Wednesday, February 20, 2013

Gunguna Rahe Hain - Aradhana
මලක් යැයි කියා, මා ආදරෙන් තෙමන්නෙපා...
මා බඹරෙකු කරන, නෙතු බැළුම් හෙලන්නෙපා...


Gunguna rahe hain bhanwre Khil rahi hai kali kali
Gunguna rahe hain bhanwre
Khil rahi hai kali kali gali gali, kali kali…
Gunguna rahe hain bhanwre Khil rahi hai kali kali

ගුමු ගුමු නඟයි මේ බඹරු, පිබිදෙයි මේ මල් පෙති...
ගුමු ගුමු නඟයි මේ බඹරු...
පිබිදෙයි මේ මල් පෙති, මංපෙතේ, මල් ගොමු...
ගුමු ගුමු නඟයි මේ බඹරු, පිබිදෙයි මේ මල් පෙති...

Zara dekho sajan beimaan bhanwra kaise muskaaye
Haaye kali yun sharmaaye
Ghoongat mein gori jaise chhupp jaaye
Haaye zara dekho sajan beimaan bhanwra kaise muskaaye
Haaye kali yun sharmaaye
Ghoongat mein gori jaise chhupp jaaye
Rut aisi haye kaisi ye pawan chali gali gali…
Gunguna rahe hain bhanwre
Khil rahi hai kali kali gali gali, kali kali…

මඳක් බලන් පෙම්වත, දඟකාර බඹරා මදහස් නඟනයුරු...
මේ මලත් ලැජ්ජාවෙන්,
කෙල්ලක් සේ සළුපටිකින් සැඟවිලා ගිය...
මඳක් බලන් පෙම්වත, දඟකාර බඹරා මදහස් නඟනයුරු...
මේ මලත් ලැජ්ජාවෙන්,
කෙල්ලක් සේ සළුපටිකින් සැඟවිලා ගිය...
එවන් සෘතුවක, කෙළෙසින් දෝ මේ, පවන් සැළුනෙ, යන මඟේ...
ගුමු ගුමු නඟයි මේ බඹරු...
පිබිදෙයි මේ මල් පෙති, මංපෙතේ, මල් ගොමු...

Kisi ko kya kahein hum dono bhi hain dekho kuch khoye
Hoye hua kya hoye oye jaage jiya mein armaan soye soye
Haaye Kisi ko kya kahein hum dono bhi hain dekho kuch khoye
Hoye hua kya hoye oye jaage jiya mein armaan soye soye
Rut aisi haye kaisi ye pawan chali gali gali…
Gunguna rahe hain bhanwre
Khil rahi hai kali kali gali gali, kali kali…

ඇයි වෙන අය ගැන කතා, අපි අපි තුළ බලමු මඳක් අතරමං වෙලා...
එහෙම වුණොත්, මොනවා වෙයිද? අවදිවේවි හදේ නිදා උන්නු සිහිනයන්...
ඇයි වෙන අය ගැන කතා, අපි අපි තුළ බලමු මඳක් අතරමං වෙලා...
එහෙම වුණොත්, මොනවා වෙයිද? අවදිවේවි හදේ නිදා උන්නු සිහිනයන්...
එවන් සෘතුවක, කෙළෙසින් දෝ මේ, පවන් සැළුනෙ, යන මඟේ...
ගුමු ගුමු නඟයි මේ බඹරු...
පිබිදෙයි මේ මල් පෙති, මංපෙතේ, මල් ගොමු...

Suno paas naa aao kali ke bahane pyaar na jatao
Jaao chalo baat na banao bhanwre ke bahane aankh na ladao
Jaao Suno paas naa aao kali ke bahane pyaar na jatao
Jaao chalo baat na banao bhanwre ke bahane aankh na ladao
Rut aisi haye kaisi ye pawan chali gali gali…
Gunguna rahe hain bhanwre
Khil rahi hai kali kali gali gali, kali kali…

අසන්! මගේ ළඟට එන්නෙපා! මලක් කිය කියා, මා ආදරෙන් තෙමන්නෙපා...
නිදහසට කරුණු නම් එපා! මා බඹරෙකු කරන, නෙතු බැළුම් හෙලන්නෙපා...
යන්න! මගේ ළඟට එන්නෙපා! මලක් කිය කියා, මා ආදරෙන් තෙමන්නෙපා...
නිදහසට කරුණු නම් එපා! මා බඹරෙකු කරන, නෙතු බැළුම් හෙලන්නෙපා...
එවන් සෘතුවක, කෙළෙසින් දෝ මේ, පවන් සැළුනෙ, යන මඟේ...
ගුමු ගුමු නඟයි මේ බඹරු...
පිබිදෙයි මේ මල් පෙති, මංපෙතේ, මල් ගොමු...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Gunguna Rahe
Album: Aradhana
Year: 1969
Vocals: Mohammad Rafi, Asha Bhosle
Music Director: S. D. Burman
Lyrics:  Sachin Bhowmick


2 comments:

  1. NICE song..

    Song ekaie, video ekaie ganna thiyana link deken ma video clip eka play wenawa..

    page eken page ekata yanakota hemawelema pop-up wena facebook window ekanam karadarayak.. eka serayak arwahama ethi..

    Nice translation....

    ReplyDelete