Friday, December 14, 2012

Dheere Dheere Chori Chori - Kalyug
හෙමිහිට හෙමිහිට, හොරෙන් හොරෙන් මෙන්,
අඳුර ගලායන යාමේ, විහිදී ආ
එක තනි සඳ කිරණින්, දසත එකළු වී ආවේ...


Dheere dheere chori chori jab bhi andhera chaayen
Ek tanha sa chaand nikalkar sab roshan kar jaayen
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

හෙමිහිට හෙමිහිට, හොරැහින් හොරැහින්, අඳුර ගලායන යාමේ...
එක තනි සඳ කිරණක් විහිඳීලා, දසත එකළු වී ආවේ...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

Kabhi khushi hain kabhi koi gam
Kabhi haseen hain aankhein kabhi num
Jiyo hus ke ya roke jiyo
Jeena padta hain har mausam
Bekhudi mastiyaan sab yahaan hain
Le majaa inka tu jaanam
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

විටෙක සතුටකි, විටෙක තැවුලකි...
විටෙක හසරැලි, විටෙක තෙමේ නෙත් (විටෙක කඳුලකි)...
ජීවත්විය හැක, හිනැහී හෝ හඬා...
නමුත් ජීවත් විය යුතුයි, හැම කල්...
මත්බවත්, සන්තොසත්, හැම මෙහි වේ...
ගන්න සතුටක් ඉන්, (ප්‍රියේ) ඔබත්...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

Dheere dheere chori chori jab bhi andhera chaayen
Ek tanha sa chaand nikalkar sab roshan kar jaayen
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

හෙමිහිට හෙමිහිට, හොරැහින් හොරැහින්, අඳුර ගලායන යාමේ...
එක තනි සඳ කිරණක් විහිඳීලා, දසත එකළු වී ආවේ...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

Kabhi laga kash kabhi laga dam
Dhund le apna koi hamdam
Kaun kehta hain tanha raho
Achha hota nahi tanhapan
Pyaas hain jaam hain saakiya hain
Le mazaa inka tu jaanam
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

විටෙක වෙහෙසකි, විටෙක විරියකි...
සොයන්න වෙහෙසී, සහකරුවෙකු යම්...
කිව්වේ කවුදෝ තනිව ඉන්නයැයි...
කිසි හොඳක් නෑ ඒ හුදෙකලාවේ...
පවස වේ, මධුවිත වේ, පිරිනමන්නෙකු වේ...
ගන්න සතුටක් ඉන්, (ප්‍රියේ) ඔබත්...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

Dheere dheere chori chori jab bhi andhera chaayen
Ek tanha sa chaand nikalkar sab roshan kar jaayen
Har taraf yaha madhoshiyaan
Phir bhi dil mein manzar hain pyaas ka

හෙමිහිට හෙමිහිට, හොරැහින් හොරැහින්, අඳුර ගලායන යාමේ...
එක තනි සඳ කිරණක් විහිඳීලා, දසත එකළු වී ආවේ...
මේ හැමතැන පුරා, මත්බවකි මහා...
නමුදු දැනේ තවමත්, හදේ පිපාසයක්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Dheere Dheere
Album: Kalyug
Year: 2005
Vocals: Alisha Chinoy
Music Director: Anu Malik
Lyricist: Sayeed Qadri


No comments:

Post a Comment