
Bichhoo mere naina badi zehereeli ankh maare
Kamsin kamariya saali ik thumke se lakh maare
Haaye! Bichhoo mere naina badi zehereeli ankh maare
Kamsin kamariya saali ik thumke se lakh maare
Note hazaaron ke, khulle chhutta karaane aayi
Husn ki teeli se beedi chillam jalaane aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi...
ගෝනුසු නෙතු මාගේ, ඒ නෙතු බැල්ම විසඝෝරයි...
දඟළන සිහිනිඟ මාගේ... දහසක් හදවත් මරවයි...
හා...යේ! ගෝනුසු නෙතු මාගේ, ඒ නෙතු බැල්ම විසඝෝරයි...
දඟළන සිහිනිඟ මාගේ... දහසක් හදවත් මරවයි...
දහසින් බැඳි පියළි, හුවමාරු කරන්නයි ආවේ...
රූ සපුවෙ ගිණි කූරෙන්, දුම් වැටි දල්වන්නයි මං ආවේ...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ...
Jungle mein aaj mangal karungi
Bhookhe sheron se khelungi main
Makkhan jaisi hatheli pe chalte angaare le lungi main
Haaye! gehre paani ki machhli hoon Raja
Ghaat Ghaat dariya mein ghoomi hoon main
Teri nazron ki lehron se haar ke aaj doobi hoon main
ජංග්ල් එක අද මංගල්‍යයක් කර,
බඩගිනි කෙසරුන් හා කෙළිලොල් වෙමි...
වෙඬරු බඳු මාගේ සිනිඳු අත්ලෙන්, දැවෙනා ගිණිදැල් ගෙන එමි...
හා...යේ! ගැඹුරු දියෙහි මාළුවෙකි මා, ප්‍රියයේ...
එහෙට මෙහෙට ගං දියෙහි කිමිදෙන්නෙමි...
ඔබෙ නෙතුබැල්මේ ගැඹුරැති දියරැල් අතරේ අද මා කිමිඳී යන්නෙමි...
Hoye... jaanleva jalwa hai dekhne mein halwa hai
Jaanleva jalwa hai dekhne mein halwa hai
Pyaar se paros doongi toot le zaraa
Yeh toh trailer hai poori filam dikhane aayi
Husn ki teeli se beedi-chilam jalaane aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi...
හො...යේ! හදබැඳීම බියකරු මේ... බැලු බැල්මට හල්වා වගේ...
හදබැඳීම බියකරු මේ... බැලු බැල්මට හල්වා වගේ...
මෙහෙ කරමි මගේ පෙමින්, අත්විඳින්න එය මදකට...
මේක නම් ට්‍රේලර් එකක්, මුළු ෆිල්ම් එකම පෙන්වන්නයි ආවේ...
රූ සපුවෙ ගිණි කූරෙන්, දුම් වැටි දල්වන්නයි මං ආවේ...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ...
Hey... Banjar basti mein aayi hai masti
Aisa namkeen chehra tera
Meri neeyat pe chadhke chhoote na hai rang gehra tera
Joban ye mera carji hai raja
Saare pardo ko kaatungi main
Shaamein meri akeli hain aaja sang tere baatungi main
Haaye! baaton mein ishaara hai Jisme khel saara hai
Tod ke tijoriyon ko loot le zara
Choom ke zakhmo pe thoda malham lagaane aayi
Husn ki teeli se beedi-chillam jalaane aayi
හේ... පාළු වී ගිය පාරේ, පැමිනෙයි සන්තෝසේ...
එතරම් පිබිදීලා මුහුණත් ඔබේ...
මාගේ සිතුවිලි හා පෑහෙන්, හැර නොමයන්, ගැඹුරුයි පැහැයත් ඔබේ...
යෞවනයත් මාගේ උමතුව ඇත ප්‍රියයේ,
කඩතුරාවන් හැම මා, දමමි කඩා...
සැන්දෑවත් මාගේ තනිවීලා ප්‍රියයේ, එනු! ඔබ මා කරමු කතා...
හා...යේ! කතා බහෙන් ඉඟි බිඟි පා... ගත දසඅත සෙල්ලම් පා...
කතා බහෙන් ඉඟි බිඟි පා... ගත දසඅත සෙල්ලම් පා...
කොල්ලකන්න නෝට්ටු විසිකර, මාගේ ළැම...
සිප ගනිමින් ඒ රිදුමේ, ආලේපෙ ගල්වන්නයි ආවේ...
රූ සපුවෙ ගිණි කූරෙන්, දුම් වැටි දල්වන්නයි මං ආවේ...
Aayi chikni... aayi... Aayi chikni... aayi...
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi...
ආවා, හුරතල්... ආවා... ආවා, හුරතල්... ආවා...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්... Making එක මෙතනින්...
Title: Chikni Chameli
Album: Agneepath
Year: 2012
Vocals: Shreya Ghoshal
Music Director: Ajay-Atul
Lyrics: Amitabh Bhattacharya
* හිංදි භාෂාවෙහි Chikni යන වචනය, මට සිළිටු, සෞම්‍ය, ප්‍රසන්න යන අරුත් ගෙනදේ. Chameli යනු වචනාර්ථයෙන් ගත් කල "පිච්ච මල" යන අරුත ගෙන දෙන්නකි. නමුත් ඉන්දියානු දේශීය භාෂා ව්‍යවහාරය අනුව යමින්, මෙකී පදමාලාවෙහි යුවතියගේ නම සඳහා Chameli යන වචනය යොදා ගෙන තිබෙන්නේ "සුන්දර වූ යුවතිය" යන අර්ථය ඉස්මතු වන පරිද්දෙනි. එය හුදෙක් ඇයගේ මෘදු මොලොක් වූත්, සුරතල් වූත් සුන්දරත්වය විදහා පෑම සඳහා යොදාගත් ශබ්ද රසයෙන් අනූන යෙදුමක් බව කිව හැකිය.

No comments:
Post a Comment