Showing posts with label Salim Merchant. Show all posts
Showing posts with label Salim Merchant. Show all posts

Sunday, November 11, 2012

Halkat Jawani - Heroine
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ...

Aaja zara sarak le Gir le zara behak le
Saiyaan zara chhalak le Aa ke mose lipat le
Tedha zeher hai ye isse na kar chhedkhani
Night ki naughty kahani Ye Halkat Jawani
Meetha ye namkeen paani Ye Halkat Jawani
Night ki naughty kahaani Ye Halkat Jawani

ඇවිදින් මඳක් සළිතවෙන්න, මත්වී මඳක් ඇදවැටෙන්න...
ප්‍රියයේ මඳක් ඉපිලෙන්න, ඇවිදින් තුරුලෙ හොවමින්...
අමුතුම වසකි මේ, ඒ හා කරන්නෙපා සෙල්ලම්...
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
මිහිරියි මේ ලුණු රහ පානේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
රැයෙහි නරක පුරාණේ, මේ අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...

Joban hai pyaasa to jor kare
Ainvai ye din mein bhi shor kare
Takiya bana lipat le Kambal bana rapat le
Tan hai kateela par iski ada hai shaitani
Night ki naughty kahani Ye Halkat Jawani
Teekha ye namkeen paani Ye Halkat Jawani
Night ki naughty kahaani, Jawaani...Ye Halkat Jawaani...

යෞවනය පවසින්ම මොර දුන්නේ...
එකලෙසම දහවලද ඝෝෂා කලේ...
බදාගන්න, කොට්ටයක් සේ, ඇතිරෙන්න, පොරෝනයක් සේ...
ගත කටුයහනක් මුදු, එහි ඉරියව් දඟකාර වේ...
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
කටුකයි මේ ලුණු රහ පානේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
රැයෙහි නරක පුරාණේ, තාරුණ්‍යයේ... මේ අකීකරු තාරුණ්‍යයේ...

Chhoron ki neeyat halaal kare
Are basti mein daily bawaal kare
Item bana ke rakh le, haye… Chakhna bana ke chakh le
Aankhon ko kyon seke hathon se kar manmaani…
Night ki naughty kahaani Ye Halkat Jawani
Hui main hui vaari vaari Ye halkat jawani…
Night ki naughty kahani Ye Halkat Jawani

යෞවනයේ යහගුණය විසුණු කලේ...
මිතුරන් හා හැම දිනම දබර කලේ...
රැකගන්න අයිතමයක් සේ, රස බලන්න කටගැස්ම සේ...
දෙනෙතින් බලා ඉන්නේ කිම, දෙඅතින් කරන් කැමති දේ...
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
යන්නෙමි මා යන්නෙමි වැනසී, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
රැයෙහි නරක පුරාණේ, මේ අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Halkat Jawani
Album: Heroine
Year: 2012
Vocals: Sunidhi Chauhan
Music Director: Salim-Sulaiman
Lyricist: Amitabh Bhattacharya

Sunday, September 2, 2012

Dance Pe Chance - Rab Ne Bana Di Jodi
ඔයාට තියෙන්නෙ මං කියන දේ කරන එක විතරයි...
බලන්නකො! ඔයාව ඉබේම නැටවේවි...

Left leg aage aage Right leg peeche peeche Aaja yaara let’s start ve
Sar ko ghumale round Pehr zara up-down Itni si yeh baat ve
Woh banda hi kya hai jo naache na gaaye Aa hath mein tu hath thaam le
Oye dance pe chance maar le Oh soneya dance pe chance maar le
Oh baliye dance pe chance maar le Oh soneya dance pe chance maar le

වම් කකුල ඉස්සරහට... දකුණු කකුල පිටිපස්සට... එන්න යාළුවා! පටන්ගමු නේ?
ඔළුව කරකවල රවුමට... කකුල් ටිකක් උඩට යටට... එච්චරයි කරන්න තියෙන්නේ...
ඒ මිනිහා මොකෙක්දෝ, නටන්නෙ, ගයන්නෙ නැත්නම්...
එන්න, අතින්, අත අල්ලාගන්න...
ඕ!යේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...
ඕ! ප්‍රියයේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...

Peeche Peeche Aaya Teri Chalvendai Aaya
Peeche Peeche Aaya Teri Chalvendai Aaya
Saanu Laakhon Saahe Lashkare NiSaanu Tera Laung Lapeya
Dil De Ke Tu Laija Mutiyaar Ni Saanu Tera Laung Lapeya

පස්සෙන් පස්සෙන් ආවා, ඔබේ අඩිපාරේ ආවා...
පස්සෙන් පස්සෙන් ආවා, ඔබේ අඩිපාරේ ආවා...
දැක්කා දහසක් විලාසයන්, නමුත් ඔබෙ නහයෙ කරාබුවට විතරයි මං කැමති...
යන තැනක යන්න හද දීලා, ඔබෙ නහයෙ කරාබුවට විතරයි මං කැමති...

Oh chal haath ghumaale yaara Oh jaise suiyaan saath se baara
Le ban gaya step soneya Tu ban gaya hep soneya
Oh zara kamar ko aise ghumaana Oh jaise hawa mein aath banana
Le ban gaya step soneya Tu ban gaya hep soneya

ඕ! දැන් අත කරකවන්න යාළු... හරියට හතෙන් (7), දොලහට (12) කැරකෙන සේ...
දැක්කද, පියවරක් හැදුනා... ඔයා හොඳ පිම්මක් තැබුවා...
ඕ! හෙමින් උකුළත් එහෙම නළවලා... හරියට, සුළඟෙහි අට (8) අඳිනාසේ...
දැක්කද, පියවරක් හැදුනා... ඔයා හොඳ පිම්මක් තැබුවා...

(ඔරලෝසුවේ කටුව හතේ (7) සිට දොළහට (12) කැරකෙන ආකාරයට
අත කරකවන්න, එවිට එයද නැටුම් ඉරියව්වක් වේවි...
සුළඟේ අට (8) අඳිනා අයුරින් උකුළ නළවන්න,
එවිට එයද නැටුම් ඉරියව්වක් වේවි...)

Woh banda hi kya hai jo naache na gaaye Aa hath mein tu hath thaam le
Oye dance pe chance maar le Oh soneya dance pe chance maar le
Oh baliye dance pe chance maar le Oh soneya dance pe chance maar le

ඒ මිනිහා මොකෙක්දෝ, නටන්නෙ, ගයන්නෙ නැත්නම්...
එන්න, අතින්, අත අල්ලාගන්න...
ඕ!යේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...
ඕ! ප්‍රියයේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...

Oh oh oh owwwww Kaali Teri Guth Te Paranda Tera Laal Ni
Kaali Teri Guth Te Paranda Tera Laal Ni
Roop Di O Raniye Parandenu Sambhaal Ni Kaali Teri... Kaali Teri

කලු කොන්ඩ කටුවයි ඔබෙ, රතු පීත්ත පටියයි...
කලු කොන්ඩ කටුවයි ඔබෙ, රතු පීත්ත පටියයි...
රූප රැජිනියෙ, පීත්ත පටිය පරිස්සමින්... කලු පැහැ, කලු පැහැ...

Oh ek haath ko ooncha uthale Oh mandir ki ghanti bajale
Le ban gaya step soneya Tu ban gaya hep soneya
Oh dooja haath hile zara neeche Oh jaise udti patang koi kheenche
Le ban gaya step soneya Tu ban gaya hep soneya

ඕ! එක අතක් උඩටම උස්සලා... කෝවිලේ ගන්ඨාරය ගසනා සේ...
දැක්කද, පියවරක් හැදුනා... ඔයා හොඳ පිම්මක් තැබුවා...
දැන් අනිත් අත හෙමිහිට පහළට දා... හරියට සරුංගලයක් පද්දන සේ...
දැක්කද, පියවරක් හැදුනා... ඔයා හොඳ පිම්මක් තැබුවා...

(කෝවිලේ ගන්ඨාව ගැසීමට අත ඔසවන ආකාරයට එක අතක්
උඩටම උස්සන්න, එවිට එයද නැටුම් ඉරියව්වක් වේවි...
අනිත් අත හෙමිහිට පහළට දමන්න, හරියට නූළකින්
සරුංගලයක් පද්දනව වගේ, දැන් එයද නැටුම් ඉරියව්වක් වේවි...)

Woh banda hi kya hai jo naache na gaaye Aa hath mein tu hath thaam le
Oye dance pe…dance pe…d-d-d-dance pe chance maar le
Oh soneya dance pe chance maar le
Oh baliye dance pe chance maar le Oh soneya dance pe chance maar le
Oh dance pe chance… dance pe chance…
Oh soneya dance pe chance maar le

ඒ මිනිහා මොකෙක්දෝ, නටන්නෙ, ගයන්නෙ නැත්නම්...
එන්න, අතින්, අත අල්ලාගන්න...
ඕ!යේ, නටන්නට, නටන්නට, න.. න.. න.. නටන්න අවස්ථාවක් ගන්න...
මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...
ඕ!  ප්‍රියයේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...
ඕ! නටන්න අවස්ථාවක්, නටන්න අවස්ථාවක්...
මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Dance Pe Chance
Album: Rab Ne Bana Di Jodi
Year: 2008
Vocals: Sunidni Chauhan, Labh Janhua
Music Director: Salim-Sulaiman
Lyrics: Jaideep Sahni
Actors: Shahrukh Khan & Anushka Sharma

Saturday, July 14, 2012

Bipasha - Jodi Breakers
බිපාෂා... ඇය දෙවියන්ගේ නිමැවුමයි,
ආදරයේ භාෂාව ඇයගෙන් උගනිමු...

C’mon yeah c’mon just like that
Parvaan shamaa jalayein jal jaye na bipasha
Baithe hain jaal bichhaye fas jaye na bipasha
Ho everybody everybody aaja nach le jara sa
Kar le kar le tu kar le tu thoda tamasha
Janu main janu ,main to janu tu hai mujhse judda sa
Nahi main nahi, tujhe nahi dungi jhootha dilaasa

පළඟැටියා ඉටිපහනේ දැවුනත්, දැවිළා නොයයි බිපාෂා...
දසඅතම ගිණි ඇවිලූවත්, ඇවිලී නොයයි බිපාෂා...
හෝ... හැමදෙන, ඇවිදින් මදකට රඟදෙන්න...
කරමු, කරලමු මදකට පොඩි රඟපෑමක්...
දනිමි, දන්නෙමි ඔබ මාවෙත ඈඳෙනා බැව්...
නොදෙමි, නොදෙනෙමි ඔබ හට බොරු අස්වැසුමක්...

Never gonna get her baby never gonna get her baby
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Bipasha bipasha rab ne hai fursat mein tarasha
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Im not so easy im not so easy you can never ever get bipasha

කිසිදින ගනු බැරි ඇය කිසිවෙකු හට...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
බි.. පා.. ෂා... බිපාෂා... දෙවියන් විවේකයේදී, මා මැවූවා...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
මං ලේසි නෑ, මං ලේසි නෑ... ඔයාට කවදාවත් ගන්න බෑ බිපාෂා...

Aaja… saanson se meri jal jayega
Aaja… mere husan mein doob jayega
Aaja… na zor koi chal payega
Aaja… baahon mein aake pachtayega
Samjha le nadan dil ko Kar door aab ye mushkil ko ho…o ho
Jisne bhi mujhpe dil haara khelayega vo bechara haan

ඇවිදින්... සුසුමෙන් මගේ දැවීලා යන්න...
ඇවිදින්... මගේ සොදුරුබවේ කිමිදෙන්න...
එනුමැන... සේනා කිසිත් නෑ මා වෙළා...
එනුමැන... ලතැවුල් නිවේ තුරුළේ මගේ...
පහදන්න අකීකරු වූ හදට, දුරලන්න දැන්වත් අපහසුතා...
කවුරුන් වුවත් මා මත්තේ හද පරදිනා, (ඔහු) අසරණයෙක් වේ...

You Never gonna get her baby never gonna get her baby
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Bipasha bipasha rab ne hai fursat mein tarasha
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Im not so easy im not so easy you can never ever get bipasha

ඔබ හට කිසිදින ගනු බැරි ඇය නම්...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
බි.. පා.. ෂා... බිපාෂා... දෙවියන් විවේකයේදී, මා මැවූවා...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
මං ලේසි නෑ, මං ලේසි නෑ... ඔයාට කවදාවත් ගන්න බෑ බිපාෂා...

Bips you got the eyes you got the lips
Comon shake shake shake your hips
You got the moves you got the grooves
Ho aab khud pe nahi hai kaaboo
Jaadu hai tu bipasha Tu humnashi bipasha
Tu humnavabi bipasha tu gulfizaa…

බිප්ස්, (ඔයා) උදුරාගත්තා ඇස්, දෙතොල්...
නළවන්න ඔහොමම ඔබේ උකුළත්...
සෙලවුමත්, කැළතුමත් ඔබෙමයි...
හෝ... මා මටද හැසිරවුම් නෑ...
මායාවකි බිපාෂා, ඔබ දැහැනකි බිපාෂා...
ඔබ උදාරයි බිපාෂා, ඔබ පිබිඳුමයි...

Ja ja na ishq-vishq kar payega
Ja ja mere sath mein na jee payega
Ja ja be-maut muft mar jayega
Ja ja chhute hi shama jal jayega
Samjha le nadan dil ko Kar door aab ye mushkil ko ho…o ho
Jisne bhi mujhpe dil haara khelayega vo bechara haan

යන්න... මට එපා ඔබේ ඔය ආදරේ...
යන්න... මා හා දිවිගෙවන්නත් එපා...
යන්න... නැත්නම් නිකරුනේ මියයන්න වෙයි...
යන්න... මං ඇල්ලුවොත් ඔයා පිචිචේවි...
පහදන්න අකීකරු වූ හදට, දුරලන්න දැන්වත් අපහසුතා...
කවුරුන් වුවත් මා මත්තේ හද පරදිනා, (ඔහු) අසරණයෙක් වේ...

You never gonna get her baby never gonna get her baby
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Bipasha bipasha rab ne hai fursat mein tarasha
Bipasha bipasha aaja main sikha dun pyaar ki bhasha
Im not so easy im not so easy you can never ever get bipasha

ඔබ හට කිසිදින ගනු බැරි ඇය නම්...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
බි.. පා.. ෂා... බිපාෂා... දෙවියන් විවේකයේදී, මා මැවූවා...
බි.. පා.. ෂා... බිපාෂා... මං කියාදෙන්නම් ආදරේ භාෂාව...
මං ලේසි නෑ, මං ලේසි නෑ... ඔයාට කවදාවත් ගන්න බෑ බිපාෂා...

Bips you got the eyes you got the lips
Comon shake shake shake your hips
You got the moves you got the grooves
Ho aab khud pe nahi hai kaaboo Jaadu hai tu bipasha

බිප්ස්, (ඔයා) උදුරාගත්තා ඇස්, දෙතොල්...
නළවන්න ඔහොමම ඔබේ උකුළත්...
සෙලවුමත්, කැළතුමත් ඔබෙමයි...
හෝ... මා මටද හැසිරවුම් නෑ... මායාවකි බිපාෂා...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Bipasha
Album: Jodi Breakers
Year: 2012
Vocals: Shradha Pandit, Shadab Faridi
Music Director: Salim Merchant, Sulaiman Merchant
Lyricist: Irshad Kamil

Friday, January 27, 2012

Thujh Mein - Rab Ne Bana Di Jodi
නුඹ තුළින් මා දෙවියන් දකිමි.
නුඹ මගේ සුරලොවයි.

Tu hi to jannat meri, tu hi mera junun
Tu hi to mannat meri, tu hi ruh ka sukun

නුඹයි මාගේ සුර ලෝකය... නුඹ මගේ උමතුවයි...
නුඹයි මාගේ හැම පැතුමත්... භවයේ සුවයත් නුඹයි...

Tu hi ankhiyo ki thandak, tu hi dil ki hai dastak
Aur kuchh na janu main, bas itna hi jaanu
Tujh me rab dikhta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹයි නෙතඟේ නිසල බව, නුඹයි හදවත ගැහෙනා හඬ...
ඒහැර කිසිවක් නොදනිම්, මෙපමණකි මා දන්නේ...
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ප්‍රියාවියේ මා කුමක් කරම්?

Sajde sar jhukta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹ පිදුමට හිස නමමි, ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Kaisi hai yeh duri, kaisi majburi
Maine najaron se tujhe chhu liya
Kabhi teri khushbu, kabhi teri baatein
Bin maange yeh jahan pa liya

කුමන ඈත් බවක්දෝ? කුමන අසරණ බවක්දෝ?
මම නෙතු බැල්මෙන් නුඔව අල්ලමි...
විටෙක නුඹේ සුවඳින්, විටෙක නුඹේ වදනින්...
ඉල්ලීමක් නැතිවම මේ ලොව ලැබුවෙමි...

Tu hi dil ki hai raunak, tu hi janmo ki daulat
Aur kuchh na janu, bas itna hi janu
Tujh me rab dikhta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹයි හදවතෙහි කිරණ, නුඹයි ජන්මයෙහි ධනය...
ඒහැර කිසිවක් නොදනිම්, මෙපමණකි මා දන්නේ...
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Sajde sar jhukta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹ පිදුමට හිස නමමි, ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Vasdi vasdi vasdi, dil di dil vich basdi
Hasdi hasdi hasdi, dil ro ve teri haasdi
Rab ne bana di jodi haay...
Vasdi vasdi vasdi, dil di dil vich basdi
Hasdi hasdi hasdi, dil ro ve teri haasdi

වසතී, වසතී, වසතී... හද ගැඹුරේ නුඹ වසතී...
හිනැහී, හිනැහී, හිනැහී... හද හඬමින් නුඹේ හිනැහී...
දෙවියන් තැනූ ජෝඩුව...
වසතී, වසතී, වසතී... හද ගැඹුරේ නුඹ වසතී...
හිනැහී, හිනැහී, හිනැහී... හදවත හඬමින් නුඹේ හිනැහී...

Chham chham aaye, mujhe tarsaaye
Tera saaya chhed ke chumata
O o tu jo muskaaye tu jo sharmaaye
Jaise mera hai khuda jhumta

නුඹ පැමිනෙද්දී, මා වෙහෙසෙන්නේ...
නුඹේ සෙවනැලි පවා මා සිඹිනවා...
ඕ.. ඕ නුඹේ හිනැහීමේ, නුඹේ ලැජ්ජාවේ...
මගේ දෙවියන් රඟන සේ පෙනෙනවා...

Tu hi meri hai barkat, tu hi meri ibaadat
Aur kuchh na janu, bas itna hi janu
Tujh me rab dikhta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹයි මාගේ උන්නතියත්, නුඹයි මාගේ ඇදහීමත්...
ඒහැර කිසිවක් නොදනිම්, මෙපමණකි මා දන්නේ...
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Sajde sar jhukta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹ පිදුමට හිස නමමි, ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Vasdi vasdi vasdi, dil di dil vich basdi
Hasdi hasdi hasdi, dil ro ve the haasdi
Rab ne bana di jodi...

වසතී, වසතී, වසතී... හද ගැඹුරේ නුඹ වසතී...
හිනැහී, හිනැහී, හිනැහී... හද හඬමින් නුඹේ හිනැහී...
දෙවියන් තැනූ ජෝඩුව...

Tujh Mein Rab Dikhta - Sad Ver.

Na kuch poocha Na kuch maanga Tune dil se diya jo diya
Na kuch bola Na kuch tola Muskuraake diya jo diya
Tu hi dhoop tu hi chaaon Tu hi apna paraya
Aur kuchh na janu main, bas itna hi jaanu
Tujh me rab dikhta hai, yaara main kya karu
Sajde sar jhukta hai, yaara main kya karu
Rab Ne Bana Di Jodi haaye...

කිසිවක් නොඅසා, කිසිත් නොඉල්ලා, ඔබ හදවතින් දිය යුතු දේ දුන්නා...
කිසිවක් නොකියා, කිසිත් නොවිමසා, සිනහවෙන් දිය යුතු දේ දුන්නා...
ඔබයි එළියත්, ඔබයි සෙවනත්, ඔබයි මට හිමි අමුත්තාත්...
ඒහැර කිසිවක් නොදනිම්, මෙපමණකි මා දන්නේ...
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ප්‍රියයේ මා කුමක් කරම්?
නුඹ පිදුමට හිස නැමුණා වේ. ‍ප්‍රියයේ මා කුමක් කරම්?
දෙවියන් තැනූ ජෝඩුව... 

සිංදුව මෙතනින් බාගන්න...
Sad (Female) Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Sad Version වීඩියෝව මෙතනින්...

Title: Thujh Mein Rab Dikhta Hai
Album: Rab Ne Bana Di Jodi
Year: 2008
Vocals: Roop Kumar Rathod | Sad Version by Shreya Goshal
Music Director: Salim Merchant, Sulaiman Merchant
Lyricist: Jaideep Sahni