Larki kyon na jaane kyon larkon si nahien hoti
මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.
Sochti hai zyaada kam vo samajhti hai...
මහා ලොකුවට හිතනවා. හැබැයි තේරුම් ගන්නේ ටිකයි.
Dil kuchh kahata hai kuchh aur hi karti hai
හදවතින් කියන්නේ එක දෙයක්. හැබැයි කරන්නේ තව දෙයක්.
Larki kyon na jaane kyon larkon si nahien hoti
අනේ, මං දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.
Sochti hai zyaada kam vo samajhti hai...
මහා ලොකුවට හිතනවා. හැබැයි තේරුම් ගන්නේ ටිකයි.
Dil kuchh kahata hai kuchh aur hi karti hai
හදවතින් කියන්නේ එක දෙයක්. හැබැයි කරන්නේ තව දෙයක්.
Pyaar use bhi hai magar shuruu'aat tumhi se chaahe
එයාට ආදරය කරන්නත් ඕනේ. හැබැයි වෙලාවකට
ඔයාව ටිකක් අවුස්සලා, ඈත් කරන්නත් ඕනේ.
Khud mein uljhi uljhi hai par baalon ko suljhaa'e
එයා එයාගේ හැම දේම අවුල් කරගන්නවා,
හැබැයි කොණ්ඩේ අවුල් වෙයි කියලා වද වෙනවා.
Hum achchhe dost hain par us nazar tumko dekha nahien
අපි ගොඩක් හොඳ යාළුවෝ, ඒත් මං කවදාවත්
ඔයා දිහා ඔය අදහසින් බලලා නෑ.
Voh sab to thik hai par uske baare mein main ne socha nahien
ඒ ඔක්කොම හරි කියමුකෝ. ඒත් මේ වෙනකන්,
එහෙම දෙයක් ගැන මං හිතලවත් නෑ.
Sab se alag ho tum yeh kahke paas tumhaare aaye
ඔයා ළඟට ආවම නම් එයා කියන්නේ,
“ඔයා අනිත් අයට වඩා ගොඩාක් වෙනස්” කියලා.
Aur kuchh din mein tumhein alag sa kuchh bhi na usko paa'e
හැබැයි ටික දවසක් ගියාම තමයි තේරෙන්නේ,
ඔයාගේ කිසිම වෙනසක් එයා තේරුම් අරන් නෑ කියලා.
Uff yeh kaisi "shirt" pahante ho yeh kaisa baal katte ho
ඕහ්! මොකක්ද මේ ඇදන් ඉන්න ෂර්ට් එක?
මොකක්ද ඔය කොණ්ඩේ කපලා තියෙන විදිය?
Gaarii tez chalaate ho tum jaldi mein kyon khaate ho
වාහනේ හයියෙන් ඩ්‍රයිව් කරොත්, මොකද ඔයාට ඔච්චර හදිස්සි...?
give me a break.
මට පාඩුවේ ඉන්න දෙන්න.
Tumhein badalne ko paas voh aati hai
ඔයාව වෙනස් කරන්නම විතරයි එයා ඔයාට ළං වෙන්නේ.
Tumhein mitaane ko chaal bichhti hai
ඔයාව ඉවරයක්ම කරන්න තමයි, එයාගේ හැම කපටි කමක්ම...
Baaton baaton mein tumhein hansaati hai
කියන කියන වචනයක් ගානේ, එයා ඔයාව හිනස්සනවා.
Pahale hansaati hai phir bara rulaati hai
මුලින්ම හිනස්සලා, ඊට පස්සේ ඔයාව කේන්ති ගස්වනවා.
Larki kyon na jaane kyon larkon si nahien hoti
අනේ, මං නම් දන්නෑ ඇයි මේ කෙල්ලෝ,
කොල්ලෝ වගේ නැත්තේ කියලා.
Ae itna hi khud se khush ho to peechhe kyon aate ho
තමන් ගැන ඔය තරමටම සතුටු නම්, මොන එහෙකටද පස්සෙන් එන්නේ?
Phuul kabhi to hazaar tohfe aakhir kyon laate ho
මොකටද එක එක වෙලාවට අත පිරෙන්න මල්, තෑගි අරන් එන්නේ?
Apna naam nahien bataaya aapne kaafii peene chalenge
ඔයාගේ නම කිව්වේ නෑනේ මට, ම්... කෝපි එකක් බොන්න යමුද?
Main aapko ghar chhor duun phir kab milenge
මං ඔයාව ගෙදරට ඇරලවන්නද? අහ්... කවදද ආයේ හම්බවෙන්නේ?
Bikharaa bikharaa bematlaf sa tuuta phuuta jeena
අපිළිවෙලට, කිසිම තේරුමක් නැතුව, ජීවිතේ ඔහේ නාස්ති වෙනවා.
Aur kahate ho alag se hai.n ham taanke apna sina
ඒ මදිවට තමන්ගෙම පපුවට අත තියලා දිවුරගන්නවා,
මං වෙනස් වෙනවා කියලා.
Bheega toya kahien farsh pe "toothpaste" kan dakan kahien
තෙත තුවාය කොහේ හරි වීසි කරලා යනවා.
ටූත්පේස්ට් එකේ පියන අල්ලලා වීසි කරනවා.
Kal ke moze ulatke pahane waqt ka kuchh behosh ne
ඊයේ ඇදපු කිළිටු මේස් දෙකම අදත් අනිත් පැත්ත හරවලා අඳිනවා.
වෙලාවට කිසිම වැඩක් කරන්නෑ.
Jeena ka tumko dhang sikhlaati hai
ජීවත් වෙන විදිය නම් ඔයාට උගන්වන්නම වෙනවා.
Tumhein jaanwar se insaan banaati hai
ඔයා හරියට තිරිසනෙක් වගේ, ඔයාව මිනිහෙක් කරන්නම වෙනවා.
Uske bina ek pal rah na sakoge tum
එයාව නැතුව ඔයාට එක මොහොතක්වත් ඉන්න බෑ.
Usko pataa hai yeh kah na sakoge tum
හැබැයි ඒ කෙල්ල දන්නවා...
ඒක ඔයාට කවදාවත් තේරුම් කරන්නත් බෑ කියලා.
Is li'e larkiyaan larkon si nahien hoti
අන්න ඒ නිසා තමයි... කෙල්ලෝ, කොල්ලේ වගේ නොවුනේ.
Jaane kaun kaunse din voh tumko yaad dilaa'e
කවුද දන්නේ, ඔයා ගැන මොන තරම් වැදගත් දවස් ගානක්
එයා මතක තියාගෙන ඉන්නවද කියලා.
Pyaar ko chaahe bhuul bhi jaa'e taarikhein na bhulaa'e
ආදරය අමතක කරන්න වුනත්,
එයාල කවදාවත් දවස් නම් අමතක කරන්නේ නෑ.
"1st march" ko nazar milaa'e chaar "april" ko mai.n milne aaye
“මාර්තු 1 වෙනිදා” දෙනෙත් මුණගැහුණා.
“අප්‍රේල් 4 වෙනිදා” මං ඔයාව හමුවෙන්න ආවා.
Ikkis "may" ko tumne chhuu'aa thaa
“මැයි 21 වෙනිදා” ඔයා මාව ඇල්ලුවා.
Chhe "june" mujhe kuchh hu'aa tha
“ජුනි 6 වෙනිදා” මට මොකක්ද වුණා.
Larkon ka kya hai kisi bhi mor pe voh mur jaa'e
කොල්ලන්ගේ මොන හේතුවක්ද මන්දා.
එයාලා හරි ලේසියෙන් ලිස්සලා යන්න දන්නවා.
Abhi kisi ka hai abhi kisi aur se voh jur jaa'e
දැන් එක කෙල්ලෙක් එක්ක ඉන්නවා.
තව ටික වෙලාවක් යද්දි තව කෙල්ලෙක් එක්ක...
Tumhaari mami-daadi ghar par nahien hai great… main aa jaa'uun
ඔයාගේ අම්මයි, තාත්තයි ගෙදර නැද්ද? නියමයි නේ? මං එන්නද?
Tumhaari "friend" akeli ghar jaa'e bechaari main chhor aa'uun
ඔයාගේ යාළුවා තනියෙන් ගෙදර යනවා.
පව් අසරණී. මං එයාව ඇරලවන්නද?
Ek haan kahane ko kitna dahalaati hai
එක සැරයක් කැමතියි කියලා කියවගන්නම,
අපි එයාල ළඟ කොච්චර දඟලන්න ඕනෙද?
Thak jaate hain ham vo ji bahalaati hain
හැබැයි අපිව මහන්සි කරා කියලා දැනුනාම,
එයාලම අපිව සනසන්න හදනවා.
Vo sharmaati hain tabhi chupaati hain
එයාලට ලැජ්ජ හිතුනාම, කොහේ හරි හැංඟෙනවා.
Larki jo haan kah de use nibhaati hai
කෙල්ල හා කිව්වොත්, ඔන්න ඒකට නම් ලෑස්තියි.
Is li'e larkiyon larkon si nahien hoti
අන්න ඒ නිසා තමයි... කෙල්ලෝ, කොල්ලේ වගේ නොවුනේ.
Is mein jagarne jagarne ki kya baat hai yaar
මෙහෙම ගහගන්න වගේ කතා කරන්නේ ඇයි වස්තුවේ.
Pahale pahale bhanvare jaise paas paas mandraa'e
මුලින් මුලින්, බඹරු වගේ ළඟම දැවටි දැවටි ඉන්නවා.
Phir "busy" hai kahkar tumjo voh taalke
පස්සේ “වැඩ තියෙනවා” කිය කිය එයාව මඟහරිනවා.
Samjha karo "darling, aaj bohot kaam hai."
තේරුම් ගන්න, පැටියෝ. අද ගොඩක් වැඩ තියෙනවා.
Meri bhi to suno
අඩුගානේ මං කියන දේ ටිකක් අහන්න!
Duur hu'aa to kya dil mein tumhaara naam hai
ඈත් වෙලා හිටියට මොකද? හදවතේ තියෙන්නේ ඔයාගේ නම විතරයි.
Jis chehare par marte hain voh "boring" ho jaa'ein
ඒ මූණ මත්තෙම මැරෙන්න හැදුව කෙනාට දැන් ඒක එපා වෙලා.
Kuchh hi din mein nazar ki idhar udhar munrahe
තව ටික දවසක් යනකොට,
ඇස් දෙකත් එහෙ මෙහෙ සක්මන් කරන්න ගනීවි.
Sirf pyaar se zi.ndagi nahien chalti
ආදරයෙන් විතරක් ජීවිතේ ගෙනියන්න බෑ.
Tum "interior decoration" ko "course" kyon nahien karti
ඔයා, “ඉන්ටීරිය ඩෙකරේෂන්” කෝස් එකක් කරන්නැත්තේ ඇයි?
Ok, that’s enough…
හරි දැන් ඔය හොඳටම ඇති.
Larki kyon na jaane kyon larkon si nahien hoti
මං නම් දන්නෑ ඇයි මේ කෙල්ලෝ, කොල්ලෝ වගේ නැත්තේ කියලා.
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Larki Kyon
Album: HumTum
Year: 2004
Vocals: Alka Yagnik, Shaan
Music Director: Jatin Lalit
Lyricist: Prasoon Joshi

No comments:
Post a Comment