Showing posts with label Ajay Devgan. Show all posts
Showing posts with label Ajay Devgan. Show all posts

Saturday, February 9, 2013

Tu Bichdan Kehndi Hai - Son Of Sardaar
ඔයා වෙන්වීමක් ගැන කියවනවා, ඔයාගෙන්
වෙන්වෙන්න නම්, දැන් ඉතින් මං මැරෙන්න ඕනේ...


Bichhad ke tujhse ab mujhe marna hai 
Yeh tajurba isi zindagi mein karna hai 

ඔයාගෙන් වෙන්වෙන්න දැන් ඉතින් මං මැරෙන්න ඕනේ... 
මට මේ අත්දැකීම මේ ජීවිතයෙදිම ලබාගන්න ඕනේ... 

Tu bichdann, bichhdan kehndi hai
Tu bichdann, kehndi hai
Bichde toh jee naa paayenge
Bichde toh naa jee paayenge
Door jaane se bhi na chain payenge
Jitna bhulayenge, yaad aayenge
Tu bichdann, bichhdan kehndi hai
Tu bichdann, kehndi hai
Bichde toh jee naa paayenge

ඔබ වෙන්වීමක්, (වෙන්වීමක්) ගැන කියවයි...
ඔබ වෙන්වීමක්, ගැන කියවයි...
වෙන්වූවොත් ජීවත් ‍වනු බෑ...
වෙන්වූවොත් බෑ, ජීවත් ‍වන්නට...
දුරට ගියත් නම් නෑ සැනසීමක් එන්නේ...
කෙතරම් අමතක කෙරුවත්, මතකෙට එන්නේ...
ඔබ වෙන්වීමක්, (වෙන්වීමක්) ගැන කියවයි...
ඔබ වෙන්වීමක්, ගැන කියවයි...
වෙන්වූවොත් ජීවත් ‍වනු බෑ...

Har dua mein, tu hi shaamil
Chaahe tanha, meri mehfil
Ranj-o-gham hai, aalam nam hai
Hoon main zinda Yeh kya kam hai Soniye
Tu bichdan bichdann, kehndi hai
Tu bichdann, kehndi hai
Bichde toh jee na paayenge

හැම යැදුමේ, ඔබමයි ඇත්තේ...
පැතුවෙ තනිකම, මගේ රඟමඬලේ...
තරහින් දුක් වේ, නෙතුයුග තෙත් වේ...
තව ජීවත්වේ මං, හිස්බව ඇයි මේ? රත්තරනේ...
ඔබ වෙන්වීමක්, (වෙන්වීමක්) ගැන කියවයි...
ඔබ වෙන්වීමක්, ගැන කියවයි...
වෙන්වූවොත් ජීවත් ‍වනු බෑ...

Khuda kare zindagi mein yeh makaam aaye 
Tujhe bhoolne ki dua karoon Aur dua mein tera naam aaye 

දෙවියන්මයි ජීවිතයට මේ වගේ අවස්ථාවක් ගෙනාවේ... 
ඔයාව අමතක වෙන්න කියලා මං දෙවියන්ගෙන් යදිනවා, 
ඒත් ඒ යැදුමෙත් කියවෙන්නෙ, ඔයාගෙ නම... 

Hongi aankhen, band ya khuli
Na chhupegi, yeh deewangi
Tera chehra dikh jaayega
Jaata lamha ruk jaayega Soniye
Tu bichdann, bichhdan kehndi hai
Tu bichdann, kehndi hai
Bichde toh jee naa paayenge

නෙතු පියවී හෝ හැර සිටියත්...
මේ උමතුබව, සැඟවිය නොහැකි...
ඔබගේ මුහුණ, දකිනා විට මා...
ගෙවෙනා මොහොතත්, නැවතී යනවා. රත්තරනේ...
ඔබ වෙන්වීමක්, (වෙන්වීමක්) ගැන කියවයි...
ඔබ වෙන්වීමක්, ගැන කියවයි...
වෙන්වූවොත් ජීවත් ‍වනු බෑ...

සිංදුව මෙතනින් බාගන්න...
Reprise Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tu Bichdan
Album: Son of Sardaar
Year: 2012
Vocals: Rahat Fateh Ali Khan
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer Anjaan


Monday, February 4, 2013

Tere Bina Dil Naiyo Lagda - Tezz
මගේ හද නොඉවසයි, මගෙ ප්‍රියේ ඔබ නැතිව,
මගේ මුළු ජීවිතෙත්, ඇදහුමත් ඔබම විය...


Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Tu hi meri hai zindagi
Tu hi meri hai har khushi
Tu hi meri hai bandagi
Kaise kahoon kahaan jaaun Kise karoon sajda
Haan kise karoon sajda

ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, සතුටත් ප්‍රියේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
කෙසේ කියම්, කොහේ යම්දැයි, කවුරුන් යදිමිද මා...
ඔව්! කවුරුන් යදිමිද මා...

Teri kasam teri kasam jaan-e-jaana
Teri liye tere liye main deewana
(Tera mera tera mera hai fasana) In Female Version 
Kaise jiyein kaise jiyein batana
Maut bhi mujhko naa aaye
Tu hi meri hai zindagi
Tu hi meri hai har khushi
Tu hi meri hai bandagi
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda

ඔබේ නමින්, ප්‍රියේ මෙ මං දිවුරමි...
ඔබ වෙනුවෙන්, මෙ මං උමතු වෙමි...
(ඔබෙයි-මගෙයි, ඔබෙයි-මගෙයි, මේ පුරාණේ...) In Female Version 
කෙසේ ජීවත් වෙන්නේදැයි, මට කියන්...
මරණය හෝ, මා නොලදිමි...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, සතුටත් ප්‍රියේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...

Maahi mera maahi mera sona sona
Rabba mere rabba mere hai salona
Tere siva mera koi naa hona
Yaad teri kitna sataaye
Tu hi meri hai zindagi
Tu hi meri hai bandagi
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Kaise kahoon kahaan jaaun Kise karoon sajda
Haan kise karoon sajda

මගේ ප්‍රියේ, මගේ ප්‍රියේ, රත්තරනේ...
දෙවියනේ! ඔයයි මගේ හුරතලේ...
ඔයා නැතිව, මට වෙන කෙනෙක් නෑ...
ඔබේ මතකේ, මා පෙළාවී...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
කෙසේ කියම්, කොහේ යම්දැයි, කවුරුන් යදිමිද මා...
ඔව්! කවුරුන් යදිමිද මා...

Tere Bina Dil Naiyo Lagda - Sad

Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Tu hi meri hai zindagi
Tu hi meri hai har khushi
Tu hi meri hai bandagi
Kaise kahoon kahaan jaaun Kise karoon sajda
Haan kise karoon sajda
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda

ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, සතුටත් ප්‍රියේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
කෙසේ කියම්, කොහේ යම්දැයි, කවුරුන් යදිමිද මා...
ඔව්! කවුරුන් යදිමිද මා...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...

Koi vajahaa koi vajahaa too hui hai
Aise judaa aise judaa to hui hai
Meri khata meri khata to nahi hai
Yaad bhi tujhko na aayi
Tu hi meri hai zindagi
Tu hi meri hai bandagi
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Kaise kahoon kahaan jaaun Kise karoon sajda
Haan kise karoon sajda

හේතුවක් වූ කිසිත් එහි නැතී...
නමුත් එවන් වෙන් වීමක් සිදුවුණි...
මගේ කිසිම වැරැද්දකුත් එහි නැතී...
මතකයක් වත් ඔබට නොඒවී...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
කෙසේ කියම්, කොහේ යම්දැයි, කවුරුන් යදිමිද මා...
ඔව්! කවුරුන් යදිමිද මා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Female Version එක මෙතනින්...
Remix Version එක මෙතනින්...
Sad Version එක මෙතනින්...
Indian Version ඒක මෙතනින්...

Title: Tere Bina Dil Naiyo Lagda
Album: Tezz
Year: 2012
Vocals: Rahat Fateh Ali Khan | Female Version by Shreya Ghoshal
Remix Version Supported by Kiran Kamath
Music Director: Sajid-Wajid
Lyricist: Jalees Sherwani


Friday, April 27, 2012

Badmash Dil (Saathiya) - Singham
ඔය හිත දරදඬුයි, මගේ හදවත නොතේරෙන තරම්...
නමුදු හදවත තෝරා ගත්තේද ඔබමයි...


Saathiya... Saathiya... Pagle se dil ne yeh kya kiya
Chun liya... Chun liya... Tujhko deewane ne chun liya
Dil toh uda uda re aasman mein baadlon ke sang
Yeh toh machal machal ke ga raha hai sun nayi si dhun

සහකරුව... සහකරුව... උමතුවෙන් මේ හද කුමක්දෝ කලේ?
තේරුවා... තේරුවා... ඔබවම, මේ උමතු හද තේරුවා...
හද ඉඟිළී, ඉඟිළි අහස් ගැබේ මේ, වළාකුළු හා...
යයි හිතුමනාපේ ගය ගයා, අසන් නැවුම් වූ තාලයක්...

Badmash dil toh thag hai bada
Badmash dil yeh tujh se juda
Badmash dil meri sune na zid pe ada...

මේ දරදඬු හදවත නම් ගලක්...
මේ දරදඬු හදවත ඔබේ නොවුණා නම්...
මේ දරදඬු හද මට කන් නොදෙන තරම් මුරණ්ඩුයි...

O... Achchi lage dil ko mere har teri baat re
Saaya tera ban ke chalun itna hai khwab re...
Kandhe pe sar rakh ke tere kat jaye raat re
Beetenge din thaame tere hathon mein haath re
Yeh kya hua mujhe mera yeh dil phisal phisal gaya
Yeh kya hua mujhe mera ye jahaan badal badal gaya

ආසා කරයි හදවත මගේ, හැම දේ ගැන ඔබේ...
හෙවනැල්ල වී එන්නම් ඔබේ, එය හීනයකි මගේ...
ඔබේ උරතළේ මුදුනත හොවා, රැය ගෙවන්නම් මගේ...
දහවලම මා ගත කරන්නම්, එල්ලිලා ඔබේ අතේ...
මේ කිම වුනේ, මගේ හදවත පැකිළි, පැකිළී ගියා...
මේ කිම වුනේ, මගේ මුළු ලොව, වෙනස් වෙලා ගියා...

Badmash dil toh thag hai bada
Badmash dil yeh tujh se juda
Badmash dil meri sune na zid pe ada...

මේ දරදඬු හදවත නම් ගලක්...
මේ දරදඬු හදවත ඔබේ නොවුණා නම්...
මේ දරදඬු හද මට කන් නොදෙන තරම් මුරණ්ඩුයි...

O... neendein nahin chaina nahin badloon main karvate...
Taare ginu ya main ginu chaadar ki salwatein...
Yaadon mein tu khwaabon mein tu teri hi chahatein
Jaaun jidhar dhoonda karun teri hi aahatein
Yeh jo hai dil mera yeh dil suno na keh raha yahi
Wo bhi kya zindagi hai zindagi ki jis mein tu nahi

නින්දක් නැතේ, සහනයක් නැතේ, කැරකෙමි යහනතේ...
තරු ගනිනෙමි, නැති නම් රැළි ගනින්නෙමි ඇතිරුමේ...
මතකෙත් ඔබයි, සිහිනෙත් ඔබයි, ප්‍රේමයත් ඔබම වේ...
කොතැනක ගියත්, සොයන්නෙමි මං අඩි ගැටෙන හඬ ඔබේ...
මේ හදවතයි මගේ, මේ පවසනා වු දෙය අසන් කිමැයි...
කුමක්දෝ මේ ජීවිතේ, ජීවිතේ මගේ ඔයා නැතී...

Badmash dil toh thag hai bada
Badmash dil yeh tujh se juda
Badmash dil meri sune na zid pe ada...

මේ දරදඬු හදවත නම් ගලක්...
මේ දරදඬු හදවත ඔබේ නොවුණා නම්...
මේ දරදඬු හද මට කන් නොදෙන තරම් මුරණ්ඩුයි...

Saathiya... Saathiya... Pagle se dil ne yeh kya kiya
Chun liya... Chun liya... Tujhko deewane ne chun liya
Dil toh uda uda re aasman mein baadlon ke sang
Yeh toh machal machal ke ga raha hai sun nayi si dhun

සහකරුව... සහකරුව... උමතුවෙන් මේ හද කුමක්දෝ කලේ?
තේරුවා... තේරුවා... ඔබවම, මේ උමතු හද තේරුවා...
හද ඉඟිළී, ඉඟිළි අහස් ගැබේ මේ, වළාකුළු හා...
යයි හිතුමනාපේ ගය ගයා, අසන් නැවුම් වූ තාලයක්...

Badmash dil toh thag hai bada
Badmash dil yeh tujh se juda
Badmash dil meri sune na zid pe ada...

මේ දරදඬු හදවත නම් ගලක්...
මේ දරදඬු හදවත ඔබේ නොවුණා නම්...
මේ දරදඬු හද මට කන් නොදෙන තරම් මුරණ්ඩුයි...

* Badmash “බද්මාශ්” යන වචනය සිංහල බසින් “තක්කඩි”, “නොසන්ඩාල” යන අරුත් ගෙන දේ. පරිවර්තනයෙහි ඒ සඳහා “දරදඬු” යන වචනය යොදා ගෙන ඇත්තේ පදමාලාවට ගැළපෙන පරිදිය.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Badmash Dil (Saathiya)
Album: Singham
Year: 2011
Vocals: Ajay Gogavale, Shreya Ghosal
Music Director: Ajay Gogavale, Atul Gogavale
Lyricist: Swanand Kirkire


Wednesday, February 15, 2012

Tu Hi Meri - Khakee
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ...
ඔබමයි මගේ ප්‍රීතියත්...



Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Tere liye hai bechain dil dhoonrhe tujhe hi meri nazar
Chaahun tujhe main kitna sanam tujhko nahien hai uski khabar
Khwabon mein tu aankhon mein tu
Dharkan mein tu saainson mein tu

ඔබ වෙනුවෙනි අසරණ හද... ඔබ සොයයි ‍මාගේ මේ නෙතු...
කෙතරම් පතමි දෝ මා ඔබ... වගක් නැතේ ඔබට, ඒ ගැන...
සිහිනයේ ඔබයි, දෙනෙතේ ඔබයි... හද ගැස්මේ ඔබයි, සුසුමේ ඔබයි...

Dekha karuun main jise raat bhar tu hai vohi chaandani
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

බලා හිඳින්නම්, රැය පුරාවටම මං, ඔබමයි මගේ සඳවතී...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Tu hai mere honthon ki duaa tu hai meri chaahat ka sila
Aisa laga duniya mil gayi jo ishq tera mujhko mila
Tu chain hai tu hai vafaa hona nahien mujhse khafa

මගේ දෙතොළඟ අයැදුමයි, ඔබ... මගේ කැමැත්තේ ත්‍යාගයයි, ඔබ...
මුළු ලොවම ලැබුණා සේ දැනේ... මුණගැහුණු විට ඔබේ ආදරේ...
ඔබ සැනසුමයි, ඔබ ගිවිසුමයි... මා හා තරහා වෙනු එපා...

Parhta rahun main jisi har ghari tu hai vohi shaayari
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

හැම මොහොතක මා මුමුනන්නා වූ, ඒ කවි පෙළත් ඔබමයි...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...


Title: Tu Hi Meri Aashiqi
Album: Khakee
Year: 2004
Vocals: Sonu Nigam  
Music Director: Ram Sampath
Lyrics: Sameer


Monday, February 13, 2012

Wada Raha - Khakee
පොරොන්දු වන්නෙමි ආදරයට ආදරයෙන්,
කිසිදා වෙන් වී නොයන බව...


Wada raha pyaar se pyaar ka ab hum na honge judaa...
Wada raha pyaar se pyaar ka ab ham na honge judaa...
Yeh meri dharkanein sun raha hai khuda

පොරොන්දු වෙමි ආදරයට ආදරෙන්, දැන් අප දෙදෙනා වෙන් නොවේ...
පොරොන්දු වෙමි ආදරයට ආදරෙන්, දැන් අප දෙදෙනා වෙන් නොවේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Chaahe tumhein kis qadar mera dil Tumko nahien pataa
Yeh meri dharkanein sun raha hai khuda Vaada raha...

කෙතරම් මගේ හද ඔබ පතයි දෝ... ඔබ නොම දනී ප්‍රියේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්... පොරොන්දු වෙමි...

Donon jahaan ko bhuula hoon main Aisi lagi hai tujhse lagan
Chaahe kaho ise aawaaragi Chaahe kaho ise deewaanaapan
Dil ne kaha dil ne suna Main ne tumhein dilbar chuna

දෙලොවම අමතක කරමි මං... එවන් පෙමකිනි නුඹ හට බැඳුනෙ මං...
කියන් ඒ ආයාලේ යන බවට... කියන් ඒ උමතු වු බවට...
හද කීවේ, හද ඇසුවේ... පෙම්වතා ලෙසින් ඔබ තේරූ බවයි...

Ab duuriyaan na rahi darmiyaan Kya rang laai vafaa
Yeh meri dharkanein sun raha hai khuda

දැන් දුරස් බව නොම රැ‍ඳේ අප ළඟ... කිනම් වර්ණයක් ඇතිරුවේ දෝ අවංකබව...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Wada raha pyaar se pyaar ka ab hum na honge judaa
Yeh meri dharkanein sun raha hai khuda

පොරොන්දු වෙමි ආදරයට ආදරෙන්, දැන් අප දෙදෙනා වෙන් නොවේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Dekha tumhein to aisa lagaa mujhko mila hai manzil ka pata
Chalna hai hamko ab saath mein Tumse judaa mera raasta
Main ne to lie hai yeh qasam Paauun tumhein janmon janam

ඔබව දුටු විට මේ විළසින්, දැනුනි මට අරමුණ හමුවු බව...
යන්නෙමු අපි දැන් එක්වී මෙසේ, මගේ මඟ, ඔබගෙන් වෙන්වෙතේ..
මා ඔබෙන් ලද මේ පොරොන්දුවෙන්, ලදිමි ඔබ ජන්මයෙන් ජන්මයේ...

Sajade kiye main ne shaam-o-sahar Maanga hai tumko sadaa
Yeh meri dharkanein sun raha hai khuda

පැතුවෙමි මම දිවා රෑ දෙකෙහිම... ඉල්ලුවෙමි ඔබව සදහට...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Wada raha pyaar se pyaar ka ab hum na honge judaa
Yeh meri dharkanein sun raha hai khuda

පොරොන්දු වෙමි ආදරයට ආදරෙන්, දැන් අප දෙදෙනා වෙන් නොවේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Wada raha yeh wada raha pyaar se pyaar ka pyaar se pyaar ka
Wada raha yeh wada raha Pyaar se pyaar ka
Wada raha yeh wada raha Pyaar se...
Wada raha yeh wada raha

පොරොන්දු වෙමි... මෙය පොරොන්දුවකි ආදරයට ආදරෙන්... ආදරයට ආදරෙන්...
පොරොන්දු වෙමි... මෙය පොරොන්දුවකි... ආදරයට ආදරෙන්...
පොරොන්දු වෙමි... මෙය පොරොන්දුවකි... ආදරෙන්...
පොරොන්දු වෙමි... මෙය පොරොන්දුවකි...


Title: Wada Raha
Album: Khakee
Year: 2004
Vocals: Shreya Ghoshal, Arnab Chakravorty (Ver.1)
Shreya Ghoshal, Udit Narayan (Ver.2)
Music Director: Ram Sampath
Lyrics: Sameer