Thursday, April 12, 2012

Om! Jai Laxmi Mata - Kavita Paudwal
ඔබ සෞභාග්‍යයේ දෙවඟනයි...
ඕම්! ජය ලක්ෂ්මී මව්නී...!



Om jai laxmi mata...! Maiya jai laxmi mata...!
Tum ko nis din sewat, Maiya ji ko nis din sewat...
Hari vishnu dhata... Om jai laxmi mata!

ඕම්! ජය ලක්ෂ්මී මාතා...! උතුම් ජය ලක්ෂමී මාතා...!
ඔබ වෙනුවෙන් දිවා රැයේ හැම, සමවැදුනා ධ්‍යානය වෙත,
හරි, විශ්ණු දෙදෙනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Om jai laxmi mata...! Maiya jai laxmi mata...!
Tum ko nis din sewat, Maiya ji ko nis din sewat...
Hari vishnu dhata... Om jai laxmi mata!

ඕම්! ජය ලක්ෂ්මී මාතා...! උතුම් ජය ලක්ෂමී මාතා...!
ඔබ වෙනුවෙන් දිවා රැයේ හැම, සමවැදුනා ධ්‍යානය වෙත, 
හරි, විශ්ණු දෙදෙනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Uma rama bharmaani,
Tum hi jag mata, Maiya tum hi jag mata...
Surya chandrama dhaywat... Surya chandrama dhaywat,
Narad rishi gataa... Om jai laxmi mata!

උමා රමා, බ්‍රහ්ම මෙහෙසිය...
ඔබමය මහී කාන්තා, උතුම් ඔබමය මහී කාන්තා...
හිරු සඳු ධ්‍යානය සමවැදි... හිරු සඳු ධ්‍යානය සමවැදි,
නාරද ගුණ ගයනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Durga rup niranjani,
Sukh sampati data, Maiya sukh sampatti data...
Jo koi tum ko dhayawat... Jo koi tum ko dhayawat,
Viddhi siddhi dhan pataa... Om jai laxmi mata!

දුර්ගා රුවින් මනරම්‍යය...
සැප සම්පත ගෙනෙනා, උතුම් සැප සම්පත ගෙනෙනා...
හැම දෙන වෙත ඔබ අදහන... හැම දෙන වෙත ඔබ අදහන,
ධන සම්පත ගෙනෙනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Tum paataal niwasini,
Tum hi subh dataa, Maiya tum hi subh dataa...
Karam prahbhaw prakasini... Karam prahbhaw prakasini,
Bhaw nidhi ki prataa... Om jai laxmi mata!

ඔබ ධරණිය මත වැජඹෙන,
සෞභාග්‍යය ගෙනෙනා, උතුම් සෞභාග්‍යය ගෙනෙනා...
කර්ම ඵලය පවසන්නිය... කර්ම ඵලය පවසන්නිය,
ලෞකික සැප රකිනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Jis ghar tum rehti tahan,
Sab sad gun aata, Maiya sab sad gun aata...
Sab sambhaw ho jaata... Sab sambhaw ho jaata,
Maan nahin ghabrata... Om jai laxmi mata!

ඔබ වසනා නිවහන වෙත...
හැම සිරි සැප එන්නා, උතුම් සිරි සැප පැමිනෙන්නා...
හැම කැළඹිලි යයි දුරුවී... හැම කැළඹිලි යයි දුරුවී,
හිත නොම තැතිගන්නා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Tum bin yagya na hote,
Vastra na ho pataa, Maiya vastra na ho pataa...
Khan paan ka vaibhaw... Khan paan ka vaibhaw,
Sab tum se aata... Om jai laxmi mata!

ඔබෙන් තොර ‍සිදුනොවේ යාගයන්,
වස්ත්‍ර හෝ නෙලැබෙන්නා, උතුම් වස්ත්‍ර හෝ නෙලැබෙන්නා...
ආහර පාන ලෝ සත වෙත... ආහර පාන ලෝ සත වෙත,
හැම ඔබගෙන් පැමිනෙන්නා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Shubh gun mandir sundar...
Shiero tadhi jataa, Maiya shiero tadhi jataa...
Ratna chatur dus tum bin... Ratna chatur dus tum bin,
Koi nahin paata... Om jai laxmi mata!

ශුභ ගුණ සුන්දර මැදුරෙහි,
සැබවින් වැඩ වෙසෙනා කිරි සමුදුරු දුව ලෙසිනා,
රත්න තුදුස (14) ඔබගෙන් තොර... රත්න තුදුස (14) ඔබගෙන් තොර,
නැත කාට හෝ ලැබෙනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Maha laxmi ji ki aarti,
Jo koi nar gaata, Maiya jo koi nar gaata...
Pur aanand samata, Pur aanand samata,
Paap utar jataa... Om jai laxmi mata!

මහා ලක්ෂ්මියනි! ආරති...
කිසිවෙකු ගුණ ගයනා, කිසිවෙකු ඔබෙ ගුණ ගයනා...
ආනන්දයෙන් ප්‍රමුදිත වී... ආනන්දයෙන් ප්‍රමුදිත වී,
පව් යයි ගිළිහීලා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!


Title: Om Jai Laxmi Mata
Album: Aarti Vol-3
Year: 1989
Vocals: Kavita Paudwal
Music Director: Arun Paudwal
Lyrics: Bharat Aacharya



No comments:

Post a Comment