon ko bhagwaan kaha jaata hai 
Woh yahin ka ho jaata hai, jo kahin se bhi aata hai Aa aa aa aa... 
Tere des ko maine dekha tere des ko maine jaana Aa... aa... aa... 
Tere des ko maine dekha tere des ko maine jaana 
Jaane kyun ye lagta hai mujhko jaana pehchaana 
Yahaan bhi wahin shaam hai wahin savera... oh... 
Wahi shaam hai wahin savera 
Aisa hi des hai mera jaisa des hai tera 
Waisa des hai tera haan jaisa des hai tera 

මගේ දේශයේදී, ආගන්තුකයන් දෙවියන් ලෙසයි සැළකෙන්නේ... 
ඔහු පැමිණියේ කොහි සිට කම්නෑ... මේ බිමේ කෙනෙකු වී යන්නේ... 
ඔබේ දේශය මං දැකගත්තා... ඔබේ දේශය මං දැනගත්තා... 
ඔබේ දේශය මං දැකගත්තා... ඔබේ දේශය මං දැනගත්තා... 
නොදනිමි ඇයි මෙය මින් පෙර මා දන්නා හඳුනන බව දැනුනේ, 
මෙහේදිත්... ඒ සැදෑවමයි, ඒ අළුයමමයි... 
ඒ සැදෑවමයි, ඒ අළුයමමයි... 
එහෙමයි මාගේ දේශයෙදිත්, ඔබේ දේශයේ වාගේ... 
මේ ඔබේ දේශයේ වාගේ... ඔව්! ඔබේ දේශයේ වාගේ... 

Aisa des hai mera ho... jaisa des hai tera 
Aisa des hai mera haan... jaisa des hai tera 
Aisa des hai mera haan... Waisa des hai mera... 

එවන් දේශයකි මාගේ දේශේ... ඔබේ දේශය වාගේ... 
එවන් දේශයකි මාගේ දේශේ... ඔබේ දේශය වාගේ... 
එවන් දේශයකි මාගේ දේශේ... මේ ඔබේ දේශය වාගේ... 

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Aisa Des Hai Mera
Album: Veer-Zaara 
Year: 2004 
Vocals: Udit Narayan, Lata Mangeshkar, Gurdas Mann and Pritha Majumder
Music Director: Late Madan Mohan
Recreated by his own son Sanjeev Kohli 
Lyrics: Javed Akhtar 

Friday, February 17, 2012

Subha Se Lekar Shaam Tak - Mohra
ආදරය කරනු මැන මා හට, රැයක්
දවාලක් නොමැතිව...

Hoo subah se lekar shaam tak, shaam se lekar raat tak
Subah se lekar shaam tak, shaam se lekar raat tak
Raat se lekar suabh tak, subah se phir shaam tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය ‍වන තෙක්...
උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය ‍වන තෙක්...
රාත්‍රියේ සිට උදෑසන වන තෙක්, යලි උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Hooo Shehar se lekar gaon tak, dhoop se lekar chaon tak
Shehar se lekar gaon tak, dhopp se lekar chaon tak
Sar se lekar paon tak, dil ki sabhi wafaon tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

නගරයේ සිට ගම්මානය තෙක්, හිරු එළියේ සිට සෙවනැල්ල තෙක්...
නගරයේ සිට ගම්මානය තෙක්, එළියේ සිට සෙවනැල්ල තෙක්...
හිස මුදුනේ සිට දෙපතුල තෙක්, හදවත පිරි අවංකභාවය තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Hooo aur piya kuch bhi karlo, lekin rakhna yaad
Aur piya kuch bhi karlo, lekin rakhna yaad
Kuch shaadi se pehle... Kuch shaadi ke baad...
Pyar mein ab itni shartein kaun rakhega yaar
Kya shaadi se pehle kya shaadi ke baad...

පෙම්වත තව දෙයක් ඇත කීමට... ඕනෑම දෙයක් කරන්න,
නමුදු මෙය මතකයේ තබා ගන්න...
පෙම්වත තව දෙයක් ඇත කීමට... ඕනෑම දෙයක් කරන්න,
නමුදු මෙය මතකයේ තබා ගන්න...
යම් දේවල් විවාහයට කළින් නමුදු, යම් දේවල් විවාහයට පසුය...
ආදරයේ දී මෙතරම් කොන්දේසි ගනනක් කවුරු නම් මතකයේ තියා ගනීවිද?
විවාහයට කළින් විය යුත්තේ මොනවාද? විවාහයට පසු විය යුත්තේ මොනවාද?

Hoo paas se lekar door tak, door se lekar paas tak
In hoton ke pyaas tak, dharti se akaash tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

සමීපභාවයේ සිට දුරස්ථභාවය තෙක්, දුරස්ථභාවයේ සිට සමීපභාවය තෙක්...
දෙතොල් මත රැඳි පිපාසිත බව තෙක්, පොලෝ තලයේ සිට අහස් කුස තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Hoo aise kasie ho sakta hai poora poora pyar
Aise kasie ho sakta hai poora poora pyar
Ya khul ke ikraar karo tum, ya khul ke inkaar
Hoo mere gale mein daal ke bahein karlo baate chaar
Isse aage karna padega tumko intezaar

එලෙසින් කෙලෙසක ඇති වෙයිදෝ මෙතරම් පරිපූර්ණ ආදරයක්...
එලෙසින් කෙලෙසක ඇති වෙයිදෝ මෙතරම් පරිපූර්ණ ආදරයක්...
ඹබට එය පිළිගත හැකිනම් පිළිගන්න, නැති නම් එය ඉවතලන්න?
මා තුරුළේ හොවාගනිමින් පවසන්න, වදනක් දෙකක් හෝ...
ඒ වෙනුවෙන් නම් ඔබ හට මඟබලා හිඳින්නම සිදුවෙයි...

Hoo saagar ke is aar se, saagar ke us paar tak
Nazron ki deewar tak, pyar se lekar pyar tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

සාගරයේ සිට වෙරළත තෙක්, ඒ සාගරයේ පරතෙර තෙක්...
නෙතු යුග වල සීමාව තෙක්, ආදරයේ සිට ආදරය තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Hoo subah se lekar shaam tak, shaam se lekar raat tak
Subah se lekar shaam tak, shaam se lekar raat tak
Raat se lekar suabh tak, subah se phir shaam tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය ‍වන තෙක්...
උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය ‍වන තෙක්...
රාත්‍රියේ සිට උදෑසන වන තෙක්, යලි උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Title: Subha Se Lekar Shaam Tak
Album: Mohra
Year: 1994
Vocals: Udit Narayan, Sadhana Sargam
Music Director: Viju Shah
Lyrics: Indeevar, Anand Bakshi, Sameer