Showing posts with label Mile Stone. Show all posts
Showing posts with label Mile Stone. Show all posts

Sunday, February 17, 2013

Der Lagi Lekin - Zindagi Na Milegi Dobara
කල්ගත වූ නමුත්, ජීවිතය කුමක්දැයි මා උගත්තෙමි...
තමන්ගේ කියන්නේ කාටදැයි කියා මා දැන් දනිමි...

Der lagi lekin maine ab hai jeena seekh liya
Jaise bhi ho'n din maine ab hai jeena seekh liya
Ab maine ye jaana hai, khushi hai kya, gham kya...
Dono hi, do pal ki hai ruttein
Na yeh thehre na rukein
Zindagi do rangon se bane
Ab roothe, ab mane
Yehi toh hai, yehi toh hai, yahaan

කල්ගත වූ නමුත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දවස කෙසේ වූවත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දැන් මා මෙය දනිමි... සතුට කුමක්ද, දුක කුමක්ද?
දෙදෙනාම, මොහොතක් දෙකක් පවතීවී...
රැඳෙනා හෝ නවතිනා වූ දෙයක් නොවේ...
ජීවිතේ, පැහැ දෙකකින් සැඳුනා වේ...
අකැමැත්තමයි, කැමැත්තත්...
මෙහි ම වේ, මෙහි ම වේ, මෙහි...

Der lagi lekin maine ab hai jeena seekh liya
Aansuon ke bin maine ab hai jeena seekh liya
Ab maine, Yeh jaana hai kise kahoon apna
Hai koi, jo yeh mujh se keh gaya
Yeh kahaan tu reh gaya
Zindagi toh hai jaise kaarvan
Tu hai tanha kab yahaan
Sabhi toh hai, sabhi toh hai yahaan

කල්ගත වූ නමුත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
තොරව ‍නෙතු කඳුලින්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දැන් දනිමි, තමන්ගේ කියන්නේ කාටදැයි කියා...
එය යම් කෙනෙකු මාහට පැවසුවා...
මේ ඔබ කොහෙදෝ නික්මුණේ...?
ජීවිතේ, යම් තවලමක් වගෙයි...
ඔබ කවදද (මෙහි) තනිවුනේ?
සැවොම වේ, සැවොම වේ, මෙහි...

Koi sunaaye jo hansti muskurati kahani
Kehta hai dil, main bhi sunoon,
Aansoo mein moti ho jo kisi ke nishani
Kehta hai dil, main bhi chunoon
Baahein dil ki ho baahon mein hi, chalta
chalun yunhi raahon mein
Bus yunhi, ab yahaan, ab wahaan

කවුරුහරි කියද්දි, හිනායන සතුටු කතාවක්...
හද පවසයි, මාත් (එය) ඇසිය යුතුයැයි...
කඳුලේ වූ මුතු දකී නම්, කාගේ හෝ මතකයේ...
හද පවසයි, මාත් (ඒවා) ඇහිඳිය යුතුයැයි...
තුරුලේ තිබිය යුත්තේ හදෙහි වූ ආදරයමයි...
ඇවිද යා යුත්තේද, ඒ මාවත් ඔස්සේමයි...
එපමණයි! දැන් මෙහි, දැන් එහි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Der Lagi Lekin
Album: Zindagi Na Milegi Dobara
Year: 2011
Vocals: Shankar Mahadevan
Music Director: Shankar Ehsaan Loy
Lyricist: Javed Akhtar

Wednesday, July 11, 2012

Jaane Kyun - Dil Chahta Hai
ආදරේ දිවියට පැහැයන් ගෙන එන්නේ...
ආදරෙන්මයි ජීවිතේ සැරසෙන්නේ...

Jaane Kyoon Log Pyaar Karte Hain Jaane Kyoon Voh Kisi Pe Marte Hain
Jaane Kyoon Log Pyaar Karte Hain Jaane Kyoon Voh Kisi Pe Marte Hain
Jaane Kyoon Jaane Kyoon? Jaane Kyoon Jaane Kyoon Jaane Kyoon?

ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ? ඇයි දන්නෑ කෙනෙක් මත්තේ මියයන්නේ?
ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ? ඇයි දන්නෑ කෙනෙක් මත්තේ මියයන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...?

Pyaar Mein Sochiye To Bas Gham Hai - Pyar Mein Jo Sitam Bhi Ho Kam Hai
Pyar Mein Sar Jookana Padta Hai - Dard Mein Muskurana Padta Hai
Zaher Kyon Zindagi Mein Bharte Hain? - Jaane Kyoon Log Pyaar Karte Hain
Jaane Kyoon Jaane Kyoon? - Jaane Kyoon Jaane Kyoon Janne Kyoon?

හිතලා බැලුවොතින් ආදරේ, දුකමයි ඇත්තේ
ආදරේදී වේදනා, නෑ අඩු වෙන්නේ...
ආදරේදී හිස නමන්නයි, සිදු වෙන්නේ
වේදනාවේදිත් හිනාවෙන්නයි වෙන්නේ...
මේ වසෙන් ජීවිතේ ඇයි පුරවන්නේ?
ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ...
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...

Pyar Bin Jeene Mein Rakha Kya Hai - Pyar Jisko Nahin Woh Tanha Hai
Pyar Bin Jeene Mein Rakha Kya Hai - Pyar Jisko Nahin Woh Tanha Hai
Pyar Sau Rang Le Ke Aata Hai - Pyar Hi Zindagi Sajaata Hai

ආදරෙන් තොර අරුත කිමදෝ මේ දිවියේ - ආදරේ නැති නම් ඔහු තනිවෙන්නේ...
ආදරෙන් තොර අරුත කිමදෝ මේ දිවියේ - ආදරේ නැති නම් ඔහු තනිවෙන්නේ...
ආදරේ දිවියට පැහැයන් ගෙන එන්නේ - ආදරෙන්මයි ජීවිතේ සැරසෙන්නේ...

Log Chup Chupke Pyaar Karte Hain - Jaane Kyoon Saaf Kehte Darte Hai?
Jaane Kyoon Jaane Kyoon? - Ho Jaane Kyoon Jaane Kyoon Janne Kyoon?

සැවොම සැමටම හොරෙන් ආදරේ කරන්නේ - ඇයි දන්නෑ ඒ බව කියුමට බය වන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...

Pyaar Bekaar Ki Musibat Hai - Pyaar Har Tarah Khoobsurat Hai
Oh Pyaar Se Hum Door Hi Achche! - Are Pyar Ke Sab Roop Hai Sachche
Oh Pyar Ke Ghaat Jo Utarte Hai - Doobte Hai Na Woh Ubharte Hai

ආදරේ කිසිම වැඩකට නැති වදයක් - ආදරේ සුන්දරයි හැමටම වැඩියෙන්...
ඕ! ආදරේ ඈතින් ඇති තරමටම හොඳයි! - අනේ! ආදරේ හැම ස්වරූපයම ඇත්තයි...
ඕ! ආදරේ දෙපා වසා ගලායන්නේ - කි‍මිදෙන්න හෝ, ගොඩ එන්නට ඉඩ ඇත්තේ...

Pyar To Khair Sabhi Karte Hain - Jaane Kyoon Aap Hi Mukarte Hain
Jaane Kyoon Jaane Kyoon? - Jaane Kyoon Jaane Kyoon?

සැවොම මේ ආදරයට එකඟයි නේ? - ඇයි මන්දා ඔයා එය නොතකන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Jaane Kyun
Album: Dil Chahta Hai
Year: 2001
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Shankar, Ehsaan, Loy
Lyricist: Javed Akhtar

Monday, June 25, 2012

Tu Mera Dil - Akele Hum Akele Tum
ඔයත් තනියෙන්, මමත් තනියෙන්...
එත් ඔයයි මමයි ඉන්න තැන මොන තනිකමක් ද?

Akele hum, akele tum Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
Tu mera dil, tu meri jaan Oh I love you Daddy 
Tu maasoom, tu shaitaan But you love me Daddy

මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා...
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා...

Yun to hai tu nanha sa Hai magar guru sab ka
Aur issi sharaarat se Dil jigar hai tu sab ka
Kehne ko hai yun to hazaar Koi magar tujhsa kahan
Akele hum, akele tum
Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy

ඔයා නොදරුවෙකු වූ නමුදු, ගුරුවරයෙකි හැම දෙනෙකුටම...
මේ දඟකාරකම් හින්දා, හද ප්‍රාණය ඔයයි, හැම දෙනෙකුගෙම...
කිව හැකි මෙවන් දහසක් කියුම්, කොහේවත් නැතේ ඔයාවගේ කෙනෙක්...
මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 

Maan lo kal jo yeh saari duniya Saath mera nahin degi
Kaun hai phir meri manzil ka hamsafar Main hoon Daddy
Aaj lage kitna haseen Apna jahan, apna sama
Akele hum, akele tum
Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
But you love me Daddy But you love me Daddy

පිළිගන්නවද? හෙට මුළු ලොව මේ, මා සමඟින් නොඉඳීවී...
එදාට මං යන ඒ ගමනේ, සහකරු වෙන්නේ... මමයි තාත්තා... 
කෙතරම් සොඳුරුව දැනේවිද අද, අපගේ ලොවේ, අපේ ඇසිල්ලන්...
මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා...
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 
ඒත් මට ආදරෙයි තාත්තා... ඒත් මට ආදරෙයි තාත්තා... 

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Akele Hum Akele Tum
Album: Akele Hum Akele Tum
Year: 1995
Vocals: Udit Narayan & Aditya Narayan
Music Director: Anu Malik
Lyricist: Majrooh Sultanpuri

Monday, April 9, 2012

Meri Maa - Taare Zameen Par
මට අම්මව ඕන බව, මං එයාට කවදාවත් කියලා නෑ,
ඒත් මං දන්නවා එයා ඒ හැමදේම, දන්න බව...

Main kabhi batlata nahin Par andhere se darta hoon main maa
Yun to main, dikhlata nahin Teri parwaah karta hoon main maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa

මං කවදාවත් කියලා නැහැ, කළුවරට මං බය බව, අම්මේ...
එහෙම වෙලාවට, මං පෙන්වලා නැහැ, ඔයාව මට ඕනෑ කියල, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...

Bheed mein yun na chodo mujhe Ghar laut ke bhi aa naa paoon maa
Bhej na itna door mujhko tu Yaad bhi tujhko aa naa paoon maa
Kya itna bura hoon main maa Kya itna bura meri maa

මේ රංචුවේ, දාලා යන්නෙපා මං, ආපහු ගෙදර එන්න දන්නේ නෑ, අම්මේ...
එතරම් දුරක, යවන්නෙපා මං, ඔයාට මං මතක් වෙන්නේ නැද්ද, අම්මේ...
ඇයි, එච්චරටම නරකද මං, අම්මේ? ඇයි, එච්චරටම නරකද, මගේ අම්මේ?

Jab bhi kabhi papa mujhe Jo zor se jhoola jhulate hain maa
Meri nazar dhoondhe tujhe Sochu yahi tu aa ke thaamegi maa

සමහර විට, තාත්තා මට, හයියෙන් බැන, කෑ ගසන විටදී, අම්මේ...
මාගේ ඇස් හොයනවා ඔයාව... හිතනවා, ඔයා ඇවිත් මට උදව් කරාවී කියලා, අම්මේ...

Unse main yeh kehta nahin Par main seham jaata hoon maa
Chehre pe aana deta nahin Dil hi dil mein ghabraata hoon maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa

එයාට මං, මෙය කියලා නැහැ, ඒත් මං පරිස්සම් වෙන්නම්, අම්මේ...
මුහුණින් මගේ පෙන්වුයේ නැතත්, හදවතින් මං බය වුණා, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...

Main kabhi batlata nahin Par andhere se darta hoon main maa
Yun to main, dikhlata nahin Teri parwaah karta hoon main maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa

මං කවදාවත් කියලා නැහැ, කළුවරට මං බය බව, අම්මේ...
එහෙම වෙලාවට, මං පෙන්වලා නැහැ, ඔයාව මට ඕනෑ කියල, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Maa
Album: Taare Zameen Par
Year: 2007
Vocals: Shankar Mahadevan
Music Director: Shankar Mahadevan, Loy Mendonca, Ehsaan Noorani
Lyrics: Prasoon Joshi

Friday, December 23, 2011

Teri Ungli Pakad Ke Chalaa - Laadla
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Maa… o meri maa, tu mera laadla…
අම්මා... මගේ අම්මා, ඔයා මගේ හුරතලා...
Maa… o meri maa, main tera laadla…
අම්මා... මගේ අම්මා, මං ඔබේ හුරතලා...

Banke tera saaya main tujhko thaam loon,
සෙවනැල්ල වෙමින් ඔබේ, මා ඔබ වැලඳ ගන්නෙමී...
Uthke rab se pehle main tera naam loon
දෙවියන්ට පළමු මා ඔබේ නම සිහි කරන්නෙමි...

Banke tera saaya main tujhko thaam loon,
සෙවනැල්ල වෙමින් ඔබේ, මා ඔබ වැලඳ ගන්නෙමී...
Uthke rab se pehle main tera naam loon
දෙවියන්ට පළමු මා ඔබේ නම සිහි කරන්නෙමි...

Rakhun tujhe palkon tale, pooja karun teri…
ඔබ රැකගමි, නෙතු තලේ, අදහන්නෙමි ඔබ...
Tere siwaa tu hi bataa, Kya zindagi meri…
මට කියන් ඔබ නැති මගේ දිවිය කුමක්දැයි...

Main to tere sapno ke, Rang mein dhalaa…
ඔබේ හැම සිහිනයක්ම මා වර්ණ ගන්වමී...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Maa… o meri maa, tu mera laadla…
අම්මා... මගේ අම්මා, ඔයා මගේ හුරතලා...
Maa… o meri maa, main tera laadla…
අම්මා... මගේ අම්මා, මං ඔබේ හුරතලා...

Bachke apne ghar se, sukh jaaega kahan…
සතුට අපේ නිවසින් ගිළිහුනේ කොතැනදෝ...
Badlega naseeba ik roz meri maa
වෙනස් වෙමින් දෛවය හිනැහේවි කෙදින හෝ...

Bachke apne ghar se, sukh jaaega kahan…
සතුට අපේ නිවසින් ගිළිහුනේ කොතැනදෝ...
Badlega naseeba ik roz meri maa
වෙනස් වෙමින් දෛවය හිනැහේවි කෙදින හෝ...

Teri khusi meri khusi, ab tera mera gham…
ඔබේ සැප, මගේ සැපයි... දැන් දුකත් ඔබේ, මගෙයි...
Tere liye teri kasam, lunga main sou janam…
ඔබේ නමින් දිවුරමි. හැම ජන්මෙම සොයා එමි...

Tu nahin to duniya mein, kuch nahin mera…
ඔබෙන් තොරවු ලෝකේ, කිසිවක් නැත මගේ...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Maa… o meri maa, tu mera laadla…
අම්මා... මගේ අම්මා, ඔයා මගේ හුරතලා...
Maa… o meri maa, main tera laadla…
අම්මා... මගේ අම්මා, මං ඔබේ හුරතලා...

Title: Teri Ungli
Album: Laadla
Year: 1994
Vocals: Udit Narayan
Music director: Anand Milind
Lyrics: Sameer