Tuesday, December 25, 2012

Ishq Shava - Jab Tak Hai Jaan
ආදරය සුගන්ධවත් ඔසුවකි...
සඟවනු වෙනුවට එය ආදරෙන් පිළිගන්න...


Ishq shava... mushq shava...
khushamdeed-e-Marhaba...

ආදරය සුගන්ධවත් ඔසුවකි...
සඟවනු වෙනුවට එය පිළිගන්න...

Mila mila mila mila ankh milaa
Laga laga laga laga aag lagaa
Zara zara zara zara paas to aa
khushamedeed-e-Marhaba

නෙතු හා නෙතු ගැටෙමින්, මා හා පෙමින් බැඳෙන්න...
ගින්නක් මෙන් එය ඇවිලෙන්නට ඉඩ දෙන්න...
ටිකෙන් ටික ටිකෙන් ටික ළං වෙමින්,
එය ආදරෙන් පිළිගන්න...

Ishq shava... mushq shava...
khushamdeed-e-Marhaba...

ආදරය සුගන්ධවත් ඔසුවකි...
සඟවනු වෙනුවට එය පිළිගන්න...

Shauk hai shock se lagne ka
Saans mein saans uljhaa to zara
Aaj ki raat ye kiski hai
Kal ki raat teri na meri
Chaand utha chal toss karein
Chehra tera aur chaal meri

තිගැස්සීමක් ඇතිවේ නම්, තිගැස්සෙන්න දෙන්න...
සුසුමට ඔබේ සුසුම් හෙමිහිට පටලවාලන්න...
අද මේ රැය කාහට වුවත්,
හෙට රැය මගෙ හෝ ඔයාගේ නොවේ...
සඳවත ගෙන අප උඩ දා බලමු...
මුහුණත ඔබේ, අගය මගේ...

Ishq shava... mushq shava...
khushamdeed-e-Marhaba...

ආදරය සුගන්ධවත් ඔසුවකි...
සඟවනු වෙනුවට එය පිළිගන්න...

Dil dariya hai ruktaa nahin
Paani pe chal ke dekh zaraa
Baadalo pe paanv rakho kabhi
Unmein zameen nahin hoti
Dil ki hadd behad hogi
Koi lakeer nahi hoti hai

හදවත ගංගාවකි, කිසිවිට නැවතිය නොහැකි...
ඒ දිය මත ඇවිදින්නට බලන්න මඳක්...
විටෙක වලාකුළු මත පයතබන්න...
එය පොලොවක් නොවූ නමුත්...
හද සීමාව, අසීමිත වේවි...
මායිම් රේඛා එහි නොම වේවි...

Ishq shava... mushq shava...
khushamdeed-e-Marhaba...

ආදරය සුගන්ධවත් ඔසුවකි...
සඟවනු වෙනුවට එය පිළිගන්න...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Instrumental එක මෙතනින්...

Title: Ishq Shava
Album: Jab Tak Hai Jaan
Year: 2012
Vocals: Raghav Mathur, Shilpa Rao
Music Director: A R Rahman
Lyricist: Gulzar

All Songs Challa Ki Saans Mein Ishq Shava Heer Heer Jiya Re Jab Tak Hai Jaan Saans (Reprise) Poem

No comments:

Post a Comment