Monday, July 11, 2011

Piyu Bole Piya Bole - Parineeta
මුවඟින් කිසිවක් නොකීවත්, පවසයි දෙනෙතින්
සියලු දේ, එනමුදු එය මට නොවැටහේ...


Piyu bole piyu bole piya bole jaanu na
පවසයි පෙම්වදන් ඔහු, එනමුදු එය මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

Not bad, ab yeh suno
නරකම නෑ. දැන් මේක අහන්නකො.

Dil ki jo baatein hain, baatein jo dil ki hain
හදවත් භාෂිතය එයයි. එය හදවතේ භාෂිතයයි.
Dil hi mein rakhna piya
එය හදෙහි රඳවාගනු මැන පෙම්වත.
Lab to na kholoon main, kholoon na lab to par
මුවින් කිසිවක් නොකියයි, නොකියයි කිසිවක් මුවින්... එනමුදු
Aakhon se sab keh diya
දෙනෙතින් සියල්ල පවසයි...

Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...
Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

Ek nadi se maine poochha itla ke chaldi kahan
ගලනා නදියෙන් මා ඇසුවෙම්,
උද්දාමයෙන් මෙන් කොතැනකට ගලන්නේදැයි කියා...
Door tere peekha ghar hai balkhaake chaldi kahan
ඈතයි, නුඹේ ප්‍රියයාගේ සෙවණත්,
ලජ්ජාවෙන් මෙන් ඔබ කොතැනකදෝ නික්මෙන්නේ...

Thoda woh ghabraayi thoda sa sharmaayi
මද බියක්ද, මද ලැජ්ජාවක්ද සමඟිනි,
Ujhli yahaan se wahaan
නදියද තැනින්, තැනට ඇදී යන්නේ...
Saagar se milne ka uska jo sapna tha meri hi tarah piya
සාගරය නම් පෙම්වතා හමුවීමයි, නදියේද සිහිනය...
පෙම්වතා වෙනුවෙන් මඟබලන මගේ අරමුණද එවැන්නකි...

Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...
Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

Maine poocha ek ghata se itra ke chaldi kahan
පාවීයන වලාකුළෙන් මා ඇසුවෙම්,
උ‍ඬගුලෙසින් කොතැනකට පාවීයන්නේදැයි කියා...
Pyaas ki bari zameen hai barson bhi tarsao na
පිපාසයෙන් පීඩාවට පත්ව ඇත, පොළෝ තලය.
මහවැස්සෙන් එය සංසිඳුවාලන්නයි මා යන්න‌ෙ.

Thoda woh gurraayi thoda sa tharraayi
මද තරහවක්ද, මද තිගැස්මක්ද සමඟිනි,
Garjii yahaan phir vahaan
වලාකුළද තැනින් තැනට ගිඟුරුම්ලන්නේ...
Priit lutaatii phir chham chham chham
barsii voh terii hii tarah piya
පෙම්වත් හද සොරාගත් වලාකුළ, චම් චම් හඬින් වැසි වස්සවයි.
ඔබ වෙනුවෙන් මගේ ප්‍රේමයද එලෙසින්මයි...

Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...
Piyu bole piya bole kya yeh bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ...
Jiya dole hole hole kyon yeh dole jaanu na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...
Piyu bole Piyu bole piya bole jaanu na
පවසයි පෙම්වදන්. එනමුදු එය කුමක්දැයි මට නොතේරේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Piyu Bole
Album: Parineeta
Year: 2005
Vocals: Shreya Ghoshal, Sonu Nigam
Music Director: Shantanu Moitra
Lyrics: Swanand Kirkire


No comments:

Post a Comment