Showing posts with label Mohit Suri. Show all posts
Showing posts with label Mohit Suri. Show all posts

Wednesday, October 23, 2013

Sun Raha Hai Na Tu - Aashiqui 2
ආසිරි දෙනු මැන මට, ඔබේ කරුණාවෙන්...
යන්තමින් හෝ මා දෙස බලා...


Apne karam kee kar ataayein
Yaaraa, Yaaraa… yaaraa…

ආසිරි දෙනු මැන මට, ඔබෙ කරුණාවෙන්...
සුහදේ... සුහදේ, සුහදේ...

Mujh ko iraade de
Kasmein de, vaade de
Meri duaaon ke ishaaron ko sahaare de
Dil ko thikaaney de
Naye bahaaney de
Khwaabon ki baarishon ko
Mausam ke paimaane de
Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein

මට අදහස් දෙනු මැනවි...
ගිවිසුම්, දිවුරනු මැනවි...
මගේ ඇදහුම් වෙත ඔබෙ ඉඟියෙන්, මාහට දිරි දෙනු මැනවි...
හද පිහිටක් වෙනු මැනවි...
නව අවසර දෙනු මැනවි...
සිහින වරුසාවන් වෙත, ඍතූන් හා ගැළපුම් දෙනු මැනවි...
ආසිරි දෙනු මැන මට, ඔබෙ කරුණාවෙන්...
දෙනු මැන බැල්මක් මාවෙත යන්තම් හෝ...

Sun rahaa hai naa tu
Ro rahaa (rahi)* hoon main
Sun raha hai naa tu
Kyun ro raha (rahi)* hoon main

ඇසෙනව නේද ඔබට?
මං හඬමින් ඉන්නෙ...
ඇසෙනව නේද ඔබට?
ඇයි, මං හඬමින් ඉන්නෙ?

Manzilein ruswa hain
Khoyaa hai raasta
Aaye le jaaye
Itni si iltijaa
Ye meri zamaanat hai
Tu meri amaanat hai haan…

අරමුණු විරසක වේ...
යනමං නැති වෙනා...
ඇවිඳින් මා ගෙනයන්...
එපමණයි ඉල්ලන්නෙ මා...
මේ මාගේ සුරැකිතාවයි...
ඔබ මාගේ අයිතියද වේ...

Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein
Sun rahaa hai naa tu
Ro rahaa (rahi)* hoon main
Sun raha hai naa tu
Kyun ro raha (rahi)* hoon main

ආසිරි දෙනු මැන මට, ඔබෙ කරුණාවෙන්...
දෙනු මැන බැල්මක් මාවෙත යන්තම් හෝ...
ඇසෙනව නේද ඔබට?
මං හඬමින් ඉන්නෙ...
ඇසෙනව නේද ඔබට?
ඇයි, මං හඬමින් ඉන්නෙ?

Waqt bhi thehra hai
Kaise kyoon ye huaa
Kaash tuu aise aaye
Jaise koi duaa
Tu rooh kee raahat hai
Tu meri ibaadat hai…

කාලයත් නවතින්නේ...
කෙසේ, කිම වුනි මෙසේ...
සමහරවිට ඔබ එසේ ආවොත්,
යැදුමක් ලෙසින් යම්...
ඔබ භවයෙ ශාන්තිය වේ...
ඔබ මාගේ අයැදුමද වේ...

Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein
Sun rahaa hai naa tu
Ro rahaa (rahi)* hoon main
Sun raha hai naa tu
Kyun ro raha (rahi)* hoon main

ආසිරි දෙනු මැන මට, ඔබෙ කරුණාවෙන්...
දෙනු මැන බැල්මක් මාවෙත යන්තම් හෝ...
ඇසෙනව නේද ඔබට?
මං හඬමින් ඉන්නෙ...
ඇසෙනව නේද ඔබට?
ඇයි, මං හඬමින් ඉන්නෙ?

Yaaraaa… සුහදේ...

සිංදුව මෙතනින් බාගන්න...
Female Version එක මෙතනින්…
YouTube වීඩියෝව (Male/Female) මෙතනින්...

* In Female Version

Title: Sun Raha Hai Naa Tu
Album: Aashiqui 2
Year: 2013
Vocals: Ankit Tiwari | Female Version by Shreya Ghoshal
Music Director: Ankit Tiwari
Lyrics: Sandeep Nath


Friday, December 14, 2012

Dheere Dheere Chori Chori - Kalyug
හෙමිහිට හෙමිහිට, හොරෙන් හොරෙන් මෙන්,
අඳුර ගලායන යාමේ, විහිදී ආ
එක තනි සඳ කිරණින්, දසත එකළු වී ආවේ...


Dheere dheere chori chori jab bhi andhera chaayen
Ek tanha sa chaand nikalkar sab roshan kar jaayen
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

හෙමිහිට හෙමිහිට, හොරැහින් හොරැහින්, අඳුර ගලායන යාමේ...
එක තනි සඳ කිරණක් විහිඳීලා, දසත එකළු වී ආවේ...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

Kabhi khushi hain kabhi koi gam
Kabhi haseen hain aankhein kabhi num
Jiyo hus ke ya roke jiyo
Jeena padta hain har mausam
Bekhudi mastiyaan sab yahaan hain
Le majaa inka tu jaanam
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

විටෙක සතුටකි, විටෙක තැවුලකි...
විටෙක හසරැලි, විටෙක තෙමේ නෙත් (විටෙක කඳුලකි)...
ජීවත්විය හැක, හිනැහී හෝ හඬා...
නමුත් ජීවත් විය යුතුයි, හැම කල්...
මත්බවත්, සන්තොසත්, හැම මෙහි වේ...
ගන්න සතුටක් ඉන්, (ප්‍රියේ) ඔබත්...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

Dheere dheere chori chori jab bhi andhera chaayen
Ek tanha sa chaand nikalkar sab roshan kar jaayen
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

හෙමිහිට හෙමිහිට, හොරැහින් හොරැහින්, අඳුර ගලායන යාමේ...
එක තනි සඳ කිරණක් විහිඳීලා, දසත එකළු වී ආවේ...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

Kabhi laga kash kabhi laga dam
Dhund le apna koi hamdam
Kaun kehta hain tanha raho
Achha hota nahi tanhapan
Pyaas hain jaam hain saakiya hain
Le mazaa inka tu jaanam
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

විටෙක වෙහෙසකි, විටෙක විරියකි...
සොයන්න වෙහෙසී, සහකරුවෙකු යම්...
කිව්වේ කවුදෝ තනිව ඉන්නයැයි...
කිසි හොඳක් නෑ ඒ හුදෙකලාවේ...
පවස වේ, මධුවිත වේ, පිරිනමන්නෙකු වේ...
ගන්න සතුටක් ඉන්, (ප්‍රියේ) ඔබත්...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

Dheere dheere chori chori jab bhi andhera chaayen
Ek tanha sa chaand nikalkar sab roshan kar jaayen
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

හෙමිහිට හෙමිහිට, හොරැහින් හොරැහින්, අඳුර ගලායන යාමේ...
එක තනි සඳ කිරණක් විහිඳීලා, දසත එකළු වී ආවේ...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Dheere Dheere
Album: Kalyug
Year: 2005
Vocals: Alisha Chinoy
Music Director: Anu Malik
Lyricist: Sayeed Qadri


Friday, August 24, 2012

Tujhe Dekh Dekh Sona - Kalyug
ඔබ දකිමින් නින්දට යමි, ඔබ දකිමින්ම අවදිවෙමි,
මගෙ මුළු ජීවිතයම ඔබ සමඟින්ම ගෙවී යාවි…


Tujhe dekh dekh sona Tujhe dekh dekh sona
Tujhe dekh kar hain jagna
Maine yeh zindagani Sang tere bitaani
Tujhmein basi hain meri jaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ඔබ දකිමින් නින්දට යමි මා... ඔබ දකිමින් නින්දට යමි මා...
ඔබ දකිමින් අවදිවෙමි මා...
මාගේ මේ ජීවිතයම, ගෙවෙන්නේ ඔබ සමඟිනි...
ඔබ තුළමයි මගෙ මුළු ජීවිතයම...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Tujhe dekh dekh sona Tujhe dekh kar hain jagna
Maine yeh zindagani Sang tere bitaani
Tujhmein basi hain meri jaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ඔබ දකිමින් නින්දට යමි මා... ඔබ දකිමින් අවදිවෙමි මා...
මාගේ මේ ජීවිතයම, ගෙවෙන්නේ ඔබ සමඟිනි...
ඔබ තුළමයි මගෙ මුළු ජීවිතයම...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Kabse hai dil mein mere armaan kai ankahe
Kabse hai dil mein mere armaan kai ankahe
Inko tu sunle aaja chaahat ke rang chadha jaa
Inko tu sunle aaja chaahat ke rang chadha jaa
Kehna kabhi to mera maan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

කවද ඉඳන් දෝ හදේ, මගෙ නොකියූ හැඟුම් පැවතුනේ...
කවද ඉඳන් දෝ හදේ, මගෙ නොකියූ හැඟුම් පැවතුනේ...
ඒදේ වෙත ඔබ කන්දුන්නා, ආදර පැහැයෙන් සැරසූවා...
ඒදේ වෙත ඔබ කන්දුන්නා, ආදර පැහැයෙන් සැරසූවා...
කවදා හෝ පවසමි පැතුමන් මාගේ...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Lagta hain yeh kyu mujhe sadiyon se chaahu tujhe
Lagta hain yeh kyu mujhe sadiyon se chaahu tujhe
Mere sapno mein aake apna mujhko banake
Mere sapno mein aake apna mujhko banake
Mujhpe tu kar ehsaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

දැනෙන්නේ ඇයි මට මෙසේ, සියවස් කල් ඔබ පැතුවා සේ...
දැනෙන්නේ ඇයි මට මෙසේ, සියවස් කල් ඔබ පැතුවා සේ...
මාගේ සිහිනය වෙත ඇවිදින්, මාව ඔබගේ කරගනිමින්...
මාගේ සිහිනය වෙත ඇවිදින්, මාව ඔබගේ කරගනිමින්...
මා මත පතුරනු මැන, කරුණාව ඔබෙ...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Tujhe dekh dekh sona Tujhe dekh kar hain jagna
Maine yeh zindagani Sang tere bitaani
Tujhmein basi hain meri jaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ඔබ දකිමින් නින්දට යමි මා... ඔබ දකිමින් අවදිවෙමි මා...
මාගේ මේ ජීවිතයම, ගෙවෙන්නේ ඔබ සමඟිනි...
ඔබ තුළමයි මගෙ මුළු ජීවිතයම...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Dhadak jaaye jiya Dhadak jaaye jaaye
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Dhadak dhadak dhadak jaaye
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ගැහෙමින් යාවී... හද, ගැහෙමින් යාවී...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
ගැහෙමින්, ගැහෙමින්, ගැහෙමින් යාවී...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Tujhe Dekh Dekh - Part II

Hoton se chun le kabhi baatein labon pe likhi
Hoton se chun le kabhi baatein labon pe likhi
Mujhko baahon mein bharke mere dil mein utarke
Mujhko baahon mein bharke mere dil mein utarke
Pyar mera tu pehchan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

දෙතොලින් දිනෙක තෝරමි, ලවනතේ ලියු ඒ වැකි...
දෙතොලින් දිනෙක තෝරමි, ලවනතේ ලියු ඒ වැකි...
මා ඔය තුරුල්ලේ හොවමින්, මාගේ හදවත ගැඹුරේ වූ...
මා ඔය තුරුල්ලේ හොවමින්, මාගේ හදවත ගැඹුරේ වූ...
ආදරය මගෙ, හඳුනාගන්න ඔබ...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Tujhe dekh dekh sona Tujhe dekh kar hain jagna
Maine yeh zindagani Sang tere bitaani
Tujhmein basi hain meri jaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ඔබ දකිමින් නින්දට යමි මා... ඔබ දකිමින් අවදිවෙමි මා...
මාගේ මේ ජීවිතයම, ගෙවෙන්නේ ඔබ සමඟිනි...
ඔබ තුළමයි මගෙ මුළු ජීවිතයම...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

සිංදුව මෙතනින් බාගන්න...
Version 2 එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Tujhe Dekh Dekh (Jiya Dhadak Dhadak)
Album: Kalyug
Year: 2005
Vocals: Rahat Fateh Ali Khan
Music Director: Anu Malik
Lyricist: Sayeed Qadri

Wednesday, December 7, 2011

Haal-e-Dil Thujko Sunata - Murder 2
හදවතෙහි ස්වාභාවය ඔබට ඇසේ දෝ...


Hey kash, kash yoon hota...
සමහර විට ඒක එහෙම වුණා නම්...
Har shaam saath tu hota...
හැම සැදෑවක්ම ඔයා එක්ක ගෙවුණා නම්...
Chup chap Dil na yoon rota...
ලොවට රහසින් මේ හද නොහඬන්න තිබුණා.
Har shaam Sath tu hota...
(ගෙවෙන) හැම සැදෑවක්ම ඔයා එක්ක ගෙවුණා නම්...

Guzaara ho tere, bin guzara
ඉල්ලීමක් නැතිවම, හද ඔබව ඉල්ලයි.
Ab mushkil hai lagta
දැනුදු එහි අපහසුවක් දැනේ...
Nazara ho tera, hi nazaara
ඔබේ දෙනෙතු ගැඹුරේ,
Ab har din hai lagta...
දැන් හැම දහවලක්ම ගෙවීයනු දැනේ...

Haal e dil tujhko sunata
හදෙහි ස්වාභාවේ ඔබට ඇසේ දෝ?
Dil agar ye bol pata
මගේ හදවත එය මට කියද්දී...
Bakhuda tujhko hai chahta jaan...
දෙවියන් පවා පතන්නේ ඔබමයි, ප්‍රියේ...
Tere sang jo pal bitata
ඔබ හා ගෙවුණු මොහොතකින් පවා,
Waqt se main woh maang lata
මා ඔබවම අයැද සිටියෙමි...
Yaad karke muskurata haan...
සිනහවෙන් දිවිගෙවීමට අමතක නොකරන්න...

Tu meri raah ka sitara...
තරු එළිය ඔබ වේ යන පාරේ මා...
Tere bina hoon main awaara
ඔබ නැතිව අයාලේ යන්නෙකි මා...
Jab bhi tanhai ne sataya
තනිය මා වෙහෙසන හැම මොහොතකම,
Tujhko besaakhta pukara...
මා ඔබ හට අඬගසමි.

Aa chahat hai meri la fana
මගේ මේ ආදරය බිඳුණු පෙමකි.
Par meri jaan
නමුදු මගේ ප්‍රියේ...
Dil mein hoon rakhta han.. haan...
මා එය හදෙහි රඳවා රැකගන්නෙමි.

Haal e dil tujhko sunata
හදෙහි ස්වාභාවේ ඔබට ඇසේ දෝ?
Dil agar ye bol pata
මගේ හදවත එය මට කියද්දී...
Bakhuda tujhko hai chahta jaan...
දෙවියන් පවා පතන්නේ ඔබමයි, ප්‍රියේ...
Tere sang jo pal bitata
ඔබ හා ගෙවුණු මොහොතකින් පවා,
Waqt se main woh maang lata
මා ඔබවම අයැද සිටියෙමි...
Yaad karke muskurata haan...
සිනහවෙන් දිවිගෙවීමට අමතක නොකරන්න...

You belong to me...
Our love was meant to be
I know you feel it too,
Each time I look at you...

Khwabon ka kab tak loon sahara
සැනසෙම්ද කවදා තෙක් හීනෙන් මා...
Ab toh tu aa bhi ja khudara
ඉදිරියට දැන් වත් පැමිණෙන්කො මා...
Meri ye dono pagal aankhen
මගේ මේ උමතු වූ දෙනුවන්,
Har pal maange tera nazara
ඔබේ දැකුම හැම මොහොතේ ඉල්ලන්නා...
Aa.. samjhaun inko kis tarah...
කෙලෙසින් ඒ (නොසන්සුන්) දෑස් වෙත පහදම්දෝ?
Inpe mera bas nahi chalta han.. haan...
‍ඒ දෑස් මවෙත නොරැදෙමින්... වෙනතක දුවයි.

Haal e dil tujhko sunata
හදෙහි ස්වාභාවේ ඔබට ඇසේ දෝ?
Dil agar ye bol pata
මගේ හදවත එය මට කියද්දී...
Bakhuda tujhko hai chahta jaan...
දෙවියන් පවා පතන්නේ ඔබමයි, ප්‍රියේ...
Tere sang jo pal bitata
ඔබ හා ගෙවුණු මොහොතකින් පවා,
Waqt se main woh maang lata
මා ඔබවම අයැද සිටියෙමි...
Yaad karke muskurata haan...
සිනහවෙන් දිවිගෙවීමට අමතක නොකරන්න...

සිංදුව මෙතනින් බාගන්න...
Acoustic Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Haal-E-Dil
Album: Murder 2
Year: 2011
Vocals: Harshit Saxena
Music Director: Harshit Saxena
Lyricist: Sayeed Qadri

Updated on 14/12/2013