
Challa ki labhda phire Challa ki labhda phire
Yaaron main ghar keda Lokan toh puchda phire
Challa hansda phire Challa ronda phire
Challa gali gali rulda phire
Challe tu sab da Challe tera koi nai
Challa gali gali rulda phire Challa ki labda phire
Challa ki labhda phire
Yaaron main ghar keda Lokan toh puchda phire
Challa ki labhda phire
පිස්සෙකු සේ මඟබලන්නේ, පිස්සෙකු සේ කුමක්ද සොයන්නේ?
මගේ නවාතැන කොහේදෝ මිතුරේ?
ලෝකයෙන් අසයි තවම මා...
ඔහු හිනැහී සරන්නේ? ඔහු හඬමින් සරන්නේ?
ඔහු මඟ මඟ සැරිසරන්නේ...
ඔබ හැමගෙම වු නමුත්, ඔබ හට නෑ කිසිවෙක්...
ඔබ මඟ මඟ සැරිසරන්නේ... පිස්සෙකු සේ කුමක්ද සොයන්නේ?
කුමකට දෝ මඟබලන්නේ?
මගේ නවාතැන කොහේදෝ මිතුරේ?
ලෝකයෙන් අසයි තවම මා...
කුමකට දෝ මඟබලන්නේ?
පිස්සෙකි ඔහු ආදරෙන් උමතු වූ, උමතුවෙන් මෙන් සොයන්නේ කුමක්දෝ තව තවත්? මුවඟ රැඳි හසරැල්ලෙන් දුක් සුසුම් සඟවා ඔහු මඟ අසයි මුළු ලොවෙන්, කොතැන ඇත්දැයි ඔහුට නිවසක්... මුළු ලොවට ඔහු හිමි නමුත්, ඔහුට නෑ මේ ලොව කිසිවෙක්, ඔහු මඟ මඟ සැරිසරන්නෙකි...
Rang satrangi de Bulbulan di boli
Dhup de pairi chale Chhawaan di lai doli
Rang satrangi rangi de Bulbulan di di boli
Dhup de pairi chale Chhawaan di lai lai doli
Hoye kaale kaale badalan vich chand labda
Goongiyan hawaan diyaan awajaa sun da
Yaaro aase paase wasda hai yaar mera
Dikhda ni ohdi khusbuaan sungdaan
Challa ki labhda phire Challa ki labhda phire
Yaaron main ghar keda Lokan toh puchda phire
Challa ki labh da phire...
වර්ණ, සත්වර්නේ දුන්, කොවුල් නඳකි ගැයෙනා...
දෙපය පිච්චේ අව්වේ, සෙවන ලැබ ගන් සිවිගේ...
වර්ණ, සත්වර්නේ වර්නේ දුන්, කොවුල් නඳකි නඳකි ගැයෙනා...
දෙපය පිච්චේ අව්වේ, සෙවන ලැබ ගන් සිවිගේ...
කළු වළාකුළු අතරේ ඔහු පුන් සඳ සොයනා...
ගොළු සුළඟින්, ඇගේ කටහඬ ඔහු අසනා...
මිතුරේ ළඟ ළඟමයි ඇත්තේ මගේ සහකාරී...
නොදැක්ක මුත්, ඇගේ සුවඳින් මට දැනෙනා...
පිස්සෙකු සේ මඟබලන්නේ, පිස්සෙකු සේ කුමක්ද සොයන්නේ?
මගේ නවාතැන කොහේදෝ මිතුරේ?
ලෝකයෙන් අසයි තවම මා...
කුමකට දෝ මඟබලන්නේ?
සප්ත වර්ණයම ඇගේ දෙනෙතේ එක්රැස් විය, ඇගේ කටහඬ කොවුල් නඳක් සේ රැව් දුනි. දෙපා ගිනියම් අව්වේ දැවී යාවි, සිවිගෙයක (දෝලාවක) සිහිළැල් සෙවනේ අවිද යන්න සොඳුරියේ. පාවී යන හැම අඳුරු වළාකුලක් අතරින්ම ඔහු පුන් සඳක් සොයන්නට විය. නිහඬ සුළඟින් පවා ඔහු ඇගේ හඬයි ඇසීමට තැත්කරයි. නොදකිනා මුත් ඇගේ සුවඳින් ඇය මේ ළඟ ළඟම සිටිනා බවක් ඔහුට හැඟුනි...
Na visaal hoya kadi Na judai hoyi
Ishq de qaidi ti Na rihai hoyi
Lokon supne vich milne da vaada usda
Saari saari raat na aankh lagdi
Mere saa vi thode thode katti honed
Meri nabaz vi thodi katti vajdi...
Challa ki labhda phire Challa ki labhda phire
Yaaron main ghar keda Lokan toh puchda phire
නෑ එක්වීමක් වත්, නෑ වෙන්වීමක් වත්...
හිරකරුවෙකි ප්‍රේමේ, කවදාවත් නෑ ගැළවීමක්...
ඈ සිහිනෙන් මා හමුවන බව ගිවිසූයෙන්...
මුළු රෑ මගෙ නෙතු නෑ නින්දක්...
මගේ සුසුම් පවා මඳින් මඳ අපහසු වී...
හද ගැස්මද මඳකට නැවතී...
පිස්සෙකු සේ මඟබලන්නේ, පිස්සෙකු සේ කුමක්ද සොයන්නේ?
මගේ නවාතැන කොහේදෝ මිතුරේ?
ලෝකයෙන් අසයි තවම මා...
නොඑනු ඇත කිසි දිනක එක්වීමක් හෝ වෙන්වීමක් ඔවුන් වෙත. සිරකරුවන්ය ඔවුන් පෙම් බලකොටුවක, කිසිඳා නිදහසක් නොමැති... සිහිනයෙන් මා හමුවන බව ඈ මට ගිවිසූයෙන් මගේ මුළු රැයම අද අවදියෙනි. සුසුමන් පවා ටිකෙන් ටික අපහසු වන බවක් මට හැගේ, හද ගැස්මද මදකට නැවතී ගියාක් මෙනි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Challa
Album: Jab Tak Hai Jaan
Year: 2012
Vocals: Rabbi
Music Director: A R Rahman
Lyricist: Gulzar

No comments:
Post a Comment