Wednesday, March 14, 2012

Dil Chura Le - Dil Ka Rishta
සඳ වැනි නුඹේ රුවින් මගේ හද සොරාගනු මැන...


Dil churaa le o chaand se chehare waale
Muskaraa le o chaand se chehare waale
හද සොරා ගන්... සඳ වන් වත ඇත්තානෙනි!
මදහස් නඟන්... සඳ වන් වත ඇත්තානෙනි!

Din raat main tujhse pyaar karoon
Par kaise bhala iqraar karoon
Thou na samjhe meri beqarariyaan
දිවා රෑ මා නුඹට කරනෙමි ආදරේ...
එනමුදු මා කෙලෙසේ පහදන්න දෝ?
නොතේරේවී නුඹට මගේ අසහනේ...

Dil churaa le o chaand se chehare waale
Muskaraa le o chaand se chehare waale Dil churaa le
හද සොරා ගන්... සඳ වන් වත ඇත්තානෙනි!
මදහස් නඟන්... සඳ වන් වත ඇත්තානෙනි! හද සොරා ගන්...

Ab to meri zindagani hai tujhse
Aanewaale kal ki jawaani hai tujhse
දැන් මගේ දිවියම පිබිදෙන්නේ නුඹගෙනි...
හෙට දින අළුතින් පැමිනෙන්නේද නුඔගෙනි...

Meri chaahat ki nishaani hai tujhse
Meri yaadon ki kahaani hai tujhse
මගේ ආදරයේ පරීක්ෂාව ද නුඔගෙනි...
මගේ මතකේ කතාව ලියැවෙන්නෙත් නුඹගෙනි...

Main ne dekha tujhko mehsooz karke
Meri saanson ki ravaani hai tujhse
මා සියළු දේ නුඹෙන් අත්දැක බැලුවෙමි...
මගේ සුසුමන් නැගෙන්නේ ද නුඹගෙනි...

Gam bhuulaa le o chaand se chehare waale
Muskaraa le o chaand se chehare waale Dil churaa le
දුක් මගහරින්... සඳ වන් වත ඇත්තානෙනි!
මදහස් නඟන්... සඳ වන් වත ඇත්තානෙනි! හද සොරා ගන්...

Tere hi khayaalon ki duniya basaae
Kahin ab tujhko na dil bhuul paae
නුඹ ගැන සිහිනෙන්, මගේ ලොව තනන්නෙමි...
දැන් නුඹ හදවතින්ද අමතක කළ නොහැකිය...

Meri betaabi to bartti hi jaae
Meri tanhaai na koi mitaae
වැඩි වී යයි මගේ අසංතෘප්තභාවේ...
තනිකම, කිසිවකු මගේ නෑ දුරලන්නේ...

Mere zindagi aa ja tujhko bataaun
Mere har dharkan tujhe sirf chaahe
මගේ ජීවිතේ එනු මවෙත නුඹට කියන්නම්...
හැම හදගැස්මක්ම නුඹමයි පතන්නේ...

Aazmaa le o chaand se chehare waale
Muskaraa le o chaand se chehare waale
බැලුම්ලන්... සඳ වන් වත ඇත්තානෙනි!
මදහස් නඟන්... සඳ වන් වත ඇත්තානෙනි!

Din raat main tujhse pyaar karoon
Par kaise bhala iqraar karoon
Thou na samjhe meri beqarariyaan
දිවා රෑ මා නුඹට කරනෙමි ආදරේ...
එනමුදු මා කෙලෙසේ පහදන්න දෝ?
නොතේරේවී නුඹට මගේ අසහනේ...

Dil churaa le o chaand se chehare waale
Muskaraa le o chaand se chehare waale
හද සොරා ගන්... සඳ වන් වත ඇත්තානෙනි!
මදහස් නඟන්... සඳ වන් වත ඇත්තානෙනි!

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Dil Chura Le  
Album: Dil Ka Rishta 
Year: 2002 
Vocals: Alka Yagnik, Kumar Sanu 
Music Director: Nadeem Sharvan 
Lyricist: Sameer

1 comment:

  1. "hada soragath, madahas nagu sanda wan muhunak ethaneni......"
    ela... niyamaie...
    i love this song...
    nice work..

    ReplyDelete