
ලොවින් සමුගත් ප්‍රවීන ඉන්දීය සිනමා නළු රාජේෂ් ඛන්නා සහෘදයා
වෙනුවෙන් පිදෙන උපහාරයකි...
Kora kaagaz tha yeh man mera
Likh liyaa naam is pe tera
Suunaa aangan thaa jivvan mera
Bas gaya pyaar jis pe tera
හිස් කඩදාසියකි, මේ සිත මගේ...
ලියනෙමි නම මා, එහි ඔබේ...
පාළු ගෙමිදුලකි, දිවිය මගේ...
ඔබේ පෙම මත්තේ, සැනහෙනා...
Tuut na jaaye sapne main darta huun
Nis din sapnon mein dekha karta huun
Tuut na jaaye sapne main darta huun
Nis din sapnon mein dekha karta huun
Naina kajaraare matvaare ye ishaare
බිඳ නොදමන් සිහිනයන්, එයට බයයි මං...
රෑ දවල් සිහිනයෙන්, ඔබ දකිනෙමි මං...
බිඳ නොදමන් සිහිනයන්, එයට බයයි මං...
රෑ දවල් සිහිනයෙන්, ඔබ දකිනෙමි මං...
නෙතඳුන් රැඳි, මත්වූ දෑසේ, ඉඟිබිඟියෙන්...
khaali darpan thaa yeh man mera
Rach gaya ruup is mein tera
Kora kaagaz tha yeh man mera
Likh liyaa naam is pe tera
බොල් කැඩපතකි, මේ සිත මගේ...
එහි පිළිබිඹුව, රුවයි ඔබේ...
හිස් කඩදාසියකි, මේ සිත මගේ...
ලියනෙමි නම මා, එහි ඔබේ...
Chain ganvaaya main ne nindiyaa ganvaayi
Saari saari raath jaaguun duun main duhaayi
Chain ganvaaya main ne nindiyaa ganvaayi
Saari saari raath jaaguun duun main duhaayi
Kahuun kya main aage nehaa laage ji na laage
සැනසුම නැතිවී මගේ, නින්දද නැතිවී...
මුළු රෑ අවදියෙන්, යැදුම් යදින්නෙම්...
සැනසුම නැතිවී මගේ, නින්දද නැතිවී...
මුළු රෑ අවදියෙන්, යැදුම් යදින්නෙම්...
කුමක් කියමි මා, බැඳුනි පෙමින්, ජීවත් වනු නොහැකි සේ...
Koi dushman tha yeh man mera
Ban gaya mit jaake tera
Kora kaagaz tha yeh man mera
Likh liyaa naam is pe tera
මට හතුරෙකි, මේ සිත මගේ...
මිතුරෙක් වෙලා, ඒ සිත ඔබේ...
හිස් කඩදාසියකි, මේ සිත මගේ...
ලියනෙමි නම මා, එහි ඔබේ...
Baagon mein phuulon ke khilne se pahale
Tere mere nainon ke milne se pahale
Baagon mein phuulon ke khilne se pahale
Tere mere nainon ke milne se pahale
Kahaan ki yeh baatein mulaaqaatein aisi ratein
මල් උයනෙහි මල් පිපුමට කලියෙන්...
ඔබෙ මගේ නෙතුයුග හමුවට කලියෙන්...
මල් උයනෙහි මල් පිපුමට කලියෙන්...
ඔබෙ මගේ නෙතුයුග හමුවට කලියෙන්...
මොන කතාබස් දෝ, හමුවෙද්දී, එවන් රාත්‍රියකදී...
Tuuta taara tha yeh man mera
Ban gaya chaand hoke tera
Kora kaagaz tha yeh man mera
Likh liyaa naam is pe tera
ගිළිහෙන තරුවකි, මේ සිත මගේ...
එය පුන් සඳක් වුණා ඔබේ...
හිස් කඩදාසියකි, මේ සිත මගේ...
ලියනෙමි නම මා, එහි ඔබේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Kora Kaagaz Tha
Album: Aradhana
Year: 1969
Vocals: Lata Mangeshkar
Music Director: S. D. Burman
Lyrics: Anand Bakshi
No comments:
Post a Comment