Showing posts with label Farida Jalal. Show all posts
Showing posts with label Farida Jalal. Show all posts

Tuesday, February 5, 2013

Roop Tera Mastana - Aaradhana
මන්මත් ඔබේ රුවින්, මගේ ප්‍රේමය උමතු වී...
රැයෙ මත්බවින්, අප නොමඟ යාවී...

Roop tera mastaana pyaar mera diwaana
Bhuul koi hamse naa ho jaaye
Raat nashili mast samaan hai
Aaj nashe mein saaraa jahaan hai

රූපේ ඔබේ මන්මත් කරවයි, ප්‍රේමේ මගේ උමතුවක් වෙලා…
මවෙතින් වරදක් වන්නට ඉඩ නොදෙන්!
රාත්‍රිය මත්වී, ඍතුව ඉපිල්ලී...
අද මත් වීලා, මේ මුළු ලෝකේ...

Raat nashili mast samaan hai
Aaj nashe mein saaraa jahaan hai
Aaye sharaabi mausam bahakaaye

රාත්‍රිය මත්වී, ඍතුව ඉපිල්ලී...
අද මත් වීලා, මේ මුළු ලෝකේ...
මේ මත් සෘතුවෙන් අප නොමඟට යාවි...

Roop tera mastaana pyaar mera diwaana
Bhuul koi hamse naa ho jaaye
Aankhon se aankhein milti hain jaise
Bechain hoke tuufaan mein jaise

රූපේ ඔබේ මන්මත් කරවයි, ප්‍රේමේ මගේ උමතුවක් වෙලා…
මවෙතින් වරදක් වන්නට ඉඩ නොදෙන්!
දෙනෙතට දෙනෙත, හමුවන විළසේ...
අසරණ බව ඒ, කුණාටුවක් වාගේ...

Aankhon se aankhein milti hain jaise
Bechain hoke tuufaan mein jaise
Mauj koi saahil se takaraaye

දෙනෙතට දෙනෙත හමුවන විළසේ...
අසරණ බව ඒ, කුණාටුවක් වාගේ...
දියරැල්, වෙරළට එරෙහිව නැඟිලා ඒ...

Roop tera mastaana pyaar mera diwaana
Bhuul koi hamse naa ho jaaye
Rok rahaa hai hamko zamaana
Duur hi rahana paas na aana

රූපේ ඔබේ මන්මත් කරවයි, ප්‍රේමේ මගේ උමතුවක් වෙලා…
මවෙතින් වරදක් වන්නට ඉඩ නොදෙන්!
නවතීවි ලෝකේ, අප වෙනුවෙන් මේ...
දුරට වී ඉන්න! ළඟට නොඑන්න...

Rok rahaa hai hamko zamaana
Duur hi rahana paas na aana
Kaise magar koi dil ko samjhaaye

නවතීවි ලෝකේ, අප වෙනුවෙන් මේ...
දුරට වී ඉන්න! ළඟට නොඑන්න...!
එනමුත් කෙලෙසේ, හදවත පහදවන්නේ...

Roop tera mastaana pyaar mera diwaana
Bhuul koi hamse naa ho jaaye

රූපේ ඔබේ මන්මත් කරවයි, ප්‍රේමේ මගේ උමතුවක් වෙලා…
මවෙතින් වරදක් වන්නට ඉඩ නොදෙන්!

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Roop Tera Mastana
Album: Aradhana
Year: 1969
Vocals: Kishore Kumar
Music Director: S.D Burman
Lyricist: Anand Bakshi

Monday, February 6, 2012

Chanda Hai Tu - Aradhana
මගේ සඳවත නුඹයි, ‍මගේ දිනිසුරු නුඹයි...
මගේ දෑසේ තරු ආලෝකය ද නුඹමයි...

Chanda hai tu mera sooraj hai tu O meri aankhon ka tara hai tu
Chanda hai tu mera sooraj hai tu O meri aankhon ka tara hai tu
Jeeti hoon main bas tujhe dekhkar Is tute dil ka sahara hai tu
Chanda hai tu mera sooraj hai tu

සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ... ඕ, මාගේ දෑසේ තරු එළියයි නුඹ...
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ... ඕ, මාගේ දෑසේ තරු එළියයි නුඹ...
ජීවත් වෙමි දැක ගනිමින් නුඹ... මේ බිඳුණු හදෙහි සැනසිල්ලයි නුඹ...
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ...

Tu khele khel kai mera khilona hai tu... Tu khele khel kai mera khilona hai tu...
Jisse bandhi har aasha meri Mera voh sapna salona hai tu
Nanha saa hai kitna sundar hai tu Chota sa hai kitna pyara hai tu
Chanda hai tu mera sooraj hai tuu

නුඹ කෙළිදෙළෙන් කෙළිලොල් වෙතේ... මාගේ සෙල්ලම් බඩුවයි නුඹ...
නුඹ කෙළිදෙළෙන් කෙළිලොල් වෙතේ... මාගේ සෙල්ලම් බඩුවයි නුඹ...
කා වෙනුවෙන් බැ‍ඳේවිදෝ ආශා මගේ... මාගේ ඒ සිහිනේ සැබෑ වීමයි නුඹ...
හුරතල් නුඹ, කෙතරම් සුන්දර ද නුඹ? පුංචියි නුඹ, කෙතරම් ආදරණිය ද නුඹ?
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ...

Munne tu khush hai bara tere gudde ki shaadi hai aaj
Munne tu khush hai bara tere gudde ki shaadi hai aaj
Main vaari re main balihaari re Ghuunghat mein guriyaa ko aati hai laaj
Yoonhi kabhi hogi shaadi teri Dulha banega kunvaara hai tu
Chanda hai tu mera sooraj hai tu

පුතුනේ නුඹ ඉපිලේවී සතුටින්, නුඹේ බෝනික්කාගේ මංගල්‍යයි අද...
පුතුනේ නුඹ ඉපිලේවී සතුටින්, නුඹේ බෝනික්කාගේ මංගල්‍යයි අද...
මා සැදැහැවත් වේ, නුඹ වෙනුවෙන් කැප වේ...
බෝනික්කි සළුවෙන් සැඟවේ, ලජ්ජාවෙන්...
නුඹේ මංගල්‍යයත් මෙලෙසේ කවදා හෝ වේ...
මනමාලයෙක් වේවි, තනිකඩ නුඹ...
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ...

Purvaai van mein ude panchi chaman mein ude
Purvaai van mein ude panchi chaman mein ude
Raam kare kabhi hoke bara Tu banke badal gagan mein ude
Jo bhi tujhe dekhe voh yeh kahe Kis maan ka aisa dulara hai tu

හමා යාවී පවන් රැලි, විහඟුන් උයනේ ඉඟිලෙතේ...
හමා යාවී පවන් රැලි, විහඟුන් උයනේ ඉඟිලෙතේ...
දෙවියන් තුටු වෙයි නුඹ ලොකු වූ දා... නුඹ ඉඟිළී යාවී අහසේ, වලාවක් සේ...
දුටුවන් නුඹ, මෙලෙසින් පවසාවී... අම්මා කවුරුන්ද මෙවන් වස්තුවක් ලද?

Chanda hai tu mera sooraj hai tu O meri aankhon ka tara hai tu
Chanda hai tu mera sooraj hai tu O meri aankhon ka tara hai tu
Jeeti hoon main bas tujhe dekhkar Is tute dil ka sahara hai tu
Chanda hai tu mera sooraj hai tu

සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ... ඕ, මාගේ දෑසේ තරු එළියයි නුඹ...
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ... ඕ, මාගේ දෑසේ තරු එළියයි නුඹ...
ජීවත් වෙමි දැක ගනිමින් නුඹ... මේ බිඳුණු හදෙහි සැනසිල්ලයි නුඹ...
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Chanda Hai Tu
Album: Aradhana
Year: 1969
Vocals: Lata Mangeshkar
Music Director: S. D. Burman
Lyrics: Anand Bakshi

Friday, December 23, 2011

Teri Ungli Pakad Ke Chalaa - Laadla
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Maa… o meri maa, tu mera laadla…
අම්මා... මගේ අම්මා, ඔයා මගේ හුරතලා...
Maa… o meri maa, main tera laadla…
අම්මා... මගේ අම්මා, මං ඔබේ හුරතලා...

Banke tera saaya main tujhko thaam loon,
සෙවනැල්ල වෙමින් ඔබේ, මා ඔබ වැලඳ ගන්නෙමී...
Uthke rab se pehle main tera naam loon
දෙවියන්ට පළමු මා ඔබේ නම සිහි කරන්නෙමි...

Banke tera saaya main tujhko thaam loon,
සෙවනැල්ල වෙමින් ඔබේ, මා ඔබ වැලඳ ගන්නෙමී...
Uthke rab se pehle main tera naam loon
දෙවියන්ට පළමු මා ඔබේ නම සිහි කරන්නෙමි...

Rakhun tujhe palkon tale, pooja karun teri…
ඔබ රැකගමි, නෙතු තලේ, අදහන්නෙමි ඔබ...
Tere siwaa tu hi bataa, Kya zindagi meri…
මට කියන් ඔබ නැති මගේ දිවිය කුමක්දැයි...

Main to tere sapno ke, Rang mein dhalaa…
ඔබේ හැම සිහිනයක්ම මා වර්ණ ගන්වමී...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Maa… o meri maa, tu mera laadla…
අම්මා... මගේ අම්මා, ඔයා මගේ හුරතලා...
Maa… o meri maa, main tera laadla…
අම්මා... මගේ අම්මා, මං ඔබේ හුරතලා...

Bachke apne ghar se, sukh jaaega kahan…
සතුට අපේ නිවසින් ගිළිහුනේ කොතැනදෝ...
Badlega naseeba ik roz meri maa
වෙනස් වෙමින් දෛවය හිනැහේවි කෙදින හෝ...

Bachke apne ghar se, sukh jaaega kahan…
සතුට අපේ නිවසින් ගිළිහුනේ කොතැනදෝ...
Badlega naseeba ik roz meri maa
වෙනස් වෙමින් දෛවය හිනැහේවි කෙදින හෝ...

Teri khusi meri khusi, ab tera mera gham…
ඔබේ සැප, මගේ සැපයි... දැන් දුකත් ඔබේ, මගෙයි...
Tere liye teri kasam, lunga main sou janam…
ඔබේ නමින් දිවුරමි. හැම ජන්මෙම සොයා එමි...

Tu nahin to duniya mein, kuch nahin mera…
ඔබෙන් තොරවු ලෝකේ, කිසිවක් නැත මගේ...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Maa… o meri maa, tu mera laadla…
අම්මා... මගේ අම්මා, ඔයා මගේ හුරතලා...
Maa… o meri maa, main tera laadla…
අම්මා... මගේ අම්මා, මං ඔබේ හුරතලා...

Title: Teri Ungli
Album: Laadla
Year: 1994
Vocals: Udit Narayan
Music director: Anand Milind
Lyrics: Sameer