Showing posts with label Shaad Randhawa. Show all posts
Showing posts with label Shaad Randhawa. Show all posts

Saturday, December 7, 2013

Bhulaa Dena Mujhe - Aashiqui 2
අමතක කරන්න මා, මේ වෙන්වීමයි ඔබෙන්...
ඔබ ජීවත් විය යුතුවේ, නැතිව මා...


Bhulaa denaa mujhe
Hai alvidaa tujhe
Tujhe jeenaa hai mere binaa
Safar ye hai tera, ye raastaa teraa
Tujhe jeenaa hai mere binaa

අමතක කරන්න මාව...
මේ වෙන්වීමයි ඔබෙන්...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...
සවාරියයි ඔබේ, මේ මාවතයි ඔබේ...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...

Hon teri saari shohratein Hai ye duaa...
Tujh-hi pe saari rehmatein Hai ye duaa...
Tujhe jeenaa hai mere binaa

හැම යසසම ඔබේ වේවායි! පතමි මා...
ඔබ හැම වරයකින්ම පිදේවායි! පතමි මා...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...

Tu hi hai kinaara teraa
Tu hi to sahaara teraa
Tu hi hai taraanaa kal kaa
Tu hi to fasaanaa kal kaa
Khud pe yakeen tu karnaa
Ban-na tu apnaa khudaa...

ඔබමයි ඔබගෙ ඉවුර...
ඔබමයි ඔබට සරණ...
ඔබයි තනුව හෙට ගැයෙන...
ඔබයි පුවත හෙට ඇසෙන...
අදහන්න තමන් ගැනම...
වෙන්න ඔබේම දෙවියන්...

Qhizaan ki shaam hoon main
Tu hai nayee subah
Tujhe jeena hai mere binaa...

බැසයන සැදෑව මං...
ඔබයි නැවුම් උදේ...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...

Khilengi jahaan bahaarein sabhi
Mujhey tu wahaan paayega
Rahegi jahaan hamaari vafaa
Mujhey tu wahaan paayega
Milungaa main is tarah vaadaa rahaa
Rahungaa sang main sadaa vaadaa rahaa
Tujhe jeenaa hai mere binaa

මල් පිබිදෙනා, ලොව කොතැනහෝ...
හමුවනු ඇතේ, ඔබට මා...
අප පෙම ලොවේ, රැඳි කොතැනහෝ...
හමුවනු ඇතේ, ඔබට මා...
හමුවෙමි මා ඒ ලෙසේ, දිවුරමි මා...
හිඳිමි ඔබ හා සදා, දිවුරමි මා...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...

Bhulaa denaa mujhe
Hai alvidaa tujhe
Tujhe jeenaa hai mere binaa
Tujhe jeenaa hai mere haan binaa

අමතක කරන්න මාව...
මේ වෙන්වීමයි ඔබෙන්...
ඔබ ජීවත් විය යුතු වේ! නැතිව මා...
ඔබ ජීවත් විය යුතු වේ! ඔව්, නැතිව මා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Bula Dena Mujhe
Album: Aashiqui 2
Year: 2013
Vocals: Mustafa Zahid
Music Director: Jeet Ganguly
Lyricist: Sanjay Maasoom


Wednesday, October 23, 2013

Sun Raha Hai Na Tu - Aashiqui 2
ආසිරි දෙනු මැන මට, ඔබේ කරුණාවෙන්...
යන්තමින් හෝ මා දෙස බලා...


Apne karam kee kar ataayein
Yaaraa, Yaaraa… yaaraa…

ආසිරි දෙනු මැන මට, ඔබෙ කරුණාවෙන්...
සුහදේ... සුහදේ, සුහදේ...

Mujh ko iraade de
Kasmein de, vaade de
Meri duaaon ke ishaaron ko sahaare de
Dil ko thikaaney de
Naye bahaaney de
Khwaabon ki baarishon ko
Mausam ke paimaane de
Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein

මට අදහස් දෙනු මැනවි...
ගිවිසුම්, දිවුරනු මැනවි...
මගේ ඇදහුම් වෙත ඔබෙ ඉඟියෙන්, මාහට දිරි දෙනු මැනවි...
හද පිහිටක් වෙනු මැනවි...
නව අවසර දෙනු මැනවි...
සිහින වරුසාවන් වෙත, ඍතූන් හා ගැළපුම් දෙනු මැනවි...
ආසිරි දෙනු මැන මට, ඔබෙ කරුණාවෙන්...
දෙනු මැන බැල්මක් මාවෙත යන්තම් හෝ...

Sun rahaa hai naa tu
Ro rahaa (rahi)* hoon main
Sun raha hai naa tu
Kyun ro raha (rahi)* hoon main

ඇසෙනව නේද ඔබට?
මං හඬමින් ඉන්නෙ...
ඇසෙනව නේද ඔබට?
ඇයි, මං හඬමින් ඉන්නෙ?

Manzilein ruswa hain
Khoyaa hai raasta
Aaye le jaaye
Itni si iltijaa
Ye meri zamaanat hai
Tu meri amaanat hai haan…

අරමුණු විරසක වේ...
යනමං නැති වෙනා...
ඇවිඳින් මා ගෙනයන්...
එපමණයි ඉල්ලන්නෙ මා...
මේ මාගේ සුරැකිතාවයි...
ඔබ මාගේ අයිතියද වේ...

Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein
Sun rahaa hai naa tu
Ro rahaa (rahi)* hoon main
Sun raha hai naa tu
Kyun ro raha (rahi)* hoon main

ආසිරි දෙනු මැන මට, ඔබෙ කරුණාවෙන්...
දෙනු මැන බැල්මක් මාවෙත යන්තම් හෝ...
ඇසෙනව නේද ඔබට?
මං හඬමින් ඉන්නෙ...
ඇසෙනව නේද ඔබට?
ඇයි, මං හඬමින් ඉන්නෙ?

Waqt bhi thehra hai
Kaise kyoon ye huaa
Kaash tuu aise aaye
Jaise koi duaa
Tu rooh kee raahat hai
Tu meri ibaadat hai…

කාලයත් නවතින්නේ...
කෙසේ, කිම වුනි මෙසේ...
සමහරවිට ඔබ එසේ ආවොත්,
යැදුමක් ලෙසින් යම්...
ඔබ භවයෙ ශාන්තිය වේ...
ඔබ මාගේ අයැදුමද වේ...

Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein
Sun rahaa hai naa tu
Ro rahaa (rahi)* hoon main
Sun raha hai naa tu
Kyun ro raha (rahi)* hoon main

ආසිරි දෙනු මැන මට, ඔබෙ කරුණාවෙන්...
දෙනු මැන බැල්මක් මාවෙත යන්තම් හෝ...
ඇසෙනව නේද ඔබට?
මං හඬමින් ඉන්නෙ...
ඇසෙනව නේද ඔබට?
ඇයි, මං හඬමින් ඉන්නෙ?

Yaaraaa… සුහදේ...

සිංදුව මෙතනින් බාගන්න...
Female Version එක මෙතනින්…
YouTube වීඩියෝව (Male/Female) මෙතනින්...

* In Female Version

Title: Sun Raha Hai Naa Tu
Album: Aashiqui 2
Year: 2013
Vocals: Ankit Tiwari | Female Version by Shreya Ghoshal
Music Director: Ankit Tiwari
Lyrics: Sandeep Nath