Showing posts with label Ram Sampath. Show all posts
Showing posts with label Ram Sampath. Show all posts

Sunday, July 22, 2012

Tanha Dil Tanha Safar - Shaan
තනිවූ හදවත, හුදෙකලා ගමනක... නොදනිමි මේ
මංමාවත් එය කොතැනක ගෙනයාවිද කියලා...

Aankhon mein sapne liye Ghar se hum chal to diye
Jaane yeh raahein ab le jaayengi kahan
Mitti ki khushboo aaye Palkon pe aansu laaye
Palkon pe reh jaayega yaadon ke jahan

නෙතුමත්තේ සිහින පුරවා, ගියෙමු අප නිවහන හැරදා...
දන්නෑ මේ මංමාවත් කොහි ගෙනයාවිද කියලා...
මේ පොළොවේ සුවඳක් දැනුනා, ඇහිපිය වෙත කඳුලැළි ආවා...
ඇහිපිය අතහැරදා ගිය දා මතකය ඒ ලෝකේ...

Manzil nayi hai anjaana hai kaarvaan
Chalna akele hai yahan
Tanha dil, tanha safar Dhoonde tujhe
Phir kyoon nazar...
Tanha dil, tanha safar
Dhoonde tujhe phir kyoon nazar Tanha dil

අරමුණ නැවුම් වේ, තවලම නන්නාදුනනා...
ඇවිදන් යන්නෙමි තනිවී මෙසේ...
තනිවූ හද, තනිවූ ගමනක... හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්...
තනිවූ හද, තනිවූ ගමනක...
හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්, තනිවූ හද...

Dilkash nazaarein dekhe Jhilmil sitaarein dekhe
Aankhon mein phir bhi tera chehra hai jawaan
Kitni barsaatein aayi, kitni saugaatein laayi
Kaanon mein phir bhi goonje teri hi sada

හදබඳිනා දේ නෙතු දුටුවා, දිලෙනා තරුකැට මා දුටුවා...
එනමුදු දෙනෙතින් තවමත් මා දකිනෙමි ඔය රූපේ...
කෙතරම් වැහිදිය ඇදහැලුනත්, කෙතරම් ආසිරි ගෙනආවත්...
මගේ සවනේ රැව්දේ තවමත්, ඔබ කිව් ඒ කතා...

Maane kiye the apna hoga aashiyaan
Vaadon ka jaane hoga kya
Tanha dil, tanha safar Dhoonde tujhe phir kyoon nazar
Tanha dil, tanha safar
Dhoonde tujhe phir kyoon nazar Tanha dil

ගිවිසාගත්තෙමු අප ජයගන්නා බැව් මුළු ලෝකේ...
දන්නෑ ඒ ගිවිසූම් මොනවා වූවාදැයි...
තනිවූ හද, තනිවූ ගමනක... හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්...
තනිවූ හද, තනිවූ ගමනක...
හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්, තනිවූ හද...

Aankhon mein sapne liye Ghar se hum chal to diye
Jaane yeh raahein ab le jaayengi kahan
Mitti ki khushboo aaye Palkon pe aansu laaye
Palkon pe reh jaayega yaadon ke jahan

නෙතුමත්තේ සිහින පුරවා, ගියෙමු අප නිවහන හැරදා...
දන්නෑ මේ මංමාවත් කොහි ගෙනයාවිද කියලා...
මේ පොළොවේ සුවඳක් දැනුනා, ඇහිපිය වෙත කඳුලැළි ආවා...
ඇහිපිය අතහැරදා ගිය දා මතකය ඒ ලෝකේ...

Manzil nayi hai anjaana hai kaarvaan
Chalna akele hai yahan
Tanha dil, tanha safar Dhoonde tujhe phir kyoon nazar
Tanha dil, tanha dil, tanha dil Tanha dil, tanha dil

අරමුණ නැවුම් වේ, තවලම නන්නාදුනනා...
ඇවිදන් යන්නෙමි තනිවී මෙලෙසේ...
තනිවූ හද, තනිවූ ගමනක... හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්...
තනිවූ හද... තනිවූ හද... තනිවූ හද... තනිවූ හද... තනිවූ හද...

සිංදුව මෙතනින් බාගන්න...
Pop Remix එක මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්…

Title: Tanha Dil Tanha Safar
Album: Tanha Dil/Aksar
Year: 2000
Vocals: Shaan
Music Director: Ram Sampath
Lyricist: Shaan

Wednesday, February 15, 2012

Tu Hi Meri - Khakee
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ...
ඔබමයි මගේ ප්‍රීතියත්...

Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Tere liye hai bechain dil dhoonrhe tujhe hi meri nazar
Chaahun tujhe main kitna sanam tujhko nahien hai uski khabar
Khwabon mein tu aankhon mein tu
Dharkan mein tu saainson mein tu

ඔබ වෙනුවෙනි අසරණ හද... ඔබ සොයයි ‍මාගේ මේ නෙතු...
කෙතරම් පතමි දෝ මා ඔබ... වගක් නැතේ ඔබට, ඒ ගැන...
සිහිනයේ ඔබයි, දෙනෙතේ ඔබයි... හද ගැස්මේ ඔබයි, සුසුමේ ඔබයි...

Dekha karuun main jise raat bhar tu hai vohi chaandani
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

බලා හිඳින්නම්, රැය පුරාවටම මං, ඔබමයි මගේ සඳවතී...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Tu hai mere honthon ki duaa tu hai meri chaahat ka sila
Aisa laga duniya mil gayi jo ishq tera mujhko mila
Tu chain hai tu hai vafaa hona nahien mujhse khafa

මගේ දෙතොළඟ අයැදුමයි, ඔබ... මගේ කැමැත්තේ ත්‍යාගයයි, ඔබ...
මුළු ලොවම ලැබුණා සේ දැනේ... මුණගැහුණු විට ඔබේ ආදරේ...
ඔබ සැනසුමයි, ඔබ ගිවිසුමයි... මා හා තරහා වෙනු එපා...

Parhta rahun main jisi har ghari tu hai vohi shaayari
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

හැම මොහොතක මා මුමුනන්නා වූ, ඒ කවි පෙළත් ඔබමයි...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Title: Tu Hi Meri Aashiqi
Album: Khakee
Year: 2004
Vocals: Sonu Nigam  
Music Director: Ram Sampath
Lyrics: Sameer

Monday, February 13, 2012

Wada Raha - Khakee
පොරොන්දු වන්නෙමි ආදරයට ආදරයෙන්,
කිසිදා වෙන් වී නොයන බව...

Wada raha pyaar se pyaar ka ab hum na honge judaa...
Wada raha pyaar se pyaar ka ab ham na honge judaa...
Yeh meri dharkanein sun raha hai khuda

පොරොන්දු වෙමි ආදරයට ආදරෙන්, දැන් අප දෙදෙනා වෙන් නොවේ...
පොරොන්දු වෙමි ආදරයට ආදරෙන්, දැන් අප දෙදෙනා වෙන් නොවේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Chaahe tumhein kis qadar mera dil Tumko nahien pataa
Yeh meri dharkanein sun raha hai khuda Vaada raha...

කෙතරම් මගේ හද ඔබ පතයි දෝ... ඔබ නොම දනී ප්‍රියේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්... පොරොන්දු වෙමි...

Donon jahaan ko bhuula hoon main Aisi lagi hai tujhse lagan
Chaahe kaho ise aawaaragi Chaahe kaho ise deewaanaapan
Dil ne kaha dil ne suna Main ne tumhein dilbar chuna

දෙලොවම අමතක කරමි මං... එවන් පෙමකිනි නුඹ හට බැඳුනෙ මං...
කියන් ඒ ආයාලේ යන බවට... කියන් ඒ උමතු වු බවට...
හද කීවේ, හද ඇසුවේ... පෙම්වතා ලෙසින් ඔබ තේරූ බවයි...

Ab duuriyaan na rahi darmiyaan Kya rang laai vafaa
Yeh meri dharkanein sun raha hai khuda

දැන් දුරස් බව නොම රැ‍ඳේ අප ළඟ... කිනම් වර්ණයක් ඇතිරුවේ දෝ අවංකබව...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Wada raha pyaar se pyaar ka ab hum na honge judaa
Yeh meri dharkanein sun raha hai khuda

පොරොන්දු වෙමි ආදරයට ආදරෙන්, දැන් අප දෙදෙනා වෙන් නොවේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Dekha tumhein to aisa lagaa mujhko mila hai manzil ka pata
Chalna hai hamko ab saath mein Tumse judaa mera raasta
Main ne to lie hai yeh qasam Paauun tumhein janmon janam

ඔබව දුටු විට මේ විළසින්, දැනුනි මට අරමුණ හමුවු බව...
යන්නෙමු අපි දැන් එක්වී මෙසේ, මගේ මඟ, ඔබගෙන් වෙන්වෙතේ..
මා ඔබෙන් ලද මේ පොරොන්දුවෙන්, ලදිමි ඔබ ජන්මයෙන් ජන්මයේ...

Sajade kiye main ne shaam-o-sahar Maanga hai tumko sadaa
Yeh meri dharkanein sun raha hai khuda

පැතුවෙමි මම දිවා රෑ දෙකෙහිම... ඉල්ලුවෙමි ඔබව සදහට...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Wada raha pyaar se pyaar ka ab hum na honge judaa
Yeh meri dharkanein sun raha hai khuda

පොරොන්දු වෙමි ආදරයට ආදරෙන්, දැන් අප දෙදෙනා වෙන් නොවේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...

Wada raha yeh wada raha pyaar se pyaar ka pyaar se pyaar ka
Wada raha yeh wada raha Pyaar se pyaar ka
Wada raha yeh wada raha Pyaar se...
Wada raha yeh wada raha

පොරොන්දු වෙමි... මෙය පොරොන්දුවකි ආදරයට ආදරෙන්... ආදරයට ආදරෙන්...
පොරොන්දු වෙමි... මෙය පොරොන්දුවකි... ආදරයට ආදරෙන්...
පොරොන්දු වෙමි... මෙය පොරොන්දුවකි... ආදරෙන්...
පොරොන්දු වෙමි... මෙය පොරොන්දුවකි...

Title: Wada Raha
Album: Khakee
Year: 2004
Vocals: Shreya Ghoshal, Arnab Chakravorty (Ver.1)
Shreya Ghoshal, Udit Narayan (Ver.2)
Music Director: Ram Sampath
Lyrics: Sameer