Ek larkii thii diiwaanii sii
එක කෙල්ලෙක් හිටියා, ආදරයෙන් උමතු වුන…
Ek larke pe voh martii thii
එයා එක කොල්ලෙක් මත්තෙම මැරෙන්න හැදුවා.
Nazare jhuukaake sharmaake, galiyon se guzartii thii
එයාගේ ඇස් ලජ්ජාවෙන් බිමට හැරවිලා.
යන මඟෙහි පවා එයා මංමුලාවෙලා වගේ...
Chorii chorii chupke chupke, chitthiyaan likha kartii thii
හොරෙන් හොරෙන් රහසින් ඇය ඔහුට හසුන්පත් ලිව්වා.
Kuchh kahana tha shaayad usko
සමහර විට එයාට කියන්න යමක් තියෙන්න ඇති.
Jaane kis se dartii thii
ඒත් එයා කාට බය වුනාද මන්දා?
Jab bhii miltii thii mujhse, mujhse puuchha karti thii
මාව මුණගැහුණු සමහර වෙලාවට, එයා මගෙන් අහනවා...
Pyar kaisa hota hai
“ආදරය ඇතිවෙන්නේ කොහොමද?” කියලා...
Yeh pyar kaisa hota hai
“මේ ආදරය ඇතිවෙන්නේ කොහොමද?”
Aur main sirf yehii kah paata tha
එතකොට මං එයාට කිව්වේ මෙන්න මෙච්චරයි...
Aankhein khulii ho yaa ho band
Diidaar unka hota hai
දෙනෙත් හැර තිබුණත්, පියවී තිබුණත්,
ඒ රුවමයි දෑසේ දිස්වන්නේ...
Kaise kahoon main o yaara yeh
Pyaar kaisa hota hai
ඉතින්, මං ඔයාට කොහොම කියන්නද?
මේ ආදරය ඇතිවෙන්නේ කොහොමද කියලා...
Aankhein khulii ho yaa ho band
Diidaar unka hota hai
දෙනෙත් හැර තිබුණත්, පියවී තිබුණත්,
ඒ රුවමයි දෑසේ දිස්වන්නේ...
Aankhein khulii ho yaa ho band
Diidaar unka hota hai
දෙනෙත් හැර තිබුණත්, පියවී තිබුණත්,
ඒ රුවමයි දෑසේ දිස්වන්නේ...
Kaise kahoon main o yaara yeh
Pyaar kaisa hota hai
ඉතින්, මං ඔයාට කොහොම කියන්නද?
මේ ආදරය ඇතිවෙන්නේ කොහොමද කියලා...
Aaj hii yaaron kisi pe marke dekhenge ham
ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් අද දවස අපි, කැපකරලම බලමු.
Pyaar hota hai yeh kaise karke dekhenge ham
ආදරය ඇතිවෙන්නේ කොහොමද කියලා, අද අපි ආදරේ කරලම බලමු.
Kisi kii yaadon mein kho'e hue khwaabon ko hamne sajaa liyaa
කිසිවෙකුගේ මතකයන් තුල සැඟවෙමින්, අපි අපි ගැන සිහින මැව්වා.
Ksii kii baahon mein so'e hue apna use banaa liya
කිසිවෙකුගේ තුරුලේ සුව විඳිමින්, මං එයාගෙම වෙන්න හැදුවා.
Ae yaar pyaar mein koii…
Ae yaar pyaar mein koii, na jaagta na sotaa hai
හැබැයි යාළුවනේ, කවුරු හරි කෙනෙක් ආදරෙන් බැඳුනොත්,
එයාගේ නින්ද නම් අහිමි වෙනවමයි.
Kaise kahoon main o yaara yeh pyaar kaise hota hai
ඉතින්, මං ඔයාට කොහොම කියන්නද?
මේ ආදරය ඇතිවෙන්නේ කොහොමද කියලා...
Kya hai yeh jadoo hai koii bas jo chal jaata hai
කිනම් මායාවක්ද මේ? ඔබව කිසිවකු, ඔබේ අරමුනින් ඉවතට ගෙනයයි...
Todke pehere hazaaron yeh dil nikal jaata hai
දහසක් මුරකාවල් බිඳලමින් ඔබේ හදවත ආදරය සොයා ගිලිහීයයි...
Duur kahien aasmaanon par hote hain ye saare faisle
අහස තරම් වූ කොහේ හෝ දුරක වුවත්, මේ සියල්ල තීරණය වේවි.
Kaun jaane koii hamsafar kab kaise kahaan mile
කවුද දන්නේ, මොනවගේ සහකරුවෙක්,
කවදා, කොහොම, කොහේදී හමුවෙයිද කියලා...
Jo naam dil pe ho likha…
Jo naam dil pe ho likha, iqraar usii se hota hai
හදවතේ ලියැවුණු ඒ නම වෙනුවෙන් ඔබ සදාකාලික පොරොන්දුවකින් බැඳේවි.
Kaise kahoon main o yaara yeh pyaar kaise hota hai
ඉතින්, මං ඔයාට කොහොම කියන්නද?
මේ ආදරය ඇතිවෙන්නේ කොහොමද කියලා...
Aankhein khulii ho yaa ho band
Diidaar unka hota hai
දෙනෙත් හැර තිබුණත්, පියවී තිබුණත්,
ඒ රුවමයි දෑසේ දිස්වන්නේ...
Aankhein khulii ho yaa ho band
Diidaar unka hota hai
දෙනෙත් හැර තිබුණත්, පියවී තිබුණත්,
ඒ රුවමයි දෑසේ දිස්වන්නේ...
Kaise kahoon main o yaara yeh
Pyaar kaisa hota hai
ඉතින්, මං ඔයාට කොහොම කියන්නද?
මේ ආදරය ඇතිවෙන්නේ කොහොමද කියලා...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Aankhein Khuli
Album: Mohabbatein
Year: 2000
Vocals: Lata Mangeshkar, Udit Narayan, Ishaan
Music Director: Jatin-Lalit
Lyricist: Anand Bakshi
Updated on 06/08/2012

No comments:
Post a Comment