Showing posts with label Vidya Balan. Show all posts
Showing posts with label Vidya Balan. Show all posts

Sunday, January 6, 2013

Yeh Meri Kahaani - Kahaani
නිහඬව හිටියත් ඈ, හැම දෙය පවසන්නේ...
හැම පැවසිය හැකි මුත්, ඇය නිහඬව ඉන්නේ...

Chup rehkar bhi yeh, sab kuch kehti hai
Sab kuch kehkar bhi, chup hi rehti hai
Kabhi aankhon se karke ishaara
Kabhi baahon ka deke sahaara
Mera inn raahon se hai rishta koi
Anjaana sa puraana kissa koi
Inse jo poocho toh kahengi Yeh meri kahaani…

නිහඬව හිටියත් ඈ, හැම දෙය පවසන්නේ...
හැම පැවසිය හැකි මුත්, ඇය නිහඬව ඉන්නේ...
විටෙක ඈ නෙතින් සන් කරන්නේ...
විටෙක දෙඅතින් රුකුල් දෙන්නේ...
"මේ මාවත් සමඟින් වේ, යම් බැඳුමක් මාගේ..."
"නන්නාදුනනා යම් පුරාණයක් වගේ..."
ඇයගෙන් කෙනෙකු ඇසුවොත් ඈ කියන්නේ, "මේ මාගේ කතාවයි"...

නිහඬව සිටිනා නමුත්, ඒ නිහඩ බවින් ඇය සියල්ල පවසයි. සියල්ල පැවසිය හැකි නමුත්, ඇය නිහඬව කල් ගෙවයි... වරෙක දෙනෙතින් සන් කරන ඇය, වරෙක දෙඅතින්ම රුකුල් දෙයි. ඇය හට මේ මාවතේ යම් බැඳීමක් තිබේ. එය යම් නන්නාදුනනා පුරාණයක් මෙනි. නමුත් ඇයගෙන් කෙනෙකු එය ගැන විමසන හැම විටම ඇය පැවසුවේ, "මේ මගේ කතාව" කියායි...

Taxi ke bhanwre hain ga rahe
Kitni jaldi mein, hain ja rahe
Manzil kahan hai Na kisi ko hai pata
Tram ki ghanti ishaaron mein
Kisse kisi ke chhupa rahi hai
Dil se suno toh Yeh sab kuch rahi hai bata
Mera inn raahon se hai rishta koi
Anjaana sa puraana kissa koi
Inse jo poocho toh kahengi Yeh meri kahaani…

සැරිසැරියේ බඹරුන් ගී ගයන්නේ...
කෙතරම් ඉක්මනකින් දෝ ඇදී යන්නේ...
අරමුණ කොතැනකදැයි, නෑ කවුරුවත් දන්නේ...
ට්‍රෑම් එකේ නළාවේ ඉඟි ඇතුලතේ...
කිසිවක්, කිසිවෙකුගෙන් සඟවා ඇතේ...
හදවතින්ම ඇසුවොත්, මේ හැම දේ, එය පවසයි...
"මේ මාවත් සමඟින් වේ, යම් බැඳුමක් මාගේ..."
"නන්නාදුනනා යම් පුරාණයක් වගේ..."
ඇයගෙන් කෙනෙකු ඇසුවොත් ඈ කියන්නේ, "මේ මාගේ කතාවයි"...

මේ සැරිසැරියේ කොතරම් නම් මිනිසුන් ඔබ මොබ ඇවිද යන්නේද? බඹර හඬක වේගය තරම් එය ඉක්මන්... කවුද දන්නේ ඔවුන්ගේ අරමුණ කොතැනකදැයි කියා... ට්‍රෑම් රියක නළා හඬේ සන් කිරීමක් වන් පුස් හඬකින් මේ ගමන් මඟ කොතැනක හෝ යම් රහසක්, කිසිවෙකුගෙන් සඟවා තිබේ... හදවතින්ම ඇසුවොත් හදවත ඒ හැමදේම පවසාවි... ඇය හටද මේ මාවතේ යම් බැඳීමක් තිබේ. එය යම් නන්නාදුනනා පුරාණයක් මෙනි. නමුත් ඇයගෙන් කෙනෙකු එය ගැන විමසන හැම විටම ඇය පැවසුවේ, "මේ මගේ කතාව" කියායි...

Sadkon par iski sapne chalte hain
Sau kho jaate hai do sach bante hain
Yehi raahein kabhi zanjeerein
Kabhi haathon ki yeh lakeerien
Mera inn raahon se hai rishta koi
Anjaana sa puraana kissa koi
Inse jo poocho toh kahengi Yeh meri kahaani…

මංපෙත මත ඇයගේ, හීනයන් ඇවිඳින්නේ...
සියයක් නැති වෙද්දී, කිපයක් ඉටු වෙන්නේ...
මෙහි මාවත් විටෙක, (තහනම්) දම්වැල් වේ...
විටෙක අත්ලේ ඇඳි රේඛා වේ...
"මේ මාවත් සමඟින් වේ, යම් බැඳුමක් මාගේ..."
"නන්නාදුනනා යම් පුරාණයක් වගේ..."
ඇයගෙන් කෙනෙකු ඇසුවොත් ඈ කියන්නේ, "මේ මාගේ කතාවයි"...

මේ මංපෙත් මත ඇයගේ සිහිනයන් ඇවිද යයි. එයින් සියයක් සිහිනයන් නැතිව යද්දී, දෙක තුනක් පමණක් හැබෑ වෙයි. මෙහි මාවත් විටෙක යදමින් බැඳි තහනමක් මෙනි, විටෙක දෛවය විසඳන, අත්ලේ ඇඳි රේඛාවන් මෙනි. ඇය හටද මේ මාවතේ යම් බැඳීමක් තිබේ. එය යම් නන්නාදුනනා පුරාණයක් මෙනි. නමුත් ඇයගෙන් කෙනෙකු එය ගැන විමසන හැම විටම ඇය පැවසුවේ, "මේ මගේ කතාව" කියායි...

සිංදුව මෙතනින් බාගන්න...
Male Version එක මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්...
End Theme Music එක මෙතනින්...

Title: Kahaani (Yeh Meri Kahaani)
Album: Kahaani
Year: 2012
Vocals: Male Version by KK, (Supported by) Vishal Dadlani
Female Version by Shreya Ghoshal (Supported by) Vishal Dadlani
Music Director: Vishal-Shekhar
Lyricist: Anvita Dutt Guptan

Tuesday, January 1, 2013

Ekla Cholo Re - Kahaani
ඔයා කියන දේට කවුරුවත් කන්දෙන්නෙ නැත්නම්,
ඔයා තනියෙන් ඔයාගෙ ගමන යන්න...

උදාවූ 2013 නව වසර සාමය, සතුට, සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් නව වසරක් වේවා! 

Open thy mind walk alone
Be not afraid, walk alone
Jodi tor đak shune keu na ashe tôbe êkla cholo re
Jodi tor đak shune keu na ashe tôbe êkla cholo re
Tôbe Êkla chôlo, êkla chôlo, êkla chôlo, êkla chôlo re
Tôbe Êkla chôlo, êkla chôlo, êkla chôlo, êkla chôlo re
Open thy mind walk alone
Be not afraid, walk alone

ඔබ කියනා දේට කවුරුත් කන් දෙන්නැත්නම්, තනියෙන් යන්න...
එවිට තනියෙන් යන්න... (ඔබ) තනියෙන් යන්න...
 
කිසිම කෙනෙක් ඔයා කියන දේට ඇහුම්කන් දෙන්නේ නැත්නම්,
ඔයා තනියෙන් ඔයාගෙ ගමන යන්න...

Jodi keu kôtha na kôe,
Ore ore o ôbhaga keu kôtha na kôe
Jodi shôbai thake mukh firaee shôbai kôre bhôe
Jodi shôbai thake mukh firaee shôbai kôre bhôe
Tôbe pôran khule... Tôbe pôran khule...
O tui mukh fuţe tor moner kôtha êkla bôlo re
O tui mukh fuţe tor moner kôtha êkla bôlo re
Jodi tor đak shune keu na ashe tôbe êkla cholo re
Tu ru ru ru... Tu ru ru ru...

කතා නැත්නම් කවුරුත්...
අසරණ මාගේ මිතුරේ, කතා නැත්නම් කවුරුත්...
හැමදෙනම බයෙන් අහක බලා ඉවත දුවයි නම්,
හැමදෙනම බයෙන් අහක බලා ඉවත දුවයි නම්,
ඔබේ ආත්මභාවේ, ඔබේ ආත්මභාවේ පුබුදා...
ඔබෙ මුවින් හදේ හඬ පිට කර...
තනිව කියන්න...
ඔබෙ මුවින් හදේ හඬ පිට කර...
තනිව කියන්න...

කිසිම කෙනෙක් ඔයා එක්ක කතා කරන්නෙ නැත්නම්, හැම කෙනෙක්ම බයකින් වෙළිලා අහක බලමින් ඉවතට දුවනව නම්, ඔයා ඔයාගෙම ආත්ම භවේ පුබුදුවන්න, ඔයාගෙ හදවතේ රැවිනැඟෙන හඬ මුවින් පිට කරමින් තනිවම කතා කරන්න...

Jab kali ghata chaye,
Ore o re o andhera sach ko nigal jaye
Jab duniya sari, dar ke age sar apna jhukaye,
Jab duniya sari, dar ke age sar apna jhukaye,
Tu shola banja, Wo shola banja,
Jo khud jal ke jahan raushan karde,
Ekla jalo re...
Jo khud jal ke jahan raushan karde,
Ekla jalo re...
Jodi tor đak shune keu na ashe tôbe êkla cholo re
Open thy mind walk alone
Be not afraid, walk alone...

කළු වලාවේ අඳුරෙන්...
ඒ වලාවේ අඳුරින් සත්‍යය ගිල ගනීවි නම්...
මුළු ලොවම එකී, බිය හමුවේ හිස නමාවි නම්...
මුළු ලොවම එකී, බිය හමුවේ හිස නමාවි නම්...
ඔබ සිළුවක් වෙන්න... එහි සිළුවක් වෙන්න...
එය ඔබව දවා ලොව එළිය කරයි...
තනිව දැවෙන්න...
එය ඔබව දවා ලොව එළිය කරයි...
තනිව දැවෙන්න...

බොරුව නැමති කළු වලාවේ අඳුරින් ඇත්ත ගිළ ගන්නව නම්, මුළු ලෝකයම ඒ අඳුර හමුවේ බියෙන් හිස නමනව නම්, ඔයා ඒ අඳුර නසන පහන් සිළුවක් වෙන්න... ඒ පහන් සිළුව ඔයාව දවාවි. නමුත් එයින් ඒ අන්ධකාරය දුරුවෙමින් මුළු ලෝකයම එකාලෝක වේවි... ඒ වෙනුවෙන් ඔයා තනිවම දැවෙන්න...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Ekla Chalo Re (Bengali/Hindi Version by Amitabh Bachchan)
Album: Kahaani
Year: 2012 (Bengali Lyrics - 1906)
Vocals: Amitabh Bachchan
Music Director: Vishal-Shekhar
Lyricists: Bengali Lyrics by Late Rabindranath Tagore
Hindi Lyrics by Anvita Dutt Guptan

Monday, July 11, 2011

Piyu Bole Piya Bole - Parineeta
මුවඟින් කිසිවක් නොකීවත්, පවසයි දෙනෙතින්
සියලු දේ, එනමුදු එය මට නොවැටහේ...

Piyu bole piyu bole piya bole jaanu na
පවසයි පෙම්වදන් ඔහු, එනමුදු එය මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

Not bad, ab yeh suno
නරකම නෑ. දැන් මේක අහන්නකො.

Dil ki jo baatein hain, baatein jo dil ki hain
හදවත් භාෂිතය එයයි. එය හදවතේ භාෂිතයයි.
Dil hi mein rakhna piya
එය හදෙහි රඳවාගනු මැන පෙම්වත.
Lab to na kholoon main, kholoon na lab to par
මුවින් කිසිවක් නොකියයි, නොකියයි කිසිවක් මුවින්... එනමුදු
Aakhon se sab keh diya
දෙනෙතින් සියල්ල පවසයි...

Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...
Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

Ek nadi se maine poochha itla ke chaldi kahan
ගලනා නදියෙන් මා ඇසුවෙම්,
උද්දාමයෙන් මෙන් කොතැනකට ගලන්නේදැයි කියා...
Door tere peekha ghar hai balkhaake chaldi kahan
ඈතයි, නුඹේ ප්‍රියයාගේ සෙවණත්,
ලජ්ජාවෙන් මෙන් ඔබ කොතැනකදෝ නික්මෙන්නේ...

Thoda woh ghabraayi thoda sa sharmaayi
මද බියක්ද, මද ලැජ්ජාවක්ද සමඟිනි,
Ujhli yahaan se wahaan
නදියද තැනින්, තැනට ඇදී යන්නේ...
Saagar se milne ka uska jo sapna tha meri hi tarah piya
සාගරය නම් පෙම්වතා හමුවීමයි, නදියේද සිහිනය...
පෙම්වතා වෙනුවෙන් මඟබලන මගේ අරමුණද එවැන්නකි...

Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...
Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

Maine poocha ek ghata se itra ke chaldi kahan
පාවීයන වලාකුළෙන් මා ඇසුවෙම්,
උ‍ඬගුලෙසින් කොතැනකට පාවීයන්නේදැයි කියා...
Pyaas ki bari zameen hai barson bhi tarsao na
පිපාසයෙන් පීඩාවට පත්ව ඇත, පොළෝ තලය.
මහවැස්සෙන් එය සංසිඳුවාලන්නයි මා යන්න‌ෙ.

Thoda woh gurraayi thoda sa tharraayi
මද තරහවක්ද, මද තිගැස්මක්ද සමඟිනි,
Garjii yahaan phir vahaan
වලාකුළද තැනින් තැනට ගිඟුරුම්ලන්නේ...
Priit lutaatii phir chham chham chham
barsii voh terii hii tarah piya
පෙම්වත් හද සොරාගත් වලාකුළ, චම් චම් හඬින් වැසි වස්සවයි.
ඔබ වෙනුවෙන් මගේ ප්‍රේමයද එලෙසින්මයි...

Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...
Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...
Piyu bole Piyu bole piya bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු එය කුමක්දැයි මට නොතේරේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Piyu Bole
Album: Parineeta
Year: 2005
Vocals: Shreya Ghoshal, Sonu Nigam
Music Director: Shantanu Moitra
Lyrics: Swanand Kirkire