Saturday, August 4, 2012

Choli Ke Peeche Kya Hai - Khalnayak
මගේ කැමැත්තට ගැළපෙන කිසිවෙකු නෑ තව මට
හමුවීලා, කිනම් නගරයක්දෝ මේ, හද නොහදුනනා...


Choli Ke Peechhe Kya Hai, Choli Ke Peechhe
Choli Ke Peechhe Kya Hai, Choli Ke Peechhe
Chunari Ke Neeche Kya Hai, Chunari Ke Neeche

කුමක්ද චෝලිය (හැට්ටය) පිටිපස්සේ? චෝලිය (හැට්ටය) පිටිපස්සේ...
කුමක්ද චෝලිය (හැට්ටය) පිටිපස්සේ? චෝලිය (හැට්ටය) පිටිපස්සේ...
කුමක්ද සළුපට යට ඇත්තේ? සළුපට යට ඇත්තේ...

Ho, Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Ye Dil Mein Doongi Mere Yaar Ko, Pyaar Ko! Aah!

හෝ... චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
මේ හදවත දෙන්නෙමි මාගේ ප්‍රියයාට, ආදරෙන්...

Are, Laakhon Deevaane Tere, Laakhon Deevaane
Aashiq Puraane Tere, Aashiq Puraane
Ho, Aashiq Mila Na Aisaa, Hmmm... Meri Pasand Jaisa Hmmm...
Be Dil Shahar Ye Kaisaa, Kya Karoon Kya Karoon Hay!

අනේ, දහසක් දෙන උමතුයි නුඹට, දහසක් දෙන උමතුයි...
පරණ පෙම්වතුන් වේ නුඹගේ, පරණ පෙම්වතුන් වේ...
හෝ, එහෙම කෙනෙක් හමුවීලා නෑ... මගේ කැමැත්තට ගැලපෙනා...
හඳ නොහඳුනනා පුරයක්දෝ මේ කිනම්, මා කුමක් කරම්...

Resham Ka Lahanga Meraa, Resham Ka Lahanga
Lahanga Hai Mahanga Meraa, Lahanga Hai Mahanga
Lahanga Utha Ke Chaloon, Ghunghat Gira Ke Chaloon
Kya Kya Bacha Ke Chaloon Raamajee, Raamji Hay!

විල්ලුද සායයි මේ මාගේ, විල්ලුද සායයි මේ...
සාය මිලෙන් අධිකයි මාගේ, සාය මිලෙන් අධිකයි...
සාය ටිකක් උස්සන් ගියොතින්, සාරිය බිම ගාමින් ගියොතින්...
කවුරුන් ඇවිදින් බේරයි දෝ මාව ඉන්, දෙවියනි?

Are, Isako Bacha Lo Baaboo, Is Ko Bacha Lo
Dil Mein Chhupaalo Baaboo, Dil Mein Chhupaalo
Ho, Aashiq Pade Hain Peechhe, o Ho!
Koi Idhar Ko Kheenche, Hmmm
Koi Udhar Ko Kheenche, Kya Karoon Kya Karoon Hay!

අනේ, එයාව බේරන්න මහත්තයො, එයාව බේරන්න...
හදෙහි සඟවගන්න මහත්තයො, හදෙහි සඟවාගන්න...
හෝ, හද පතනා උන්, එයි පස්සෙන්...
කිසිවෙක් අදිනවා, මේ පැත්තෙන්...
කිසිවෙක් අදිනවා, ඒ පැත්තෙන්, ඉතින් මා කුමක් කරම්...

Hai! Shaadi Karaado Meri o Ho! Shaadi Karaado Hmmm
Doli Sajaado Meri Doli Saja Do ah Ha Ah Ha!
Sautan Bana Na Jaye, Jogan Bana Na Jaaye
Jogan Saha Na Jaaye, Kya Karoon, Kya Karoon hai Chhoree

කසාදේ කරදෙන්නකො මාගේ, කසාදේ කරදෙන්න...
දෝළිය (දෝලාව) සරසන්නකො මාගේ, දෝළිය (දෝලාව) සරසන්න...
දෙවැනි බිරිඳ වෙන්නට මට බෑ... තාපසියක් වෙන්නට මට බෑ...
තවුස් දම් පුරන්නට වුණොතින්, කුමක් කරම්, මා කුමක් කරම්...

Are! Ladki Ho Kaisi Bolo, Ladki Ho Kaisi
Ladka Ho Kaisa Bolo, Ladka Ho Kaisa
Ho Ladaki Ho Mere Jaisi ah Ha! Ladka Ho Tere Jaisa vaah Vaah!
Aaye Maza Phir Kaisaa, Pyaar Kaa, Pyaar Ka vaah!!

කෙල්ල මොන වගේදැයි පවසන්, කෙල්ල මොන වගේදැයි?
කොල්ලා මොන වගේදැයි පවසන්, කොල්ලා මොන වගේදැයි?
හෝ, කෙල්ල නම් මං වාගේමයි... කොල්ලත් ඔයා වාගේමයි...
කෙතරම් නම් සතුටක් එයිදෝ, ආදරෙන් ඒ, ආදරෙන්...

Ho... Jhumari Ka Jumaru Ban Jaa, Jhumari Ka Jumaru kich Kich
Paayal Kaa Ghungharu Ban Ja Paayal Ka Ghungaru kich Kich
Meri Salaami Kar Le Meri Gulaami Kar Le
Hoga Tu Hoga Koi Badashaah, Badashaah are Jaan!

හෝ... අබරණ රැව්දෙන නඳ වෙන්න, අබරණ රැව්දෙන නඳ...
සළඹේ කිංකිණි නඳ වෙන්න, සළඹේ කිංකිණි නඳ...
මා හට ආචාර කරන්න... මාගේ වහලෙකු වී ඉන්න...
වේවීමයි, වේවී නුඹ නම් මහරජෙක්, මහරජෙක්...

Baali Umariya Meri Baali Umariya
Suni Sajariya Meri Suni Sajariya
Mere Sapanon Ke Raaja Jaldi Se Vaapas Aaja ah!
Soti Hun Main Daravaaja Khol Ke, Khol Ke ah!

මත් වු තාරුණ්‍යයේ මාගේ, මත් වු තාරුණ්‍යයේ...
හිස් නළලත සරසන් මාගේ, හිස් නළලත සරසන්...
(විවාහක ඉන්දීය කාන්තාවන් සම්ප්‍රදායක් ලෙස තම නළලත හිසකේ අතර 
රතු කුංකුම ගල්වනු ලබයි. මෙහි පවසන පරිදි ඇගේ නළලත තවමත්
එම කුංකුම සැරසුමෙන් තොර හිස් එකකි.)
මාගේ සිහිනයෙහි කුමරෝ, හනිකට ආපසු එනු මැනවි...
නිදියමි මා දොරඟුළු මා‍ගේ ඇර දමා, ඇර දමා...
(ඉතා අශෝභන යෙදුමකි, දොර යනුවෙන් මෙහි දක්වා ඇත්තේ
ඇගේ රහස් ප්‍රදේශයයි.)

Begam Bagair Baadashaah Kis Kaam Ka
Baadashaah Bagair Begam Kis Kaam Ki
Teri Marazi Tu Jaane, Meri Marazi Main Jaanoon
Maine Javaani Tere Naam Kee, Naam Ki ho Choree

රැජිනක් නැති රජෙකුගෙන් වැඩක් තියෙනවද?
රජෙකු නැති රැජිනකගෙන් වැඩක් තියෙනවද?
ඔබෙ කැමැත්ත ඔබ දන්නවා, මගෙ කැමැත්ත මං දන්නවා?
මාගේ තාරුණ්‍යය පුදමි ඔබෙ නමින්, ඔබෙ නමින්...

Choli Ke Peechhe Kya Hai, Choli Ke Peechhe
Choli Ke Peechhe Kya Hai, Choli Ke Peechhe
Chunari Ke Neeche Kya Hai, Chunari Ke Neeche

කුමක්ද චෝලිය (හැට්ටය) පිටිපස්සේ? චෝලිය (හැට්ටය) පිටිපස්සේ...
කුමක්ද චෝලිය (හැට්ටය) පිටිපස්සේ? චෝලිය (හැට්ටය) පිටිපස්සේ...
කුමක්ද සළුපට යට ඇත්තේ? සළුපට යට ඇත්තේ...

Ho, Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Ye Dil Mein Doongi Mere Yaar Ko, Pyaar Ko! Aah!

හෝ... චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
මේ හදවත දෙන්නෙමි මාගේ ප්‍රියයාට, ආදරෙන්...

Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera

චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...

සිංදුව මෙතනින් බාගන්න...
Male Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Choli Ke Peechhe Kya Hai
Album: Khalnayak
Year: 1993
Vocals: Alka Yagnik, Ila Arun | Male Version by Vinod Rathod
Music Director: Laxmikant-Pyarelal
Lyricist: Anand Bakshi


No comments:

Post a Comment